Watch Trailer

The Lord of the Rings: The Rings of Power [S02 : E04] Sinhala Subtitles | ටොම් බොම්බඩිල් [සිංහල උපසිරසි]

කොහොම ද යාලුවනේ, ඔන්න ඊයෙ ඊළඟ එපිසෝඩ් එකත් නිකුත් වුණා නේද? හරි, title එක තිබුනෙ ‘Eldest’ ඒ වැඩිමහල් කියන එකනේ. එතකොට මේ gandalf ට දැන් හැමබවෙනවා මේ ‘වැඩිමහල්’ කෙනාව Tolkien ගේ පොත්වල චරිතයක් වෙන මෙයාගෙ නම තමයි ‘ටොම් බොම්බඩිල්’. මෙයාටත් ගැන්ඩල්ෆ් ට වගේ මායාව පුළුවන්. හැබැයි විශේෂත්වය වෙන්නේ මෙයා පෘ…

කොහොම ද යාලුවනේ, ඔන්න ඊයෙ ඊළඟ එපිසෝඩ් එකත් නිකුත් වුණා නේද? හරි, title එක තිබුනෙ ‘Eldest’ ඒ වැඩිමහල් කියන එකනේ. එතකොට මේ gandalf ට දැන් හැමබවෙනවා මේ ‘වැඩිමහල්’ කෙනාව Tolkien ගේ පොත්වල චරිතයක් වෙන මෙයාගෙ නම තමයි ‘ටොම් බොම්බඩිල්’. මෙයාටත් ගැන්ඩල්ෆ් ට වගේ මායාව පුළුවන්. හැබැයි විශේෂත්වය වෙන්නේ මෙයා පෘථිවිය හරියකට හැදෙන්නත් කලින් ඉඳන් ම ජීවත් වුණයි කියන එක. ඉතින් ගැන්ඩල්ෆ් අනපේක්ෂිතව මෙහාට වැටුනත්, ආපු වැඩේ වෙන මායාව ඉගෙන ගන්න එක කරන්න පුළුවන් වෙනවා. ඒත් මිනිහා නං එච්චර ලේසියෙ මැජික් පුරුදු කරවන් නැහැ වගෙයි. එතකොට නෝරි සහ පොපී දෙන්නා සුළඟේ පාවී ඈතට ගිහින් වැටෙන්නේ මේ අයගෙ ජාතියෙම ගමකට, හැබැයි මේ අයට කියන්නේ ස්ටූර්ස් ල කියලා.

මේ අතරෙ දි ගිය episode එකේ නැති වුනු තේඕ ව හොයන්න අනික් මිනිස්සුත් එක්ක ඇරන්ඩීර්, ඉසිල්ඩූර් සහ එස්ට්‍රිඩ් කියන අතරමඟ දි හම්බවුනු කෙල්ලත් පිටත්වෙනවා. හැබැයි මේ එස්ට්‍රිඩ් සෞරොන් ගේ බෙල්ලේ අදාර් ගෙ සලකුණ කොටාගෙන තියන බව දැනගන්න ඇරන්ඩීර් මෙයාට මාංචු දාල තමයි ගෙනියන්නේ. ඒත් මේ කෙල්ල හේතුවකට සලකුණ කොටාගත්තත් හොඳ ගතිගුණ තියනවා වගෙයි. ඒත් එහෙමම කියන්නත් බැහැනේ, කවුද දන්නේ? මේ තුන් කට්ටුවට හම්බවෙන්නේ අපි දන්න ටිකක් හුරුපුරුදු කට්ටියක්. අපි LOTR වලින් දැක්ක ගස් එඬේරන් දෙන්නෙක් තමයි හැමබවෙන්නේ (ලස්සන) ගෑනු එඬේරෙකුත් බලාගන්න පුළුවන්. මේ scene එකේ දි ඇරන්ඩීර් සහ මෙයාල අතර වෙන සංවාදය ටිකක් emotional. අපි පරිසරයට වෙන්න ඕනෙ දායකත්වය ආයෙමත් මතක් කරනවා.

ඊළඟට මේ තුන් කොන් කතාවේ, අනෙක් පැත්තෙන් එල්රොන්ඩ් මූලික වුනු ගලාද්‍රියෙල් ඇතුළු කණ්ඩායම එරෙගියොන් වලට යන්න පිටත්වෙනවා, ප්‍රධාන මාර්ගය ගලාද්‍රියෙල් කියන විදිහට සෞරොන් ගෙ වැඩකින් කඩල දාල නිසා අනෙක් මාර්ගයෙන් යන්නයි හදන්නේ, මේක ඇත්තටම අදාර්ගෙ උගුලක්. මෙයාලට හම්බවෙන්නෙ barrow-wight කියන නපුරු ආත්ම ජීවීන්. සොම්බිල වගේ. ඇත්තටම මම දැක්කේ ඊජිප්තු ඇඳුම් ඇඳගෙන ආපු හොල්මන් වගේ. මේවා ඇත්තටම පොතේ තියෙන විස්තර තමයි. මේවගෙන් පණ බේරගන්න අය ඊළඟට අදාර්ගෙ අතටම අහුවෙන තැනටයි එන්නේ. ගලාද්‍රියෙල් බය නැතුව ගිහින් සටනක් දුන්නත් අදාර්ගෙ අතටම අහුවෙනවා වගෙයි, හරියටම පැහැදිලි නැහැ. ඒවගේම ගලාද්‍රියෙල් තමන්ගෙ බල මුද්ද එල්රොන්ඩ් ට සටනට යන්න කලින් භාරදීලයි ගියේ.

හරි එහෙනම්, ලිපිය අවසානයි. කියවා සිටි ඔබ සැමට ස්තුතියි. ආයෙත් දවසක හම්බවෙමුකෝ..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

9,885 downloadsDownload The-Rings-of-Power-S02-E04-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Amila Heshan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Amila Heshan

Subtitles

9,885 downloadsDownload Subtitles27 KB

10 comments

  1. Anonymous

    Thanks

    1. Amila Heshan

      එලම..

  2. Anonymous

    thankyou macho

    1. Amila Heshan

      Thanks bro ♡

  3. Sahan Gayantha

    thanks a lot saho sub ekata

    1. Amila Heshan

      Thanks you too.

  4. SACHINTHA

    THANKS FOR SUB

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  6. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  7. Thisara Prabhath Senarathne

    Thanks bro