සුබ දවසක් හැමෝටම. ඊයේ පොරොන්දු වුනා වගේම ඔන්න දෙවනි කතාංගයටත් උපසිරැසිය දෙන්නයි මේ සූදානම. පසුගිය කතාවේදී අපට මගහැරුණු වසර තුල සෙන්සේට් වරුන්ගේ ජීවිත ගතවුනේ කොහොමද කියන එක තමයි පෙන්නුම් කලේ. නව වසරේ උදාවත් එක්ක තමුන්ට එකතුව මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ වගේම තනි තනිව තමුන්ට මුහුණ දෙන්නට වෙන ප්‍රශ්ණ වලත්…

සුබ දවසක් හැමෝටම. ඊයේ පොරොන්දු වුනා වගේම ඔන්න දෙවනි කතාංගයටත් උපසිරැසිය දෙන්නයි මේ සූදානම. පසුගිය කතාවේදී අපට මගහැරුණු වසර තුල සෙන්සේට් වරුන්ගේ ජීවිත ගතවුනේ කොහොමද කියන එක තමයි පෙන්නුම් කලේ. නව වසරේ උදාවත් එක්ක තමුන්ට එකතුව මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ වගේම තනි තනිව තමුන්ට මුහුණ දෙන්නට වෙන ප්‍රශ්ණ වලත් අඩුවක් තිබුනේ නෑ. එක ප්‍රශ්ණයක් අවසන් වුනු ගමන්ම තවත් ප්‍රශ්ණයක් ඇති වෙනවා.
නයිරෝබි වල ඉන්න කෆියස්ට නම් දැන් සමාජයෙන් ලොකු තැනක් හිමි වෙලා තියෙන්නේ. නමුත් මේත් එක්කම ගමේම මිනිස්සු ප්‍රශ්ණයක් ආපු ගමන් කෆියස් මත බලාපොරොත්තු තියාගන්න පුරුදු වෙලා ඉන්න බවක් දැනට පේන්න තියෙනවා. ඒ එක්ක එයාට මොන වගේ දේවල් වලට ඉදිරියට මුහුණ පාන්න වේවිද කියලා අපි බලමු.
ඒ එක්කම කොරියාවේ ඉන්න සන් තාමත් හිර ගෙදර. ඒත් තමුන්ගේ මල්ලි එලියේ ඉඳන් සන්ව මරන්න හිර ගෙදර ඇතුලට මිනිස්සු එව්වා කියලා ඔයාලට මතක ඇති. මේ නිසා සන්ට හිර ගෙදර ඇතුලෙත් ආරක්ශාවක් කියලා එකක් ඇත්තේ නෑ. ඩොක්ටර් ගෙන් තරමක් හෝ දුරට ඈත් වෙලා ඉන්න කිහිප දෙනෙකුගෙන් කෙනෙක් වෙච්ච සන්ට පෞද්ගලික වශයෙන් ලොකු ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙලා තියෙන වගක් හොඳට පේන්න තියෙනවා. නමුත් සන්ගේ ලොකුම බලාපොරොත්තුව තමයි තමුන්ගේ තාත්තා මරපු එකට මල්ලිගෙන් පලි ගන්න එක. කතාවේ ඉදිරියට බලමු මොනවා වේවිද කියලා.
නෝමි ඒජන්ට් බෙන්ඩික්ස් ගෙන් බේරෙන්න තමුන්ගේ හැකර් යාලුවා වුනු බග් ඉන්න බෝට්ටු ගෙදර තමුන්ගේ පෙම්වතියත් එක්ක තමා ජීවත් වෙන්නේ. කොහොම වුනත් බග් කියන්නේ ආතල් පොරක් නිසා කතාවත් මිනිහා එක්ක නැගලා යනවා. හැකින් වැඩ වලට ගොඩක් කැමති අයට හොඳ හොඳ කන්සෙප්ට් දැනගන්න පුළුවන් කතාව පුරාවටම පසුගිය කතා සමයටත් වඩා. ඒ වගේම තමයි මෙදා පාර කතාව පටන් ගත්තු වෙලාවේ ඉඳන් ඇක්ශන් නියම ප්‍රමාණයටත් කිරලා මැනලා දාලා තියෙනවා. නෝමිත් හැංගිලා ඉඳගෙන තමුන්ගේ යාලුවොන්ට බග් එක්ක එකතු වෙලා ගොඩක් උදව් කරනවා. ඒත් මෙතෙක් කතාව පුරාවට බග් දන්නේ නෑ නෝමිට උදව් කරන්නේ මොකක් නිසාද කියලා. කොටින්ම කිව්වොත් බග් දන්නේ නෑ මේ සෙන්සේට් වරුන්ගේ ගැන සිද්ධියක්.
විල් ජීවත් වෙන්නේ නම් රයිලි එක්ක. කලා වුල්ෆ්ගැන්ග් ආදරේට කලාගේ විවාහය නිසා මැදින් දෙකඩ වීමක් වුනත් රයිලි සහ විල් දෙන්නට නම් ආදරවන්තයින් විදියට එකට ඉන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒත් ඩොක්ටර් විල්ව දැකපු එකෙන් දෙන්නගේ ජීවිතෙත් අනිත් අයට වඩා ගොඩක් සංකීර්ණ වෙලා තියෙන්නේ විල් මාර්ගයෙන් රයිලි ඉන්න තැන හොයාගන්න පුළුවන් වේවි කියන අවධානම නිසා. මේ නිසා අනිත් 6 දෙනාම මේ දෙන්නා ගැන කොයි වෙලාවෙත් ඇහැ ගහගෙන තමයි ඉන්නේ.
ජර්මනියේ ඉන්න වුල්ෆ්ගැන්ග් අපරාධ සංවිධානයක නායකයෙක් වුනු තමුන්ගේ මාමව මැරුවට පස්සේ එයාගේ ප්‍රදේශයේ අපරාධ සංවිධානය බාරගන්න කියලා ගොඩක් අය බලපෑම් කරනවා. ඒත් වුල්ෆ්ගැන්ග් අපරාධකාරයෙකුගේ ජිවිතයට වැඩිය කැමැත්තක් ඇත්තේ නෑ. ඒත් එයාට ඒ ජීවිතයෙන් ගැලවීමකුත් නැති තරමයි. අනිත් ප්‍රදේශයන් වල ඉන්න අපරාධ නායකයෝ දැන් වුල්ෆ්ගැන්ග් මරපු මාමගේ බල ප්‍රදේශය අල්ල ගන්න බලාගෙන ඉන්න නිසා වුල්ෆ්ගැන්ග් මරන්න ගොඩක් අය බලාගෙනයි ඉන්නේ. මේ ප්‍රශ්ණ මැද්දේ තමයි වුල්ෆ් ගැන්ග්ට අනිත් අයට උදව් කරන්න වෙලා තියෙන්නේ. ඒත් වලියක් යන වෙලාවට සේප්පුවක් කඩන්න ඕනේ වෙලාවට වුල්ෆ්ගැන්ග් අනිවාර්යෙන්ම එතන උදව්වට එනවා. බග් වගේම වුල්ෆ්ගැන්ග් ගේ යාලුවා දන්නෙත් නෑ වුල්ෆ්ගැන්ග් මේ විදියේ සෙන්සේට් කෙනෙක් වග.
ලීටෝ සමලිංගිකයෙක් කියලා සමාජ ජාල අඩවි වලට ඩැනියෙලාගේ කලින් පෙම්වතා වුනු වකීන් විසින් ඡායාරූප ලීක් කරනවා. මේ හේතුව නිසා ලීටෝට ඒජන්සිය සමග තිබුනු සම්බන්ධතාවයත් නැතුව ගියා. ඒ වගේම තමයි තමුන්ගේ ගෙදරත් නැතුව ගියා. මේ නිසා ලීටෝ ට තවදුරටත් චිත්‍රපට වලට රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා ලොකු හිත් තැවුලකින් තමයි ජීවත් වෙන්නේ. මේ ප්‍රශ්ණේ අස්සේ තමයි ලීටෝ අනිත් අයට උදව්වට එන්නේ. කතාබහ කරලා පොඩි රඟපෑමක් දාලා මිනිස්සුන්ව නොමග යවන්න් හෝ නම්ම ගන්න වෙන වෙලාවට ලීටෝගේ උදව් අනිත් 7 දෙනාටම නැතුවම බෑ.
මේ අතරේ ඉන්දියාවේ ජීවත් වෙන කලාටත් තමුන්ගේ කසාද ජීවිතේ ප්‍රශ්ණ නැතුවම නෙමෙයි. වුල්ෆ්ගැන්ග් එක්ක ආදරෙන් හිටියත් තමුන්ගේ පවුල් පසුබිමෙන් ඇතිවෙන බලපෑම නිසා කසාදය කරගන්න සිදුවුනා. ඒත් ඒ විවාහයත් එක්ක අලුතෙන් එකතු වුනු සල්ලිකාර පවුල තමුන්ගේ දුප්පත් අම්මා තාත්තගේ පවුල වගේ අහිංසක පවුලක් නම් නෙමෙයි. බලයෙන් ඔලුව උදුම්මගත්තු තමුන්ගේ මාමණ්ඩි නිසා නගරේ මිනිස්සු ඒ පවුලත් එක්ක ලොකු තරහකින් තමයි ජීවත් වෙන්නේ. කෝවිලේදී පිහි ඇනුම් කන්න වුනෙත් ඒ නිසාම තමයි. වුල්ෆ්ගැන්ග්ට ආදරේ කරන ගමන් රාජේශ් එක්ක පවුල් ජීවිතේ ගත කරන එකෙන් කලාගේ හිත ලොකු පීඩනයකට ලක් වෙලා තියෙන්නේ. අනිත් අයගේ සමීපතමයින් වගේම කලාත් තමුන් සෙන්සේට් කෙනෙක් කියලා කාවත්ම හෙලිදරව් කරලා නෑ.
මෙන්න මේ විදිය තමයි අලුත් සමයේ ඒ ඒ අයගේ ජීවිත මේ කතා සමයේ දිගහැරෙන්නේ. අපි බලමු මේ කතා සමයේදිත් මොනවායින් මොනවා සිද්ධ වේවිද කියලා. ඒත් පලමු කතා සමයට වඩා දෙවනි කතා සමයට තවත් ක්ලස්ටර් එකතු වෙන්න තියෙන නිසා මෙදා කතාව නම් ගොඩක්ම සුපිරි තත්වයක තියේවි කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. කතා මාලාව බලන්න පටන් ගත්තේ නැතිනම් දැන්ම බලන්න ගන්න. දැන් නම් කතාව සුපිරියි. 🙂
පසුගිය කතාව S01E00 විදියට තමයි ලබා දෙන්නේ. ඒ වුනත් ඒ කතාවේ මේ සමයේ පූර්විකාව (Intro) එකත් එක්කම S02E01 එකතු වෙනවා. මේ නිසා මේ කතාංගය S02E02 විදියට තමයි ලබා දෙන්නේ. එහෙනං S02E03 වලින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
☀ ආයු – බෝ – වේවා !!! ☀
Due to copyright issues we do not provide any torrent links
Sense8.S02E01.WEBRip.x264-SKGTV
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ
385 downloadsDownload Sense8.2016.S02E02.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
22 comments
sankha sandaruwan
Thusitha
බොහෝම ස්තුතියි සහෝ!!!!!!!!!!
Ravindu Rukshan
ස්තූතියි
කවීන් ලහිරු
සබ් එකට තුති ප්‍රනීත් සහෝ
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුවිමා
සුපිරි සුපිරි
දවසට එක ගානේ ගින්දර ඈරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sudheera Kasun
නියමයි යලු… දැන් ඉතින් බාන්නම වෙනවා….!
praneeth madu
බොහෝම ස්තුතියි සහෝ
chin
Ela ela….digatama demu
සුපුන් බුද්ධික
එකත් ඉක්මණට අරන් ඇවිදින්.
පුලුවන් විදිහට ඉතුරු ටිකත් දෙමු.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.ජය වේවා !!!
sudeera
patta machan elama a.. mek itin enakan agili gana gana inne… ube sub eka thama mekata pattma galpenne…
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට**
~~බුදුසරණයි..ජය වේවා~~sam fisher
හම්බ්‍ෙ දිග ලිපියට යි සබ් එකටයි තැන්q බං. මම හිතුව්‍ෙ සිසන්2 කරන එකක් නෑ කියලා.
Thisara Neo
නියමයි. සබට තුති පැණියෝ
Ridma Srimal
sub okkoma nedda macho..........................
Vipula Sanjaya
thankz ....
Shehan
Meketh download wenne episode 2 eke sub ekane
Ushan
thankx brooo !!!
Ravindu Rukshan
thx
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴