Watch Trailer

Sex Education [S04 : E06] Sinhala Subtitles | මවු සෙනෙහස අහිමි මේව් [සිංහල උපසිරැසි] [18+]

ඉතින් ඔන්න සෙක්ස් එඩියුකේෂන් 4වෙනි කතාමාලාවේ 6 වෙනි කතාංගය අරගෙනයි ආවේ. මේ කතාංගය කරපු විහඟ මල්ලිට වෙලා මදි නිසා මට මේක ලියන්න අවස්ථාව ලැබුනා. ඉතින් නිර්මාල් සහෝ (මම) කලින් එපියෙදි හොඳ හෑල්ලක් දුන්න නිසා ආයේ වැඩිය ලියන්නේ නෑ. ඔයාලා හැමෝම දකින්න ඇති කලින් කතාංගයේදී , ඕ, ඕටිස් දෙන්නා විවාදය කරන හැටි…

ඉතින් ඔන්න සෙක්ස් එඩියුකේෂන් 4වෙනි කතාමාලාවේ 6 වෙනි කතාංගය අරගෙනයි ආවේ.
මේ කතාංගය කරපු විහඟ මල්ලිට වෙලා මදි නිසා මට මේක ලියන්න අවස්ථාව ලැබුනා.
ඉතින් නිර්මාල් සහෝ (මම) කලින් එපියෙදි හොඳ හෑල්ලක් දුන්න නිසා ආයේ වැඩිය ලියන්නේ නෑ.
ඔයාලා හැමෝම දකින්න ඇති කලින් කතාංගයේදී ,
ඕ, ඕටිස් දෙන්නා විවාදය කරන හැටි
ඒවගේම මේව් අයියා එක්ක මලගෙදර වැඩකටයුතු සැලසුම් කරන හැටි
ජෝ ෆිල්ම් එකක් බලන්න යනවා ඩෑන් එක්ක
ඒත් ඩෑන්ට එන්න වෙන්නේ නෑ බයික් එක හැප්පෙනවා
පලවෙනි පෙම් හමුවට මේව් එක්ක ආපු ඕටිස්ට අන්තිමේදී ජෝ නිසා වැඩ අලවෙනවා.
දෙන්නා කෝමහරි එයාලගේ පරණ ඉස්කෝලේ වුන Moordale බිල්ඩින් එක ඇතුලට යනවා.
මෙතනදි ඕටිස් මේව්ට කියනවා එයා රූබි එක්ක රැයක් ගතකළා කියලා
ඒකත් කිව්වේ හොඳම තැනදිනේ.. මේව්ට නම් යකා නගිනවා.
ඉතින් දෙන්නා පරණ ඉස්කෝලේ එහෙම ඉන්නකොට ආරක්ෂකයන්ට අහුවෙනවා.
අවසානයේදී ඕටිස්ගේ අම්මට ඔන්න මේව්ව මුනගැහෙනවා.

ඉතින් මේ කතාංගය එතනින් ඉතුරු ටික….
අද ඔයාලට මේව්ගේ අම්මගේ අවමඟුල බලාගන්න පුළුවන්.
ඒවගේම ඕටිස්, මේව් දෙන්නා අතර නොගැලපීම ටිකක් විතර පෙන්වනවා.
මේව් කොහොම මේවා දරාගනීද කියලා අපි බලමු.
ඒවගේම එරික් ලස්සන හීනයක් දකිනවා.
මේ හීනය නිසා එයාගේ ජීවිතයම අළුත් වෙනවා.
තව රූබිගේ කේස් එක නිසා තරහා ගිහින් ඉන්න මේව්
ඕටිස් එක්ක මොනවා කරගනීද…?
දෙන්නා තරහා වෙයිද? යාළුවෙයිද?
ඔයාලම බලලා රසවිඳින්නකෝ එහෙනම්..
7 වෙනි කතාංගය අරගෙන සුචිත්‍ර අයියා ඔයාලා හමුවට ඒවි.
එහෙනම් හරි වැරදි ගැන කමෙන්ටුවකුත් දාගෙන යන්න.
අදට සමුගන්නවා, හැමෝටම ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

17,292 downloadsDownload Sex-Education-S04-E06.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles by

විහඟ පියුමාල්

Subtitles

17,292 downloadsDownload Subtitles34 KB

3 comments

  1. Minu

    Godak sthuthi..Jaya wewa!

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!