Sausage Party: Foodtopia Sinhala Subtitles සොසේජ් පාටි: ෆුඩ්ටෝපියා වැඩිහිටියන්ට විතරක් බලන්න පුළුවන් ඇනිමේටඩ් ටීවී සීරීස් එකක්. මේක 2016 ආපු *සොසේජ් පාටි* ෆිල්ම් එකේ ඉදිරි කතාව. සෙත් රෝගන්, එවන් ගෝල්ඩ්බර්ග්, කයිල් හන්ටර්, සහ ඇරියල් ෂැෆීර් තමයි මේකේ නිර්මාපකයන් වන්නේ. මේකේ පළවෙනි සීසන් එක 2024 ජූලි…
Sausage Party: Foodtopia Sinhala Subtitles
සොසේජ් පාටි: ෆුඩ්ටෝපියා
වැඩිහිටියන්ට විතරක් බලන්න පුළුවන් ඇනිමේටඩ් ටීවී සීරීස් එකක්. මේක 2016 ආපු *සොසේජ් පාටි* ෆිල්ම් එකේ ඉදිරි කතාව. සෙත් රෝගන්, එවන් ගෝල්ඩ්බර්ග්, කයිල් හන්ටර්, සහ ඇරියල් ෂැෆීර් තමයි මේකේ නිර්මාපකයන් වන්නේ. මේකේ පළවෙනි සීසන් එක 2024 ජූලි 11 වෙනිදා තමයි ඇමේසන් ප්‍රයිම් වීඩියෝ එකෙන් එළියට දැම්මේ. මේක ගැන මම දැනගත්තේ මේ අහම්බෙන් ඊයේ පෙරෙදා. නැත්තම් මීට කලින් මේක මම ඔයාලට අරගෙන එනවා.
මේක ඇමසන්ලගේ වැඩක් වුණ නිසා ආයේ නියමටම මුළු සීරීස් එකම තියනවා, බඩ පැලෙනකන් ඔයාලට මේක බලලා හිනා වෙන්න පුළුවන්, පොඩි අය එක්ක ඉඳන් නම් බලන්න හිතන්නවත් එපා. මේකේ ෆිල්ම් එක බලලා තියන අය දන්නවනේ ඉතින් විස්තරේ… ආයේ එයාලට අමුතුවෙන් කියලා දෙන්න උවමනා නෑනේ. මේක කරන්න භාර අරන් දවස් 5ක් වගේ බොහොම කෙටි කාලයක් ඇතුළත තමයි උපසිරැසි ගන්වලා මේ මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ. මගේ කලින් උපසිරැසි ගැන්වීම් වගේ නෙමෙයි මේක, බොහොම නරක, දරුණු වචන එහෙම් පිටින්ම මම යොදලා දාලා තියනවා, ඒ ඔයාලගේ රස වින්දනය ගැන හිතලා. ඒක කාටහරි අවුල් වගේ නම් සමාවෙන්න ඕනේ.
දැනට කියනවා මේකේ දෙවෙනි සීසන් එකක් හදනවලු. හැදුවොත් නම් නියමයි කියලා ඔයාලටත් මේක සම්පූර්ණයෙන්ම බලලා ඉවර වුණාම හිතෙයි.
මුලින්ම මේ අලුත්ම සීරීස් එක ගැන කතා කරන්න කලින් සොසේජ් පාටි 2016 ෆිල්ම් එකේ
කතාවයි ඒක අවසාන වුණ විදිය ගැනයි අපි නැවත මතක ආවර්ජනයක් කරගමු.
ඔයාලට මතක ඇති ෂොප්වෙල්ස් කියන සුපිරි වෙළඳසැල, මේකේ තියෙන බඩු භාණ්ඩවලට… ඒ කියන්නේ කෑම වලට ජීවය තියනවා. ඒවා හිතාන් හිටියා මිනිස්සු කියන්නේ දෙවියෝ කියලා. මිනිස්සු මේ කෑම බඩු ගෙනියද්දි ඒවා හිතන්නේ එයාලා දිව්‍ය ලෝකයට යනවා කියලා. මේ අතරේ ෆ්‍රෑන්ක් කියන සොසේජ් එකයි බ්‍රෙන්ඩා කියන බනිස් ගෙඩියයි ආදරෙන් ඉන්නවා. ඒ දෙන්නා හීන මවනවා එකට දිව්‍ය ලෝකයට යන්න. හැබැයි දවසක් හනී මස්ටඩ් බෝතලයක් කියනවා මේ දිව්‍ය ලෝකය කියන එක බොරුවක් කියලා. ඒත් කවුරුත් ඒකට ඇහුම්කන් දෙන්නේ නෑ. එතකොට ෆ්‍රෑන්ක් හිතනවා ඇත්ත හොයාගන්න ඕනේ කියලා.
ඉතින් ෆ්‍රෑන්ක් යාළුවෝ ටිකක් එක්ක යනවා මැත්පැන් බෝතල් අය ඉන්න පැත්තට. එතන ඉන්න ෆයර්වෝටර් කියන මැත්පැන් බෝතලය ඇත්ත දැනගන්නවා. මේ දිව්‍ය ලෝක කතාව හදලා තියෙන්නේ අනිත් කෑමබීම අයව බය නොවී තියාගෙන ඉන්නයි කියලා. ඒ අතරේ ෆ්‍රෑන්ක්ගේ යාළුවො දෙන්නා – කාල් සහ බැරි – දකිනවා මිනිස්සු කෑම උයන හැටි. ඒක මේ කෑම වලට පේන්නේ මහා භයංකර දෙයක් විදිහටයි. බැරි විතරයි මෙතනින් බේරෙන්නේ. පස්සේ මෙයා ගිහින් හම්බවෙනවා මත්ද්‍රව්‍ය ගන්න මිනිහෙක්ව. ඒ මනුස්සයට පුළුවන් වෙනවා කෑම එක්ක කතා කරන්න.
අන්තිමට ෆ්‍රෑන්ක් හොයාගන්නවා රහස් කෑම උයන වට්ටෝරු පොතක්. ඒකෙන් මේ හැමදෙයකම සැබෑ තත්ත්වය අවබෝධ වෙනවා. මුලිදි ෆ්‍රෑන්ක් මේවා ගිහින් අනිත් කෑම වලට කියද්දි එයාලා මුකුත්ම විශ්වාස කරන්නේ නෑ, පස්සේ කරනවා. තමන්ට වෙන මේ අපරාධය ගැන දැඩි ලෙස කෝපයට සහ බියට පත්වෙන කෑමබීම අය බැරි ආපහු ඇවිත් මිනිස්සුන්ව මරන්න පුළුවන් කියලා කියනවත් එක්ක ආහාර ඔක්කොම එකතු වෙලා මිනිස්සුන්ට විරුද්ධව සටන් කරනවා. ඒකට නාන ලුණු කියන මත් ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා.
ඉතින් මේ වෙළඳසැලේ මහා සටනක් ඇති වෙනවා. මිනිස්සු බොහොම අමානුෂික විදිහට කෑම අතින් ඝාතනයට ලක් වෙනවා. ඩූෂ් කියන මනුස්සයා ගොඩක් බීම බෝතල් මරලා බීලා ලොකු ජවයක් හදාගෙන, ඩැරන් කියන මැනේජර්ව පාලනය කරනවා. ඒ දෙන්නා ෆ්‍රෑන්ක්ව අල්ලගන්නවා. ඒත් බ්‍රෙන්ඩා ඇවිත් ෆ්‍රෑන්ක්ව බේරගන්නවා. අනිත් කෑම යාළුවෝ එකතු වෙලා ඩූෂ්ලව ප්‍රොපේන් ටැංකි, ගිනිකූරු වගේ ඒවා දාපු කූඩයකට දානවා. ඒක පුපුරලා ඒ දෙන්නම මැරෙනවා.
සටන ඉවර වුණාම කෑම බඩු ඔක්කොම එකට සැමරුමක් කරනවා. ඒක බොහොම අසභ්‍ය වගේ දෙයක්. ඊට පස්සේ ෆ්‍රෑන්ක්ලා දැනගන්නවා ඔවුන් ඉන්නේ කාටූන් ලෝකයක බව. ඒ අයට වෙන මානයක ඉන්න ප්‍රසිද්ධ නළුවන්ගේ කටහඬවල් ඇහෙන්න ගන්නවා. ඉතින් ගම් කියන බුද්ධිමත් චුයින්ගම් එක හදලා තියෙනවා ඒ ලෝකෙට යන්න පුළුවන් පාලමක් වගේ එකක්. මෙයාලා තීරණය කරනවා ගිහින් තමන්ව මවපු අයව මුණගැහෙන්න.
හොඳයි, අපි එහෙනම් දැන් කතා කරමු සීරීස් එක ගැන,
ෂොප්වෙල්ස් සුපිරි වෙළඳසැල කඩාගෙන බිඳගෙන එළියට එන කෑම ජාති අය මනුස්ස වර්ගයා එක්ක කරන අවසාන මහා සටන තමයි අපිට ආරම්භයෙදිම දැකගන්න පුළුවන් වෙන්නේ. මෙයාලා ඉතුරු වෙලා ඉන්න අවාසාන මනුස්සයා දෙන්නවත් මරලා ලෝකෙම බලය අල්ලගන්නවා. හැබැයි මේකෙන් හැමදේම හොඳින් සිද්ද වෙන්නේ නෑ. මේ විප්ලවය අවාසන් වුණාට පස්සේ මෙයාලට පිටත ලෝකයේ විවිධ අභියෝග ගැටළු වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. විප්ලවයට නායකත්වය දීලා සියලුම කෑම එක්සත් කරපු ෆ්‍රෑන්ක් කියන සොසේජ් එකට මේ හැමදේටම උත්තර හොයාගන්න සිද්ද වෙනවා.
ඊළඟ කොටසින් අපි ඉක්මනටම හම්බවෙමු.
Sausage Party: Foodtopia Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,926 downloadsDownload Sausage-Party-Foodtopia-S01-E01-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sausage Party: Foodtopia Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #Edward Norton
- #Grey Griffin
- #Kristen Wiig
- #Michael Cera
- #Sam Richardson
- #Sausage Party
- #Sausage Party: Foodtopia
- #Seth Rogen
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #UD Shehan
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
UD Ashan
UD Ashan
Great Work!
Sahan Gayantha
thanks a lot UD saho sub ekata
Buddhika laKMal
ස්තූතියි ශෙහාන් සහෝ මේ සීරිස්එකට සබ් අරං ආවට...........
ජය වේවා.....Kavindu Nethmina
Sub Ekata Thanks Bro..ithuru episode tikakth ikmanata denna
Dilsara
Thanks bro ...... oya wagema blue eye samurai ekatath sinhala sub gennko puluwannm
Sahan Gayantha
Thanks a lot UD brother sub ekata
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Great Work!