Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E06] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ශාරක්ගේ මිලේච්ඡ හමුදාවට අහුවෙච්ච කාල් සහ විකී දෙන්නා වාහනයත් එක්කම ශාරක්ගේ බලකොටුටව අරන් යනවා. අතරමඟදී ශාරක් මුනගැහනවා. ඉතින් ශාරක්ගේ පේන කියන්නා මන්තරයක් එහෙම මතුරනවා ශාරක්ගේ ආරක්ෂාවට. ජෝෂුත් මේ කට්ටිට පස්සෙන් හෙමීට හෙමීට එනවා හැංගි හැංගි. දෙන්නව අරන් කඳවුරට ගිය ශාරක් මකර අධිරාජයා ගැන විස්තර අහනවා…

Spellbinder-TV

ශාරක්ගේ මිලේච්ඡ හමුදාවට අහුවෙච්ච කාල් සහ විකී දෙන්නා වාහනයත් එක්කම ශාරක්ගේ බලකොටුටව අරන් යනවා. අතරමඟදී ශාරක් මුනගැහනවා. ඉතින් ශාරක්ගේ පේන කියන්නා මන්තරයක් එහෙම මතුරනවා ශාරක්ගේ ආරක්ෂාවට. ජෝෂුත් මේ කට්ටිට පස්සෙන් හෙමීට හෙමීට එනවා හැංගි හැංගි. දෙන්නව අරන් කඳවුරට ගිය ශාරක් මකර අධිරාජයා ගැන විස්තර අහනවා. මොකද ශාරක් හිතන්නේ මකර අධිරාජයා මේ කට්ටිට එව්වේ ශාරක්ගේ හමුදාව ගැන ඔත්තු බලන්න කියලා. ශාරක් නම් මෙයාලා කියන දේ පිලිගන්නේ නෑ. ඇත්ත කියනකන් මෙයාලට කෑම නොදී හිරකරන්න ශාරක් අණ කරනවා.

මේ අතර ජෝෂ් මෙයාලව ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරලා. ජෝෂ් කිමිදුම් ඇඳුමක් ඇඳගෙන කාර් එක බලාගන්න ශාරක් යොදවපු යුධ භටයා ගබ්බෝ බයකරනවා. ජෝෂ් ශාරක්ගේ කඳවුර ඇතුලටම ඇවිල්ලා හැංගිලා ඉන්නේ. ශාරක් තව දවස් දෙකකින් මකර රාජධානිය ආක්‍රමණය කරන්න යන්න හිතාගෙන හොඳටම බීලා නිදාගන්නවා. ජෝෂ් ගබ්බෝගෙ ඇඳුම් හොරෙන් අරගෙන වෙස් වලාගන්නවා. මොකද අහු නොවී ඉන්න නම් ඒ ඇඳම් ඇඳුගෙන බැරි නිසා.

කැතී නම් දැන් මාලිගාවේ ඉන්නේ. සන් එයාට යන්න දෙන්නේ නැතිවෙයි වගේ. ඉතින් කැතී නම් සන් එක්ක ටිකක් තරහින් ඉන්නේ. මොකද කැතී බලන් ඉන්නේ ගෙදර යන්න නිසා. අම්මලා දුක් වෙනවා ඇති කැතී නැතුව කියලා කැතී හිතන නිසා. නමුත් සන් කැතීව ගෙදර යවන්න කැමති කරවාගන්න ටිකක් අමාරුයි වගේ. ඒනිසා ආයා මෙක්ට හොරෙන්ම මාලිගාවට ගෙන්න ගන්නේ හොරෙන්ම අලුත් බෝට්ටුවක් හදන්න කියන්න. මෙක් ආයා හමුවෙලා කීව දෙයින් ආයා ගොඩාක් සතුටු වෙනවා. මෙක් කියනවා එයා බෝට්ටුව පිච්චුවේ නෑ කියලා. එයා බෝට්ටුව පුච්චනවා වගේ බොරුවක් තමයි කරලා තියෙන්නේ. ඉතින් මෙක් ආයාට කියපු මේ රහස අශ්කා අහගෙන හිටියා. දැන් අශ්කානේ සන්ගේ උපදේශක. ඉතින් අශ්කා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ආයාට හොරෙන් මෙක්ව එක්කන් යනවා සන් ලඟට. සන් දැන් බොහොම කනගාටුවෙන් ඉන්නේ චොකලට් නැතුව. චොකලට් වගේ වෙන දේවල් හදලා දුන්නට සන්ව පිනවන්න බෑ. ඉතින් අශ්කා ගිහින් සන්ට කියනවා එයා මෙක්ට බෝට්ටුව පුච්චන්න දුන්නේ නෑ කියලා. සන් අශ්කා ගැන හරිම සතුටු වෙලා මෙක්ට අණ කරනවා සන්ව අරන් කැතීගේ ලෝකෙට යන්න කියලා චොක්ලට් ගේන්න. කැතීගේ ලෝකෙට ගිය අශ්කා සන්වත් එක්කන් යන්නේ චොක්ලට් හොයාගෙන. මෙක්ට නම් එන්න දුන්නේ නෑ. මොකද බෝට්ටුවේ ආරක්ෂාවට කියලා මෙක් බෝට්ටුව ලඟ තියලා තමයි මෙයා සන් එක්කන් යන්නේ. සන්ව එක්කන් ගියපු අශ්කා සන්ව ගල්කුලකින් පහළට තල්ලු කරලා දුවනවා. මෙක්ට කියනවා සන් රාක්ෂයෙක්ව අල්ලන් ගිල්ලා කියලා. රාක්ෂයා පන්නනවා කියලා බෝට්ටුව පණගන්වාගෙන මෙක්වත් අරගෙන ආපහු මකර රජදහනට එනවා. සන් දුවගෙන ආවත් බෝට්ටුවට නැගගන්න නම් ලැබෙන්නේ නෑ. ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද කියලා දැනගන්න නම් මේ කොටස අරගෙනම බලන්න වෙනවා. එහෙනම් පුලුවන් ඉක්මටන ඊලඟ කොටස අරන් එනකන් මේක රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ජයවේවා!!!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E06.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

713 downloadsDownload Spellbinder.S02E06.zip15 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

713 downloadsDownload Subtitles15 KB

12 comments

  1. Ishan Madusha

    ස්තුතියි සබ් එකට

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ishanka

    Elzz.thank saho sub ekata

  4. Jack

    බොහෝම ස්තුතියි මචන්...
    ජය..

  5. sanka

    machan download karaganna link ekak euwe ne ne thama.... mama fb eken msg ekak damma

  6. Sameera Prasath

    THANKS

  7. Deepal Chamara

    Sub ekata thanks. Podi dayak kiyannada machan ma tv series eka ban godak aya sinhala sub ekka tv eka balala thiyanawa. Meka download karala thiyana ganinma eka penawana. Thawa supiri tv series thiyanawa kawruth sub Karala nathi ai a wage Ewa karanna natta. House m.d kiyana tv series eka 8.8 imdb ratings thiyanawa. a wagema the heroes tv series ekath supiri. Ma wage ewalata sub karanna puluwannam ela. Machan Sub karala balandako kochchara download karaida kiyala. Kohoma unath sub ekata thankx.

    1. Chinthaka Bandara

      ඔව්. සබ් එක නම් බගෙන තියෙන්නේ අනික්වාට සාපේක්ෂව ගොඩක්ම අඩුවෙන්. මේ වගේ පරණ කතාමාලාවක් මෙච්චර පිරිසක්වත් බාගත්ත එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. මං මේක කළේ මේක දෙනකන් බලන් හිටිය එක්කෙනෙක් දෙන්නෙක් හරි හිටිය නිසා. මායාබන්ධන කියන කතාමාලාවට පිස්සු වැටිච්ච රසිකයෝ පිරිසකුත් ඉන්නවා. සාපේක්ෂව නම් ගොඩක් අඩුයි. අනික උණු කැවුම් වගේ බාන අලුත් කතාමාලාවන් කරන්න ඕනි තරම් කට්ටිය ඉන්නවා. ඒ අය ඒවා කරගෙන යනවා. මේ වගේ පරණ කතාමාලාවන්වලට උපසිරැසි කරන්න තමයි කට්ටිය අඩු. ඒ නිසයි මේකට මං උපසිරැසි කළේ. අනික අලුත් කතාමාලාවකට උපසිරැසි කරනවානම් උණු පිටින්ම දෙන්න ඕනි. ඒ වගේ කතාමාලාවක් බාර ගත්තම කරන්න මට අමාරුයි. මොකද මං මේවා කරන්නේ විවේක වෙලාවට. ජොබ් එකට ගිහින් ඇවිල්ලා. ඒ නිසයි මං පරණ ඒවට උපසිරැසි කරන්නේ. ඉදිරියටත් පරණ කතාමාලාවන් සඳහා උපසිරැසි ලබා ගැනීමට මගෙත් එක්ක රැඳිලා ඉන්න. අදහසට ගොඩාක් ස්තූතියි සහෝ.

    2. Deepal Chamara

      Machan. Man ma kiyapu tv series 2 th paranai. Dr house 2004 thama patan aran thiyanna. heroes ekath 2006. puluwannam sub denna machan.

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..

  9. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P