ඔන්න එහෙනම් මායාබන්ධන රසිකයන්ට දෙවනි කොටසත් අරන් ආවා. ඉතින් පළමු කොටස කොහොමද? සබ් හොඳයිද? වැරදි අඩුපාඩු නම් ගොඩක් ඇති නේද? ඉතින් මායාබන්ධන රසිකයන්ට නම් මායාබන්ධන තීම් මියුසික් එක ඇහුනත් ඇතිනෙ නේද? ඒ කියන්නෙ කතාව ගැන ගොඩාක් දේවල් නම් කියන්න ඕනි නෑ. නමුත් බයිස්කෝප් අඩවිය උපසිරැසියත් එක්ක ලිපියක් පලකර…

ඔන්න එහෙනම් මායාබන්ධන රසිකයන්ට දෙවනි කොටසත් අරන් ආවා. ඉතින් පළමු කොටස කොහොමද? සබ් හොඳයිද? වැරදි අඩුපාඩු නම් ගොඩක් ඇති නේද? ඉතින් මායාබන්ධන රසිකයන්ට නම් මායාබන්ධන තීම් මියුසික් එක ඇහුනත් ඇතිනෙ නේද? ඒ කියන්නෙ කතාව ගැන ගොඩාක් දේවල් නම් කියන්න ඕනි නෑ. නමුත් බයිස්කෝප් අඩවිය උපසිරැසියත් එක්ක ලිපියක් පලකරන නිසා පොඩි ලිපියකුත් ලියන්නම්.
ඔයාලට මතකද පළවෙනි කොටස ඉවර වුන විදිහ? පෝල්, ඇලෙක්ස්, කැත්‍රීනා ඇතුලු කණ්ඩායම කඳවුරුගතවෙන්න යන්නේ සූර්යග්‍රහණයක් බලන්න. ඒ ගැන පර්යේෂණ කරන්න. ඉතින් පෝලුයි ඇලෙක්සුයි කොහොමහරි කැමරා ඔබ්සික්‍යුරාවකුත් හදාගෙන වැඩේ කරගෙන යනවා. මේ අතරෙ ගුරුතුමිය මෙයාලා එක්කන් යනවා ගුහාවකට. මේක හොල්මන් තියෙනවා කියලා විශ්වාස කරන තැනක්. නමුත් මේ වන තෙක් කිසිම කෙනෙක් ඒ හොල්මන් ඡායාරූප ගතකරලා නම් තිබුනෙ නෑ. ඉතින් මේ ගැන අහපු කැත්‍රීනට නම් පොඩි ආසාවක් ඇතිවෙනවා හොල්මන් ෆොටෝ ගන්න. මෙයා එයාගෙ හෙයෙළියත් කතා කරගෙන හොරෙන්ම ගුහාවට යන්න කතා කරගන්නවා. නමුත් මේක තව කෙනෙක් අහගෙන ඉන්නවා. ඒ ඇලෙක්ස්. ඇලෙක්ස්ට ඕනි කැත්‍රීනව බය කරලා කොහොම හරි කැත්‍රීනා එයාගෙන් ගත්ත ඩොලර් 20 ආපසු ගන්න. ඉතිනි අකමැත්තෙන් නමුත් පෝලුත් මේ ගමනට සහභාගි කරගන්න ඇලෙක්ස් සමත් වෙනවා. රාත්‍රෙය් ඇලෙක්සුයි පෝලුයි හැංගිලා ඉන්නවා ගුහාව ලඟ කැත්‍රීනට හොල්මන් පෙන්වන්න. නමුත් කැත්‍රීනා නම් භය වෙන්නෙ නෑ. නමුත් මේ වෙලාවේ පොඩි අත්භූත සිද්දියක් සිද්ධ වෙනවා. එකපාරටම එයාලා බැන්ද කම්බිය දිගේ විදුලි ධාරාවක් ඇවිල්ලා අමුතු දෙයක් ඇතිවෙනවා. පොල් එතනට ගිහිල්ලා බලනවා ඒ මොකක්ද කියලා. එතකොටම පෝල් අතුරුදන් වෙනවා. ඇලෙක්සුයි කැත්‍රීනයි හොඳටම කලබල වෙලා පොලීසියටත් කියලා පෝල්ව හොයනවා. නමුත් පෝල් ගැන කිසිම සලකුණක් හොයාගන්න කාටවත් බැරි වෙනවා.
එකපාරටම පෝල්ට අමුතු යම් දෙයක් පේනවා. පෝල් ලඟට ගිහින් මේක අල්ලලා බලද්දි මේක බිම වැටෙනවා. එතකොටම කවුද කෙනෙක් පෝල්ව අල්ලා ගන්නවා. නමුත් පෝල් එයාගෙන් බේරිලා දුවනවා. ඉතින් පෝල්ට යන එන දිහාවක් හොයාගන්න බැරුව ඇලෙක්ස්ටයි කැත්‍රීනටයි කතා කරකර ඇවිදගෙන යනවා. පෝල් දන්නෙ නෑ තමන්ට මොකද වුනේ, මේ ඉන්නේ කොහේද කියලා. ඉතින් පෝල්ට නින්ද යනවා එක තැනක. පහුවදා උදේම නැගිටලා ඇවිදගෙන යද්දි පෝල් දකිනවා ගිනි ගොඩක්. ඉතින් මෙතනට කිට්ටු වෙලා බලද්දි කවුරුත් නෑ. එක පාරටම පෝල් යම් දෙයකට හිරවෙනවා. මෙයා පෝල්ව බිම දාගෙන අල්ලාගන්නවා. ඉතුරු ටික දැනගන්නනම් මේ කොටස බලන්නම වෙනවා. පෝල් අල්ලා ගත්තේ කවුද? එයා පෝල්ට මොනවා කරයිද?
වැරදි අඩුපාඩු නම් ගොඩාක් ඇති. ඒවටත් සමාව ඉල්ලනවා. එහෙනම් තුන්වෙනි කොටසින් හමුවෙනකන් ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
851 downloadsDownload Spellbinder-S01E02.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
10 comments
Saketha Pulasthi
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
praneeth madu
ela mcn
Chamara Ekanayake
Thank You Very Much Brother. Waiting For This......
Imila Umeshan Amarasinghe
ela mcn........... thanx
Udara Damith B\K
ස්තුතියි උපසිරැසියට
Udara Damith B\K
තැන්ක්ස්'
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ishanka
elz.thanks sub ekata
Neranja
ගොඩාක් ස්තූතියි සබ් එකට.. ඒත් torrent එකක් හොයාගන්න බෑ. ගත්ත කෙනෙක් වැඩකරන link එකක් දෙන්න. ලොකු උදව්වක්. 2020.12.27 try කලෙ ගන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E02] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

උපසිරසියට බොහොම ස්තූතියි :)