Solo Leveling [S01 : E01] Sinhala Subtitles ඇනිමෙ රසිකයො හැමෝටම සුභ නව වසරක් වේවායි කියල පතාගෙන යන ගමන් මේ අරන් එන්නේ 2024 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, වසරේ ආරම්භක Most Hype ඇනිමෙ සීරීස් එකේ සිංහල උපසිරැසි මාලාවයි. 2023 වසරේ අවසානය Jujutsu Kaisen Season 2 එක Most Hype ඇනිමෙ සීරීස් එකක් විදිහටම අ…
Solo Leveling Sinhala Subtitles
ඇනිමෙ රසිකයො හැමෝටම සුභ නව වසරක් වේවායි කියල පතාගෙන යන ගමන් මේ අරන් එන්නේ 2024 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, වසරේ ආරම්භක Most Hype ඇනිමෙ සීරීස් එකේ සිංහල උපසිරැසි මාලාවයි. 2023 වසරේ අවසානය Jujutsu Kaisen Season 2 එක Most Hype ඇනිමෙ සීරීස් එකක් විදිහටම අවසන් වුනා. Jujutsu Kaisen Season 2 හි සිංහල උපසිරැසිවලට අදහස් දක්වපු හැමෝටම හදපිරි ස්තූතිය පිරිනමනවා. 2023 Fall Season එක ඒ විදිහට අවසන් වෙද්දි, 2024 Winter Season එකේ නිකුත් වෙන ඇනිමෙ බහුතරය අතරේ එක නමක් ගැන ඇනිමෙ රසිකයො බොහෝ ඉහළින් බලාපොරොත්තු තියා ගත්තා. ඇත්තටම මුළු ලෝකෙම ඇනිමෙ රසිකයො ඒ බලාපොරොත්තු තියාගත්තායි කියල කිව්වොත් මං හිතන්නෙ මං වැරදි නෑ. ඒ වගේම ඒක Watching Community එකට අලුත් නමක් වෙද්දි ඒක Reading Community එකට නම් අලුත් නමක් වුනේ නෑ. ඒ නම තමයි “Solo Leveling”.

මේ Solo Leveling කාරණා කිහිපයක් නිසා විශේෂයි. පළවෙනි කාරණාව තමයි මේ Solo Leveling ඇනිමෙ එක Chugong කියන කර්තෘගේ Volumes 14 කින් සමන්විත Solo Leveling කියන කොරියානු Web Novel එකේ anime adaptation එක වීම. ඒ විදිහට Solo Leveling web novel එක තමයි මේ ඇනිමෙ එකට මූලාශ්‍ර වෙන්නෙ. Action, Adventure, Fantasy කියන Genre වලට අයත් වෙන මේ Solo Leveling Season 1 ට අදාළව මිනිත්තු 23 බැගින් වුනු කොටස් 12 ක් නිකුත් වෙනවා. ඒ වගේම සීරීස් එක R – 17+ (violance & profanity) යටතේ rate වෙලා තියෙනවා. මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි My Anime List හි 8.44 ක අගයක් ලබා ගනිමින් Top Anime අතර 159 වන ස්ථානයේ Solo Leveling රැඳෙනවා.

Solo Leveling Web Novel Cover Vol.1
මේ Solo Leveling ඇනිමෙ එකේ animation production එක කරන්නෙ A-1 Pictures ස්ටූඩියෝ එක. මේ ස්ටූඩියෝ එක කරපු ඇනිමෙ අතරේ 86, Darling in the Franxx, Sword Art Online, The Seven Deadly Sins, Kaguya-Sama:Love is War කියන ඇනිමෙ විශාල සාර්තකත්වයක් වගේම ජනප්‍රියත්වයක් ලබා ගත්තා. ඒ කියන්නෙ මේ Solo Leveling එකත් ඒ වගේම තැනක් ලබා ගනීවි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්. අනිත් කාරණාව තමයි මේ කතාවේ Music. ඒකත් භාරව ඉන්නෙ අපි හොඳින්ම දන්න Legendary music composer කෙනෙක්. ඒ තමයි Hiroyuki Sawano. Sawano කිව්වම මතක් වෙන්නෙ Attack on Titan ඇනිමෙ එකේ Legendary Themes ටික හදපු කෙනා විදිහටනෙ. ඔන්න ඒ Sawano මේ Solo Leveling ඇනිමෙ එකේ Music භාරව කටයුතු කරනවා. සීරීස් එකේ Opening Theme එක වෙන “LEveL” ගීතය TOMORROW X TOGETHER කණ්ඩායම perform කරනු ලබනවා. Ending Theme එක වෙන “request” ගීතය krage විසින් perform කරනු ලබනවා.

Hiroyuki Sawano සහ TOMORROW X TOGETHER
මේකෙ කියන්න තියෙන අනිත් විශේෂ කාරණාව තමයි web novel එකේ දකින්න ලැබෙන කොරියානු නම් ඒ විදිහටම මේ ඇනිමෙ එකටත් යොදාගෙන තියෙන එක. දැන් යමු කතා පසුබිම පැත්තට… අවුරුදු දහයකට කලින් සැබෑ ලෝකයත් වෙනත් මානයකුත් යා කරල අද්භූත දොරටු කිහිපයක් ලෝකෙ පුරා විවෘත වෙනවා. මේ දොරටු වලට එපිටින් ඉන්නෙ සාමාන්‍ය ආයුධ වලින් පරද්දන්න බැරි සත්ව විශේෂ. ඒ සත්ව විශේෂයන් පරද්දන්න තරමේ හැකියාවන් ගොඩ නගාගත්තු අය පස්සෙ බිහි වුනා. ඒ අය තමයි හන්ටර් ලා. ඒ හන්ටර් ලා එයාලගෙ බලයන් හැකියාවන් අනුව S, A, B, C, D සහ E කියල නිලයන් වලට බෙදල තිබුනා. ඒ අනුව මෙතන බලවත්ම අය තමයි S නිලයේ අය. බලයෙන් අඩුම අය තමයි E නිලයේ අය.
මේ හන්ටර් ලා අර දොරටු හරහා ගිහින් අර සත්තුන්ව විනාශ කරල දොරවල් වහනවා. මෙයාලට මේ ගමනෙදි සල්ලි හොයන්න ක්‍රමත් හම්බ වෙනවා. “සන්ග් ජින්වූ” කියන්නෙ මේ වැඩේ කරන්න එන E නිලයේ හන්ටර් කෙනෙක්. ඉතින් මේ සන්ග් ජින්වූ මේ එක දොරක් හරහා ගිහින් තමන්ගෙ කණ්ඩායමත් එක්ක අර සත්තුන්ව පරද්දලා සල්ලි ටිකක් හොයන්න එකතු වෙනවා. ඒ ගමනේ අවසාන හරියෙදි මේ කණ්ඩායමට දෙවොලක් වගේ තැනක් හම්බ වෙනවා. එක එක විදිහෙ ලොකු පිළිමවලින් පිරුණු මේ දෙවොලේ තිබිලා පුරාණ ලිපියක් හම්බ වෙනවා. අන්න එතනදි තමයි සන්ග් ජින්වූගේ වගේම කණ්ඩායමේ අනිත් අයගෙත් ජීවිතයේ වඩාත් බිය ජනකම මොහොත උදා වෙන්නෙ. ඉතින් මෙතනින් එහාට කතාව මම කියන්නෙ නෑ. වෙන්නෙ මොකක්ද කියල නරඹලම හොයාගන්න එක ඔයාට භාරයි.
මේ Solo Leveling ඇනිමෙ සීරීස් එකේ සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නෙ Japanese dub එකට අනුවයි. ඒ අනුව PSA වීඩියෝ පිටපත් වෙනුවෙන් තමයි උපසිරැසි නිර්මාණය කරන්නේ. ඒ වගේම කතාවටම ආවේණික වචන කිහිපයක් ඔයාට කතාව මැදදි දකින්න අහන්න ලැබේවි. ඒ වචන වෙනසක් නොකර මම සිංහල උපසිරැසියට ඇතුළත් කරල තියෙනවා. Dungeon (ඩන්ජන්), Dungeon Boss(ඩන්ජන් බොස්), Double Dungeon(ඩබල් ඩන්ජන්), Hunters(හන්ටර්ලා) ඉන් කිහිපයක්. මේ වරහනින් දක්වලා තියෙන වචනය උපසිරැසියේ අදාළ තැනට ඇතුළත් කරල තියෙනවා. ඒවායෙන් කියවෙන අදහස කතාව ඉදිරියට නැරඹීමේදී තේරුම් යාවි. එහෙනම් නරඹන්න මේ Most Hype Solo Leveling ඇනිමෙ එක. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන වගේම මේ අලුත් කතාව ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි 2 වන කොටස තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : I’m Used to It
Aired Date : 2024.01.06
IMDB Rating : 8.4

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,035 downloadsDownload Solo-Leveling-S01-E01.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
10 comments
Nayana Buddhika
Dasun
නියමයි හස්සා..hype එක වැඩි කමට english sub එක්කම බැලුවා..දැන් ආයෙ බලනවා මේක එක්ක..
podda
niyamaiii. supiriyak thamai
Anonymous
thank you so much for the sub
bihandu
thnak you bro ,A/L iwara una gamanma balanawa
dila
thanks ayye sub ekata.
Dilshan buddika
Supiri ❤️
tharuka
niyamai sub eka , puluwannam vinland saga anime ekatath sinhala sub gennako , oyalata bari nam wena kenekta hari kiyannako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Solo Leveling [S01 : E01] Sinhala Subtitles | දෙවියන්ගේ ආඥාව! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Solo-Leveling-2.jpg)



සබ් එකට ගොඩක් තෑන්ක්ස් බ්‍රදර්❤️