අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට, ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම ආරම්භ කළා, රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා, අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා. නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ. මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ, එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්ම…

අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට,
ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම ආරම්භ කළා,
රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා,
අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා.
නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ.
මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ,
එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්මයේ විශිෂ්ඨ පිරමීඩයේ මුදුනතට ළගා වී තිබුණේ නැහැ.
අපගේ ඉපැරණි මාතාවන්ගේ කීර්තිමත් භූමිය,
මෙතැනයි,
ආර්ත්.
සුබ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි. අළුත් කතාවක් අරගෙනයි ආවේ. 2019 වර්ෂයේ රූගත වුණ Arthdal Chronicles හි දෙවන සමය වන Arthdal Chronicles – Sword of Aramun සඳහා උපසිරැසි ලබා දෙන්නයි මේ සූදානම.
2019 ජුනි මාසයේ විකාශනය ඇරඹූ Arthdal Chronicles කතා මාලාවේ මුල් සමය අනු සමයන් තුනක් යටතේ කොටස් 18ක් ලෙස රූගත වුණා. 8.3 ක IMDb අගයක් ලබා ගන්න සමත් වූ මෙම කතාමාලාව කොරියාවේ පළමු ඓතිහාසික මිත්‍යා කතාවන් ගණයට වැටෙනවා. මේ දිනවල tvN නාලිකාවෙන් කොරියාවේත් Disney+ නාලිකාවෙන් අන්තර්ජාතිකවත් විකාශය වෙමින් පවතින මෙම කතා මාලාව, පළමු කතා සමයෙන්ම ලොව පුරා කොරියානු කතා රසියන්ගේ බලවත් ප්‍රසාදයක් දිනා ගැනීමට සමත්වූවා මෙන්ම බොහෝ පිරිසක්ව දෙවන සමය පැමිණෙන වසර පහක් තුරාවට බලාපොරොත්තුවෙන් තැබීමටත් සමත් වුණා.Kim Won-seok විසින් අධ්‍යක්ෂණය කර තිබෙන මෙහි තිර පිටපත රචනා කර තිබෙන්නේ Kim Young-hyun සහ Park Sang-yeon විසිනුයි. බොහෝ දෙනාට හුරු පුරුදු තරු යුවලක් වන Song Joong-ki ඉයුන්සම් සහ සායා ලෙසත්, Kim Ji-won ටාන්‍යා ලෙසත් මෙහි පළමු කතා සමයේ පෙනී සිටියා. නමුත් නළු නිළියන්ගේ කාර්යබහුලතාවන් සමඟ ඔවුන් දෙදෙනා දෙවන කතා සමයට නොපැමිණීම හේතුවෙන් ටාන්‍යා සහ ඉයුන්සම්ගේ දිවියේ වැඩිමහල් අවදිය නිරූපණය කරන්නට Lee joon-gi ඉයුන්සම් සහ සායා ලෙසිනුත් Shin Se-kyung ටාන්‍යා ලෙසිනුත් පැමිණෙනවා. එමෙන්ම Jang Dong-gun ටාගොන් ලෙසිනුත් Kim Ok-vin ටියාල්හා ලෙසිනුත් කතා සමයන් දෙක පුරාම රංගනයෙන් දායක වෙනවා. ප්‍රධාන චරිතයන්ට අමතරව දෙවන සමයේදී තවත් වැදගත් චරිත කිහිපයක් උදෙසා අළුත් මුහුණු එක් වෙලා තිබුණත් කතාවේ රසවින්දනයට එයින් බාධාවක් ඇති වී නැති බව නම් කියන්නම ඕන.
ආර්ත්දල් නම් භූමියේ පවතින විශමතාවන් සමඟින් බලය සොයා යන කුඩා කොළුවෙක් නිසා ආරම්භ වූ මේ කතාව මේ වන විට බොහෝ දුර පැමිණිලා. ටාගොන් සහ ටියාල්හා මෙන්ම ටාන්‍යා, ඉයුන්සම් සහ සායා මෙම බල අරගලයට මැදිව තමන්ගේම කතාවක් ගෙනියන්නට වෙහෙස දරනවා. ඔවුන්‍ට ඔවුන්ගේ අරමුණු මුදුන්පත් කරගන්න ට හැකිවේවිද? මේ සියල්ල දැනගැනීමට ආර්ත්දල්හි පුරාවෘතයේ දෙවන සමය නරඹන්න පැමිණෙන ලෙස මම ඔබට ආරාධනා කරනවා. දෙවන සමයේ මුලදී මුල් කතාව පිලිබඳ පැහැදිලි කිරීමක් තිබුණත් අළුතෙන්ම කතාව නරඹන්න පැමිණෙන අයෙක් නම් කතාවේ රසය උදෙසා මෙන්ම වටහා ගැනීම උදෙසා මුල් සමය නැරඹීමෙන් පසු දෙවන සමය නරඹන්න කියා මම නිර්දේශ කරනවා.
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,240 downloadsDownload Arthdal-Chronicles-The-Sword-of-Aramun-S02-E01.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
7 comments
Niroshani Maduka
WdH
aneew thnq soo much <3
Sanjula
Ithuru episode tiketh subtitles tika ikmnta dannkoo
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Sashindra Thennakoon
Hi baiscope team. Me tv series eke telegram channel eke thiyenne Web-DL eth sub eka HD TV ekata thiyenne. Puluwanda web-DL ekata sub eka denna. Please bro thank you ❤️ Season 1 saha 2 dekama ehemai.
Krishani
Thank you ️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you so much..මේ දවස් ටිකේම උදේ හවස ඇවිත් බලනවා සබ් එක දාලාද කියලා..ඉතුරු ටිකත් ඔයාට පුලුවන් ඉක්මනින් දෙන්න dr..