Watch Trailer

Sakamoto Days [S01 : E12 & E13] Sinhala Subtitles | ප්‍රහාරය ඇරඹෙයි! [සිංහල උපසිරසි]

Sakamoto Days Season 02 Sinhala Subtitles ලංකාවෙ ගොඩක් අය අතරෙ ජනප්‍රිය වුනු Sakamoto days ඇනිමෙ කතාමාලාවෙ පලමුවන කතාසමයෙ පලමු කොටස නිමාවට පත්වීමත් එක්ක දෙවන කතාසමයෙ පලමු කොටසෙ පලමු කතාංගය කතාංග දෙකක් ලෙසින් ජුලි 14 වනදා විකාශය වුනා… ඉතින් පලවෙනි කොටසට බලපු අය දන්නවනෙ කතාව සුපිරියක් තමයි කියලා… ඉති…

Sakamoto Days Season 02 Sinhala Subtitles ලංකාවෙ ගොඩක් අය අතරෙ ජනප්‍රිය වුනු Sakamoto days ඇනිමෙ කතාමාලාවෙ පලමුවන කතාසමයෙ පලමු කොටස නිමාවට පත්වීමත් එක්ක දෙවන කතාසමයෙ පලමු කොටසෙ පලමු කතාංගය කතාංග දෙකක් ලෙසින් ජුලි 14 වනදා විකාශය වුනා… ඉතින් පලවෙනි කොටසට බලපු අය දන්නවනෙ කතාව සුපිරියක් තමයි කියලා… ඉතින් සුපුරුදු පරිදි ඇනිමේ එක නිශ්පාදනය කරන්නෙ TMS Entertainment ආයතනය විසින්… 
(SAKAMOTO DAYS Cour 02 සඳහා පාදක වුනු චැප්ටර් එක ) Action, comedy, crime කියන genres වලට තමයි අයති වෙන්නෙ. විශේෂයෙන් කියන්න ඕන පලවෙනි කොටසට වඩා හොඳ Animation මේකෙදි බලාගන්න පුලුවනි. මංගා එකේ හැටියට නම් දෙවනි කොටස තනිකරම ඕඩාර්  සහ JAA (Japanese Association of Assassin’s) එකට පාලනය කරන්න බැරි ඝාතකයො අතර සටන් තමයි වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන්නෙ. හැබැයි ඉතින් comedy ගතියෙ නම් කිසිම අඩුවක් නැහැ. 
(මංගා රසිකයන් අතර ජනප්‍රිය ඕඩාර් සාමජික ටකමුරා) පසුගිය කතාංගයෙන්…

Sakamoto days part 01 අවසන් වුනේ අපිට ලොකු කුතුහලයක් ඉතිරි කරලා. ඒකෙන් හොඳම එක තමයි කවුද මේ ස්ලර් කියන කෙනා කියන එක. ඒක ඉතින් පස්සෙ අපිට දැනගන්න ලැබෙයි. අවසන් කතාංගයෙන් අපිට දකින්න ලැබුනෙ ලූගෙ මාෆියා කල්ලියේ මහ මොළකරු වෙච්ච වූටන් කියන මාෆියා නායකයා සහ සකමොටෝගෙ කන්ඩායම අතරෙ වුණු මාෆියා සටන.
වූටන් කියන්නෙ තමංගෙ බුද්ධියෙන් ෂින්ගෙ මනස කියවීමෙ හැකියාව පවා ග්‍රහණය කරගන්න පුළුවන් දක්ශයෙක්. ඉතින් කොහොමහරි මාෆියා සටනෙදි වූටන්ව පාවලා දීමත් එක්ක ඇතිවුණු සටනින් සකමොටෝ එයාව බේරගෙන සකමොටෝගෙ ෂොප් එකේ වැඩට ගන්නවා. ඒ වගේම තමයි ස්ලර් කියන කෙනා ජපානයට මරණ දඬුවම නියම වුනු දරුණු හිරකාරයො වගයක් ගෙන්නුවා. ඉතින් ඊටපස්සෙ මොකද වෙන්නෙ කියලා දැනගන්න කතාව බලලම ඉන්න…✌️

ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

Sakamoto Days S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,164 downloadsDownload Sakamoto-days-Cour-02-E01-02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,164 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.