Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E07] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? ඔන්නමං පොරොන්දු වෙච්ච විදිහටම 07 වෙනි කොටසත් අරන් ආවා. අදහස් දක්වලා උපසිරැසිය අරන් ගියපු සියළුම දෙනාට ගොඩාක් ස්තූතියි. ඉතින් සුපුරුදු විදිහටම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මතකයිනේ සන් අශ්කාත් එක්ක කැතීගේ ලෝකෙට චොකලට් හොයාගෙන ආවා කියලා. අශ්කා සන්ව ගල්කුලකින් පහළට තල්ල…

Spellbinder-TV

ඉතින් කොහොමද යාළුවනේ? ඔන්නමං පොරොන්දු වෙච්ච විදිහටම 07 වෙනි කොටසත් අරන් ආවා. අදහස් දක්වලා උපසිරැසිය අරන් ගියපු සියළුම දෙනාට ගොඩාක් ස්තූතියි. ඉතින් සුපුරුදු විදිහටම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්.

මතකයිනේ සන් අශ්කාත් එක්ක කැතීගේ ලෝකෙට චොකලට් හොයාගෙන ආවා කියලා. අශ්කා සන්ව ගල්කුලකින් පහළට තල්ලු කරලා ආපහු මෙක්වත් අරගෙන මකර රජදහනට ගියා. ඉතින් අශ්කා ආයාව හමුවෙලා සන්ට වෙච්ච කරදරය ගැන කියනවා. සන් විශාල රාක්ෂයෙක් පියාඹාගෙන ඇවිල්ලා සන්ව අල්ලන් කූඩුවට අරන් ගියා කියලා තමයි ආයාට කියන්නේ. මේ වෙලාවේ කැතිත් මෙතන ඉන්නවා. ඉතින් කැතී අහනවා මේ රාක්ෂයා ගැන. අශ්කා කියන්නේ විශාල කොලපාට කටුස්සෙක් වගේ පෙනුම තියෙන එකෙක් සන්ව අරන් ගියා කියලා. ඉතින් කැතී හිතන්නේ මේ කිඹුලෙක් කියලා. ඉතින් සන් මැරුණා කියලා රාජධානිය පුරාම පතුරවා හරින්නේ මිනිස්සුන්ට දැනගැනීමට. දැන් මකර අධිරාජයා බවට පත්වෙන්නේ ආයා කුමරිය. ආයා කුමරියත් අශ්කාව උපදේශක තනතුරේ තියාගන්නවා. ඉතින් අශ්කාට නම් මේක හරි ලොකූ දෙයක්. එයා සියලුම දෙනාට අණ දෙන්න පටන් ගන්නවා වගේම ආයා කුමරියගේ අනුදැනුම නැතුව යම් යම් වැඩ කරන්නත් ලෑස්ති වෙනවා. කැතීට නම් අශ්කා ගැන සැකයක් ඇතිවෙලා. මොකද අශ්කා මෙක්ට කියලා තියෙන්නේ කලු පාට රාක්ෂයෙක් කියලා. ආයා අතින් කීවේ කොල පාට රාක්ෂයෙක් කියලා. ඉතින් මේ පරස්පරය නිසා ආපහු කැතී අශ්කාගෙන් අහනවා මේ රාක්ෂයා ගැන. අශ්කා කැතීට මාලිගාවේ නිදහ නැති කරලා චිමිනිය සුද්ද කරන තණතුර ලබා දෙනවා. ඉතින් කැතී මෙක්ව හමුවෙලා විස්තරය කියනවා. මෙක් කරන්නේ කැතීව ගෙදර යවන එක.

සන් කැතීගේ ලෝකෙ ඇවිදගෙන යන්නේ කිසිම අදහසක් නැතුව. රාක්ෂයෝ ගොඩක් හමුවෙනවා. ඉතින් සන් උන්ගෙනුත් අමාරුවෙන් බේරිලා ඇවිද ඇවිද ඉන්න අතරේ තමයි කැතී මේ ලෝකෙට එන්නේ.

ඉතින් භ ලඟට මොනවා වෙයිද කියලා දැනගන්න නම් මේ කොටස අරගෙන බලන්න. ඒ වගේම හොඳ නරක කියලා කමෙන්ට් එකකුත් දාන්න. පුලුවන් ඉක්මනින් 08 වෙනි කොටසත් අරන් එනවා. එතකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා කියලා පතනවා.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E07.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

686 downloadsDownload Spellbinder.S02E07.zip16 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

686 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.