Watch Trailer

Snowpiercer (2020-) [S01 : E07] Sinhala Subtitles | ලේටන්ගේ නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

ඹයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේව. මේ අරන් එන්නේ ඔයාලා මග බලන් ඉන්න Snowpiercer කතා මාළාවේ හත්වෙනි කොටසට අදාළ උපසිරසයි. ඉතින් සතියක් විතර පරක්කුවෙලා තියෙන්නෙ උපසිරස දෙන්න. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඔයාලා දැනටමත් දන්න විදිහට අපි තුන් දෙනෙක් එකතුවෙලා තමා මේ කතාමාලවට උපසිරසි අරන් එන්නෙ. ඉතින…

ඹයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේව. මේ අරන් එන්නේ ඔයාලා මග බලන් ඉන්න Snowpiercer කතා මාළාවේ හත්වෙනි කොටසට අදාළ උපසිරසයි. ඉතින් සතියක් විතර පරක්කුවෙලා තියෙන්නෙ උපසිරස දෙන්න. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඔයාලා දැනටමත් දන්න විදිහට අපි තුන් දෙනෙක් එකතුවෙලා තමා මේ කතාමාලවට උපසිරසි අරන් එන්නෙ. ඉතින් නොහිතපු විදිහට අප් තුන් දෙනාම කාර්යබහුල උනා. ඒ නිසා මුලින්ම බිම්සර මල්ලිට අදාල හයවෙනි උපසිරස කරගන්න බැරිවුනා ඒක යන්තන් කවිශාල් මල්ලි වගකීම අරගෙන ගොඩ දැම්ම. ඉතින් ඔහුට ඒකට ගොඩක් ස්තූතිවන්තවෙනවා. ඒ වගේම හත්වෙනි උපසිරස මට තමා භාරවෙලා තිබ්බේ. ඉතින් මේ දවස් ටිකේ මට කැම්පස් එකේ විභාග කටයුතු නිසා සෑහෙන කාර්යබහුල උනා.ඉතින් මම හිරාන් එරන්ද මල්ලිත් එක්ක කතා කරලා මේ කොටස ඔහුට බාරදුන්න. ඒත් කොල්ලට මේ පාර එක්සෑම්ලු ඒලෙවල්. ඉතින් වෙබ් අඩවියේ ඇඩ්මින්ල විරුද්ධවුන නිසා මටම තමා කරන්න වුනේ. කොහොම හරි කියපු ගමන් හරි අයියේ මම කරල දෙන්නන් කියලා බාරගත්ත හිරාන් මල්ලිට ගොඩක් ස්තූතිවන්තවෙනවා. ඉතින් කොහොමින් කොහොම හරි සතියක් විතර පරක්කුවෙලා අද ඔයාලට හත්වෙනි කොටසේ උපසිරසි ලබා දෙනවා.

පහුගිය කොටසේ කතාවෙන් ඔයාල දකින්න ඇති නඩුවිභාගය කොහොමද වුනේ කියලා. ඒ වගේම ලොකු අනතුරකට පතුවුන ට්‍රේන් එක මෙලනි කොහොමහරි ගොඩ දාගත්ත විදිහත් දකින්න ඇති. ඒ වගේම ඩ්‍රෝවර් එකක් ඇතුලට දාල හිටපු ලේටන්ව ජොසී විසින් බේරගත්ත විදිහත් දකින්න ඇති. අද කොටස ගැන මම වැඩිය කියන්න යන්නේ නෑ මම ඒත් කතාමාලව පටන් ගත්ත දවසේ ඉදන් ප්‍රධාන චරිතයත් එක්ක කරට කර හිටපු චරිතයක් ඉතාමත්ම දුක්ඛ්ත විදිහට අවසන් ගමන් යන විදිහ බලාගන්න පුළුවන් ඔයාලට.

ඉතින් අවසාන වශයෙන් චාමර අයියට ගොඩක් ස්තූතිවන්තවෙන්න ඕන. මොකද සබ් එක පරක්කුවෙද්දී මල්ලි මොකෝ සබ් එක පරක්කු කියල අහලා අපි හැමෝමවම උනන්දු කරල ගත්තට. ඉතින් පොඩ්ඩක් මතක් කරන්න ඕන ඉස්සරහ සබ් ටිකත් පොඩ්ඩක් එහාමෙහාවෙන්න පුළුවන් මොකද කවිශාල්, බිම්සර, මම කියන අපි තුන්දෙනාම පොඩ්ඩක් කාර්යබහුල තත්වෙක ඉන්නෙ. ඒත් කොයිම විදිහකින්වත් කතාමාලාව මග නවතින්න නන් දෙන්නේ නෑ. කොහොම හරි ඉවරයක් වෙනකන්ම ඇදල දෙනවා. ඒ වගකීම දැනටමත් අපි අරන් තියෙන්නෙ. ඉතින් එහෙනන් කතාමාලාවත් එක්කෙ ඍදිල ඉන්න ඔයාල සේරටම ස්තූතියි. සුභ දවසක්…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,432 downloadsDownload Snowpiercer-2020-S01-E07.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මලිත් වීරමුණි

Subtitles

3,432 downloadsDownload Subtitles25 KB

11 comments

  1. ramesh viranga mendis

    Thanks bro...

  2. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  3. Gihan

    Sub ekata Thanks Saho

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Ayesh

    උපසිරසියට ස්තුතියි

  6. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  7. Rasindu Perera

    නියමයි... සබ් එකට තැන්ක්ස්...

  8. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Lahiru Lakshan

    thanks...