අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Solo Leveling

 

 

Animation, Action, Adventure, Fantasy

Creators : Chugong

Stars : Aleks Le, Taito Ban

 

අවුරුදු දහයකට කලින් සැබෑ ලෝකයත් වෙනත් මානයකුත් යා කරල අද්භූත දොරටු කිහිපයක් ලෝකෙ පුරා විවෘත වෙනවා. මේ දොරටු වලට එපිටින් ඉන්නෙ සාමාන්‍ය ආයුධ වලින් පරද්දන්න බැරි සත්ව විශේෂ. සත්ව විශේෂයන් පරද්දන්න තරමේ හැකියාවන් ගොඩ නගාගත්තු අය පස්සෙ බිහි වුනා. අය තමයි හන්ටර් ලා. හන්ටර් ලා එයාලගෙ බලයන් හැකියාවන් අනුව S, A, B, C, D සහ E කියල නිලයන් වලට බෙදල තිබුනා. අනුව මෙතන බලවත්ම අය තමයි S නිලයේ අය. බලයෙන් අඩුම අය තමයි E නිලයේ අය.

මේ හන්ටර් ලා අර දොරටු හරහා ගිහින් අර සත්තුන්ව විනාශ කරල දොරවල් වහනවා. මෙයාලට මේ ගමනෙදි සල්ලි හොයන්න ක්‍රමත් හම්බ වෙනවා. “සන්ග් ජින්වූකියන්නෙ මේ වැඩේ කරන්න එන E නිලයේ හන්ටර් කෙනෙක්. ඉතින් මේ සන්ග් ජින්වූ මේ එක දොරක් හරහා ගිහින් තමන්ගෙ කණ්ඩායමත් එක්ක අර සත්තුන්ව පරද්දලා සල්ලි ටිකක් හොයන්නඑකතු වෙනවා. ගමනේ අවසාන හරියෙදි මේ කණ්ඩායමට දෙවොලක් වගේ තැනක් හම්බ වෙනවා. එක එක විදිහෙ ලොකු පිළිමවලින් පිරුණු මේ දෙවොලේ තිබිලා පුරාණ ලිපියක් හම්බ වෙනවා. අන්න එතනදි තමයි සන්ග් ජින්වූගේ වගේම කණ්ඩායමේ අනිත් අයගෙත් ජීවිතයේ වඩාත් බිය ජනකම මොහොත උදා වෙන්නෙ. ඉතින් මෙතනින් එහාට කතාව මම කියන්නෙ නෑ. වෙන්නෙ මොකක්ද කියල නරඹලම හොයාගන්න එක ඔයාට භාරයි.

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 11
Episode 12