Watch Trailer

Spartacus: Gods of the Arena [E06] Sinhala Subtitles | නීරස අවසානය [සිංහල උපසිරැසි සමඟ]

තවත් කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි අද මේ සූදානම. යම් යම් බාධක නිසා මුල් කොටස් කිහිපය ඉක්මනින් ලබා දෙන්න නොහැකි උනත් අවසන් කොටස් සුපුරුදු පරිදි ඔබ වෙත දෙන්න හැකි උනා. එත් හැමෝම ඕනේ කියලා ඉල්ලුවට අවසානයේ ලැබුන ප්‍රතිචාර එක්ක බලනකොට මට Vengeance එක දුන්න නම් කියලත් හිතුනා. මොකද අදහස් දැක්වීම ස…

Spartacus S01 E01.

තවත් කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි අද මේ සූදානම. යම් යම් බාධක නිසා මුල් කොටස් කිහිපය ඉක්මනින් ලබා දෙන්න නොහැකි උනත් අවසන් කොටස් සුපුරුදු පරිදි ඔබ වෙත දෙන්න හැකි උනා. එත් හැමෝම ඕනේ කියලා ඉල්ලුවට අවසානයේ ලැබුන ප්‍රතිචාර එක්ක බලනකොට මට Vengeance එක දුන්න නම් කියලත් හිතුනා. මොකද අදහස් දැක්වීම සැහෙන්න පහල මට්ටමක තිබුනේ. මම හිතනවා මට මේ උපසිරැසි හදන්න ඔයාලා ලබා දුන්න ඒ උද්යෝගය ඔයාලගේ අදහස් මඟින් කලින් සේම නැවතත් ලැබේවි කියලා. එහෙම නැතිනම් මම කරන වැඩෙන් මටත් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මම කියන්නේ අඩුම තරමේ හිත සතුටු වෙන්නෙවත් නැත්තන් මේ වගේ දෙයකින්, මගේ විවේක කාලය මේ වගේ දේකට යොදවනවද කියන එක මටම ප්‍රශ්ණ කරගන්න සිදු වේවි. මේ කතාවට අදාල නැති උනත් The Following කතා මාලාව ගැන නම් මට එහෙම තීරණයක් ගන්න හිතිලයි තියෙන්නේ. බලමු නේද කාලයට ඉඩ දීලා.

එහෙනම් මම කලින් කොටස ගැන විස්තරය දෙන්නම්. කලින් කොටසේ අවසානයේ දකින්න ඇති “ටයිටස්ගේ” මරණය ඒ වගේම “මෙලිටාගේ” මරණයත්. “ලුක්‍රෙශියා” විසින් අටවපු මර උගුලෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න උනේ “කුයින්ටස් බැටියාටස්ගේ” පියාට පමණක් නොවේ. “මෙලිටාට” පවා හුස්මට සමුදෙන්න උනා ඒ වස සහිත වයින් පානය කිරීමෙන්. ඉතින් මේ කිසි දෙයක් ගැනවත් “බැටියාටස්ට” කිසිම අවබෝධයක් නැහැ. එහි වගකීම පැටවෙන්නේ සදාකාලික හතුරා වන “ටුලියස්ට”. ඒ වගේම “ගැනිකස්” තීරණය කරනවා ශ්‍රේණිගත කිරීමේ අවසන් තරඟයෙන් පරාජය වී “බැටියාටස්” නිවසට ආයුබෝවන් කියන්න. එහෙම තමා කලින් කොටසට තිත් තැබුවේ.

එහෙම ඒ කොටස අවසන් වෙන විට, මේ අද කොටස මෙලෙසින් අරඹන්නයි හදන්නේ. “ටුලියස්ගේ” අවශ්‍යතාවය වන්නේ කෙසේ හෝ “ගැනිකස්” තමන්ගේ දේපලක් බවට හරවා ගෙන නව මල්ලව පිටියේ තරඟ වලට ශක්තිමත් ලෙස මුහුණ දෙන්න. ඉතින් බලමු අපි “ටුලියස්” සහ “වෙටියස්” සංයෝගය තම අභිලාශ ඉෂ්ඨ කර ගන්න ආකාරය “බැටියාටස්” සහ “සොලොනියස්” සංයෝගයට එරෙහිව. එහිදී මොන සංයෝගය පරදවා කුමන සංයෝගය ඉදිරියට එනවාද සංයෝග ඇතුලෙත් බන්ධන ශක්තිමත් වෙන්න අවශ්‍ය ශක්තිය තියෙනවාද කියලාත් අවසානයේ දැක ගන්න පුළුවන්. මම හිතනවා මේ කොටස් හයකින් යුතු කතා මාලාව ලොකු පිටුවහලක් වේවි කියලා ඉදිරි කතා මාලා දෙකටම. මොකද යම් චරිත ඉස්මතු වෙනවා එවිට හඳුනා ගැනීමේ එකම සාධකය තමයි මේ කොටස් හය.

වෙනදා වගේම අහිංසකව ඉල්ලන්නේ නිකම්ම යන්න එපා කියලා.නොමිලේ ගන්න දේ වටිනවා නම් ස්තුතියි කියන වචනේ කියන්න ලංකාවේ අපි පැකිලෙන්නේ නැහැ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. බලමු එහෙමද කියලා. එහෙනම් වෙනදා කියනවා වගේම නැවත ජයෙන් ජයම වේවා කියලා ප්‍රර්ථනා කරන්නේ අලුත් කතා මාලාව සමඟ නැවත පැමිණෙන පොරොන්දුවත් සමඟයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

16,009 downloadsDownload Spartacus.Gods_.of_.the_.Arena_.S01E06.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

16,009 downloadsDownload Subtitles37 KB

213 comments

  1. THISARA

    patta patta machan anith akath ikmanata denna labeywa !

  2. d2dinu

    එළ එළ ජයවේවා!

  3. Isuru

    thanks so much

  4. pubudu

    elakiri macho ahenam meykath iwari anith se aketh ikmanata denna

  5. lasidu

    සුපිරි වැඩක් මචං

  6. wow

    wow.... maru :D

  7. quik

    thanks

  8. එරංග

    එලස් මේක දෙනකම් උන්නේ ජය

  9. mahesh

    ala saho

  10. hh

    maxxama thama machan

  11. was

    අනිවා බලනෝ දිගටම දෙමු

  12. zumo man

    elazzz thnxzzz

  13. mihin ලංකා

    අඩුම මචන් තෑන්ක්ස් කියලා වත් බාන උන් දාහල්ලා සබ් දෙන කට්ටියට මේක එපා උනොත් අපිට හුළං තාමා ඒ පාර,

    ජයම වේවා

  14. Dilan-

    gr8 digatama karamu

  15. ccnp

    Thanks

  16. ganidu

    අනිවා සුපිරිම කතාව මචෝ

  17. jeewantha

    supiri :D

  18. chamath cafe

    නියමා.....යි සහෝ ඇත්තටම ඔයාගේ සබ් පට්ට

  19. fad

    banna damma bohoma thuthi

  20. lasanatha!!!!!!

    mamath gannawa denakm unne

  21. shani

    thanks for sinhala sub

  22. wall e

    දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ බොහෝ තුති

  23. Janaka

    පට්ටම තාමා ඔහොම දිගටම අනිත් කතාවත් දෙමු

  24. chami

    thnxxxxxxx

  25. “චූටී මල්ලි”

    එහෙනම් සහෝ තව එකක් ඉවරකලා නේ
    එල එල
    අනිකටත් ඉක්මන්ටම අත ගහමු එහෙනම් නෙ?
    අද එකට තෑන්ක්ස්

    කිරිඅප්පොච්චියේ මට බයත් හිතුනා එක නවත්තන්න හදනවා කිවවම,
    අනේ එහෙමනම් කරන්න එපා සත්තරනෙ...
    අපි දැන් ඔක්කොම අරගෙන දෙන දෙන එක බලනවා
    ඇත්තටම කියනවනම් දැන් කාලෙ අපෙ රටේ තියෙන නාට්ටි
    බලන එකට වඩා මේකක් බලන එක වටිනවා
    එහෙව් එකෙ ඒකත් නැතිකොරන්න කතා කරනවා

    ඇත්තටම ඉතින් කමෙන්ට් අඩු උනාම තියෙන
    දුක මන් දන්නවා, ඒත් ඉතින් මොනා කරන්නද ලංකාවනෙ
    කමෙන්ට් නැතත් අඩු තරමෙ දාහක් හමාරක්වත් සබ් එක අරගෙන බලනවනෙ
    ඒකත් ලොකු දෙයක් එහෙම හිතලවත් සතුටු වෙන්නයි තියෙන්නෙ ඉතින් (සමහර වෙලාවට මාත් එහෙමයි කරන්නෙ )
    ඔබට සදා ජය.......

  26. geeth

    maxxama wadak ithuru sesone ake kotas tikath ikmanata denna labeywa!!!!

  27. සිංහලයා

    ලංකාවේ තාමා බන් කමෙන්ට් එකක් වත් දාන්නේ නැත්තේ, ඇත්තටම මේක නිකන් කරනකොට අගේ නෑ නේ

    ඔහොමන දිගටම කරමු නොසැලී

  28. ns

    බොහොම ස්තුතියි...

  29. rasta boy

    elakiri hasantha saho Vengeance 1kath patan gamu ehenam

  30. dineth

    cmt gana nositha wadey karamu saho. oka gana hithuwoth subs denna wenna na :)

  31. npdjz

    hasantha saho me kathawa ekka api hamadama unna.kotasin kotasa enakan hamadama balan unne baiscope eka diha...
    apith dn ekema jeewath wenawa wage danenne.kathamalawama hodai..
    puluwan tharam ikmanata anith tikath dei kiana balaporoththuwa thianawa..
    bohoma isthuthi hasantha saho...

  32. Sidath

    downloading..............30% tx

  33. tharanga

    ලොවෙත් නෑ මචං ඇත්තටම කතාව ලංකාවේ උන්ට නිකන් දෙන ඩේ අගේ නෑ. මේවා සල්ලි වලට දුන්න නම් ඔන්න අගේ නිකන් නේ දෙන්නේ,. අනික මේවා හදන්න තියෙන අමාරුව දන්නෙත් නෑ. ඒක නිසා ඕක ගැන කතා කරලා වැඩක් නෑ.

    අනිත් සීසන් එකටත් ඉක්මනට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා!

  34. h[A]s

    The Following එක අත්ටටම සුපිරිම කතාවක් මයේ හිතේ අපේ උන් තම බලන්න පටන් ගෙන නෑ හුග දෙනෙක් එකේ රස වැටුනම කට්ටියටම අල්ලලා යාවි. එතකන් ඇදගෙන යමු. මොකද මේවා කවදාවත් අපතේ යන්නේ නෑ.,

  35. KANDY SANATH

    Thanks Machooo.... Ela

  36. waru

    elakairi machan

  37. Gayan

    onna math meyka ankm unne anith tv s akath poatta falowing aka

  38. akila

    බොහොම තුති

  39. KANDY SANATH

    Next Series ikmanata one honde

  40. ymail

    good

  41. upali

    ela ela ela

  42. HIRU,,,,,

    Elakiri putha,,,Anith ekath ikmanatama balamu neda,,,Hamadama comment nathuwata sorry wewa,,,,But everybody thanks from their hearts every time downloading these subtitles,,,,

  43. Dina

    sthuthi hasantha ayya stuthiyiiiiii............................

  44. ශාන් විමුක්ති [වීමා]

    නියමයි හසන්ත අයියා :)
    දිගටම කරගෙන යමු
    ජය වේවා!!!

  45. kasun

    tx

  46. prasanna

    Thanks machan. api koreave kollo set ekak api me serious eka aniwa balanava. subtitle ela machan.

  47. ශාන් විමුක්ති [වීමා]

    ඒ දේවල් ගැන නම් කතා කරන්න දෙයක් නෑ හසන්ත අයියෙ
    මෙක තමා ලංකාවෙ හැටි, ආත්මාර්තකාමයෙන් පිරිල ඉතිරිලා ගිය ජාතියක් අපිට ඉන්නෙ, මේ වගේ යමක් කරනකොට කිසිම තල්ලුවක් දෙන්නෙ නෑ අඩුම ගානෙ "එල" කියලවත්
    සිංහලෙන් අකුරු කොටන්න ඕන නෑ සිංග්ලිශ් වලින් හරි මොනා හරි කියල පලකො නිකම් දෙන දෙයක් නේද මොන තරම් මහන්සි වෙනවද අපේ රසවින්දනයට කියල
    කතා කරල වැඩක් නෑ අයියෙ ඒ දේවල් ගැනනම්.
    ඒත් බයවෙන්න එපා අනිවාර්යෙන්ම ඔයා එක්ක අපි ටික දෙනෙක් හරි ඉන්නව!
    කිසිම දෙයක් අතාරින්න එපා හසන්ත අයියා දිගටම කරගෙන යමු, නොසැලී ඉදිරියට!!
    අප ඔබත් සමගයි :D

  48. සමීර කරුණාරත්න

    මොනව කරන්නද හසන්ත අයියේ ඒ කියමනට අනුව ස්තුතියි කියල යන්නෙ හැමදාම වගේ එකම පිරිසක්, අනිත් උදවිය ගත්ත ගියා.... ලගකදී ඔය සිතුවිල්ල මටත් ඇති වුන නිසා මම දන්නව ඔයාගෙ හැගීම. අපි හැමෝටම වෙනත් රාජකාරි එමටයි. නමුත් ඒ අතර ලැබෙන විවේකය මේ හැම උපසිරැස කරුවෙකම් යොදන්නෙ ඔයාල වෙනුවෙන්. ඒ විවේකය බොහෝ දුරට අපිට චිත්‍ර පටයක් බල්ල විනෝද වෙන්න තියන කාලය වෙන්න පුලුවන්, ඒ හැම කැප කිරීමක්ම ප්‍රේක්ෂකයන්ට හොඳම දේ ලබාදෙන්න...
    මට කියන්න තියෙන්නෙ උපසිරැස කරුවන්ගේ මහන්සිය ගැනත් පොඩක් හිතුවට පව් නැහැ කියල තමයි. හැමෝටම මෙහෙම කලකිරෙන්න ගත්තොත් ඒ පාඩුව දැනෙන දවස වැඩි ඈතක නෙමෙයි අපිටම. ඒ නිසා අපේ අහිංසක සතුට ගැනත් හිතන්න පොඩ්ඩක් අපි ඔයාලගෙන් සතයක් වත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ, නමුත් ඔයාල අපිට ලියන ව්චනය අපිට ලොකු ***********************************************

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසට...

  49. කේ.යු.ජී.උදාර

    මං නම් මේ සීරිස් එකේ එක කෑල්ලක්වත් බැලුවෙවත් බෑවෙවත් නැහැ. කොහොමවුණත් තවත් වැඩක් සුපිරියට ම අහවර කරපු එක ගැන වචනයක්වත් නොකිව්වොත් ඒක අඩුවක් හින්ද මෙහෙම වචනයකින් හරි දහිරියක් දෙන්න හිතුවා. ප්‍රතිචාර අඩුවෙන එක හිතට අමාරු වුණත් ඒ හින්දයි කියල වැඩේ අත අරින්න එපා. දිගට ම මේ වැඩේ කරමු. ජයවේවා!!!

  50. chamara

    meka thama mage first comment aka..kiyanna deyak ne ala.. macho

Load more comments