සීරීස් එක ඇවිල්ලා සතියක් දෙකක් නෙමෙයි සති හයක්ම ගත වුණාට පස්සෙ හරි මේ අරන් එන්නේ මාවල් ඩිස්නි එකමුතුවෙන් ගහපු 8 වෙනි සීරීස් එක: She-Hulk: Attorney At Law. මේකට සබ් අරන් එන්න පරක්කු වුණු ප්‍රධානම හේතුව තමයි මේක කවුරුත් භාර අරන් තිබුණේ නැති එක. මමත් මේක අරගෙන දැන් සතියක් විතර තමයි වෙන්නේ. කොහොම හරි ම…

සීරීස් එක ඇවිල්ලා සතියක් දෙකක් නෙමෙයි සති හයක්ම ගත වුණාට පස්සෙ හරි මේ අරන් එන්නේ මාවල් ඩිස්නි එකමුතුවෙන් ගහපු 8 වෙනි සීරීස් එක: She-Hulk: Attorney At Law. මේකට සබ් අරන් එන්න පරක්කු වුණු ප්‍රධානම හේතුව තමයි මේක කවුරුත් භාර අරන් තිබුණේ නැති එක. මමත් මේක අරගෙන දැන් සතියක් විතර තමයි වෙන්නේ. කොහොම හරි මේ බ්‍රහස්පතින්දා (29) අලුත් එපිසෝඩ් එක රිලීස් වෙන්න කලින් දැනට ආපු ඔක්කොම එපිසෝඩ්වලට සබ් දෙන්න උපරිම උත්සහයක් ගන්නම්.
කොහොමෙන් කොහොමෙන් හරි, අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. She-Hulk teaser එක ආව කාලේ ඉඳලම ෂෝ එකට ගොඩනැඟෙමින් තිබුණ කීර්තිය ඍණාත්මකයි කියලා මාවල් ෆෑන්ස්ලා දන්නවානේ. මේකට හේතුව වුණේ ෂෝ එකේ තිබුණු CGIවල තත්වය බාල වීමයි. ඒකට මාවල් එකේ විවිධ විවිධ හේතු තිබුණත් ඒක ගැන කතා කරන්න ගියොත් ෂෝ එක ගැන කතා කරන්න වෙන්නෙ නෑ. කොහොමහරි, මේ ෂෝ එක ගැන මාවල් රසිකයන් අතරේ එච්චර ප්‍රසාදයක් තියෙන බවක් නම් පේන්න නෑ. සමහර විට ඒකට හේතුව වෙන්න ඇත්තේ මේක comedic ස්වභාවයක් ගැනීම වෙන්න ඇති. කොහොම වුණත් අපි හැමෝම දන්න එක්තරා විශේෂ නීතිඥයෙක් මේ කතාවට සම්බන්ධ වෙනවා කියලා teasers වලින් එළිවුණු නිසා දැන් දැන් මේක වටා hype එකක් ගොඩ නැගිලා තියෙනවා.
Show එක ගැන හැමදාම කියන විස්තර ටික කියනවා නම් ඉතින් මේක එපිසෝඩ් 10කින් සමන්විත කතා මාලාවක්. පළමු එපිසෝඩ් එක රිලීස් වුණේ 2022 අගෝස්තු 18 වැනිදා. මේක වර්ගීකරණය කරලා තියෙන්නේ Comedy, Legal Drama සහ Superhero යටතටයි. Titania Maslany (She-Hulk), Jameela Jamil (Titania), Ginger Gonzaga (Nikki), Mark Ruffalo (Bruce Banner), Tom Roth (Abomination) ආදී නළු නිළියන්ගේ රංගන දායකත්වය හිමි වී තියෙනවා. Disney+ හරහා විකාශය වන මේ කතාව IMDb දර්ශකයේ ලකුණු 5ක් සහ Rotten Tomatoes දර්ශකයේ 87% ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.
එහෙනම්, දැන් ඉතිහාසය පාඩමට ලෑස්ති වෙමු.
History of She-Hulk
She-Hulk හෙවත් ජෙනිෆර් වෝල්ටර්ස් කියන චරිතය මුලින්ම කොමික් පිටු අතරට හඳුන්වා දුන්නේ අපි හැමෝම දන්න Stan Lee විසින්. මෙයත් එක්ක මේ චරිතය නිමවන්න වැඩ කළ artist වුණේ John Buscema. මෙයාව මුලින්ම හඳුන්වා දුන්නේ 1980 දී The Savage She-Hulk #1 කියන කලාපයෙනුයි. එදා ඉඳන් රසිකයන් අතර ආදරයට පත්වුණු මේ චරිතය Avengers, Fantastic Four, S.H.I.E.L.D. ආදී කණ්ඩායම් ගණනාවකම සාමාජිකාවක් වෙලා ඉඳලා තියෙනවා. මෙයාට තියෙන බලයන් ගැන කියනවා නම් හල්ක්ගේ බලයන්ම තමයි. ඒ කියන්නේ අසාමාන්‍ය ශක්තිය, දරාගැනීමේ හැකියාව, වේගය, ඉක්මනින් සුව වීම ආදී ඒවා. කොහොම වුණත් මේ චරිතය ජනප්‍රිය වෙලා තියෙන්නේ හාස්‍යමුසු, නිතරම Fourth wall break කරන (තිරය දෙස බලා නරඹන්නාට ඍජුවම ඇමතීම) චරිතයක් විදියටයි, එක විදියකට Deadpool වගේ. ඉතින් අපට මේ fourth wall breaking නම් මේ කතාවෙත් නිතර නිතර දකින්න පුළුවන්.
She-Hulkගේ නිර්මාණය පිටුපස සෑහෙන රසවත් කතාවක් තියෙනවා. 1977දී The Incredible Hulk නමින් TV series එකක් නිකුත් වුණා. ඒකාලේ නිකුත් වුණු මේ සීරීස් එක කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් මේකට සීසන් 5ක් සහ spin-off එකකුත් තියෙනවා. ඉතින් මේ ජනප්‍රියත්වය නිසාම ඒ ෂෝ එක හදපු ආයතනයෙන් ගැහැනු හල්ක් කෙනෙක් එහෙමත් නැත්නම් she-hulk කෙනෙක් පදනම් කරගෙන කතාවක් හදන්න යනවා කියලා කටකතාවක් යන්න පටන් අරගෙන තියෙනවා. මේක ඇහුණු මාවල් ලා මොකද කළේ? ඉක්මනට Stan Leeට මේ අදහස දීලා එයාට කිව්වා කොමික් පොතක් ලියන්න කියලා. එයාලා මෙහෙම කළේ ඒ චරිතයට අයිතිය (copyright එක) එයාලට තියාගන්න. මොකද එයාලා දැනන් හිටියා TV series එකක් එළියට දානවට වඩා ඉක්මනින් කොමික් පොතක් එළියට දාන්න පුළුවන් බව. ඉතින් මෙන්න මෙහෙමයි She-Hulk නිර්මාණය වුණා කියලා පැවසෙන්නේ.
Origin
She-Hulk ගේ ඔරිජින් එක කියවුණේත් කලින් කිව්ව The Savage She-Hulk #1 කොමික් කලාපයෙන්මයි.

කතාව පටන් ගන්නේ බෲස් බැනර් එයාගේ ඥාති සහෝදරිය, ජෙනිෆර් වෝල්ටර්ස්ව හොයාගෙන එන තැනින්. ඒකට හේතුව තමයි පොලීසිය සහ හමුදාව එයා පසුපස පැන්නීම. ඉතින් ජෙන් කියන්නේ සුපිරිවීරයින් සම්බන්ධ නීතීඥ කටයුතු කරන කෙනෙක් නිසා තමයි බෲස් එයා ගාවට එන්නේ. ඊටපස්සේ බෲස් එයාට කියනවා එයා තමයි හල්ක් කියලා. ඉතින් මෙයාගේ ප්‍රශ්නවලට විසඳුමක් හොයන්න ජෙනිෆර් සහ බෲස් දෙන්නම කාර් එකක නැඟලා ජෙන්ගේ ගෙදරට පිටත් වෙනවා. මේ අතරේදී ජෙන් එක්ක තරහක් තිබුණු මාෆියා කල්ලියක සාමාජිකයින් කීපදෙනෙක් එයාව මරන්න හිතාගෙන එයාගේ පස්සෙන් එනවා. ඊටපස්සේ එයාට වෙඩි තියන්න ගන්නවා. ජෙනිෆර්ට වෙඩි වැදුණු බව බෲස් දැකලා එයාව එතනින් ගළවගෙන ඩොක්ටර් කෙනෙක්ගේ ගෙදරට ගෙනියනවා. ඒත් ගෙදර කවුරුත්ම නැති නිසා එයාම තමන්ගේ ඥාති සහෝදරියට තමන්ගේ ලේ දෙන්න ගන්නවා. කලබලේට බෲස්ට අමතක වෙනවා එයාගේ ලේවල ගැමා විකිරණ තියෙන බව. කොහොමහරි එතනදී කිසිම අවුලක් වෙන්නේ නෑ. පස්සේ ජෙන්ව රෝහලකට ගිහින් ඇරලනවා.
රෝහලේ ඉන්න අතරතුරේදී ජෙන්ව මරලා දාන්න තවත් කීප දෙනෙක් එනවා. මේකෙන් ඇතිවුණු ආතතියෙන් තමයි එයා පළමු වරට She-Hulk බවට පත්වෙන්නේ. She-Hulk වෙලා මෙයාලව පන්නගෙන යන ජෙනිෆර් ඊටපස්සේ මෙයාලව අල්ලලා පොලීසියට බාර දෙනවා. ඉතින් මෙන්නෙ මේක තමයි මෙයාගේ කොමික් ඔරිජින් එක විදියට සැලකෙන්නේ.
කොහොම වුණත් මාවල් එක එයාලගේ කොමික් චරිත MCU එකට ගන්නකොට පොඩි පොඩි වෙනස්කම්වලට භාජනය කරන බව හැමෝම දන්නවනේ. ඉතින් එයාලා තීරණය කරලා තියෙනවා ජෙන්ගේ ඔරිජින් එකත් පොඩ්ඩක් වෙනස් කරන්න. මේකෙදී ජෙන්ට ලේ ගන්න ඕන වෙන්නේ මාෆියා කල්ලියක් වෙඩි තියලා නෙමෙයි, එයා සහ බෲස් විනෝද ගමනක් ගිහින් ඉන්නකොට හදිසියේම කඩාපාත් වෙන සකාර්වල යානයක හැපෙන්න ගිහිල්ලා වෙන අනතුරක් නිසා. මාවල්ලා මේක කරන්නේ හල්ක්ගේ World War Hulk කියන කතාව MCU එකට ගේන්න වෙන්නත් පුළුවන්. කොහොම හරි, ඕක තමයි එයාගේ MCU ඔරිජින් එක.
එහෙනම් අද කතාව රසවිඳින්න. අනෙක් එපිසෝඩ්වල උපසිරසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු. පීස් ✌️.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
4,945 downloadsDownload She-Hulk-Attorney-at-Law-S01-E01.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #Benedict Wong
- #Charlie Cox
- #Ginger Gonzaga
- #Griffin Matthews
- #Jameela Jamil
- #Jon Bass
- #Josh Segarra
- #Mark Linn-Baker
- #Mark Ruffalo
- #Marvel
- #Marvel Cinematic Universe
- #MCU
- #Megan Thee Stallion
- #Patti Harrison
- #Renée Elise Goldsberry
- #Rhys Coiro
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tatiana Maslany
- #Tess Malis Kincaid
- #Tim Roth
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
13 comments
Ravindu_Heshan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
විමා
තනි මාවල් පිස්සෙක් වගේ මලයා...
සබට තුති මලේ..
හොඳ හෝ නරක වේවා බලලම එපයි දැනගන්න :)Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
uuuuuu
elaaaaaaaaaaa
Anonymous
බොහොම ස්තුතියි. දිගටම කරගෙන යමු.ජය....❤
Sahan Gayantha
thanks a lot saho suub ekata
එල්. සී. දමැල්
මරු ආ ගොඩක් සතුටුයි මල්ලි මේ සීරිස් එක කරන එක ගැන. :)
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement


බොහොම ස්තූති මල්ලි මේ සීරියස් එකේ සබ් එක ගෙනවාට