කොහොමද කට්ටියට ඉතින්. ඔන්න තවත් අළුත්ම කතාවක් අරගෙන තමයි මේ ගොඩවදින්නෙ. මුලින්ම මට මේක කරන්න බාරදුන්න සමන් ප්‍රසාද් සහෝට ස්තූතියි කියලා කියන්න ඕන. ඉතින් කතාවෙ මුල් කොටස් දෙකම එක වර නිකුත් වුන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඒ වුනත් දෙවන කොටසෙ ටොරන්ට් පිටපතක් තාම නිකුත්වෙලා නැ. මං හිතන්නෙ තුන්වෙනි කොටස පෙ…

කොහොමද කට්ටියට ඉතින්. ඔන්න තවත් අළුත්ම කතාවක් අරගෙන තමයි මේ ගොඩවදින්නෙ. මුලින්ම මට මේක කරන්න බාරදුන්න සමන් ප්‍රසාද් සහෝට ස්තූතියි කියලා කියන්න ඕන. ඉතින් කතාවෙ මුල් කොටස් දෙකම එක වර නිකුත් වුන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඒ වුනත් දෙවන කොටසෙ ටොරන්ට් පිටපතක් තාම නිකුත්වෙලා නැ. මං හිතන්නෙ තුන්වෙනි කොටස පෙබරවාරි පලවෙනිදා එන නිසා දෙවනි කොටස ලබන සතියෙ එලියට දායි කියලා. තව කියන්න ඕන මම ලිපි ලියන්න දක්ෂයෙක් නෙවෙයි. ඒ නිසා ලිපිය ගැන වැඩිය හිතන්න එපා.
හරි කතාව පදනම් වෙලා තියෙන්නෙ සීල් බට පිරිසක් වටා. මොවුන් වසර දෙකකට කලින් එක්තරා ගමක මෙහෙයුමක් දියත් කරනවා මුටාකි කියලා ත්‍රස්තවාදියෙක්ව අල්ල ගන්න. මේ කණ්ඩායමේ නායකය තමයි රිප් කියන්නෙ. ඉතින් මේ මෙහෙයුම සිද්ද වෙන්නෙ රාත්‍රි කාලයෙ. කොහොමවුනත් මේ අය ඒ ගමට ගිහින් හිටපු ත්‍රස්තවාදීන්ට පහර දුන්නත් මුටාකි එතන ඉදලා නැ. ඒත් මෙයාලා පැනලා යන දෙන්නෙක් අල්ල ගන්නවා. රිප් දෙපාරක් බලන් නැතුව එකෙකුට වෙඩි තියනවා.
ඉතින් ඔය සිද්දිය නිසා රිප් සීල් කණ්ඩායමෙන් අයින්වෙලා පෞද්ගලික ආරක්ෂක සේවයක වැඩ කරන්න ගන්නවා. මෙයාලා දවසක් අප්‍රිකාවෙ පාසලක් හදන්න ඉඩමක් මනින තැනක ආරක්ෂාවට ඉද්දි එතනට පහරදීමක් එල්ල වෙනවා. එතනදි රිප් වගේම ඒ පාසලේ ගුරුතුමිය ඇතුළු සියළුම සිසුන් ප්‍රාණ ඇපයට අරගන්නවා. ඉතින් රිප් කියන්නෙ හිටපු සීල් බටයෙක්. ඒ කියන්නෙ එයා දන්න දේවල් බොහෝමයි. ඒත් එක්කම මේ අය මුදවා ගන්න මෙහෙයුමක් දියත් කරන්න සූදානම් කරනවා. ඒක පැවරෙන්නෙ රිප් හිටපු කණ්ඩායමට. ඒ කියන්නෙ මේ මෙහෙයුමට එන්නෙ රිප්ගෙ යාළුවො සෙට් එක.
ඉතින් කතාව කොටස් අටක් පුරාවට ගෙතෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. ඉතින් අපි බලමු රිප්ගෙ යාළුවො එයව බේර ගන්න කොහොම සටනක් දෙයිද කියලා. එහෙනං ඊලග කොටසින් හම්බවෙමු. අදහසක් දක්වන්න අමතක කරන්න එපා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Six.S01E01.WEB-DL.x264-FUM
Six.S01E01.WEB-DL.XviD-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,490 downloadsDownload Six.S01E01.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
59 comments
Ghstish
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි සහෝ
ජය වේවා.
ඊගාව කොටහින් හමුවෙමු ඒනම්...Prasad Randunu
බොහෝම ස්තූතියි මේ කරන කැපකිරීමට සහෝදරයා...
ඔයාලා මේ කරන දේ ඇත්තටම වටිනවා. අපි වෙනුවෙන් අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය කැපකිරීම සම්බන්දයෙන් හදවතින්ම සුභ පතනවා.
උපසිරසියට පිං. නැවත හමුවෙමු. සදා ජය සහෝ...
බුදු සරණයි...!
දිලාන්
බොහොම ස්තුතියි උපසිරැසියට. ඔයාගේ ලිපිය නිසා තමා මට මේ කතාව බලන්න හිතුනේ.
Sachin Kevin
එල්ස්ස්ස්ස්
thilan
මචන් මමත් මේකට සබ හදල යැව්වා ඊයේ නමුත් සබ එක දන්නා පුලුවන්ද බැරිද කියලවත් ප්‍රතිචාරයක් දුන්නේ නැහැ. ඇඩ්මින් තුමාලා අලුත් යට සබ දන්නා දෙන්නේ නැද්ද ???????????
Rasitha Pradeep Somasiri
එහෙම එකක් නැහැ සහෝ.... අපිත් අලුත් අය තමයි....
ඒත් සහෝ ඔයා කතාමාලාවක් හෝ චිත්‍රපටයක් කරන්න කලින් මුලින්ම [email protected] එකට mail එකක් දාල අහල ඉන්න ඒ කරන්න යන එක කවුරුහරි කරන්න බාර අරගෙනද තියෙන්නෙ කියල. මොකද එහෙම බාර අරගෙන නම් ඔයාගෙ මහන්සියයි, කලයයි දෙකම අපරාදෙ.අසිත
ඔව් ඔව් අධෛර්මත් වෙන්න එපා.මොකක් හරි මගහැරුන දෙයක් ඇති.
නැතුව එහෙම දේවල් සිද්ධ වෙන්නේ නෑ.
ආයේ උත්සාහ කරන්න සහෝ.
අපිත් අලුත්.අපිට එහෙම උනේ නෑ...thilan
ඔව් අපරාදෙනේන්නම් එවුනට මම ඇහුව කිසිම ප්‍රතිචාරයක් නැහැ දවස් දෙකක් ගිහිල්ලත්.පස්සේ කොයිකටත් කියල සබ් එක හදල යැව්වා එත් නැහැ ප්‍රතිචාරයක් අඩුම ගානේ බාරගෙන කියලවත් කිව්වේ නැහැ.
Thilan
වැඩක් නෑ සහෝ යවන්න පුළුවන් උපරිමේටම යැව්වා තවමත් කිසිම එකක් කියල එවල නැහැ මම යවන්න කියල තියෙන විදිහට mailඑක යැව්වා. අඩුම ගානේ කෙනෙක් බාරගෙන කියලවත් කියන්න එපැයි. කව්රු හරි සබ දෙන එකට සතුටුයි........
මධුකප්‍රිය පෙරේරා
සාමාන්‍යයෙන්නම් එහෙම කරන්නේ නැහැ.එක්කෝ මේල් එක නොදැක ඇති නැත්නම් ඔයා හරි විදිහට මේල් එක යවලා නැතුව ඇති. යවද්දී SUBJECT එකට ටීවී සීරිස් එකේ නම දැම්මද ? එහෙම අවුලක් මිසක් ඇඩ්මින්ලා නවකයන්ට තැන නොදී ඉන්නේ නැහැ කවමදාවත්. මොකද ඒ අය වගේම අපිත් පටන්ගත්තේ අලුත් අය විදිහට තමා සහෝ.ඒවගේම සහෝ ප්‍රතිචාරයක් ලැබෙනකම් කවදාවත් උපසිරසියක් කරන්න ගන්න එපා. ඔයා බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙන්න ආසනම් මුලින්ම සිනමාපටයක් දෙකකට උපසිරසි නිර්මාණය කරලා දැම්මානම් නේද වඩා හොද?
ලහිරු ප්‍රසාද්
තිලාන් සහෝ ඔයා මේකට සබ් ඊයෙ මේල් කලාට මම මේල් කලේ සිකුරාදා. අනික තමයි මම මේක වෙන් කර ගත්තෙ මාසෙකට විතර කලින්. ඉතින් ඔයා සබ් එක අහන්නෙ නැතිව කලාට මට කරන්න දෙයක් නැ. මොකද අපි සබ් කරන හැමෝම ඇඩ්මින්ලගෙන් අහලා දැන ගන්නවා අපි ඉල්ලන ෆිල්ම් එක වේවා ටිවි සිරියස් එක වේවා කවුරු හරි බාරගෙනද කියලා. ඉතින් වෙන කෙනෙක් ඒක බාරගෙනන්ම් ඔයාට ඒක ලැබෙන්නෙ නැ. ඉතින් ඔයාගෙ මේල් වලට රිප්ලයි ආවෙ නැ කියලා හිතුමතේට සබ් කරලා එවන්න එපා.
ඉස්සරලා අහලා වෙන් කරගන්න ඕන. එහෙමයි අපි හැමෝම කරන්නෙ.
ඉතින් මම මාසෙකට කලින් වෙන් කරගත්තු එකක් ඔයාට දෙන්න බෑනෙ.ඔයා වෙන එකක් අහලා ආයි මේල් එකක් දාන්න. රිප්ලයි එන්න ටිකක් පමා වුනොත් ආයි අහලා බලන්න. මේල් දාපු සැනින් රිප්ලයි එන්නෙ නම් නැ සහෝ.
අනික අළුත් අයට තැන නොදි ඉන්නෙ නැ. ඒනිසා තරහක් තියාගන්න එපා.Devaka Sadaruwan
එහෙම දෙයක් නම් කොහොමවත් වෙන්න හේතුවක් නැ කියලා හිතනවා. එහෙම දෙයක් වෙලා නම් සබ් එක කරන්න පටන් ගන්න කලින් තහවුරැ කිරිම අරගෙන කරන එක වටිනවා.
සබ් එකක් කරන්න කන කටිට දන්න නිසා එක තේරෙනවාNüwäñthå Dúlån
කතාවේ බාගයක් බැලුවා ආපු දවසෙම. දැන් ඉතුරු ටික බලනවා සබ එක්ක.
එලකිරි ඈ. බොහොම ස්තූතියි සහෝ!!!Nüwäñthå Dúlån
සමාවෙන්න කොමෙන්ට් එක වැරදි තැනට වැටිලා තියෙන්නේ. Thilan සහෝ, බයිස්කෝප් ඇඩ්මින්ලා එහෙම කාටවත් තෝරලා බේරලා උදව් කරන්නේ නෑ. කාටත් එක විදියට සලකනවා. අලුත් අයට හැමවෙලේම අවස්ථාවක් දෙන්න බලන්නේ. අනිවාරෙන් මොකක්හරි මඟහැරීමක් වෙන්න ඇති. ඔයාගේ මහන්සියත් ගොඩාක් අගය කරනවා. ඊලඟට සබ් කරද්දි එයාලගෙන් තහවුරු කිරීමක් ලැබුනාම කරන්න. සම්බන්ධ කරගන්න අපහසුම නම් FB එකෙන් හරි සම්බන්ධ කරගන්න බලන්න. ජය!!!
සමන් ප්‍රසාද්
ඔයාට වෙලා තියෙන දේ ගැන මුළින්ම කනගාටුව ප්‍රකාශ කරනවා. මෙහෙමයි සහෝ. අපිට සාමාන්‍යයෙන් දවසට මේල් හුඟ ප්‍රමාණයක් ලැබෙනවා. දළ වශයෙන් 50ක් වගේ. ඒ නිසා ඔයාගෙ මේල් මිස් වෙන්න හරි මේල් එකට රිප්ලයි ප්‍රමාද වෙන්න හරි පුළුවන් අපේ අතින්. අනික ඊයෙ පෙරේදා ඇඩ්මින්ලට පොඩි වැඩ වගයකුත් වැටුන නිසා මේල්න් චෙක් කරන්නත් බැරි වුණා. ඒ නිසා මං හිතන්නෙ මගේ මේල් 150ක් වගේ ගානක් එකතු වෙලා තිබුණා. ඒ කොහොම වුණත් අපි රිප්ලයි එකක් දානකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. මේ සබ් කරන හැමෝම එහෙමයි. සමහර අය එක ෆිල්ම් එකක් ගන්න මේල් 5,6 දාපු අවස්ථා තියෙනවා. ඒ කරලත් අන්තිමට ඒක ඒ වෙනකොට වෙන කෙනෙක් අරගත්ත අවස්ථාත් තියෙනවා. ලහිරු සහෝදරයා ඒ අත්දැකීම හොඳටම දන්නවා. ඉතින් අපෙන් අහලා අපි රිප්ලයි කළේ නැති පළියට එක පාරට සබ් එක කරලා එවන්න එපා. මේ වගේ දේවල් වෙන නිසාම තමයි අපි රිප්ලයි කරනකම් ඉන්න කියන්නෙ. ඇත්තටම ඔයාගෙ මහන්සිය ගැන කණගාටුයි සහෝ. අපි ඉස්සරහටවත් ඒ විදිහට නොකර ඉන්න බලමු සහෝ.
udaya madusanka
machan mata podk one... udauwa one ...me katawe torrent link awanawada? plz machan.. [email protected]
ලහිරු ප්‍රසාද්
ඔයාගෙ ඊ මේල් ලිපිනයෙ මොකක්හරි අවුලක් තියෙනවා මචන්.
මේල් එක එවන්න බැ. හරියට බලලා දාන්න.
Sisila Prasad
දෙනකම් බලාගෙන ඉඳපු කතාවක්.
බොහොමත්ම ස්තුතියි සහෝ.
ජයවේවා!!!Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
taksala
thanks bro.............
Rajitha
Thanks machan.......jayawewa.....!
chinthaka
thanks so much bro
මධුකප්‍රිය පෙරේරා
මේක බලන්න කියලා උන්න එකක්..
නියමයි ඈ.ට්‍රේලරේනම් හොදට තිබ්බා..
බලමුකෝ කතාව කොහොම වෙයිද කියලා.
බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය.Devaka Sadaruwan
මම හිතු වේ උබ කරයි කියලා ස හෝ්
geeth
උපසිරැසියට බොහොම ස්තූතියි
punsara
affa marune apu gaman deela godak tuti denakam unne
අසිත
elama saho thanks
Bobby
බොහෝම ස්තුතියි ලහිරැ ඔයාලාගේ කැපවීම හා මහන්සියට අප වෙනුවෙන් කරන සේවයට
kawinda gayashan
Thanks for sub
This sub matching copy direct link
tvmansala.com
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!1thisal
සබ් දෙන්න ගත්ත එක මරු , ආපු දවසෙම බාලා බැලුවා සුපිරි කතාවක්
Dasun Pramuditha
Thanks machn
Devaka Sadaruwan
ස්තුතියි සහෝ........
Ravindu Rukshan
ස්තුතියි සහෝ……
Kulanjana Maduranga
niayamai…supiri 1k ne...thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pushpakantha Sadaruwan
thanks bro sub akata
Praneeth
Ela Ela mchnnnn anith ekath ikmanata denn
Danushka Suresh
අපි විනාඩි ගානකින් බාල බලනවා. ලහිරු ප්‍රසාද් පට්ටි මහන්සියක් වෙනවා සබ් හදන්න...
එලකිරි ඈ. බොහොම ස්තූතියි සහෝ!!!mindika
Thanks !!!!!!!!!!!
ටෘ තමන්නා
එල
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ටෘ තමන්නා
Elama
Kalindu Wasuka
සබ් ඒක නියමයි
බොහෝම ස්තුතියිJim Anderson
thaaaanx dr
Nirodha uthpala
Niyamai bro digatama denna labewa keya hadavatinma partana karanava
udi
onna math balanna patan gatta
Lahiru W
Thank you very much for Sinhala subtitle.
Ravin
Thanks for the sub
Rasitha Illangasinghe
Thanks sub ekta
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Kaveen Gayath
Thanks bro
pradeep hashan
thanks for sub
Chathuranga Udayakantha
Thanks........
suranuwan
thanks.........
bunchikrishan
Thnx bro. SWAT Tv series ekth sub denna baridaaaa. Plzzzzz
melinda
thank you
Skythilina
Generation kill series එකටත් සබ් දෙන්නකෝ සහෝ.. ❤❤
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thnx a lot bro keep it up