Watch Trailer

Solo Leveling [S02 : E09] Sinhala Subtitles | අපතේ නොගිය කැපකිරීම්… [සිංහල උපසිරසි]

Solo Leveling Season 02 Sinhala Subtitles සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 9 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. හැබැයි මේ කොටස ටිකක් විශේෂ…

Solo Leveling Season 02 Sinhala Subtitles

සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 9 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. හැබැයි මේ කොටස ටිකක් විශේෂයි. ප්‍රේක්ෂක ඇස්වලට කඳුලක් අරන් ආපු කොටසක් කියලත් මේ කොටස හඳුන්වන්න පුලුවන්. නොනවත්වා ආපු ක්‍රියාදාමයන් ඇරෙන්න අපිට එහෙම හැඟීම්බර දෙයක් Solo Leveling තුළින් දකින්න ලැබුනේ නැති තරම්. ඉතින් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.

ජීවයේ අමෘතය කරා යන ගමනේ අවසාන පියවර කිහිපය ජින්වූ සාර්ථකව පසු කරපු විදිහ අපිට දකින්න ලැබුනා. යක්ෂ බලකොටුවේ අධිපතියා, එහෙමත් නැතිනම් Demon Monarch වෙන බරන්ට මුහුණ දෙන එක තමයි ඒ ගමනේ අවසාන අභියෝගය වුනේ. මකරෙකුගේ පිට නැගි යන අතිශය රුදුරු බියජනක ප්‍රභාවක් රැගත් බරන්ට එරෙහිව සටන, S නිලයට පත් හන්ටර් කෙනෙක් වුනු ජින්වූට ඒ තරම් පහසු වුනේ නම් නෑ. අවසානයේදී සටන දරුණු ද්වන්ධයක් බවට පත් වෙද්දී තම උපරිම කාය ශක්තියෙන් බරන්ව විනාශ කර ජීවයේ අමෘතය සම්පූර්ණ කරන්න සන්ග් ජින්වූ සමත් වෙනවා.

මෙතෙක් සන්ග් ජින්වූ ආවේ, සියලු වෙහෙසයන් දැරුවේ, නොසිතූ කැප කිරීම් කළේ එකම එක අරමුණක් වෙනුවෙනුයි. දැන් ඒ අරමුණ මල්ඵල ගැන්විලා තියෙන්නේ අතේ දුරින්. ඒ නිසාවෙන් තමන්ගේ අම්මාගේ සිනහව ජින්වූ දකින්නේ කොහොමද? ජීවයේ අමෘතය සැබවින්ම අමෘතයක්ද? මුලදී කිව්වත් වගේ ඔබට මේක ක්‍රියාදාමයන් නැති හැඟීම්බර කොටසක් වේවි. එහෙනම් නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මීළඟට Solo Leveling: Arise from the Shadow හි 10 වෙනි කොටසින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : It Was All Worth It
Released Date : 2025.03.01
IMDB Rating : 8.8

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,352 downloadsDownload Solo-Leveling-S02-E09-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Nxt Season BT12

All BT1

Nxt Season BT12

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

4,352 downloadsDownload Subtitles15 KB

2 comments

  1. Isuru Sandaruwan

    Thank you bn.

  2. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...