Solo Leveling Season 02 Sinhala Subtitles සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 7 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. මේ කොටසින් අලුත්ම ක්‍රියාද…
Solo Leveling Season 02 Sinhala Subtitles
සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 7 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. මේ කොටසින් අලුත්ම ක්‍රියාදාමයන් ගණනාවක් අපි හමුවට එනවා. අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.
උපකරණ ගෙනියන්නෙක් විදිහට A නිලයේ ඩන්ජන් වැටලීමකට එකතු වුනු සන්ග් ජින්වූ සහ ප්‍රහාරක කණ්ඩායම නොසිතූ විදිහට “හයි ඕක්” නම් මැජික් මෘග වර්ගයට හසු වෙනවා. ඉතාම ශක්තිමත් වගේම බලවත් ජිවී කොට්ඨාශයක් වෙන මෙයාලා එක්ක පොඩි සටනකට පිරිස මුහුණ දුන්නත්, අන්තිමේදි හයි ඕක් නායකයාගේ ආරාධනාව නිසා ඔහුගේ ඉදිරියට යන්න හැමෝටම සිද්ධ වෙනවා. හයි ඕක් නායකයාගේ සෙල්ලම් බඩු වෙන මේ ප්‍රහාරක කණ්ඩායම මරණයට මුහුණ දෙන්න ආසන්න වෙද්දී සන්ග් ජින්වූ තමන්ගේ පියවරයන් අරගන්නවා. දැවැන්ත ගණයේ සතුරෙක් වුනු හයි ඕක් නායකයාට මුහුණ දෙන ජින්වූ අවසානයේදී ඔහුව විනාශ කරමින් ඔහුගේ සෙවනැල්ල අරගන්නවා. ඒ අතරේ සිද්ධ වුනු තවත් සිදුවීමක් තමයි, ජින්වූගේ බලය දකියි හිතුවෙ නැති හුඟ දෙනෙක් මේ බලය දැකපු එක.
ඉතින් දැන් ආයෙත් ජින්වූගේ රහස් බොහෝ දෙනෙක්ගේ ඇස් පනාපිටම හෙළි වුනා. ජින්වූට මීළඟට වෙන්නෙ මොකක්ද? ජීවයේ අමෘතය සොයා යන ගමනට සමු දෙන්න වේවිද? අනිත් ඉහළ නිළයන්වල හන්ටර්ලා ජින්වූව මොන විදිහට පිළි ගනීවිද? මේ කොටසින් තවත් අලුත් සිදුවීම් ගණනාවක් අපිට මුණ ගැහෙනවා. නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මීළඟට Solo Leveling: Arise from the Shadow හි 8 වෙනි කොටසින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : The 10th S-Rank Hunter
Released Date : 2025.02.15
IMDB Rating : 8.6

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,524 downloadsDownload Solo-Leveling-S02-E07-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Solo Leveling Season 02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
4 comments
Isuru Sandaruwan
Wolf
Sub eke awulak kollo. load wenne na.
Kavishka Chathuranga
Tnx boza ❤. Ilaga eka ikmant danno
Kusal
ilaga ekat ikmanata oneh ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you lankan weebs