පස්වෙනි එපිසෝඩ් එකෙන් පස්සේ ඔන්න ආවා මේ අන්තිම එපිසෝඩ් එකේ ලිපිය ලියලා යන්න. ලියන්න ගොඩාක් හිතේ තියාගෙන හිටියත් එච්චර ලියන්න ඕනේ නෑ. හරිම දුකයි. එච්චරයි!!! විශේෂයෙන් කියන්න කිව්වා මේ සබ් එක දෙන්නේ යුරාන් අයියා එයා නෙමේ මේ ලියුම් ලියන්න කියලා මොකද නැත්තන් උඹලා හිතයිලු යුරාන් බූටක් කාලා කියලා. ඉතින්…

පස්වෙනි එපිසෝඩ් එකෙන් පස්සේ ඔන්න ආවා
මේ අන්තිම එපිසෝඩ් එකේ ලිපිය ලියලා යන්න.
ලියන්න ගොඩාක් හිතේ තියාගෙන හිටියත් එච්චර ලියන්න ඕනේ නෑ.
හරිම දුකයි. එච්චරයි!!!
විශේෂයෙන් කියන්න කිව්වා මේ සබ් එක දෙන්නේ යුරාන් අයියා
එයා නෙමේ මේ ලියුම් ලියන්න කියලා
මොකද නැත්තන් උඹලා හිතයිලු යුරාන් බූටක් කාලා කියලා.
ඉතින් යුරාන් අයියේ ස්තූතියි මේ ලිපිය ලියන්න දුන්නාට.
ඒවගේම මේකට සමබන්ධ වුන හැම කෙනාටමත්, බලන ඔයාලා හැමෝටමත් ස්තූතියි.
සෑහෙන කලකිරීමක් ඇති කරපු සීසන් එකක් මේක
ගොඩක් අය කියලා තිබුනා මීටවඩා තුන්වෙනි සීසන් එකෙන් නතරකළා නම් හොඳයි කියලා.
ඒත් මම fb එකේ ලිපියකින් උපුටාගත්ත දේවල් ටිකක් කියන්නම්.
ඩිරෙක්ටර් සර් කියලා තිබුනා එයාට මේ සීසන් එකෙන් ඇත්ත ජීවිතේ
අවුරුදු 18-25 කාලේ මොනවගේද කියලා පෙන්වන්න ඕනේ වුනාලු.
ඒකයි එච්චර කොමඩි ගතිය නැතුව සීරියස් මූඩ් එකක් අරන් තියෙන්නේ.
අනික ගොඩක් චරිත සීරිස් එකෙන් වෙන ප්‍රොජෙක්ට් වලට ගිහින් තියනවා.
ඒකනිසා එයාලට අලුත් චරිත ගොඩක් ගේන්න වෙලා තියනවා.
ඒවුනත් මේ නම් ඕනවට වැඩී, යකෝ සාමාන්‍ය එවුන් ඇත්තෙම නෑනේ මේකේ.
ලජබට සමාජයක් මේක. මෙච්චර ජාති ඉන්නවා කියලා දන්නෙත් මේ සීරිස් එකෙන්
තව මේව්ට රඟපාන Emma Mackey කියලා තියනවා අපි දැන් වයස් අවුරුදු 30 ත් පහුවෙන්න එනවා
එහෙම අය හයිස්කූල් යන ළමාචරිත රඟපාන එක ගැලපෙන්නේ නෑ කියලා.
මෙව්වා ගිහින් අර දෙවනි ඉනිම කරපු එකාට තමා කියන්න ඕනේ.
තවත් දෙයක් හැටියට මේක රචනා කරපු Laurie nunn අදහසක් පලකරලා තියනවා.
Moordale හයිස්කූල් එකේ ස්ටෝරිය ගැන තව ටිකක් පුළුල් විදිහට විස්තර කරන්න.
එහෙම කතාමාලාවක් ආවොත්….,
සමහරවිට ආයේ ඕටිස් සහ මේව් එකට දැකගන්න ලැබෙන්න ඉඩ තියෙයි.
ඉතින් කලින් එපිසෝඩ් එකෙන් ඔයාලා දකින්න ඇති ගොඩක් චරිත වල අවසානයට ගෙනාවා.
ජීන් එයාගේ ජෝ එක්ක සහයෝගයෙන් ඉන්න හදනවා.
ඒත් වැඩක් වෙන්නේ නෑ රණ්ඩුවක් යනවාමයි.
ඇඩම් තාත්තට කියන්න තියන තිත්ත ඇත්ත කියලා දෙනවා.
හැමදේටම වඩා වැදගත් ඕටිස් , ඕ එක්ක ලිෆ්ට් එකේ හිරවෙනවා.
මේකෙන් හැමෝටම තේරෙනවා කවුද උපදේශකට ගැලපෙන්නේ කියලා
රූබි ඡන්දයට අළුත් තරඟකාරයෙක් අරගෙන එනවා
ඒමි අයිසැක් එක්ක සැට් වෙනවා.
ඕටිස්ගේ අම්මා (ජීන්) මේව්ගේ ඇමරිකා යන අදහසට උපදෙස් දෙනවා.
මෙතනින් අපිට අඩුමතරමේ කියලා හිත හදාගන්න තිබුන අන්තිම චාන්ස් එකත් නැතිවුනා.
මොකද මේ සීරිස් එකේ ගොඩක් අය බලාපොරොත්තු වුන දේ තමා මේ දෙන්නගේ
ලව් ස්ටෝරියට සතුටුදායක අවසානයක් ලැබෙයි කියන එක.
මේව් ඕටිස් එක්ක රැයක් ගතකරලා
වටිනම සිහිවටනයකුත් අරගෙන ආපහු ඇමරිකාවට ගියා
හැබැයි ඉතින් එච්චරම අවුලකුත් නෑ.
මොකද වෙන කෙනෙක් එක්ක යාළුවුනේ නෑ.
සිතින් විතරක් පෙම් කරන්නම්, දුරින්හිඳ ඔබ දෙස බලන්නම්
සීන් එකක් තමා වුනේ.
ඇත්ත ජීවිතේ ඔහොම දේවල් වෙනවා, ඒවා කොච්චර දුක්බර වුනත්
අපිට ඒ හැඟීම විඳින්න වෙනවා.
අද කොටස මේ සීරිස් එකේ අවසාන කොටස
ඕටිස් දාලා ගියාට හිතින් කොච්චර මේව් බැඳිලද ඉන්නේ කියලා බලාගන්න පුළුවන්
අන්තිමට ඕටිසුත් තමන්ගේ වැරදි ඉගෙනගෙන අතාරින්න පුරුදු වෙනවා.
හැබැයි ඕටිස්ගේ අම්මා කියන දේ අහපු ඕටිස්ට යක්ෂාවේශ වෙනවා.
ඒත් අන්තිමේදී අම්මා කියපු දේ තේරුම් ගන්නවා.
ඉතින් සෙසු චරිත වලටත් ගොඩක් හොඳ අවසානයක් දෙන්න උත්සාහ කරනවා.
එරික් පාස්ටර් කෙනෙක් වෙන්න තීරණය කරනවා.
ඇඩම් තාත්තා එක්ක සමාදාන වෙනවා.
ජැක්සන්ට එයාගේ තාත්ත ගැන දැනගන්න ලැබෙනවා.
ඒමි, අයිසැක් එක්ක යාළුවෙනවා.
ඒත් රූබි මැණිකට කිසිම අවසානයක් නැතුව අසාධාරණේ වෙන්නේ
ඉතින් එහෙනම් ඕටිස්ට ලැබෙන ලියුමේ කොටසක් ලියලා මමත් සමුගමී.
“I want you to know that however much it fucking hurts
that we can’t be together, I won’t ever close myself off again.
Meeting you cracked my heart open,
and now it’s forever changed. And because of that,
I will carry a part of you with me wherever I go.
I think what I’m trying to say is thanks for everything,
dickhead.”
From your loving Maeve
හැබැයි කතාව ලියපු කෙනාට තිබුනා සතුටුදායක අවසානයක් දෙන්න.
එහෙම වුනානම් මේ ලිපිය මෙච්චර දිග වෙන්නේ නෑ.
තවත් මිනි සීරීස් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
සබ් එකේ අඩුපාඩු ලිපිය ගැන ගුණ දොස් කමෙන්ට් එකක් දාන්න.
හැමෝටම ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
19,027 downloadsDownload Sex-Education-S04-E08.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2019
- #Asa Butterfield
- #Connor Swindells
- #Editor's Pick
- #Emma Mackey
- #Gillian Anderson
- #Kedar Williams-Stirling
- #MaxxA
- #Ncuti Gatwa
- #Netflix
- #Sex Education (2019-) [S04 : E08] Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Janith220
Minu
Godak sthuthi..Jaya wewa!
Anonymous
Thank youu....
Sandaru Nimsara
උපසිරැසිය ලබාදුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
VIDU BOY
Ade oyala subtitle sapayeema supiri puluwnnm world famouse anime wala sinhala sub danndako anime sub hoyaganna amarui
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks Bro