Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E08] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මං 08 වෙනි කොටසත් අරගෙන ආවා. මං හිතනවා පහුගිය කොටස රසවිඳින්න ඇති කියලා. ඉතින් සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන ටිකක් කියන්නම් අමතක වුනා නම් මතක් වෙන්නත් එක්ක. ජෝෂ් අම්මවයි තාත්තාවයි ශාරක්ගේ හමුදාවෙන් ගලවා ගන්නා මෙහෙයුමක් දියත් කරලා තිබුනේ. ඉතින් අන්තිමේදි කොහොම හරි ජෝෂ් අම්…

Spellbinder-TV

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මං 08 වෙනි කොටසත් අරගෙන ආවා. මං හිතනවා පහුගිය කොටස රසවිඳින්න ඇති කියලා. ඉතින් සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන ටිකක් කියන්නම් අමතක වුනා නම් මතක් වෙන්නත් එක්ක.

ජෝෂ් අම්මවයි තාත්තාවයි ශාරක්ගේ හමුදාවෙන් ගලවා ගන්නා මෙහෙයුමක් දියත් කරලා තිබුනේ. ඉතින් අන්තිමේදි කොහොම හරි ජෝෂ් අම්මාවයි තාත්තාවයි ජීප් එකට නංගා ගන්නවා. කට්ටියම ශාරක්ගෙන් ගැලවිලා යනවා. ඉතින් මේ අයට කල්පනා වෙනවා මකර අධිරාජයා කියන කෙනාගෙන් කැතීව හොයාගන්න උදවු ඉල්ලන්න පුලුවන් වෙයි කියලා. ඉතින් කට්ටිටම ජීප් එකෙන් මායිම තරණය කරන්නයි ලෑස්තිය. නමුත් යෝධ යුධභටයා නම් නිකන් ඉන්නේ නෑ. සාමයෙන් ආවත් මායිම තරණය කරන්න ඉඩ දෙන්නේ නෑ. ඉතින් මේ කට්ටියටත් ඒ විදිහටම පහර කන්න සිද්ධ වෙනවා. ඉතින් මොනවා කරන්නද නේද? ශාරක්ගේ හමුදාව පිටිපස්නේ බලාගෙන ඉන්නවා මෙයාලා යන විදිහ. මෙයාලට ඉස්සරහට යන්න විදිහකුත් නෑ පසුපසට යන්න විදිහකුත් නෑ. අන්තිමේදි ජෝෂ්ගේ අදහසක් පරිදි වේගෙන් යන්න හිතාගෙන වාහනය පස්සට ගන්නවා ශාරක්ගේ හමුදාවට දුම් බටවලින් පහර දීලා. ඉතින් කාල් මේගෙන් මේසීමාව පසු කරනවා. නමුත් ජෝෂ් නෑ. ජීප් එ පිටුපසට ගන්න වෙලාවේ ශාරක්ගේ ගෝලයෙක් වෙන ගබ්බෝ ඇවිල්ලා ජෝෂ්ව අල්ලා ගන්නවා. නමුත් ජෝෂ් නම් අහුවෙන්නේ නෑ. මෙයා පැනලා දුවනවා. දැන් කාල්-විකී දෙන්නා මායිම තරණය කරලා. ජෝෂ් මෙහා පැත්තේ දුවනවා. කොහොම නමුත් ජෝෂ් කිමිදුම් කට්ටලයක් තමයි ඇඳගෙන හිටියේ. ඉතින් මෙයා ගඟ හරහා පීනලා මායිම තරණය කරනවා. අන්තිමේදී මෙයා දියකිඳුරෙක් බවට පත් වෙනවා. ජස්මින් මෙයාව අල්ලාගෙන ගමට අරන් යනවා. ගමේ මිනිස්සු හිතන්නේ මෙයා දියකිඳුරෙක් කියලා. දියකිඳරෙක් අල්ලාගත්තම වර තුනක් ඉටුකරගන්න පුලුවන් කියලා මෙයාලා විශ්වාස කරනවා. ඒ නිසා ජස්මින් පළවෙනි වරය ඉල්ලගන්නවා. එයා පත්මීම ලබන්න කැමති විනෝදය සපයන්නෙක් විදිහට. ඒ නිසා දියකිඳුරා ලවා මේ ප්‍රාර්ථනය ඉටු කරවාගන්න ජස්මින් ලෑස්ති වෙනවා.

ඉතින් කැතී සන්ගේ ලෝකයේ ඉඳලා ආපහු එයාගෙ ලෝකෙට එන්නයි ලෑස්ති වෙන්නේ. මෙක් එයාට උදවු කරනවා මේ ලෝකෙට එන්න. මොකද අශ්කා කැතීට කරදරයක් වේගෙන එන නිසා. තමන්ගේ ලෝකෙට ආව කැතී ඇවිදලා බලන්නේ තමන්ගේ අම්මලා කොයි කියලා. නමුත් කැතීට හොයාගන්න බැරි වෙනවා. කැතී ඇවිද ඇවිද යනකොට සන්ගේ කටහඬ ඇහෙනවා. කැතී ඉක්මනට ඒ පැත්තට දුවලා ගිහින් බලද්දී සන් තමයි. සන්ට කොල්ලෝ දෙන්නෙක් එකතු වෙලා ගහන්න පන්නනවා. සන් දුවනවා. කැතී කොහොම හරි සන්ව බේරාගන්නවා.

කැතීගේ අම්මලා කැතීව හොයන්න ගිහින් තියෙන්නේ ලියුම් කෑල්ලක් තියලා. කැතී ඒක බලලා කඳවුරටම වෙලා ඉන්නේ අම්මලා එනකල්. සන්ට බඩගිනි වෙලා චොකලට් කනවා. ඉතින් මේ ඉන්නකොට කැතීට මතක් වෙනවා සන් හැම වෙලේම මේ කියන රාක්ෂය ගැන අහන්න. සන් කියනවා මෙක් එක්ක බෝට්ටුවෙන් ආව වෙලාවෙත් රාක්ෂයෙක් පැන්නුවා කියලා. කැතී අහනවා ඒ රාක්ෂයා කොයි වගේද කියලා. සන් කියන්නේ කැතීගේ තාත්තාගේ ජීප් එක ගැන කියලා තේරුම් ගන්න කැතීට වැඩි වෙලාවක් ගතවෙන්නේ නෑ. ඉතින් ඉක්මනින්ම මේ දෙන්නා බෝට්ටුව තිබෙන තැනට යන්න පිටත් වුනත් වෙළඳ දැන්වීම් හදපු අය බෝට්ටුව පටවාගෙන යනවා. මේ දෙන්නා කෑගැහුවත් බෝට්ටුව ගන්න බැරි වුනා.

ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස අරගෙනම බලන්න වෙනවා. එහෙනම් 09 කොටසත් අරන් පුලුවන් ඉක්මනින් ආපහු එන්නම්. එතකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E08.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

725 downloadsDownload Spellbinder.S02E08.zip19 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

725 downloadsDownload Subtitles19 KB

10 comments

  1. Jack

    බොහෝම ස්තුතියි මචන්....
    ජය...

  2. Ishan Madusha

    ස්තුතියි සබ් එකට

  3. Ishanka

    Thank saho sub ekata

  4. කනිශ්ක ලක්මාල්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴෴

  5. රයන් ද සිල්වා

    නියමයි නියමයි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. King Ruwan

    Thanks saho... budu saranai.....

  8. Rasindu Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  9. Udara Damith B/K

    බොහොම ස්තූතියි.....................

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P