Watch Trailer

She-Hulk: Attorney at Law [S01 : E02] Sinhala Subtitles | සුපර්හියුමන් නීතිය… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න අරගෙන ආවා She-Hulk: Attorney At Law එකේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “Superhuman Law” කියලා. ඒකට හේතුව තමයි ජෙනිෆර් වෝල්ටර්ස් එහෙමත් නැත්නම් ෂී-හල්ක් අලුත් සුපර්හියුමන් නෛතික කොට්ඨාසයක ප්‍රධානියා බවට පත් වෙන එක. පසුගිය කොටසින් ඉතින් පළවෙනි එපිසෝඩ් එකේ අපි දැක්ක…

ඉතින් ඔන්න අරගෙන ආවා She-Hulk: Attorney At Law එකේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “Superhuman Law” කියලා. ඒකට හේතුව තමයි ජෙනිෆර් වෝල්ටර්ස් එහෙමත් නැත්නම් ෂී-හල්ක් අලුත් සුපර්හියුමන් නෛතික කොට්ඨාසයක ප්‍රධානියා බවට පත් වෙන එක.

පසුගිය කොටසින්

ඉතින් පළවෙනි එපිසෝඩ් එකේ අපි දැක්කනේ ෂී-හල්ක්ගේ ඔරිජින් එක. කලින් ලිපියේ කියවුන විදියට Marvel එක ඔරිජින් එකට පොඩි වෙනස්කම් කීපයක් කරලා තිබුණා. ඒවගේම ඒකේ හල්ක් හෙවත් අපි හැමෝම දන්න බෲස් බැනර්ත් හිටියනේ. ඒකේ තිබුණු හොඳම කොටස තමයි ජෙනිෆර්ගේ training එක. ඒක අතරතුරේදී තමයි හල්ක් රසිකයන් පිස්සු වට්ටමින් හල්ක් එයාගේ thunder-clap එක පාවිච්චි කළේ. ඒ ෂී-හල්ක් එක්ක තිබුණ පොඩි ‘සටන’ අතරතුරේදී. හල්ක්ගේ මේ thunder-clap එක කලින් දැක්කේ MCU එක ආරම්භ කරපු චිත්‍රපටිය වුණ The Incredible Hulk එකේදිනේ. කොහොම හරි පළවෙනි එපිසෝඩ් එකේ ලොකු තේමාවක් වුණේ ජෙනිෆර් ෂී-හල්ක්ට කොච්චර අකමැතිද කියන එකයි. ඒත් අන්තිමට අපි දැක්කනේ ටයිටේනියා උසාවියට බලෙන් කඩාවැදීමත් සමඟම ජෙනිෆර්ට අකමැත්තෙන් වුණත් හැමෝම ඉස්සරහා ෂී-හල්ක් බවට පත්වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ එපිසෝඩ් එකේ තියෙන්නේ එයාට කරන්න වුණු ඒ වැඩේ අතුරුප්‍රතිඵල ගැනයි.

Episode One: “A Normal Amount of Rage”

මාවල් එක එයාලගේ Disney+ ෂෝ වල QR code හැංගීම දිගටම කරගෙන යන බව තමයි ෂී-හල්ක් එකෙනුත් පේන්න තියෙන්නේ. කලින් නිකුත්වුණු බොහෝ සීරීස්වල (Moon Knight, Ms. Marvel වගේ) QR කෝඩ් තිබුණා මතක ඇති. ඉතින් මේ එපිසෝඩ් එකේ තියෙන QR කෝඩ් එක මතුවෙන්නේ ජෙන් පළමුවරට ෂී-හල්ක් බවට පත්වුණාට පස්සේ එයා යන ගොඩනැගිල්ල ඇතුළෙදීයි.

ඉතින් මේ QR කෝඩ් එක ස්කෑන් කළාම ඔයා යන්නේ ෂී-හල්ක්ගේ ඔරිජින් කොමික් එකට. ඒක තමයි 1980 පළ වුණු The Savage She-Hulk #1 කියන කලාපය. ඔරිජින් එපිසෝඩ් එකට එයාගේ ඔරිජින් කොමික් එක දාන්නෙ නැතුව වෙන මොනව දාන්නද?

ඔයාලට කැමති නම් මේක කියවලා බලන්න පුළුවන්.

එහෙම නම් අපි ඊළඟට හමුවෙන්නේ She-Hulk: Attorney At Law 3 වෙනි එපිසෝඩ් එකෙන්. ඒකත් පුළුවන් ඉක්මනට ගේන බලාපොරොත්තුව ඇතුව අදට සමුගන්නවා. පීස් ✌️.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

4,450 downloadsDownload She-Hulk-Attorney-at-Law-S01-E02.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

4,450 downloadsDownload Subtitles22 KB

8 comments

  1. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  2. sandun

    thax bro... download link eka danna anike ikmanataaaaa

  3. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Sahan Gayantha

    thanks a lot saho suub ekata

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Dewadithya

    Thanks for Sub!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P