Serial Experiments Lain [S01 : E11 & E12 & E13] Sinhala Subtitles 1998 වසරේ නිකුත් වුනු Drama, Mystery, Sci-Fi, Supernatural, Suspense යන genre වලට අයත් වෙමින් Avant Garde, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain ඇනිමෙ කතා මාලාවේ අවසාන කොටස් ත…
Serial Experiments Lain Sinhala Subtitles
1998 වසරේ නිකුත් වුනු Drama, Mystery, Sci-Fi, Supernatural, Suspense යන genre වලට අයත් වෙමින් Avant Garde, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain ඇනිමෙ කතා මාලාවේ අවසාන කොටස් ත්‍රිත්වය සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. කිසි දෙයක් හරි හැටි පැහැදිලි නැති මේ කතාවේ දැන් නම් ටිකෙන් ටික කතාව මොකක්ද කියන්න අපිට පැහැදිලි වේගෙන එන ගමන් තමයි තියෙන්නෙ. කොටින්ම දැන් කතාවෙන් හතරෙන් තුනක විතර ප්‍රමාණයක් පැහැදිලි වෙලයි තියෙන්නෙ. ඒ වගේම 80% ක විතර ප්‍රශ්නවලට උත්තරත් හම්බ වෙලයි තියෙන්නෙ. ඒ නිසා මෙතෙක් සිදුවීම් බොහොම කෙටියෙන් මතක් කර ගනිමු.
මේ වෙනකොට කතාවේ මුල ඉඳන්ම ලොකු ප්‍රශ්නයක් වුනු නයිට්වරු කියන්නෙ කවුද, එයාලා මොකද කරන්නෙ, කොහෙද ඉන්නෙ, එයාලට අන්තිමේදි මොකද වුනේ කියන ප්‍රශ්නවලට උත්තර අපිට බලාගන්න ලැබුනා. ඒ වගේම කතාවෙ මුල ඉඳලම අනිත් අයගෙ ජීවිතවලට එබුනෙ, බලපෑම් කළේ, ජීවිත නැති කළේ කවුද කියන එකට උත්තරෙත් අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම දෙවියන් කියන්නෙ කවුද? එහෙම දෙවියෙක් ඉන්නවා නම් එයා දෙවියෙක් වුනේ කොහොමද කියන එකටත් උත්තරයක් අපිට හම්බ වුනා. මේ විඥාණික ජාලය හදන්න මුල් වුනේ කවුද කවද්ද කොහොමද කියලත් අපිට බලාගන්න ලැබුනා. ඉවකුරා ලෙයින්ට සම්පූර්ණ නිදහස ලබා දෙමින් තාත්තා ලෙයින්ට සමු දුන්නා. ලෙයින් සහ වයර්ඩ් ජාලය තියෙන නවි පරිගණයත් තාමත් තියෙනවා. ඒත් අපිට එක එක නිගමන වලට එන්න පුලුවන් වුනත් දැන් ලෙයින් ඇත්තටම කවුද කියන එකට හටියටම පැහැදිලි උත්තරයක් තාම ලැබුනෙ නෑ. මෙන්න මේ අවසාන කොටස්වලින් ඒ උත්තරෙත් හම්බ වෙනවා. ලෙයින්ගේ experiment එක මොකක්ද? ලෙයින් කියන්නෙ experiment එකක්ද? මේ හැමෝටම මේ විදිහට බලපෑම් කළේ කවුද? එහෙනම් අවසානය එක්ක ඒකත් දැනගන්න.
මං මේ කතාව ආරම්භයේදී සඳහන් කළා වගේ, මේ කතාව 21 වෙනි අද වර්තමානයට මොන තරම් ගැලපෙනවද? මේ කතාව 1998 අවුරුද්දෙ ආපු කතාවක් වුනත් ඒක 21 වෙනි සියවසේ අද කාලයට මොන තරම් නම් සමීපයිද සමානයිද… තාක්ෂණික අතින් බොහෝ දියුණු අද කාලෙ තාක්ෂනය අතින් මිනිස් ජීවිතවලට මොන තරම් බලපෑම් කරන්න පුලුවන්ද… ඒ අතරින් නෙට්වර්ක් එකකට, එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාලයකින් මිනිස් ජීවිතවලට මොන විදිහෙ බලපෑම් කරන්න පුලුවන්ද… ජීවිත වට්ටන්න වගේම විනාශ කරල වුනත් දාන්න පුලුවන්. ඒ වගේම අපි හැමෝම ඒ හැමදේකම පරික්ෂනය නියැදි වෙන්න පුලුවන්ද… කොටින්ම අපි මොකක් පාවිච්චි කරත් ඒක එක පැත්තකින් තව කෙනෙක්ගෙ experiment එකක් වෙනවා. අපිත් මේ හැමදේටම කොටු වුනු experiment එකක්ද… ඇත්තටම හැබෑ ලෝකයත් එක්ක හිතන්න දෙයක් ඉතුරු කරන විදිහෙ කතාවක් තමයි මේක. අද ලෝකය ගැන එදා පේන බලල හදපු කතාවක් වගේ කතාවක් තමයි මේ Serial Experiments Lain කියල කියන්නෙ. නරඹන්න එහෙනම් මේ කතාව අවසානය වෙනකල්. උපසිරැසි ගැන වගේම කතාව ගැන ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain මේ විදිහට අවසාන වෙද්දි, ස්වර්ණමය ඇනිමෙ යුගයේ තවත් ඇනිමෙ එකකින් ළඟදීම මුණ ගැහෙමු.✌️

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
571 downloadsDownload Serial-Experiments-Lain-S01-E11-E12-E13-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
4 comments
Ishan Madusha
vidumina
monster anime ekatath su one
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan buddika
Thank ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතියි...