ඉතින් ඔන්න අද උපසිරසි අරගෙන එන්නේ She-Hulk: Attorney At Law තුන්වෙනි එපිසෝඩ් එකටයි. මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “The People Vs. Emil Blonskey” කියලයි. ඒ, මේ එපිසෝඩ් එකේදී එමිල් බ්ලොන්ස්කි හෙවත් ඇබොමිනේෂන්ගේ නඩු විභාගය අපට බලාගන්න පුළුවන් වෙන නිසායි. පසුගිය කොටසින් කලින් කොටසෙදී අපි දැක්කනේ ජෙනි…

ඉතින් ඔන්න අද උපසිරසි අරගෙන එන්නේ She-Hulk: Attorney At Law තුන්වෙනි එපිසෝඩ් එකටයි. මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “The People Vs. Emil Blonskey” කියලයි. ඒ, මේ එපිසෝඩ් එකේදී එමිල් බ්ලොන්ස්කි හෙවත් ඇබොමිනේෂන්ගේ නඩු විභාගය අපට බලාගන්න පුළුවන් වෙන නිසායි.
පසුගිය කොටසින්
කලින් කොටසෙදී අපි දැක්කනේ ජෙනිෆර් වෝල්ටර්ස් හෙවත් She-Hulkගේ රස්සාව නැති වෙනවා එයා උසාවියේ හිටපු ජූරිසභාව ටයිටේනියාගේ ප්‍රහාරයෙන් බේරගත්තයි කියලා. ඊට පස්සේ අපි දැක්කනේ මිස්ටර් හොලවේ ඇවිල්ලා She-Hulkව ආපහු එයාගේ GLKH ආයතනයට බඳවගන්නවා, සුපර්හියුමන් නෛතික කොට්ඨාසයේ ප්‍රධානියා විදියට. ඒත් එක්කම අපි දැක්කනේ එයාට හම්බවුණු පළවෙනි අනුග්‍රාහකයා කවුද කියලා; ඒ වෙන කවුරුවත් නෙමෙයි, එමිල් බ්ලොන්ස්කි හෙවත් ඇබොමිනේෂන්. අපි එයාව කලින් දැක්කේ Shang-Chi and the Legend of the Ten Rings චිත්‍රපටයෙදි නේ. ඉතින් ඔන්න අපට මේ එපිසෝඩ් එකේදිත් එයාව දැකගන්න පුළුවන්.
“S01 E02: Superhuman Law” Easter Eggs
ඉතින් කලින් එපිසෝඩ් එකේදී අපට ඊස්ටර් එග්ස් කීපයක්ම හොයාගන්න පුළුවන්.
#1: QR Code
ඉතින් අලුත් මාවල් සම්ප්‍රදාය අනුව හැම එපිසෝඩ් එකකම වගේ දැන් කොමික් එකකට යන QR කෝඩ් එකක් තියෙනවනේ. මේ එපිසෝඩ් එකෙත් වෙනසක් නෑ. මේකේ QR code එක මතුවෙන්නේ ජෙනිෆර් අලුත් රැකියා ඇබෑර්තු හොයනකොට එයාගේ ලැප්ටොප් එකේදී තිබිලයි.

ඉතින් මේක ස්කෑන් කරලා බැලුවාම අපි යන්නේ 2004 වසරේ නිකුත් වුණු She-Hulk #1 කියන කොමික් එකටයි.

ඉතින් ඔයාලට කැමති නම් මේක කියවලා බලන්න පුළුවන්. හැබැයි මේ පිංතූරේ තියෙන එකම Easter egg එක මේක නෙමෙයි.
#2: Eternals Reference
මේ පිංතූරෙම දකුණු පැත්තේ පොඩියට ගහලා තියෙන අකුරු බැලුවොත් එහෙම ඔයාලට පෙනේවි ඒකේ මෙහෙම ලියලා තියෙනවා.
Why there is a giant statue of a man sticking out of the ocean
[මුහුදෙන් මිනිහෙකුගේ ලොකු ප්‍රතිමාවක් මතු වෙලා තියෙන හේතුව]
මේ කියන්නේ Eternals චිත්‍රපටියේ මෙන්න මේ scene එක ගැන:

#3: Wolverine (?)
කොහොම වුණත් ලොකුම පුදුම කිරීම තියෙන්නේ Eternals reference එකට කලින් තියෙන ප්‍රවෘත්තියේයි.
Man fights with metal claws on bar brawl
[බාර් එකක ලෝහ නියපොතු ඇති මිනිහෙක් සටන් කරයි]
ඉතින් මේ කියන්නේ කා ගැනද? ලෝහ නියපොතු තියෙන මිනිහෙක් කිව්වාම X-Men රසිකයින්ට නම් ඉතින් මතක් වෙන්නේ එකම කෙනායි: ඒ තමයි වුල්වරින්. මේකෙන් කියන්නේ වුල්වරින් MCU එකේ ඉන්නවා කියලද? X-Men චරිත දැන් MCU එකෙත් ඉන්න බව දැන් අපට රහසක් නෙමෙයිනේ. Doctor Strange and the Multiverse of Madness එකේදී අපි දැක්කනේ Professor X ඉන්නවා. ඉතින් මේකත් එක්ක රසිකයින්ගේ කතාබහ යොමු වී තියෙන්නේ වුල්වරින්ට පණ පොවන්න Hugh Jackmon ඒවිද කියලයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ හියු ජැක්මන් තමන් ආපහු වුල්වරින්ට රඟපාන්න එන්නේ නෑ කියලා කියපු එකයි. ඉතින් මේ ගැන රසිකයින්ගේ කතාබහ ඇති වෙලා තියෙන කොට තමයි මේ ලිපිය ලියන දවසේ, ඒ කියන්නේ 2022/09/28 වැනිදා Ryan Reynolds තමන්ගේ YouTube එකේ එක්තරා… විශේෂ වීඩියෝවක් නිකුත් කළේ.
මේ වීඩියෝ එකෙ නම තමයි ‘Deadpool Update’. ඒකේ script එක පහතින් තියෙනවා.
Ryan: Hey, everyone. We’re extremely sad to have missed D23. But we’re working very hard on the next Deadpool film for a… good long while now. I’ve had to really search my soul on this one. His first appearance in the MCU obviously needs to feel special. We need to stay true to the character. Find new depth and motivation; new meaning. Every Deadpool needs to stand out and stand apart. It’s been an incredible challenge that has forced me to reach down deep inside, and I… have nothing. Yeah… just… completely empty up here. And terrifying. But we did have one idea. Hey, Hugh. You wanna play Wolverine one more time?
Hugh: Yeah, sure, Ryan.
Ryan: හලෝ, කට්ටිය. අපිට කණගාටුයි D23 මඟ ඇරුණට. ඒත් අපි සෑහෙන්න මහන්සි වෙලා ඊලඟ ඩෙඩ්පූල් ෆිල්ම් එකේ වැඩ කරනවා… දැන් සෑහෙන කාලයක් තිස්සේ. මේක වෙනුවෙන් මට මගේ ආත්මයම හොයන්න වුණා. MCU එක තුළ එයාගේ පළමු appearance එක පැහැදිලිවම විශේෂ දෙයක් වෙන්න ඕනේ. අපි චරිතයට අනුගතව ඉන්න ඕනේ. අලුත් ගැඹුරක් සහ motivation එකක් හොයන්න; අලුත් තේරුමක් හොයාගන්න. හැම ඩෙඩ්පූල් කෙනෙක්ටම නැගිටින්න සහ වෙන් වී ඉන්න සිද්ධ වෙනවා. මේක මගේ ආත්මය තුළටම කිමිදිලා දේවල් හොයන්න මාව පොළඹවපු පුදුමාකාර අභියෝගයක්. ඒ ඔක්කොටම පස්සේ මගේ ළඟ… මුකුත් නෑ. ඔව්… නිකන්… මගේ ඔලුවේ මුකුත් නෑ. ඒවගේම බයත් හිතෙනවා. ඒත් අපේ ළඟ එක අදහසක් තියෙනවා. ඒයි, හියු. ඔයා තව එක පාරක් වුල්වරින්ට රඟපෑවොත් මොකෝ?
Hugh: ඔව්, අනිවා, රයන්.
මෙන්න 2024 සැප්තැම්බර් 6 වෙනිදා එන්න තියෙන ඩෙඩ්පූල් 3 ලාංඡනය:

ඉතින් මෙන්න මේ විදියට She-Hulk එකේ තියෙන මේ පුංචි පේළි තුන මුළු මාවල් විශ්වයටම බලපෑමක් ඇති කරන දෙයක් විදියට තමයි පේන්නේ.
දැන් ඉතින් ඊස්ටර් එග් ගැන කතා කළා මදැයි. එහෙනම් ඉතින් මෙතනින් මේ ලිපිය නවත්තනවා. එහෙනම් She-Hulk: Attorney At Law හතරවෙනි එපිසෝඩ් එකේ උපසිරසි සමඟින් හමුවෙමු. පීස් ✌️.
පහත උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
5,127 downloadsDownload She-Hulk-Attorney-at-Law-S01-E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #Benedict Wong
- #Charlie Cox
- #Ginger Gonzaga
- #Griffin Matthews
- #Jameela Jamil
- #Jon Bass
- #Josh Segarra
- #Mark Linn-Baker
- #Mark Ruffalo
- #Marvel
- #Marvel Cinematic Universe
- #MCU
- #Megan Thee Stallion
- #Patti Harrison
- #Renée Elise Goldsberry
- #Rhys Coiro
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tatiana Maslany
- #Tess Malis Kincaid
- #Tim Roth
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
9 comments
Rangika
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
sachintha
හැකිනම් See s03 වෙනුවෙන්ද සබ් ලබා දෙන්න...
Sahan Gayantha
thanks a lot saho sub ekata
ashan maleesha
Great job. sub 1t thanks.
Doctor strange multiverse of madness 1e sub damme naa neda?Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Machan imdb eke top rated mini tv series walata sub diyanko me wage gobba series walata nathuwa