ආයුබෝවන් හැමෝටම! අද මම මේ අරගෙන එන්නේ මම පෞද්ගලිකව මාරම ආසාවෙන් බලන, වෙනමම ලෙවල් එකක ‘වයිබ්’ එකක් තියෙන සුපිරිම Silo කතාමාලාවේ ඊළඟ පරිච්ඡේදය. ඔයාලා දන්නවා ඇතිනේ Silo පළවෙනි සහ දෙවෙනි සීසන් වලට උපසිරැසි අරගෙන ආවේ අපේ වෙනත් සහෝදරවරු දෙන්නෙක්. හැබැයි මේ සැරේ, ඒ කියන්නේ මේ පටන් ගන්න යන Season 3 ඉඳන් මේ…

ආයුබෝවන් හැමෝටම! අද මම මේ අරගෙන එන්නේ මම පෞද්ගලිකව මාරම ආසාවෙන් බලන, වෙනමම ලෙවල් එකක ‘වයිබ්’ එකක් තියෙන සුපිරිම Silo කතාමාලාවේ ඊළඟ පරිච්ඡේදය.

ඔයාලා දන්නවා ඇතිනේ Silo පළවෙනි සහ දෙවෙනි සීසන් වලට උපසිරැසි අරගෙන ආවේ අපේ වෙනත් සහෝදරවරු දෙන්නෙක්. හැබැයි මේ සැරේ, ඒ කියන්නේ මේ පටන් ගන්න යන Season 3 ඉඳන් මේ කතාවේ සුක්කානම අතට ගන්නේ මම. මේ වගේ මම හදවතින්ම ආදරේ කරන කතාමාලාවකට සබ් කරන්න ලැබුණු එක ගැන මට තියෙන්නේ ලොකු සතුටක් වගේම… සතුටක් තමයි ;(

සීසන් 3 ගැන පොඩි ඉඟියක් දුන්නොත්…

මේ අලුත් සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. සීසන් 3 කියන්නේ අපි මෙතෙක් දැකපු හැමදේම කණපිට ගහන සීසන් එකක් වෙන්නයි යන්නේ. අපේ ජුලියට් දැන් දන්නවා මේ ලෝකේ තියෙන්නේ අපේ මේ එක Silo එකක් විතරක් නෙවෙයි, තවත් Silo ගණනාවක් තියෙනවා කියලා. ඒ වගේම බර්නාඩ් ඇතුළු මේවා පාලනය කරන ඉහළ පෙළේ අර නොපෙනෙන “මහ බලවතුන්” (The Powers That Be) කවුද? එයාලගේ ඇත්තම අරමුණ මොකක්ද? කියන එක මේ සීසන් එකේදී එළියට එන්න නියමිතයි.

හියු හවීගේ පොත් මාලාවට අනුව නම්, තුන්වෙනි කතාසමයේදී මේ Silo ජාලයේ ඇත්තම ඉතිහාසය, අර ‘කලින් තිබුණු ලෝකෙට’ (Before Times) ඇත්තටම මොකද වුණේ, ඒ වගේම අර අන්තිමට පෙන්නපු Pez Dispenser (සීනී බෝල රදවනයක තියන පෙන් එක) එකේ රහස මොකක්ද සහ ජුලියට් කොහොමද මේ මුළු සිස්ටම් එකම තනියම අභියෝගයට ලක් කරන්නේ කියන එක අපිට බලාගන්න පුළුවන් වෙයි. කෙටියෙන්ම කිව්වොත් මේක මාරම කතාසමයක් වෙයි!

ටීවී සීරීස් එකේ කතාව යන්නේ පොත් පල කරපු පිළිවෙලටම නෙවෙයි. සීරීස් එකේදී පළවෙනි පොතේ (Wool) සිදුවීම් යන අතරතුරේදීම, දෙවැනි පොතේ (Shift) එන සමහර පසුබිම් රහස් (Flashbacks) කලින්ම ටික ටික ප්‍රේක්ෂකයාට පෙන්නන්න අධ්‍යක්ෂවරු බලාගන්නවා.

ඉතින්, අලුත් සීසන් එකේ පළවෙනි එපිය බලන්න කලින්, අපි පොඩ්ඩක් මතක් කරගන්න එපැයි දෙවෙනි සීසන් එකේ අන්තිමට මොකද වුණේ කියලා. මොකද Season 2 අන්තිම එපිසෝඩ් එක (Episode 10) ඒ තරමටම කුතුහලයෙන් පිරුණු, ප්‍රශ්න ගොඩක් ඉතුරු කරපු එපිසෝඩ් එකක්නේ.

අන්න ඒ නිසා, සීසන් 3 එකට ලෑස්ති වෙන ගමන්, අපි දැන් බලමු දෙවෙනි කතාසමයේ අවසාන කොටසේ වුණු දේවල් ටික ආයෙමත් මතක් කරගන්න පුළුවන් පොඩි මතකාවර්ජනයක්. එහෙනම් හැමෝම මේක කියවලා මතකය අලුත් කරගෙනම ඉමු.

Silo Season 2 – Episode 10

Silo දෙවෙනි කතාසමයේ 10 වෙනි කොටස පටන් ගන්නේ ලූකස් කියපු දේවල් ගැන ෂර්ලි, පීට් සහ නොක්ස්ට කියන තැනින්. ජුලියට් තාමත් ජීවතුන් අතර ඉන්නවා වෙන්න පුළුවන් කියලා දැනගත්තම පීට් ගොඩක් පුදුම වෙනවා වගේම, මේ බලාපොරොත්තුව එයාලා හැමෝම අතරේ පැතිරිලා යනවා. ඇත්තටම, දැන් තමයි පෙරළා පහර දෙන්න හොඳම වෙලාව කියලා එයාලා තීරණය කරනවා. මේ අතරේ ලූකස් උමග දිගේ ඉස්සරහට ගිහින්, දිග ඉණිමඟක් දිගේ උඩට නැගලා ආපහු යාන්ත්‍රික අංශයට එනවා.

අනිත් Silo එකේ, ජුලියට් එන්නේ ජිමීගේ කාමරෙන් එයාට හම්බවුණු අලුත් ඇඳුම ගන්න. ජිමී ගොඩ කාලෙකින් එහෙට ගිහින් තිබුණේ නැති නිසා මිනිහට පරණ මතකයන් ආයෙමත් මතක් වෙනවා. ඒ කාලේ, ඒ කියන්නේ කැරැල්ලට කලින් තිබුණු අන්තිම දවස මිනිහට සාමාන්‍ය දවසක් වුණත්, ජිමීගේ අම්මටයි තාත්තටයි දෙන්නටම මේ වගේ ඇඳුම් තිබිලා තියෙනවා.

අම්මාගේ ඇඳුමට මොකද වුණේ කියලා ජිමී හරියටම දන්නේ නෑ, ඒත් දැන් මිනිහට ඕනේ ඉතුරු වෙලා තියෙන දේවල් එක්ක තමන්ගේ මතකයන් උපරිමයෙන් විඳින්න. කොහොම වුණත් මිනිහට මේසේ උඩ තිබිලා “ආරක්ෂිත ක්‍රියාපටිපාටිය” කියලා ලියපු සටහනක් හම්බවෙනවා. මෙයාලගේ Silo එක බේරගන්න තියෙන එකම විදිය මේක වෙන්න පුළුවන් නිසා, මේක අනිවාර්යයෙන්ම ජුලියට්ට පෙන්නන්න ඕනේ කියලා මිනිහා තීරණය කරනවා.

ජිමී ජුලියට්ට කියනවා මේ හදිසි ආරක්ෂක විධානයන් ගැන හොයලා බලන්න, ඒකේ එයාලගේ Silo එක බේරගන්න ඕන කරන දේවල් තියෙන්න පුළුවන් කියලා. පේන විදියට එළිය ආයෙමත් ආරක්ෂිත කරන්න මෙයාලා මොකක් හරි දෙයක් කරලා තියෙනවා. මේක සම්බන්ධ වෙන්නේ 14 වෙනි ලෙවල් එකේ ඉඳන් එළියටම යන බටයකට. මේක තමයි හැමදේටම විසඳුම වෙන්න පුළුවන්.

ආපහු අපේ Silo එකට ආවොත්, ෂර්ලි, පෝල්, නොක්ස් ඇතුළු අනිත් කැරලිකරුවන් එකතු වෙලා එයාලගේ අලුත්ම සැලසුම ගැන කතා කරනවා. තත්වය එයාලට වාසිදායක නැති වුණත්, සම්පත් ඉවර වෙමින් තියෙන නිසා මෙයාලට සටන් කරන්නම වෙනවා. හැබැයි මේ හැමදේම වෙන්නේ ඊළඟ පැය ඇතුළත.

මෙයාලගේ සැලසුම තමයි ජෙනරේටර් එක පුපුරුවා හරින්න තව කණ්ඩායමක් වැඩ කරන අතරතුර, කැරලිකරුවෝ පැය 3කට හරි රඳවාගන්න සටනක් පටන් ගන්න එක. හැබැයි බර්නාඩ් මේ ඔක්කොම බලාගෙන ඉන්න නිසා, එයාලව අහු වෙලා ඉවරයි කියලා හිතන නිසා මේ සැලසුම අනිවාර්යයෙන්ම අසාර්ථක වෙන බව පැහැදිලියි.

කැරලිකරුවෝ කඩාගෙන පැනලා බැරියර් එක පන්නනවත් එක්කම ලොකු සටනක් ඇතිවෙනවා. පෝල් බිලින්ග්ස්, කෙනඩි ඇතුළු කැරලිකරුවන්ව වහාම අත්අඩංගුවට ගන්නවා. මෙයාලා සටන් කරන්න උපරිම උත්සාහ කළත් වැඩක් වෙන්නේ නෑ, මෙයාලව පඩිපෙළ දිගේ උඩට අරගෙන යනවා.

බර්නාඩ් Silo එක දැන් ආරක්ෂිතයි කියලා හිතලා රේඩියෝ සන්නිවේදනය යථා තත්වයට පත් කරන්න ඉඩ දෙනවා. හැබැයි එළියේ නිදහසේ ඉන්න කැමිල් සහ සිම්ස් නිසා දේවල් වෙනස් වෙන්න පුළුවන්. කොහොමහරි මේ කලබලේ අස්සේ උඩට යන්න උත්සාහ කළත් ලූකස්වත් අල්ලගන්නවා.

මාර්තා තමන්ව බේරගන්න එයාලා හැමෝවම පාවා දුන්නා කියලා දැනගත්තම කාර්ලාට ලොකු පිළිකුලක් ඇතිවෙනවා. ගෑනි මාර්තා එක්ක යන්න ප්‍රතික්ෂේප කරනවා වගේම බර්නාඩ් තමන්වත් Clean කරන්න (එළියට) යවයි කියලා බලාපොරොත්තු වෙනවා. අනිත් හැමෝවම අත්අඩංගුවට අරගෙන හිරේ දානවා.

ජෙනරේටර් එකේ බෝම්බ අටවලා තියෙන එක හොයාගෙන සතුටින් ඉන්න බර්නාඩ් එක්ක මාර්තා කතා කරනවා. මාර්තා කියනවා එයා බර්නාඩ්ව මෙහෙට ගෙනාවේ ජෙනරේටර් එක ගැන කතා කරන්න කියලා. බර්නාඩ්ගේ අවධානය වෙනතකට යොමු වෙලා තියෙන වෙලාවේ මිනිහට තේරෙනවා මාර්තා මේ හැමවෙලේම අත් සංඥා හරහා හෑන්ක් සහ අනිත් අය එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා. මේකෙන් බර්නාඩ් හොඳටම කම්පනයට පත් වෙනවා.

පීට්, හෑන්ක්ට තුවාල වෙලා කියලා බොරුවට පෙන්වලා මිනිහව පඩිපෙළ දිගේ උඩට ගේනවා. හැබැයි ඇත්තටම හෑන්ක්ට කිසිම අමාරුවක් නෑ. මිනිහව ගේන ස්ට්‍රෙචර් එකේ තියෙන්නේ මෙයාලගේ සැලසුමේ ඊළඟ පියවරට ඕන කරන දේවල්… ඒ කියන්නේ මේ තැන සම්පූර්ණයෙන්ම පුපුරවලා හරින්න ඕන කරන දේවල්. හැබැයි මෙයාලට එක දෙයක් නැතිවෙලා කියලා තේරුණාම දෙන්නම ගොඩක් කලබල වෙනවා, ඒ තමයි “ටයිමර් එක.

යට ඉඳන් කවුරුවත් එන්නේ නැති නිසා, කලින් කලබලේ අස්සේ ටයිමර් එක වැටිලා ගියා කියලා අපිට පේනවා. පීට් තීරණය කරනවා තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්න. මිනිහා තමන්ගේ අත්ඔරලෝසුව ජුලියට්ට දෙන්න කියලා දීලා, “මගේ දුව ඉන්න විදියටම එයා හරිම පරිපූර්ණයි” කියන පණිවිඩයත් එක්ක ඊළඟ පියවර තියන්න තීරණය කරනවා.

පැනලා යන්න වෙලාව හදාගන්න ටයිමර් එකක් නැති නිසා පීට් වයර් දෙක එකට අමුණලා පඩිපෙළ ගාව මහා පිපිරීමක් කරනවා.

ජුලියට්ට අනිත් Silo එකේ ඉඳන් මේ පිපිරෙන සද්දේ ඇහෙනවා. කෙල්ල අධිකරණ ශාලාවේ දොර ගාවම හිටියත් තමන්ට වෙලාව මදි කියලා තේරෙනවා. අපේ Silo එක සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වෙලා. මහල් කීපයක් අතර පඩිපෙළ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් නිසා කැරලිකරුවෝ හැමෝම ඒ කොටසට යටවෙලා හිරවෙනවා.

ෂෙරිෆ් අංශයම කැරලිකරුවන් එක්ක එකතු වෙලා වැඩ කරන නිසා බර්නාඩ් කලබල වෙලා ඉතුරු වෙලා ඉන්න සෙබළුන්ට IT එක ආරක්ෂා කරන්න කියලා අණ කරනවා. මේ අතරේ මිනිහට ලූකස්ව මුණගැහෙනවා. ලූකස් අර කේතය (code එක) විසඳලා තියෙන්නේ. ඒ වගේම ඒ ගැන අනිත් අය දැනගත්තොත් එයාලා ඔක්කොම මරණයට පත්වෙන බව මිනිහා දන්නවා.

හේතුව මොකක් වුණත්, කේතය විසඳපු නිසයි මීඩෝස් සහ දැන් ලූකස් බර්නාඩ්ගේ ‘Shadow’ තනතුරෙන් අයින් වෙලා තියෙන්නේ. බර්නාඩ් මේ හැමදේම අතහැරලා දාලා යන්න තීරණය කරනවා, කේතය සහ Silo එකේ යතුරු ලූකස්ට දෙනවා. හැමදේම ඉවරයි කියලා තේරුම් ගන්න බර්නාඩ් තමන්ගේ ඇඳුමත් අරගෙන භෝජනාගාරයට යනවා.

ලූකස් එයාගේ අම්මව බලන්න ගෙදර යනවා. ඒත් එක්කම වගේ සිම්ස් එතනට එනවා. මිනිහා තුවක්කුව දික්කරලා අහනවා බර්නාඩ්ට ඔක්කොම අතහරින්න තරම් ලූකස් මොනවද කිව්වේ කියලා. ලූකස් ඒක කියන්නේ නැතුව සිම්ස්ට කියනවා වෙලාව තියෙන වෙලාවේ සුරක්ෂිතාගාරයට ගිහින් “උරුමය” (legacy) බලන්න කියලා.

හැබැයි ඒ වෙද්දි ටිකක් පරක්කු වැඩියි වගේ. මොකද බර්නාඩ් නිහඬවම අධිකරණ ශාලාවට ඇවිත් අහසට වෙඩි තියලා එක ගාඩ් කෙනෙක් ඇරෙන්න අනිත් හැමෝටම එළියට යන්න කියනවා.

මේ අතරේ අනිත් Silo එකේ ජුලියට් එතන ඉන්න අයට කියනවා හැමෝම එකට වැඩ කරන්න ඕනේ නැත්තම් හැමදේම විනාශ වෙලා යයි කියලා. ඒත් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා – ජිමී එතන නෑ. මුලින්ම හිතන්නේ මිනිහා ඇඳුමත් අරන් පැනලා ගිහින් කියලා. ඒත් ඇත්තටම මිනිහා ඒකේ ආරක්ෂාව (airtight ද කියලා) බලන්න වතුර යටට ගිහින්.

ආපහු එනවා කියලා පොරොන්දු වෙන්න බැරි නිසා ජුලියට් හැමෝවම වැළඳගෙන සමුදෙනවා.

අපේ Silo එකේ කෙනඩිගේ මූලිකත්වයෙන් කැරලිකරුවන් Silo එකෙන් එළියට යන්න උඩට යනවා. ඒක සම්පූර්ණ අවුල් ජාලයක්. පෝල් තත්වය පාලනය කරන්න හැදුවත් කවුරුවත් අහන්නේ නෑ. මෙයාලට ඕනේ බර්නාඩ්ව මරන්න. ඒත් මෙයාලා ඇතුළට කඩාගෙන පනින්න කලින් මොනිටරේ දකින දෙයකින් පුදුම වෙනවා. ඒ ජුලියට්! කෙල්ල කන්ද උඩින් ඇවිත් කැමරා කාචය පිහදානවා.

හැමදේම අතහැරලා දාපු බර්නාඩ් ඔක්කොම දාලා යන්නයි ලෑස්ති වෙන්නේ. ඒත් ජුලියට් කැමරාවට අල්ලනවා “ආරක්ෂිත නෑ, එළියට එන්න එපා” (not safe, do not come outside) කියලා ලියපු රෙදි කෑල්ලක්. මුලින් අලවංගුවකින් සුරක්ෂිතාගාරය අරින්න බැරි වුණත්, පස්සේ දොර ඇරෙනවා, ජුලියට් ආපහු ඇතුළට එනවා.

ජුලියට්ට දොර අරින්නේ බර්නාඩ්. ජුලියට් කියනවා තමන් හදන්නේ මිනිස්සු ආපහු Silo එකට එන එක නවත්වන්න කියලා. බර්නාඩ් කියනවා තමන්ට දැන් හැමදේම එපා වෙලා තියෙන්නේ, ඕනම වෙලාවක සුරක්ෂිතාගාරයට විෂ වායුවක් මුදාහරින්න පුළුවන්, මේ ආරක්ෂිත ක්‍රියාපටිපාටිය සම්පූර්ණ බොරුවක්, තමන්ට මේ සිස්ටම් එක ගැන තියෙන විශ්වාසය නැතිවෙලා ගියා කියලා. මහ බලවතුන්ට (Powers That Be) ඕනම වෙලාවක මෙයාලව මරලා දාන්න පුළුවන්. ඒත් ජුලියට් හැමෝවම බේරගන්න පුළුවන් විදියේ දෙයක් හොයාගෙන තියෙනවා.

ජුලියට් ආපහු ඇතුළට එනකොටම වගේ, සිම්ස් සුරක්ෂිතාගාරය ගාවට එනවා Silo එක බේරගන්න හිතාගෙන. හැබැයි එයාටයි පුතාටයි යන්න වෙනවා – ඒත් කැමිල්ට ඉන්න පුළුවන් වෙනවා.

Silo දෙවන කතාසමය ඉවර වෙන විදිය,

වෙනත් තැනක ජුලියට් සහ බර්නාඩ් ඉන්නේ දැවෙන උදුනක් ඇතුළේ. කාමරේ රත් වේගෙන එනවා. මෙයාලා දෙන්නා බේරෙනවද කියලා අපිට පෙන්නන්නේ නෑ.

ඊටපස්සේ අපිව අරන් යන්නේ වැහිබර දවසක තියෙන වොෂින්ටන් DC වලට. නිලධාරියෙක් හෙලන්ව බලන්න එනවා. මෙයාලා කතා කරන්නේ “ඒක වෙනකොට” එයාලා කොහෙද හිටියේ කියලා. මේක වෙනත් ඉතිහාසයක් (alt-historical setting) වගේ. ඇමරිකාවේ සමහර කොටස් වලට අපිරිසිදු බෝම්බයක් දාලා ඒක මුඩුබිමක් කරලා තියෙනවා.

හෙලන් ඇවිත් ඉන්නේ කොංග්‍රස් සභිකයෙක් එක්ක මේ බෝම්බය ගැන කතා කරන්න. ඇමරිකාවට ඇත්තටම පහර දුන්නේ ඉරානයෙන්ද කියලා එයාගේ ලොක්කන්ගෙන් අහලා දැනගන්න කියලා හෙලන් කියනවා. ඒත් මිනිහා මුකුත් නොකියා යන්න යනවා.

මිනිහා දීපු පැකේජ් එකේ තියෙන්නේ මොකක්ද? ඒක ”Pez Dispenser” එක (අර පෙන් එක). ජෝර්ජ් විල්කින්ස් ජුලියට්ට දුන්න එකම වෙන්නත් පුළුවන්. මේ පේන්නේ අතීතය වෙන්න ඇති නේද? (Before Times)

මේ එපිසෝඩ් එක ගැන අපි බැලුවොත්,

Silo කතාමාලාවේ අවසානය ඇත්තටම කම්පනයක් ගෙන දෙනවා වගේම ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි ප්‍රශ්න ගොඩක් ඉතුරු කරනවා. Apple සමාගම මේ වෙනකොටම තවත් කතාසමයක් අනුමත කරලා තියෙනවා කියලා අපි දන්නවා. මේ Silos ඔක්කොම පාලනය කරන්නේ, ඕනම වෙලාවක ඒවා විනාශ කරන්න පුළුවන් උත්තරීතර බලවේගයකින් කියන එක ඇත්තටම පුදුම හිතෙන හෙළිදරව්වක්. ඒ වගේම බර්නාඩ් සහ ලූකස් බලාපොරොත්තු අතහැරලා දාපු එක කොච්චර සාධාරණයිද කියලා දැන් තේරෙනවා.

හැබැයි සිම්ස්ට වඩා කැමිල්ට මේ රහස් දැනගන්න අවසර ලැබුණේ ඇයි කියන එක කුතුහලයක්. සිම්ස් අනිත් කැරලිකරුවන්ට සහ නිදහස් මතධාරීන්ට වඩා මේ Silos වැඩ කරන විදිය ගැන ගොඩක් විශ්වාස කරපු කෙනෙක් නිසාවෙන්න ඇති එහෙම වුණේ.

දැන් ජුලියට් ආපහු Silo එකට ඇවිත් ඉන්න නිසා කෙල්ල නිකන්ම මැරෙන්නේ නැති බව පැහැදිලියි. හැබැයි මෙයාගේ වචන නිසා ලොකු කැරැල්ලක් ඇතිවෙන එක නම් නැවතුණා කියලත් කියන්න පුළුවන්.

කොහොමහරි, මේ හැමදෙයින්ම තමයි මේ 3 වෙනි කතාසමයට ලොකු පාරක් කැපුනේ. ඉතින් මේ සීසන් ඒකත් අනිවාර්යයෙන්ම මාරම ත්‍රාසජනක, කුතු… අපෝ කුතුහලය නම් එපා! ත්‍රාසජනක අත්දැකීමක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,833 downloadsDownload Silo-S03E01.zip28 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Previous BT1

Subtitles by

UD Shehan

Subtitles

1,833 downloadsDownload Subtitles28 KB

5 comments

  1. sineth madushan

    sub ekata thank you

  2. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ මේකේ තුන්වෙනි සිරිස්එකටත් සිංහල සබ් දෙන්න පටං ගත්තට

  3. Kevin D...

    Thank You !

  4. Sandaru Nimsara

    Thanks

  5. Anonymous

    patta bro