මං බයිස්කෝප් අඩවියත් එක් ගනුදෙනු කරන්න පටන් ගත්තේ මීට අවුරුදු දෙකකට විතර කලින්. හැමදාම බයිස්කෝප් අඩවියට ගොඩවැදිලා උපසිරැසි අරන් යනවා. නමුත් බයිස්කෝප් අඩවියට මට පුලුවන් විදිහට සේවයකුත් කරන්න හිතේ ලොකුවටම තිබුණා. ඉතින් මං මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවිය හරහා ඔබත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම. මං ම…

මං බයිස්කෝප් අඩවියත් එක් ගනුදෙනු කරන්න පටන් ගත්තේ මීට අවුරුදු දෙකකට විතර කලින්. හැමදාම බයිස්කෝප් අඩවියට ගොඩවැදිලා උපසිරැසි අරන් යනවා. නමුත් බයිස්කෝප් අඩවියට මට පුලුවන් විදිහට සේවයකුත් කරන්න හිතේ ලොකුවටම තිබුණා. ඉතින් මං මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවිය හරහා ඔබත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම. මං මේ කතාමාලාවට උපසිරැසි කරන්න භාර අරගෙන නම් සෑහෙන කාලයක් වෙනවා. අවුරුද්දක් විතර. නමුත් කාල වේලාවේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වුන නිසා මේක කරන්න ගොඩක් කල් ගියා. මේක කල් යන්න අනික් හේතුව තමයි මායාබන්ධන කතාමාලාවන් දෙක සඳහාම ඉංග්‍රීසි උපසිරැසි නොමැති වීම. ඉංග්‍රීසි උපසිරැසි තියෙනවානම් ඉතින් වැඩේ ලේසියි කියලා හැමෝම දන්නවානේ. ඒ නිසා මේ උපසිරැසියට ටයිම් ලයින් එකේ ඉඳන්ම මට හදන්න සිද්ධ වුනා. උපසිරැසි අසා-ලිවීමක් තමයි කළේ. ඒ නිසා සමහරවිට වැරදීම් නම් සෑහෙන්න ඇති. නමුත් මං හිතන්නෙ නෑ ඒ වැරදි කතාව රසවිඳින්න තරම් බාධාවක් වෙයි කියලා.
කතාව ගැන කියනවානම් ඉතින් මායාබන්ධන කීවම නොදන්නෙ කවුද නේද? මේ කතාවේ වටපිටාව ගැන කියනවානම් මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Mark Shirrefs සමඟ John Thomson. මේක නිෂ්පාදනය කරපු අවුරුද්ද විදිහට සඳහන් වෙන්නේ 1995. මේක ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක්. මෙහි පෝල්ප් විදිහට ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Zbych Trofimiuk. ඒ වගේම කොල්ලෝ කවුරුත් ආදරය කරන රියානා ගේ චරිතයට පණ දෙන්නේ Gosia Piotrowska.
කතාව ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ කියලා මං දන්නවා. ලොකු කුඩා කවුරුත් මායාබන්ධන කීවම ඉතින් දන්නවානේ. මේ පෝල් කියන්නේ තවම යන්තම් අවුරුදු 15 ක් විතර වෙන කොල්ලෙක්. මෙයාගෙ හොඳම යාළුවා තමයි ඇලෙක්ස්. මේ දෙන්නා එකම පන්තියේ. ඇලෙක්ස් ඉගෙනගන්න කම්මැලියි. ලියන්න කියන්නත් ටිකක් අමාරුයි. මෙයා ජාමෙ බේරාගන්නේ පෝල්ගේ පිහිටෙන්. දවසක් මේ පන්තියේ ළමයි ටික විද්‍යා ව්‍යාපෘතියකට සූර්යග්‍රහණයක් නරඹන්න කඳුකර ප්‍රදේශයකට යනවා. මේ ගමනේදි අරුම පුදුම විදිහට පෝල් යම් දොරක් වැනි තැනකින් ඇතුලට යනවා. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙන දේවල් නම් ටිකක් අමුතුයි. පෝල්ට එහෙදි යම් යම් අමුතු දේවල් දකින්න ලැබෙනවා. ඉතින් වැඩි විස්තර නම් කියන්න යන්නෙ නෑ. මේක බාගෙනම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතා ඉක්මනින් ඉතුරු උපසිරැසියෙන් හම්බ වෙමු. ඒ වගේම කියන්න කැමතියි උපසිරැසිය බාගෙන නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකක් එහෙම දාලා පොඩ්ඩක් දිරිගන්වලා යන්න කියලා. ඒ වගේම අඩුපාඩු දහසකුත් ඇති. ඒවා හදාගන්නත් ඕනි නිසා හැම දේම කමෙන්ට් එකක් විදිහට දාලා යන්න. එහෙනම් මායාබන්ධන රසිකයන්ට ජය වේවා!!!
තව දෙයක් කියන්න ඕනි… මේකෙ සීසන් එකටම සබ් කරලා ඉවරයි. ටොරන්ට් එක ඇතුලෙ සියලුම කොටස් අන්තර්ගත වෙනවා. කැමති කෙනෙකුට බය නැතුව සීසන් එකම බාගන්න පුලුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
1,540 downloadsDownload Spellbinder-S01E01.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
92 comments
Thithira Alahakoon
Chinthaka Bandara
ස්තූතියි සහෝ පළවෙනියටම උපසිරැසිය ලබා ගත්තාට. ඒ වගේම අදහසක් තියලා යන්නත් අමතක කරලා නෑ. වටිනා කාලය මිනිත්තුවක් කැප කරලා ඔබ දුන්න අදහසට ස්තූතියි. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. අනාගතයේදී තවත් වටිනා කතා මාලාවන් සඳහා උපසිරැසි ලබා දෙන්නම්.
Chalana
thnx bro.. podi kale asawen baluwe meka. puluwan nan knigh ryderth denna..
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහසක් තියලා ගියාට. අනාගතේ කාල වේලා ඇති අයුරින් උපසිරැසි ලබා දෙන්නම්.
praneeth madu
ela mcn keep going
Chinthaka Bandara
ස්තූතියි සහෝ දිරිගැන්නුමට. ඔයාලගෙ අදහස් තමයි අපේ ශක්තිය.
බොබී
නියම වැඩක් සහෝදරයා. මමත් මගේ පළවෙනි උපසිරැසිය දාලා වැඩි කාලයක් නෑ. අපි මේ වගේ තවත් කතාමාලා වලට උපසිරැසි ලබා දෙමු. මේ කතාව ටිකක් පරණ වුනත්, තාම බලලා නැති අය ගොඩක් ඉන්නවා. මමත් අපේ ගෙදර බාල පරම්පරාව වෙනුවෙන් මේක බා ගන්නවා. ඔයාට උපසිරැසි නිර්මාණකරණයේ දිග ගමනක් යන්න සුභ පතනවා.
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහසක් තියලා ගියාට. හැකි උපරිම අයුරින් බයිස්කෝප් අඩවිට සේවයක් කරන්න අදහසක් තියෙනවා.
King Ruwan
Welcome bro..... me wage tv series ekakata sub dunna kiyanne elama kollek thamai... meke season 2 ikmanatama sub denna puluwan wewa... Thanx... Budu Saranai.....
Chinthaka Bandara
අදහස් දැක්වීම වෙනුවෙන් ස්තූතියි සහෝ. මේකේ දෙවනි සීසන් එකේ වැඩ දැන් 90% ක්ම ඉවරයි. ලඟදිම අරන් එනවා.
James DC
නියමයි. පුළුවන්නම් Crash Zone "පරිගණක දඟයෝ" එකටත් සබ් එකක් දෙන්න.
Chinthaka Bandara
අදහස් දැක්වුවාට ස්තූතියි සහෝ. Crash Zone එකටත් සබ් කරමු.
alan wake
mekata sub karapu ekanam godak hoda deyak thanx
Chinthaka Bandara
අදහස් දැක්වුවාට ස්තූතියි සහෝ.
hitlor
niyama wedak machan, ane kollo digatama sub diyan mekata, nawathtanna epa, good luck machan
Chinthaka Bandara
අදහස් දැක්වුවාට ස්තූතියි සහෝ.
Ranga lakshan
loku help ekak sahooo.... puluwannam quantico tv series eke ithuru sub tika denna balanna....
Chinthaka Bandara
අදහස් දැක්වුවාට ස්තූතියි සහෝ. අනාගතයේදීඩ Quantico සඳහා උපසිරැසි ලබා දෙන්නම්.
Seo spider
Patta. ජාතික එකේ ගියාට වඩා වෙනස් රිද්මයකින් sub එක දෙන්න bro. මම හම යනකං බැලුවා seasons දෙකම. ඒත් පළවෙනි ම කොටස බලලා නෑ තාමත්.
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දක්වලා මාව දිරිමත් කළාට. මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු නම් ඇති. නමුත් හැකි උපරිම අයුරින් උපසිරැසිය සකස් කළා.
දිල්ශාන් සචින්ත (සචී)
නියමයි බ්‍රෝ...ගොඩක් මහන්සිවෙලා වගේ වැඩේට...බොහොම ස්තූතියි මේ වගේ වටින සීරීස් එකක් අරන් ආවට...දිගටම සබ් දෙමු ජය වේවා
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දැක්වුවාට.
thilina
tahike .ela nh yako
amme pin bn,season 2 ekatth demu ohonmama bn ela elaChinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දැක්වීමට. මේ වෙද්දි S
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දැක්වීම වෙනුවෙන්. මේ වෙද්දි S2 මකර රජදහන කතා මාලාවේ කොටස් 20 ක් සඳහා උපසිරැසි සකස්කර අවසන්. කාල වේලාවේ ප්‍රශ්නය නිසා තමයි පරක්කු වුනේ. හැකි ඉක්මනින් ලබා දෙනවා.
Chamara Ekanayake
Apiwa Punchi Kalayata Argena Yana Mea Gamanata Awankawama Ubata Suba Pathanawa Machan. Thank You Very Much. Great Job & Ohoma Yan Ohoma Yan.
Essara Meka Nisa Class Cut Karala Gutith Kala Thiyenawa.Chinthaka Bandara
අනිවාර්යයෙන්ම සහෝ. මමත් පොඩි කාලේ ආසාවෙන්ම බලපු කතා මාලාවක්. ඒ නිසාමයි උපසිරැසි සකස් කරන්න උත්සාහයක් ගත්තේ. ක්ලාස් කට් කරලා අම්මාගෙන් ගුටි කාපු බැනුම් අහපු තරම් අපි තමයි දන්නේ. ඉතින් ඒ රස තවමත් මං විඳිනවා මේක බලලා. මාව දිරිමත් කරන්න අදහසක් එකතු කරපු එකට ගොඩාක් ස්තූතියි.
Chathura
elazz
Chinthaka Bandara
ස්තූතියි අදහස් දක්වන්න කාලය කැප කිරීම වෙනුවෙන්.
Wgk Chathuranga
thnkzz sahoo sub ekata gd luck
Chinthaka Bandara
ස්තූතියි අදහස් දක්වන්න කාලය කැප කිරීම වෙනුවෙන්.
Asitha
ජිවිතයේ අමතක නොවන රසවත් කතන්දර මාලාවකි.
නොබලපු අය බලන්න.දැන් නිෂ්පාදනය වන TV series මෙන් නොව මේවායේ අමුතුම රහක් ඇත.
මෙහි ඇති විශේෂම දෙය නම් සෑම කතාවක්ම ඉහල කුතුහලයකින් යුතුව අවසන් වීමයි.
ජය වේවා!!!!!!
බොහෝම පින්.Chinthaka Bandara
අනිවාර්යයෙන්ම සහෝ. මේ වගේ රසවත් කතාමාලාවක් මං නම් ඇත්තටම බලලා නෑ. පොඩිකාලේ මං මේක බැලුවේ අම්මගෙන් බැණුම් අහ අහා. ඒත් මේක මිස්කරගත්තේ නෑ. මං දැක්ක ලොකු අඩුපාඩුවක් තමයි මේ කතාමාලාවට උපසිරැසි නැති එක. ඒ අඩුව පුරවන්න තමයි මං උත්සාහ කළේ. ස්තූතියි සහෝ අදහස් දක්වලා මාව දිරිමත් කළාට.
Lakmal
Congratulations for first sub.
Thanks....Sudesh
Niyamai brother. Thank you very much!!!
Puluwan nam seeds inna torrent link akan denna yaluwaneChinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දැක්වුවාට. ටොරන්ට් ලින්ක් එකක් හොයාගන්න අමාරුනම් G+ හරහා මාව සම්බන්ධ කරගන්න. ලින්ක් එකක් දෙන්නම්.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දක්වලා මාව දිරිමත් කළාට. හැකි උපරිමයෙන් උපසිරැසිකරණයේ නිරත වෙනවා.
Udara Damith B\K
බොහොම ස්තූතියි
Chinthaka Bandara
අදහස් දක්වලා මාව දිරිමත් කළාට ස්තූතියි.
Ishan Madusha
නියමයි සහෝ නියමයි.ගොඩාක් මහන්සි වෙලා මේ වගේ කතා මාලාවකට උපසිරැසි කරපු එක අගය කරන්න
වටිනා වැඩක්.මම පාසල් යන කාලෙ දෙතුන් වතාවක්ම මේක බැලුවා ජාතික රූපවාහිනියෙ පෙන්නපු නිසා
ආයෙත් බලනවා සහෝ ගෙ උපසිරැසි වලට පින් සිදු වෙන්න.ජය වේවා!Chinthaka Bandara
ස්තූතියි සහෝ වටිනා කාලය කැප කරලා මාව දිරිමත් කරන්න අදහසක් තියලා ගියාට.
kavinda
බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දක්වලා දිරිමත් කළාට. අනාගතයේදී කාල වේලාව තියෙන විදිිහට උපසිරැසි දෙන්න උත්සාහ කරන්නම්.
summer
sub file මොකටද torrent file නැතුව? වෙන ක්‍රමයක් තියෙනවද video එක downලෝඩ් කරගන්න?
Chinthaka Bandara
ටොරන්ට් ලින්ක් එක හොයාගන්න අපහසුයි නම් G+ හරහා මාව සම්බන්ධ කරගන්න. මං ටොරන්ට් ලින්ක් එකක් දෙන්නම්.
sameera
niyamai
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දැක්වුවාට. ඔයාලාගෙ අදහස් තමයි අපි රැස්කරන ධනය.
Amila Jayan Priyankara
meke sub dala tyennnew karapu akakta ai sub dannna apa,
Chinthaka Bandara
බයිස්කෝප් සයිට් එකේනම් පලකරලා නෑ නේද? මං දන්නෙ නෑ වෙන තැනක තියෙනවද කියලා නම්. අඩුම තරමේ මේකේ ඉංග්‍රීසි සබ් එකක්වත් මටනම් හොයාගන්න බැරිවුනා. මේකේ ටයිම් ලයින් එකේ ඉඳලා හැදුවේ මං.
ප්‍රියදර්ශන
chinthaka, torrent eka download karanna puluwan site ekak kiyanna, thank you....
Chinthaka Bandara
G+ හරහා මාව සම්බන්ධ කරගන්න සහෝ. මං ටොරන්ට් එක ගන්න ලින්ක් එකක් දෙන්නම්.
Anonymous
send me a link
Wgk Chathuranga
meke torrent ekk den kohewath hoyaganna amarui thibunu torrent site ekawath kiyanawada plzz
Chinthaka Bandara
FB Inbox බලන්න
Chinthaka Bandara
ටොරන්ට් ලින්ක් හොයාගන්න බැරිනම් G+ (Google Plus) හරහා මාව සම්බන්ධ කරගන්න.
Madhushanka
Download karaganna torrent link 1k dennako
Anonymous
bro link eka danawada
Chinthaka Bandara
බයිස්කෝප් අඩවියේ ටොරන්ට් ලින්ක් ලබා දෙන්නේ නෑ සහෝ. G+ හරහා මාව සම්බන්ධ කරගන්න.
Saketha Pulasthi
එල..එල...මේ ලගදිත් රූපවාහිනියේ ගියා..ඔක්කොම ටික බලන්න බැරි උනා..දැන් ඉතින් නිවී සැනසිල්ලේ බලනවා
උපසිරසියට බොහොම ස්තූතියි :)Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දක්වලා මාව දිරිමත් කළාට.
Rithesh
thank you a, Relic hunter, Zack files, Round the twist , Smallville මේවටත් කාටහරි සබ් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
Chinthaka Bandara
අනාගතයේදී දෙන්න උත්සාහ කරන්නම් සහෝ. අදහස් දැක්වූවාට ස්තූතියි.
වයන්ත
සුපිරිම වැඩක් සහෝ මේකනං, සෑහෙන මහන්සි වෙලා තියනව අනිවා,
අද කාලේ ලොකු ලොකු කතා වලින් tv serious බලන්න පටන් ගන්න පොඩි උන් අනිවා බැලිය යුතු කතාවක් මේක,
ගොඩක් ස්තුතියි සහෝ sub එකට දිගටම sub දෙන්න එහෙනං,
ජය වේවා!Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දැක්වුවාට. මේ කතාමාලාව පිස්සුවෙන් වගේ බලපු රසවත් අතීතයක් තිබුණා. ඒ නිසාමයි උපසිරැසි නොමැති අඩුපාඩුව සපුරන්න මේ වෑයම් කළේ. හැකි උපරිමයෙන් උපසිරැසි ලබා දීමට දායකත්වය දෙනවා.
Chinthaka Bandara
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මං කරපු පළමෙනි උපසිරැයිය තමයි මේ. ඉතිනි වැරදි අඩුපාඩු නම් ගොඩාක් ඇති. මොකද මේක අසා ලිවීමක් තමයි කළේ. මං හිතන්නෙ නෑ රසවින්දනයට බාධා වෙන තරම් වැරැද්දක් තියෙනවා කියලා. ඉතින් අදහස් පලකරපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තූතියි. මායාබන්ධන S2 මකර රජදහන වෙනුවෙන් උපසිරැසි සකස් කරමින් පවතිනවා. ඒ වගේම පුලුවන් උපරිමයෙන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරැසි සිකුත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. බයිස්කෝප් සිංහලෙක් ඇඩ්මින්වරුන් ඇතුලු සියළුම දෙනාට ස්තූතියි රසිකයන් වෙනුවෙන් මගේ උපසිරැසිය පළ කළාට.
thilina
macan season 2 ekath demu hode
Eranga Mahesh Mapa
Torrent site එක දෙන්න පුලුවන්ද?
Suren N. Semage
Ela bro.
Chinthaka Bandara
අනිවා දෙනවා සහෝ. මේ සීසන් එක ඉවර වුන ගමන්ම Spellbinder Land of the Dragon Lord එකට සබ් දෙනවා.
Chinthaka Bandara
බයිස්කෝප් අඩවියේ ආරක්ෂාව වෙනුවෙන් බයිස්කෝප් අඩවියේ ටොරන්ට් ලින්ක් පලකරන්නේ නෑ. ටොරන්ට් ෆයිල් එක හොයාගන්න අමාරුනම් G+ හරහා මාව සම්බන්ධ කරගන්න.
bathiya
G+ kiyanne mokadda
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chinthaka Bandara
උපසිරැසිකරණයේ දැවැන්තයෙක් විදිහට උබේ වටිනා කාලය කැපකරලා මාව දිරිමත් කළාට ගොඩාක් ස්තූතියි රොයිලි සහෝ. අනාගතයේදීත් බයිස්කෝප් සිංහලෙන් වෙඩ් අඩවිය වෙනුවෙන් හැකි උපරිම දායකත්වය ලබා දෙන්නට උත්සාහ කරනවා.
Rishan
Meke season 1 eke okkoma episodes tika download karaganne kohomda sinhala subtitle ekka?
Chinthaka Bandara
මේකේ ටොරන්ට් එක හොයාගන්න. ටොරන්ට් එකේ කොටස් ඔක්කොම අන්තර්ගත වෙනවා. සිංහල උපසිරැසි නම් ඒකේ අන්තර්ගත වෙන්නේ නෑ. දිනපතා බයිස්කෝප් අඩවියෙන් ලබාදෙන උපසිරැසිය භාගතර කරගන්න. ටොරන්ට් එක හොයාගන්න අමාරු නම් G+ හරහා මාව සම්බන්ධ කරගන්න. මං ඔයාට ටොරන්ට් ෆයිල් එක ගන්න ලින්ක් එකක් දෙන්නම්.
https://plus.google.com/115987405414399820911chamindu
aiye mta spellbinder 2 eke link ekak one
Hemantha
shaaa niyamai.... bala bala hitiye meka....aththamai podi kaale mona boruwa hari daala meka nam balanawaamai.balanna bariwunadaata ithin ninda yanne naa tharahata...dukata...
dan ithin ayith balanna kaale avith,,,thankx mcn e kaaaleta ayeth yanna awasthawak dunnataishanka
elz.thanks sub ekata
niranjan
ayye sub tikanam maru...ela wadak season 1 ekenam okkoma sub thibba...eth season 2 eke part 14 ta wenakan withaeaine sub thiyane...
kumari
Thank you... Appriciate your job highly.
Sasanka Fernando
Sub ekata thanks saho... :)
Anonymous
Meka download karaganne kohomada tv series eka
Suren N. Semage
Pissu hedenawa banz, mona TV series eka beluwath meka tharan asa hithena series ekak thawath ne. Godak Sthuthi.
Heshara
Ane plz broz mata download link ekak ewanna plzzzzzzz
තරිඳු රසාංග
බොහොම ස්තුතියි චින්තක සබ් එකට.තවත් මේ වගේ පරණ ඒවට සබ් දෙමු.ජයවේවා!
lasaa
Ela
gehan
niyamai ,godak thank you
tishan ranaweera
Torrent eka ganna thanak thiyeida>
Anonymous
super
Anonymous
download link eka tiyenwda
nimsara
download link eka tiyenwda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E01] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

පට්ට පට පට..... I'm the first .... Kalekata passe wadaknathi tv series athare kollek niyama ekak patan aragena..... niyamayi bro digatama wade karagena yamu.... wade nm ela...