Solo Leveling Season 02 Sinhala Subtitles ඔන්න එහෙනම් ඇනිමෙ රසිකයො බොහෝ දෙනෙක් බලා හිටපු, පසුගිය 2024 වසරෙදි මහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තු කොරියානු web novel එකක ඇනිමෙ අනුසාරයේ මීළඟ අදියර අරඹන්නයි මේ සූදානම් වෙන්නෙ. ඉතින් ඒ මොකක්ද කියලා වැඩි වර්ණනාවක් කරන්න අවශ්‍ය නැහැ, මේ වෙද්දි ලෝකයේම විශාල රසික…
Solo Leveling Season 02 Sinhala Subtitles
ඔන්න එහෙනම් ඇනිමෙ රසිකයො බොහෝ දෙනෙක් බලා හිටපු, පසුගිය 2024 වසරෙදි මහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තු කොරියානු web novel එකක ඇනිමෙ අනුසාරයේ මීළඟ අදියර අරඹන්නයි මේ සූදානම් වෙන්නෙ. ඉතින් ඒ මොකක්ද කියලා වැඩි වර්ණනාවක් කරන්න අවශ්‍ය නැහැ, මේ වෙද්දි ලෝකයේම විශාල රසික පිරිසක් මේ වටා එකතු වෙලා අවසානයි. ඉතින් අපි යමු ඒ කතාවේ මීළඟ අදියර අරඹන්න.

පසුගිය 2024 වසරෙදි මුළු කොටස් 12 ක් සමගින් Solo Leveling Season 1 හි අවසානය සිද්ධ වෙනවත් එක්කම එහි Season 2 එළඹෙන වසරෙදි, එනම් මේ එළඹුනු 2025 වසරේදී නිකුත් කරන බවට නිළ වශයෙන් නිවේදනය කළා. ඒ අනුව ජනවාරි මස 4 වනදා පළමු කොටස නිකුත් කරමින් Solo Leveling Season 2 විකාශය ඇරඹුවා. සුපුරුදු විදිහට A-1 Pictures studio තම සුපැහැදිලි වර්ණවත් රූප රටා සමඟින් මේ Season 2 හිත් ඇනිමේෂන් නිර්මාණ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම මෙවර මෙහි තේමා ගීත දෙක විශේෂයි. ආරම්භක තේමා ගීතය ජපන් කොරියානු ගායක සුසංයෝගයක් සමඟින් ඉදිරිපත් වෙන්නක් වෙනවා. ReawakeR නම් එම ගීතය Lisa සමඟින් Felix of Stray Kids ඉදිරිපත් කරනවා. ඒ වගේම අවසාන තේමා ගීතය වෙන UN-APEX ගීතය Ling Tosite Sigure කණ්ඩායමේ TK ඉදිරිපත් කරනවා. ඉතින් මේ ගීත දෙකම Season 1 වගේම හොඳ රසයක් ලබාදෙන ගීත දෙකක් බව කිව යුතුමයි. Solo Leveling: ReAwakening නම් ඇනිමෙ චිත්‍රපටයක් පසුගිය 2024 වසරේ දෙසැම්බර් 6 වනදා නිකුත් වුනා. Season 1 හි recap එකක් සමඟින් Season 2 හි මුල් කොටස් වල සිදුවීම් අඩංගු චිත්‍රපටයක් විදිහට තමයි ඒක නිකුත් වුනේ.

“ReawakeR” ගයන Lisa සහ Felix of Stray Kids

“UN-APEX ගයන TK
Solo Leveling Season 1 නොබලපු හැමෝම මේ Season 2 නරඹන්න පටන් ගන්න කලින් Season 1 සම්පූර්ණයෙන්ම නරඹලා මේ කතාවට අවතීර්ණ වෙන්න. ඉතින් Season 1 හි සිද්ධ වුනු දේවල් මම මෙතනදිත් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. Season 1 නරඹන එක තමයි ඒකට හොඳම විසඳුම වෙන්නෙ. කතාවේ ප්‍රධාන චරිතය, එහෙමත් නැති නම් කතාවේ නමේ විදිහටම level up කරගෙන ශක්තිමත් වෙන සන්ග් ජින්වූ අවසානයේදී මළවුන්ගේ සෙවනැලි පාලනය කිරීමේ බලය ලබා ගත්තා. ඉතින් ඊට පස්සෙ දැන් අලුත්ම අත්දැකීමකට තමයි සන්ග් ජින්වූ පියවර තියෙන්නේ. මේක ටිකක් දරුණු අසීරු එකක්. ඉතින් ඒක මොන වගේ වේවිද?
Season 1 වගේම මේ Season 2 හි සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නේ PSA වීඩියෝ පිටපතට ගැලපෙන විදිහට. එහෙනම් නරඹන්න කතාව. Solo Leveling web toon එක කියවන එකත් හොඳ අදහසක් බව කිව යුතුමයි. කතාව ගැන වගේම උපසිරැසිය ගැන ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මීළඟ කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : You Aren’t E-Rank, Are You?
Aired Date : 2025.01.04
IMDB Rating : 9.1
Solo Leveling S02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,745 downloadsDownload Solo-Leveling-S02-E01-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Solo Leveling Season 02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
13 comments
Ruchira
Anonymous
Hituwe neh mechchara ikamanata dei kiyala
Dilshan buddika
සුපිරි ❤️❤️❤️
Isuru Sandaruwan
Thank you sudda, digatama dipn mekata
Mihindu sandaham
Solo leveling S02 e01 mada hariyen struck vela ain venva ogollonge telegram group eken gtta
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Supun
Thanks brother
rage
Thank you so much brother
Risika Methsan
Creature commandos series ekatath sub dennko plz ❤️
Nirmal Vimukthi
අනිවා දෙනවා...
Chamika
දෙවනි කොටසෙත් සිංහල සබ් එක ඉක්මනින් දෙන්න පුළුවන්ද
marsh
plaease annee ikkmanata 2 episide eka dannako
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for the sub...