Watch Trailer

Serial Experiments Lain (1998) [S01 : E07 & E08] Sinhala Subtitles | ලෙයින් සැබෑ ලෙයින් මද? [සිංහල උපසිරසි]

Serial Experiments Lain [S01 : E07 & E08] Sinhala Subtitles 1998 වසරේ නිකුත් වුනු Drama, Mystery, Sci-Fi, Supernatural, Suspense යන genre වලට අයත් වෙමින් Avant Garde, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain ඇනිමෙ කතා මාලාවේ 7 සහ 8 කොටස් සමඟිනු…

Serial Experiments LainSerial Experiments Lain Sinhala Subtitles

1998 වසරේ නිකුත් වුනු Drama, Mystery, Sci-Fi, Supernatural, Suspense යන genre වලට අයත් වෙමින් Avant Garde, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain ඇනිමෙ කතා මාලාවේ 7 සහ 8 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. කිසි දෙයක් හරි හැටි පැහැදිලි නැති මේ කතාවේ මෙතෙක් සිදුවීම් බොහොම කෙටියෙන් මතක් කර ගනිමු.

ලෙයින්ගේ තාත්තා ලෙයින්ට ගෙනත් දුන්නු නවි පරිගණකය තව දුරටත් නවීකරණය කරන වැඩේ ලෙයින් තනියම කරගෙන ගියා. ඒ අතරෙ ලෙයින්ගේ අක්කාටත් මේ සිද්ධ වෙන දේවල් වලින් මොකක් හරි බලපෑමක් තියෙන බවක් දකින්න ලැබෙනවා. මොකක් හරි අමුතු අනාවැකියක් ගැන කතාවේ කියවෙනවා. ඒ වගේම වයර්ඩ් ජාලයේ ඉන්න දෙවි කෙනෙක් ගැනත් කියවෙනවා. මේ හැම දෙයක්ම තාමත් හරිම අපැහැදිලියි. ඒ අතරෙ එක එක තැන්වලදී ලෙයින්ගේ අක්කාට වගේම ලෙයින්ට එක එක අද්භූත අස්වාභාවික දර්ශනයන් දකින්න ලැබෙනවා. ඒ අතරෙ පාසල් ළමයින් සෙල්ලම් කරන අද්භූත ගේම් එකක් ගැනත් ලෙයින්ට දැනගන්න ලැබෙනවා. ළමයින්ට අස්වාභාවික හැකියාවන් ලබා දුන්නු මේ ගේම් එකට සම්බන්ධ “කිඩ්ස්” කියන අත්හදා බැලීම ගැන ලෙයින් තොරතුරු හොයනවා.

මේ අනාවැකිය, වයර්ඩ් එකේ දෙවියා, කිඩ්ස් ව්‍යාපෘතිය කියන උත්තර නැති ප්‍රශ්න අතරින් නයිට්වරු කියන පිරිස ආපහු කරලියට එනවා. ලෙයින් දිහා ඇහැ ගහන් ඉන්නෙ මේ නයිට්වරුද? මේ හැම දෙයක්ම නිර්මාණය කරන්නේ නයිට්වරුද? නයිට්වරු කියන්නෙ කවුද? ඒ වගේම මේ ඉවකුරා ලෙයින් කියල කියන්නෙ කවුද? ලෙයින් ගැන ඇහැ ගහන් ඉන්න කට්ටිය ලෙයින් කියන්නෙ කවුද කියල සැක පළ කරනවා. කතාවේ උත්තර නැති පිළිවෙළක් නැති ඉවරයක් නැති ප්‍රශ්න තාමත් එහෙම්මමයි. මේ ප්‍රශ්න ටිකකට වත් උත්තර හම්බ වේවිද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. උපසිරැසි ගැන වගේම කතාව ගැන ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain හි 9 සහ 10 කොටස් තුළින් මීළඟට මුණ ගැහෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

485 downloadsDownload Serial-Experiments-Lain-S01-E07-E08.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

485 downloadsDownload Subtitles19 KB

3 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Dilshan buddika

    Thank ❤️