Watch Trailer

Snowpiercer (2020-) [S01 : E09] Sinhala Subtitles | කැරැල්ලේ අවසානය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියළුදෙනාට සුභ දවසක් වේවා. ඉතින් ඔන්න අද අරන් එන්නේ Snowpiercer ටෙලි කතා මාලාවේ නව වන කොටසට අදාල සිංහල උපසිරස. ඉතින් හෝම දන්නවා වගේ දැනටම මේක සෑහෙන පරක්කුවෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ෛතින් මේ කොටස බාරව තිබ්බේ අපේ කවිශල් මල්ලිට. ඒත් එයාගේ අම්මගේ ඔපරේශන් එකක්…

බයිස්කෝප්වාසී සියළුදෙනාට සුභ දවසක් වේවා. ඉතින් ඔන්න අද අරන් එන්නේ Snowpiercer ටෙලි කතා මාලාවේ නව වන කොටසට අදාල සිංහල උපසිරස. ඉතින් හෝම දන්නවා වගේ දැනටම මේක සෑහෙන පරක්කුවෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ෛතින් මේ කොටස බාරව තිබ්බේ අපේ කවිශල් මල්ලිට. ඒත් එයාගේ අම්මගේ ඔපරේශන් එකක් නිසා ඔහුට ඒක කරන්න හම්බුනේ නෑ. මොකද තාමත් ඔහු නිවසින් පිටත අම්ම ගාව රැදිල ඉන්න නිසා. ඒ වගේම කොරේ පිටට මරේ වගේ එකවර 9,10 එපි දෙකම රිලීස් වෙලා තියෙනවා. ඉතින් සෑහෙන හිරවිල්ලක් හිරවෙලා ඉන්නේ.

හරි මෙතෙක් කතාව මතක් කරන් ඉමු. ඔයාලට මතක ඇති ලේටන් ටේලීස්ලත් එක්ක ඇවිත් තර්ඩීස්ලත් එක්ක එකතුවෙලා ට්‍රේන් එකේ ඇතුලේ කැරැල්ලක් පටන් ගත්තා. ඉතින් ඒ කැරැල්ල නිසා කෝච්චිය තනිකරම අවුල් ජාලයක් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙලනිගේ රහස හෙළීවුන නිසා දැණ් ට්‍රේන් එක පාලනය කරන්න කට්ටිය ගොඩයි. ඉතින් මෙළනිට මරණ දඩුවම නියමවෙනවා වගේම ලේටන්ගේ කැරළිකාර නඩේටත් සැහෙන තදටම වැදිල ඉන්නෙ. ඉතින් අද කොටසින් බලාගන්න පුළුවන් මෙලනි කැවිල්ගේ මරණ දඩුවම වගේම ලේටන්ගේ කැරැල්ලත් කොහොමද වෙන්න්නෙ කියල. ඒ වගේම මේකෙදි ලේටන් තීරණය කරනවා යටත් වෙන්න. මොකද ග්‍රේ එයාගේ හමුදාවත් එක්ක එකතුවෙලා මුළු කෝච්චියටම ගෑස් ගහන්න යන නිසා. ඉතින් අද කතාව තමා මම හිතන විදිහට මෙතෙක් තිබ්බ එපි වලින් උණුසුම එපිය. ඉතින් කතාව රසවිදින්න කියලා ආරාධනා කරානවා.

ඒ වගේම මතක් කරන්න ඕන. මම කවිශාල් අපි දෙන්න එකතුවෙලා තමා මේ සීරීස් එක කරන්න බාරගත්තේ. ඒ වගේම මේ සීරීස් එකට ඇඩ්මින් මණ්ඩලේ අවසරේ ගත්තෙත් සෑහෙන අමාරුවෙන්. මොකද මේක ඔන්ගොයින් සීරීස් එකක්. ඒ නිසා ඉකමනට ඉකමනට සබ් දෙන්න වෙනවා. ඒත් මේක පටන් ගත්ත දවසේ ඉදල මටයි කවිශල් මල්ලිටයි බාල්දිමයි පෙරලෙන්නේ. මුල් එපි ටික ලස්සනට දවසක් ඇතුලත දීගෙන ආවත් අවසන් එපි ටික සෑහෙන පරක්කු වුනා. ඉතින් ඒ ගැන මුළින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද අපි බාරගත්ත වගකීමෙන් කොහොමටව්ත් පැනලයන්නේ නෑ. ඒත් කරුණාකරලා සබ් එක පරක්කුයි කියල අපේ ඇඩ්මින් මණ්ඩලේට ජාතිය අමතන්න එපා. මොකද එයාලගේ කිසිම වැරැද්දක් නෑ ඒකට. එයාල ඔයාලට දැනටම ලොකු උදව්ව්ක් කරල තියෙන්නෙ මේ කතාව සිංහල උපසිරසි සමග රසවිදින්න අවස්තාව දීමෙන්ම. ඉතින් 10 වෙනි එපියත් තව ටිකක් පරක්කුවෙන්න ඉඩ තියෙනව. හිතට හරි නැත්තන් බනින්නම ඕනෙනන් මට බනින්න ඒකට තමා ඔය පහල කමන්ට් සෙක්ශන් එක තියෙන්නේ… 🙂 ඒවගේම කවිශල් මල්ලිගේ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන්න ඕන. හරි එහෙනන් මම කැපුනා. ඊලග එපිය පුළුවන් ඉක්මනටම අරන් එන්න උත්සහා කරනවා. හැමෝටම ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,497 downloadsDownload Snowpiercer-2020-S01-E09.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,497 downloadsDownload Subtitles24 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ඒ වගේම කවිෂාල් සහෝගේ අම්මාට ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️

  3. prasanga

    thanks...

  4. Malaka prasad

    ස්තූතියි බ්‍රෝ සබ් එකට මේක එනකන් මගබලගෙන ඉන්නෙ.... කවිශල්ගෙ අම්මට ඉක්මන් සුවය ලැබේවා!! ❤

  5. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  6. ashan

    ගොඩාක් ස්තුතියි සහෝ.කවීශල් සහොගේ අම්මට සනීප වෙන්න කිය්ලා ප්‍රාර්ථනා කරනවා..!

  7. Ayesh

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි.උපසිරැසිකරණයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!කවිශල්ගේ මෑණියන්ටට ඉක්මන් සුවය ලැබෙන්න ඕන❤️❤️

  8. Lahiru Lakshan

    thanks....

  9. Anonymous

    Ftta kal giyane e09 sub denna.. last episode eketh sub dendo

  10. Sasmitha

    අවසාන කොටසෙ සින් අබ් එකත් දාන් බ්‍රෝ ❤❤

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  13. damith

    thnq macho nxt eka denna..