එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ ලඟදි නිකුත් වෙන්න තියෙන අලුත් කතා සමයක පලමු කතාසමයයි. නම දැක්ක ගමන් දැනගත්තනේ, ආයෙ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. ගොඩක් අය මේක බලලත් ඇති. කොහොම උනත් ඉතින් ලංකාවෙ ලිංගික අධ්‍යාපනය කියන දේ තියෙන්නේ සෑහෙන පහත තැනක නිසා සෙක්ස් කියන වචනය ඇහුනත් චීයා, ඊයා වගේ කියන තත්වෙකට…

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ ලඟදි නිකුත් වෙන්න තියෙන අලුත් කතා සමයක පලමු කතාසමයයි. නම දැක්ක ගමන් දැනගත්තනේ, ආයෙ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. ගොඩක් අය මේක බලලත් ඇති. කොහොම උනත් ඉතින් ලංකාවෙ ලිංගික අධ්‍යාපනය කියන දේ තියෙන්නේ සෑහෙන පහත තැනක නිසා සෙක්ස් කියන වචනය ඇහුනත් චීයා, ඊයා වගේ කියන තත්වෙකට පත්වෙලා තියෙන්නේ. නමුත් මෙන්න මේ වගේ කතාවක් බැලුවානම් දැනගන්න තිබුනා ඔය සෙක්ස් කියන වචනෙ ඇතුලේ තියෙන්නේ ඒකම විතරක් නෙමෙයි කියලා. මං වැඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නෑ. මොකද ලොකු වෙලාවකුත් නෑ. අනිත් මං මේක බාරගත්තේ ඔක්තෝබර් 19, අද දෙසැම්බර් 17. මාස තුනක කාලයක් ගියා ඉවරකරගන්න මේ තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක. එහෙනම් මං මේකෙ ආගිය තොරතුරු ටිකක් කියලා ඉන්නම්.
මේක නිකුත් උනේ 2019 ජනවාරි 11 වෙනිදා Netflix මගින්. ලැබූ අති සාර්ථකත්වය නිසා ඔවුන් නිවේදනය කලා 2020 ජනවාරි 17 මෙහි දෙවෙනි සමය එලිදක්වනවා කියලා. IMDb වල 8.3 ක අගයකුත්, කුණු තක්කාලි මීටරේ 8.17 කුත් ලබාගන්න සමත් උනා. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.
මේ කතාමාලාවට මුල් වෙලා තියෙන්නේ ලිංගිකත්වය කියන දේට සෑහෙන බයක් දක්වන කොල්ලෙක්ව. මිනිහගෙ අම්මා ලිංගික ලෙඩරෝග වලට උපදෙස් ලබාදෙන චිකිත්සකවරියක්. තාත්තත් එහෙමයි. නමුත් දෙන්නා අතර සිද්ධවුන ගැටලුවක් නිසා දැන් දික්කසාද වෙලා තියෙන්නේ. ඉතින් දෙන්නාම ඉන්නේ තනියෙම. හැබැයි එහෙමයි කියලා අම්මා සැලෙන්නෙත් නෑ. උපදෙස් ගන්න එන හොඳ පිරිමි දෙතුන් දෙනෙක් එක්ක කොහොමහරි වැඩේ කරනවා. ඉතින් මේ ඕටිස්ගෙ හොඳම යාලුව එරික්, සමලිංගික පොරක්. මිනිහත් හෙනම ආතල් ඩයල් එකක්. ඉතින් මේ පවුල් පසුබිමත් එක්ක කොල්ලා සෑහෙන හිතේ ප්‍රශ්නෙන් ඉන්නේ. ඔහොම ඉද්දී ඉස්කෝලෙ ඉන්න මේව් කියන කෙල්ල කියනවා ලිංගික උපදෙස් දෙන ක්ලිනික් එකක් පටන් ගමු කියලා. පොරටත් ඉතින් අම්මගෙ ආභාශය තියෙනව, අම්මගෙ පොතපත තියෙන නිසා කැමැත්ත දෙනව. ඉතින් ඔතන ඉඳන් ඔවුන් මුහුනදෙන ගැටලු වලින් තමයි මේ කතාව ඉස්සරහට යන්නේ. ඔයාල හිතන්න එපා මේකෙ නම සෙක්ස් එඩියුකේශන් උනාට තනිකරම තියෙන්නේ ඒවා කියලා. ඒ විතරක් නෙමෙයි, ආදරය, කරුණාව, යාලුකම, පාවාදීම්, පළිගැනීම් වගේ හැම මාතෘකාවක්ම එකකට එකක් ගලපලා හදපු සුපිරිම සීරීස් එකක් තමයි . එහෙනම් ආයෙ අලුත් කතාසමයෙන් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
48,658 downloadsDownload Sex-Education-2019-S01-E01.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
39 comments
baiscope_imhni
Thushanga Pium
thawa parak balanna wei wage> thanks 4 sub
Sandarunimsara
Sub ekata tnx bro
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ
tharindu98
Ado okma dnna epa oka weba site ekka dnna aprade kalaya
Buddi
Thanks......
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..කොහොමහරි ඉවසන් හිටියා බලන්නේ නැතුව සබ දෙනකම්..වටිනාකම කියලා වැඩක් නෑ බන්..
දිගටම දෙමු..ජය වේවා..බුදුසරණයි..!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Induvara namal
Mn hituwe amataka wela kiyla thankyou
ranga11112
thank you saho..
ldoshan3
elazzz
akalankagayan
Thnx ......
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට......
Dewadithya
Thanks for Sub!
Dchamath
Elm
0718901293
Thanx machan
nuwanlankapriya
උපසිරැසියට ස්තුතියි
Manuuu
ස්තුතිය sub එකට
jerrydissanayake98
goadk sthuthi aiyye sub ekta anith sinala sub dena ewgenuth mn gtta sub eka eth ewge sub wlata wda oylge sub sahenn hodai mn dn ayeth blnw oyt pinsidda wenna . bohoma sththu . ikmtama ithuru tikat sub dei kiyl hithuwa
Nadeesha rox alahakoon
Tnx bro subt. Meknum loku deyak. Me series eka download krlth ekk thibbe kalinma. Baiscope eken mekata sub eka denne nathi wei kiyl hithn hitiye.english walin baluwata wada sinhala subk ekk blna eka hena athal. Tnx you.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandeepmadushan
Thanx..
Isuru Bandara 830
GG
SAM_Nika
ela
jayama wewaaaaaaaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavinda7344
S02 awila
kavindu4748
season 2 eketh sub eka demu neda brother
tharidu16
ela ela
දසිත චාමික
thanks saho sub ekata. jaya!
gayanmagee
thanks
Kanchaka
Thanks
Sajithlakshan
thanks .................
Anonymous
thanks
Anonymous
සුපිරි...නියම වැඩක්.පුලුවන් නම් Never Have I ever කියන mini series එකටත් සබ් දෙන්න ඒකත් හොදයි...ජය වේවා!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
Malith samarawickrama
Thanks machan sub ekata
sahangayantha
Thaks a lot saho sub ekata
Pavith Wijesooriya
අන්තිම සීසන් එකට කලින් ආයෙ පාරක් බලන්න හිතුණා, ආතල් කතාවක් නිසා. සබට තුති වේවා එහෙනම්...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sex Education [S01 : E01] Sinhala Subtitles | ලිංගික අධ්‍යාපනය [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/Sex-Education-2019-1.1.jpg)



thankz bro