Watch Trailer

Solo Leveling [S01 : E06] Sinhala Subtitles | ඝාතකයින් අතර ඝාතකයා [සිංහල උපසිරසි]

Solo Leveling [S01 : E06] Sinhala Subtitles 2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveli…

Solo Leveling Sinhala Subtitles

2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveling ඇනිමෙ කතා මාලාවේ 6 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

ඩේලි කුවෙස්ට් වලින් ලැබෙන ශක්තියෙන් තමන්ගේ ශරීරය සම්පූර්ණයෙන් සුව අතට හරවගන්න සමත් වෙන සන්ග් ජින්වූ, රෝහලෙන් පිටවෙලා කෙළින්ම හොයන්නෙ සල්ලි හොයන්න තියෙන විදි ගැන. මොකද තමන්ගෙ නංගිගේ ඉගෙනුම් කටයුතුවලට, අම්මගේ ප්‍රතිකාරවලට වගේම ගෙදර කුලිය ගෙවන්නත් සල්ලි නැති තත්වයක තමයි සන්ග් ජින්වූ හිටියේ. ඉතින් ඒ විදිහට සල්ලි හොයන් යද්දි තවත් හන්ටර්ලා කණ්ඩායමක් එක්ක දොරටුවක් වටලන්න යන්න අවස්ථාවක් හම්බවෙනවා. ඒකත් ගිවිසුමකට අනුව සටන්කරුවෙක් නොවෙන විදිහට තමයි ජින්වූට ඇතුළත් වෙන්න වෙන්නෙ. දොරටුව ඇතුලෙ ඩන්ජන් එකේදි සටන් කිහිපයක්ම වුනත් අවසානයේදී බොස් ඉතුරු වෙනවා. මේ බොස් ටිකක් නිද්‍රා ශීලීවයි ඉන්නේ. ඒ වගේම ඩන්ජන් එක ඇතුළේ මානා පළිඟු දහස් ගානක් දකින්න ලැබෙනවා. ඉතින් බොස්ව ඉවරයක් නොකර ඒ පළිඟු ඔක්කොම එළියට අරන් යන්න මේ කණ්ඩායමේ නායකයා හිතනවා. ඒත් බොස් තාමත් පණ පිටින් ඉන්න නිසා මේ වැඩේ අරද්දි කොයි වෙලාවක හරි ඇහැරෙන්න පුලුවන් නිසා අර කණ්ඩායම ජින්වූවයි තව අලුත්ම හන්ටර් කෙනෙක්වයි ඩන්ජන් එක ඇතුලෙ හිර කරලා එළියට යනවා. දැන් ඩන්ජන් එක ඇතුලෙ ඉන්නෙ ජින්වූයි අර හන්ටරුයි ඩන්ජන් බොසුයි විතරයි. ජින්වූට බොස්ව ඉවරයක් කරන්න පුලුවන් වෙයිද? ද්‍රෝහී හන්ටර් කණ්ඩායම මානා පළිඟු එළියට අරන් යාවිද? මීළඟට මොකක් වේවිද?

මේක හරි වේගවත් කොටසක් කියල කියන්නත් පුලුවන්. ඒ වගේම මේ කොටසින් ලස්සන Background Music ටිකකුත් අහන්න ලැබෙනවා. නරඹන්න මේ කොටස. බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන වගේම මේ අලුත් කතාව ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි 7 වන කොටස තුළින් මුණ ගැසෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : The Real Hunt Begins

Aired  Date : 2024.02.10

IMDB Rating : 9.5 (2024.02.12)

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,254 downloadsDownload Solo-Leveling-S01-E06-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1Next BT1

Subtitles

7,254 downloadsDownload Subtitles16 KB

6 comments

  1. Anjana

    Thnx sub ekata

  2. Nuwan

    Supiri mcn tnq

  3. Akila Dilhara

    Thanks for Sub Brother...❤❤❤

  4. Tharusha

    Thanks sudda sub ekata ilaga ekath oni ikmanata❤️

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.