Serial Experiments Lain [S01 : E05 & E06] Sinhala Subtitles 1998 වසරේ නිකුත් වුනු Drama, Mystery, Sci-Fi, Supernatural, Suspense යන genre වලට අයත් වෙමින් Avant Garde, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain ඇනිමෙ කතා මාලාවේ 5 සහ 6 කොටස් සමඟිනු…
Serial Experiments Lain Sinhala Subtitles
1998 වසරේ නිකුත් වුනු Drama, Mystery, Sci-Fi, Supernatural, Suspense යන genre වලට අයත් වෙමින් Avant Garde, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain ඇනිමෙ කතා මාලාවේ 5 සහ 6 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. කිසි දෙයක් හරි හැටි පැහැදිලි නැති මේ කතාවේ මෙතෙක් සිදුවීම් බොහොම කෙටියෙන් මතක් කර ගනිමු.
ලෙයින්ගේ වචන කිහිපයක් නිසා සයිබීරියා කියන ක්ලබ් එකේ පිරිමි ළමයාගේ සියදිවි නසා ගැනීමත් එක්ක ලෙයින්ට පොලිසිය ඉදිරියේ පෙනී ඉන්න සිද්ධ වෙනවා. ඒත් ලෙයින්ගේ යාළුවො හිතන්නෙ මේ කරදර ලෙයින්ට වුනේ තමන් නිසා කියලයි. හැබැයි ලෙයින්ට මේ කිසි දෙයක කිසිම දැනුම් තේරුමක් තියෙන පාටක් නම් පේන්න නෑ. ලෙයින් මරණයට වැරදිකාරයෙක් වෙන්නෙත් නෑ. ඒ අතරෙ තමන්ගේ නවි පරිගණකයත් වෙනස් කරන්න ලෙයින් තීරණය කරනවා. ලෙයින් ඒක ගලවගෙන එක එක විදිහට හදන්න පටන් ගන්නවා. ඒත් මේක දකින අපිට නම් මේ කරන්නෙ මොකද්ද කියල නම් තාමත් හරියට පැහැදිලි වෙන්නෙ නෑ. ලෙයින්ට හම්බවෙන “සයිකි” කියන ප්‍රොසෙසරයත් නවි එකට සම්බන්ධ කරනවා. ඊට පස්සෙ වයර්ඩ් ජාලයේ “පැන්ටොමා” කියල අමුතුම ක්‍රීඩාවකටත් ලෙයින් සම්බන්ධ වෙනවා. ඒකත් නිකන් survival game එකක මුහුනුවරක් ගන්නවා කියල දැනට අපිට කියන්න පුලුවන්.
මේ හැමදෙයක් දිහාම වගේම ලෙයින් දිහාත් ආගන්තුක පිරිසක් ඇහැගහන් ඉන්නවා. ඒ වගේම ලෙයින්ගේ තාත්තත් ලෙයින් සහ නවි පරිගණකය ගැන සෝදිසියෙන් ඉන්නවා. ඇත්තටම ඇයි තාත්තෙක් තමන්ගෙ දුව පරිගණකයක් එක්ක ඉන්න විදිහ මෙච්චර හොයන්නෙ? ලෙයින් දිහා ඇහැගහන් ඉන්න ආගන්තුකයින් කවුද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. උපසිරැසි ගැන වගේම කතාව ගැන ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain හි 7 සහ 8 කොටස් තුළින් මීළඟට මුණ ගැහෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
627 downloadsDownload Serial-Experiments-Lain-S01-E05-E06-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
3 comments
Ishan Madusha
apa
Vinland saga ekatath sub denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝම ස්තූතියි...