Serial Experiments Lain [S01 : E09 & E10] Sinhala Subtitles 1998 වසරේ නිකුත් වුනු Drama, Mystery, Sci-Fi, Supernatural, Suspense යන genre වලට අයත් වෙමින් Avant Garde, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain ඇනිමෙ කතා මාලාවේ 9 සහ 10 කොටස් සමඟින…
Serial Experiments Lain Sinhala Subtitles
1998 වසරේ නිකුත් වුනු Drama, Mystery, Sci-Fi, Supernatural, Suspense යන genre වලට අයත් වෙමින් Avant Garde, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain ඇනිමෙ කතා මාලාවේ 9 සහ 10 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. කිසි දෙයක් හරි හැටි පැහැදිලි නැති මේ කතාවේ දැන් නම් ටිකෙන් ටික කතාව මොකක්ද කියන්න අපිට පැහැදිලි වේගෙන එන ගමන් තමයි තියෙන්නෙ. ඒ නිසා මෙතෙක් සිදුවීම් බොහොම කෙටියෙන් මතක් කර ගනිමු.
ඉවකුරා ලෙයින් කියන්නෙ කවුද? වයර්ඩ් කියන ජාලයෙදි ඉවකුරා ලෙයින් කියල කියන්නෙ කවුද, හැබෑ ලෝකයේ ලෙයින් සහ වයර්ඩ් ජාලයේ ලෙයින් කියන දෙන්නම එක්කෙනෙක්ද, ඒ වගේම ලෙයින් කරන්නෙ මොකක්ද, ලෙයින්ට හැමෝම බය වෙන්නෙ මොකද, “ලෙයින්” කියන නම නිසා සමහරු මැරෙන්නෙ ඇයි, කියන ප්‍රශ්න වලට උත්තර දැන් ටිකෙන් ටික පැහැදිලි වෙන ගමන් තමයි තියෙන්නෙ. පාසල් ශිෂ්‍යාවක් වෙන ලෙයින්ට තමන්ගේ තාත්තා අරන් දුන්නු “වයර්ඩ්” කියන ජාලය ඇතුළත් “නවි” කියන පරිගණකය එක්ක කාලය ගත කරන ලෙයින්, ඒ පරිගණකය නවීකරණය කරන්න පටන් ගත්තා. කොටින්ම සිසිලන පද්ධතියක් පවා හදාගෙන තමන්ගෙ කාමරය සර්වර් රූම් එකක් වගේ තැනකට ගේන්න ලෙයින් ක්‍රියා කළා. ඒ වගේම මේ ජාලයේ ඉන්න කිසියම් නොදන්නා පිරිසක් එක්ක ලෙයින් සන්නිවේදනය කරන්න පටන් ගත්තා වගේම වයර්ඩ් එකේ ගේම් පවා සෙල්ලම් කරන්න ලෙයින් පටන් ගන්නවා.
මේ ගේම් එක නිසාමද එහෙම නැත්නම් ලෙයින් නිසාමද මන්දා සමහරුන්ට තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුනා. ලෙයින්ගේ මේ හැම දෙයක් ගැනම ඇහැ ගහන් ඉන්න කණ්ඩායමකටත් ලෙයින්ට මුහුණ දෙන්න සිද්ධ වුනා. ඒ වගේම මේ හැම දෙයක්ම වෙන්නෙ ලෙයින් නිසයි, හැබෑ ලෝකය සහ වයර්ඩ් ජාලය අතර තියෙන සීමාව බිඳෙන ගමන් තියෙන්නෙ කියල ඒ අය ලෙයින්ට අනතුරු අඟනවා. ඒ වගේම කතාවේ මුල ඉඳන්ම එන “නයිට්වරු” සහ මේ “දෙවියන්” කියල හඳුන්වන්නෙ කාවද කියන එක තාමත් අභිරහසක්. ඒ අතරෙ තැනින් තැන මතුවෙන ලෙයින් වගේ අනිත් කෙනා, එහෙම නැත්නම් ඒ ලෙයින් මද? වයර්ඩ් එකේ ඉන්න ලෙයින් සහ හැබෑ ලෝකයේ ඉන්න ලෙයින් කියන්නෙ එක්කෙනෙක්ද? දෙන්නෙක්ද? සාමන්‍ය මිනිස්සුන්ගෙ ජීවිතවලට බලපෑම් කරන මේ ලෙයින් කවුද? ප්‍රශ්න එකින් එක ලෙහා ගන්න නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. උපසිරැසි ගැන වගේම කතාව ගැන ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. කතාවෙ අවසානයට අපි ටිකක් ළං වෙලයි ඉන්නෙ. Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain හි අවසානය සමඟින් 11,12 සහ 13 කොටස් තුළින් මීළඟට මුණ ගැහෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
518 downloadsDownload Serial-Experiments-Lain-S01-E09-E10-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
2 comments
Ishan Madusha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝම ස්තූතියි...