Solo Leveling Season 02 Sinhala Subtitles සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 8 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. මේ කොටසින් සුපුරුදු විදිහට…
Solo Leveling Season 02 Sinhala Subtitles
සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 8 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. මේ කොටසින් සුපුරුදු විදිහට අලුත්ම ක්‍රියාදාමයන් ගණනාවක් අපි හමුවට එනවා. Solo Leveling රසිකයින්ගේ බලාපොරොත්තු කඩ නොකරපු වගේම කතාවේ Hype එක තවත් ඉහළට අරන් ආපු කොටසක් කියලා මේ කොටස නම් කරන්න පුලුවන්. කලින් වගේම ලොකු ප්‍රමාදයකින් උපසිරැසිය අරන් එන මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.
සන්ග් ජින්වූගේ රහස දැන් හන්ටර්වරුන්ගේ ප්‍රධානීන් විතරක් නෙමෙයි, දැන් මුළු රටම දැනගෙන ඉවරයි. ඒත් එක්කම රටේ දසවෙනි S නිලයේ හන්ටර් වගේම මැජික් සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් කැඳවීමේ හැකියාව ඇති සන්ග් ජින්වූට හුඟ දෙනෙක්ගේ අවධානය ක්ෂණිකව යොමු වෙනවා. ඒත් ජින්වූගේ ජීවයේ අමෘතය සොයා යාමේ ගමන තාම ඉවර නෑ. තව කෙටි නමුත් භයානක අසීරු ගමනක් තමයි ජින්වූට යන්න ඉතුරු වෙලා තියෙන්නෙ. ඉතින් ජින්වූ සුපුරුදු පරිදි තනියම ඒ ගමන අරඹනවා. හැබැයි මේ ගමනේ අවසානය නම් එච්චර ලේසි පහසු එකක් නම් නෙමෙයි.
මේ කොටස මෙතෙක් නරඹපු හැම කොටසකටම වඩා ටිකක් විශේෂයි. මෙතෙක් ජින්වූට මුණ ගැහුනු ශක්තිමත්ම සතුරාට ජින්වූ මේ කොටසින් මුහුණ දෙනවා. අපිට පුලුවන් ඒ කෙනාට “මොනාක්” (Monarch) එහෙම නැතිනම් අධිපතියෙක් කියලා කියන්න. අධිපතියෙක්ට ජින්වූ මුහුණ දෙන්නේ කොහොමද? ජීවයේ අමෘතයට අවශ්‍ය දේවල් ජින්වූ සම්පූර්ණ කර ගනීවිද? නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මීළඟට Solo Leveling: Arise from the Shadow හි 9 වෙනි කොටසින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Looking Up Was Tiring Me Out
Released Date : 2025.02.22
IMDB Rating : 9.6

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,071 downloadsDownload Solo-Leveling-S02-E08-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Solo Leveling Season 02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
3 comments
Isuru Sandaruwan
Senuka Kithnad
Thanks bosa❤️
Kusal
Episode 9 ikmanata oneh suddoo...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you bro