ආයුබෝවන්, ඔන්න Squid Game 2 වෙනි සීසන් එක ඇවිල්ලා වැඩි දවසක් යන්නත් කලින් තුන්වෙනි සීසන් එකත් එළියට ආවා. මේක තමයි Squid Game අවසානම සීසන් එක වෙන්නේ. මෙතනින් මේ සීරීස් එක නිමාවට පත්වෙනවා. Netflix එක නිළ වශයෙන්ම නිවේදනය කරලා තියෙන්නේ නම් එහෙම. මගේ පෞද්ගලික මතය නම් මේක සීසන් 3කින් මේ විදියට නවත්තලා දා…

ආයුබෝවන්, ඔන්න Squid Game 2 වෙනි සීසන් එක ඇවිල්ලා වැඩි දවසක් යන්නත් කලින් තුන්වෙනි සීසන් එකත් එළියට ආවා. මේක තමයි Squid Game අවසානම සීසන් එක වෙන්නේ. මෙතනින් මේ සීරීස් එක නිමාවට පත්වෙනවා. Netflix එක නිළ වශයෙන්ම නිවේදනය කරලා තියෙන්නේ නම් එහෙම. මගේ පෞද්ගලික මතය නම් මේක සීසන් 3කින් මේ විදියට නවත්තලා දාන එක ගොඩක් හොඳ තීරණයක්. මේ වගේ සුපිරිම නිර්මාණයන් එක දිගට ඇද්දුවම නිරපරාදේ සම්පූර්ණ සීරීස් එකේම ප්‍රතිරූපයට හානි වෙනවා.
ඉතින් Netflix හි අංක එකේ ඉංග්‍රීසි නොවන මේ කතාමාලාවේ තුන්වෙනි සහ අවසාන සීසන් එකට මම තමයි ඔයාලට සිංහල උපසිරැසි අරගෙන දිගටම එන්නේ. කොරියානු කතා මාලාවකට උපසිරැසි ගන්වන මේ මගේ පළමු අවස්ථාව.මේ පාර නම් ගේම් එක වෙනස්. ඊට වඩා දරුණුයි. ඊට වඩා මාරකයි… Netflix එකෙන් මේ කොටස් 6ම එකවර තමයි ජූනි 27 වෙනිදා නිකුත් කෙරුවේ. ඒ නිසා මම මගේ අතින් පුළුවන් උපරිම වේගෙන් උපසිරැසි හදලා තමයි ඔයාලට මේ අරන් එන්නේ. මේක අවසාන සීසන් එක නිසා කිසිම කොටසක් මඟ නොහැර උපරිම ගුණාත්මකතාවයෙන් කරන්න තමයි මගේ අදහස. මේ සුපිරි නිර්මාණය ගැන මුලින්ම හිතට ආවේ හවාං දොං-හියොක් කියන දක්ෂ අධ්‍යක්ෂවරයාට. එයා 2009 දී තමයි මේ කතාව ලියන්න පටන් ගත්තේ. ඒත් ඒ කාලේ කවුරුත් මේක භාර ගත්තේ නෑ. ඇයි දන්නවද? මේක හරි අමුතුයි, දරුණු වැඩියි කියලා හිතුවා. මෙහෙම වුණ එක හොඳයි. මොකද ඒ කාලේ තාක්ෂණය හැටියට මේක ඒ දවස් වලම නිර්මාණය වුණා නම් ඒක හරිම අපරාධයක් වෙනවා. ඉතින් තාක්ෂණික අතින් වැඩිදියුණුම කාලේ මේක වුණ එක ඉතාම හොඳයි.
හවාං දොං-හියොක් ඒ කාලේ ණය වෙලා හිටියේ. මේ සීරීස් එකේ තියෙනවා වගේම සල්ලි නැති කාලයක් තමයි මිනිහත් ගත කළේ. තමන්ගේ අම්මා එක්ක මාන්චු අවන්හලක කොමික් කතා කියව කියවා තමයි ඉඳලා තියෙන්නේ. මෙයා ඒ අත්දැකීම් ඔක්කොම මේ කතාවට එකතු කළා.
Netflix ආයතනය 2019 දී තමයි මේක භාර ගත්තේ. ඒ වෙද්දි කොරියානු කතා ලෝකේ පුරා ජනප්‍රිය වෙමින් තිබුණා. Netflix මේකට වෙන් කළේ ඩොලර් මිලියන 21.4ක විතර මුදලක්. මේක මෙයාලා කරපු හොඳම ආයෝජනයක් වුණා.
2021 සැප්තැම්බර් 17 වෙනිදා තමයි මේක රිලීස් කළේ. සති දෙකක් යද්දිම මේක Netflix වල අංක එකේ ජනප්‍රියම සී
රීස් එක බවට පත්වුණා. මිලියන 111ක් විතර අය මේක බැලුවා. Netflix වලට මේකෙන් මිලියන 900කට වැඩි ආදායමක් ලැබුණා කියලා කියනවා.
ඒ විතරක් නෙවෙයි, Emmy Awards 14කට නිර්දේශත් වුණා. ඒකෙන් 6ක් දිනාගත්තා. Golden Globe එකක් දිනාගත්තා. Screen Actors Guild Awards දෙකක් දිනාගත්තා.
මේ සීරීස් එක නිසා දකුණු කොරියානු සංස්කෘතිය, භාෂාව ගැන ලෝකේ පුරා තිබුණු උනන්දුව වැඩි වුණා.
Netflix එකේ ඉංග්‍රීසි නොවන content වලට තිබුණු ඉල්ලුමත් වැඩි වුණා.දැන් මේ 3 වෙනි සීසන් එක ඇවිල්ලනේ තියෙන්නේ. මේක පළවෙනි සහ දෙවෙනි සීසන් තරම්ම සාර්ථක වෙයිද කියන්න නම් දැන්ම මට කියන්න අමාරුයි. මොකද මංවත් මේක තාම බළලා ඉවර නෑ 😉ඔන්න ඔය විදිහට තමයි Squid Game කියන මේ සුපිරි සීරීස් එක ආවේ. මේක පටන් ගත්තේ එක මනුස්සයෙකුගේ දුක් කරදර මැද්දේ ඉපදුණු අදහසක් විදිහට. අන්තිමට ලෝකේම කතා කරපු නිර්මාණයක් බවට පත්වුණා.
මේ සීරීස් එකේ සාර්ථකත්වයත් එක්ක Netflix එකෙන් Squid Game: The Challenge කියලා රියැලිටි වැඩසටහනක් පවා හැදුවා. මේකේ සැබෑ තරඟකරුවන් 456ක් හිටියා. ප්‍රථම ස්ථානය දිනන කෙනාට ඇමරිකන් ඩොලර් මිලියන 4.56ක තෑග්ගක් දුන්නා. මේක 2023 නොවැම්බර් මාසේ විකාශය වුණා.
ඒ වගේම Squid Game නිසා දකුණු කොරියාවේ සංචාරක ව්‍යාපාරයත් වර්ධනය වුණා. ගොඩක් සංචාරකයෝ සීරීස් එකේ එන ස්ථාන බලන්න යන්න පටන් ගත්තා. සීරීස් එකේ තියන දල්ගොනා බිස්කට් එක වගේ දේවල් ලෝකේ පුරා ජනප්‍රිය වුණා.
Netflix එක තවදුරටත් කොරියානු content වලට මුදල් යොදවන්න පටන් ගත්තා.
All of Us Are Dead, Hellbound වගේ තවත් ජනප්‍රිය සීරීස් ගණනාවක්ම ආවා.
සීරීස් එකේ ප්‍රධාන චරිතය රඟපාන අපේ ලී ජුං-ජේ මහත්තයා ලෝක ප්‍රසිද්ධියක් ලැබුවා. මෙයා Emmy සම්මානයක් දිනපු පළමු කොරියානු ජාතික නළුවා බවට පත්වුණා. හ්වාං ජුන්-හෝ කියන නිළිය Louis Vuitton වගේ ලෝක ප්‍රසිද්ධ brands වල තානාපතිනියක් බවට පත් වුණා.
මේ සීරීස් එකේ සාර්ථකත්වයත් එක්ක විවිධ රටවල් මේ වගේ සීරීස් හදන්න පටන් ගත්තා.
ඒත් Squid Game තරම් සාර්ථක වෙන්න කිසිම එකකට බැරි වුණා.
සීරීස් එකේ ප්‍රධාන චරිතය තමයි ජි-හුන්. මෙයා ණය උගුලක හිරවෙලා ඉන්න කෙනෙක්. බැංකුවටයි, පොලී මුදලාලිලාටයි කෝටි ගාණක් ණයයි. ඒ මදිවට සූදු කෙළින පුරුද්දකුත් මනුස්සයට තියනවා.
මෙන්න මෙහෙම තියෙද්දි අමුතු ව්‍යාපාරිකයෙක් ඇවිත් ජි-හුන්ට මේ ජීවිතෙන් ගොඩයන්න අවස්ථාවක් දුන්නා. ඒත් මේ අවස්ථාව ගන්න ගියාම ජීවිතයත් මරණයත් අතර තේරීමක් කරන්න වුණා.
Takeshi’s Castle සහ Alice in Borderland වගේ කතා එක්ක ගැළපෙන විදිහට, ජි-හුන් ඇතුළු තව 400කට වැඩි පිරිසක් මාරාන්තික සෙල්ලමක ගිහින් හිරවුණා. මේකෙදි මෙයාලට සල්ලි විතරක් නෙවෙයි, ජීවිතත් විශාල ප්‍රමාණයක් අහිමි වුණා.
සීරීස් එක දිගට යද්දි තවත් චරිත එකතු වුණා. තරඟකරු අංක 001 කියන හිත හොඳ මනුස්සයා, මැරයෙක් වන දොක්-සූ, සහ ජි-හුන්ගේ යාළුවා වන සැන්-වූ වගේ අය. මේ වගේ කතාවල තියන විශේෂත්වය තමයි චරිත වල ස්වභාවය.
කොටස් 9 පුරාම මේ සෑම චරිතයක්ම වෙනස් වුණා. සැන්-වූ අඳුරු මාවතක යනවා. දොක්-සූ තව තවත් අසරණ වෙනවා. තරඟකරු අංක 001 අභිරහසක් විදිහටම ඉන්නවා. ඒ අතරේ මේ තරඟකරුවන් එක්ක රහස් ගනුදෙනු කරන සේවකයනුත් ඉන්නවා. මේ දූපතට ආපු රහස් පොලිස් නිලධාරියෙකුටත් තිබුණා වෙනම වුවමනාවක්.
ජි-හුන් තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. මෙයා හරහා තමයි අපි මේ මාරාන්තික ක්‍රීඩා 6 දැක්කේ.
මේ ක්‍රීඩා තමයි මේ කොරියානු සීරීස් එකේ උණුසුම් බව වැඩි කෙරුවේ.
මේකේ සමහර මරණ ඉතාම කෲර විදිහට සිද්ධ වුණා නමුත් ඒවා Saw චිත්‍රපට වල වගේ හිතාමතා හිංසාව පෙන්වන ඒවා නෙවෙයි. ඒ වෙනුවට Squid Game හිංසාව යොදා ගන්නේ සමාජයේ තියන ණය ගැටලු ගැන කතා කරන්න.
පොහොසතුන් සහ දුප්පතුන් අතර පරතරය ගැනත් මේකේ සඳහන් වෙනවා. අවසාන කොටසේ තියන කතාබහක් හරහා මේක ලස්සනට කියැවෙනවා. සාමාන්‍ය මිනිස්සු දවසේ වැඩ කරලා ජීවත් වෙන්න උත්සාහ කරද්දි, සුළු පිරිසක් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන හැටි මේකෙන් පෙන්නුවා.
ක්‍රීඩා අවසන් වුනත්, කතාවේ මූලික තේමාව එතනින් ඉවර වුණේ නෑ.
අවසාන දර්ශනය තිබුණේ ඊළඟ සීසන් එකක් එන විදිහට.
කලාත්මක අතින් Squid Game නම් හරිම ලස්සනයි. දීප්තිමත් වර්ණ සහ මායාකාරී දර්ශන, ක්‍රීඩාවල තියන බිහිසුණු ස්වභාවයත් එක්ක හරිම අපූරුවට ගැළපෙනවා. සංගීතයත් එහෙමයි. ක්‍රීඩා අතරතුර තියන උණුසුම් අවස්ථාවලදී අපූරු වාදනයන් පාවිච්චි කරනවා. නිදන කාමරවල හරි තනියම ඉන්න වෙලාවල අමුතු මනක්කල්පිත සංගීතයක් යොදා අරන් තියනවා.
ස්ක්විඩ් ගේම්: පළමු කතා මාලාවේ තිබුණ සියලුම ක්‍රීඩා
1. සිංදු කියන බෝනික්කි : සිංදුව වාදනය වෙනකොට ඉස්සරහට යන්න ඕනේ.
සිංදුව නැවතුණම නොසෙල්වී ඉන්න ඕනේ. හෙළවුණොත් වෙඩි තියලා මරනවා.
2. ඉදිකටුවෙන් හැඩතල කැපීම : සීනි වලින් හදපු තුනී බිස්කට් එකකට ඉදිකටුවකින් අනලා රවුමක්, ත්‍රිකෝණයක්, තරුවක් හෝ කුඩයක හැඩය කපාගන්න ඕනේ. හැඩය කැඩුනොත් සෙල්ලමෙන් අයින්.
3. කඹ ඇදීම : කණ්ඩායම් දෙකක් උසට තියන පලංකාවක ඉඳන් කඹ අදිනවා.පැරදුන කණ්ඩායම බිමට වැටිලා මැරෙනවා. 4. ජිල් බෝල සෙල්ලම : දෙන්නෙක් බැගින් ජෝඩු කරලා කෙනෙකුට බෝල දහය බැගින් දෙනවා. ඕනම විදියක සෙල්ලමකින් අනිත් කෙනාගේ බෝල ටික දිනාගන්න ඕනේ. බෝල ඔක්කොම පැරදුනොත් මරණය. 5. වීදුරු පලංචි : උසින් තියෙන වීදුරු පලංකාවක් උඩින් යන්න ඕනේ. සමහර වීදුරු ශක්තිමත් (සුරක්ෂිත), සමහර ඒවා සාමාන්‍ය වීදුරු (කැඩෙන) වැරදි වීදුරුවක පයි තිබ්බොත් වැටිලා මැරෙනවා. 6. මරණය තෙක් සටන : [අන්තිම සෙල්ලම] විශාල පිට්ටනියක කණ්ඩායම් දෙකක් එකිනෙකා පස්සෙන්
පන්නගෙන ගිහින් ටැග් කරන්න ඕනේ. අවසානායේ ඉතුරු වෙන දෙන්නා අතර මරණය දක්වා සටනක් තියෙන්නේ.
ස්ක්විඩ් ගේම් එක ප්‍රධාන චරිතය වන ගී-හුන්ගේ ජීවිතය ඇරෙන්න අනිත් සේරම දේවල් උදුරගත්තා. පළමු තරඟයේදී මෙයාගේ අම්මා (කිම් යං-ඕක්) මැරුනා. පළමු කතා මාලාවේදී ගී-හුන් දිනන්න නම් එයාගේ යාළුවා චෝ සැං-වූ මැරෙන්න ඕන වුණා. ඒත් දෙවැනි කතා මාලාවේ අවසාන දර්ශනයේදී තමයි අපි ගී-හුන් දකින්නේ ඉතාම කනගාටුදායක පරාජිත තත්ත්වයක ඉන්නවා. 7 වැනි කොටස අවසන් වුණේ මිනිහා බිම වැතිරිලා අඬන ගමන්, ගේම් එකේ ප්‍රධානියා විසින් ඝාතනය කරපු එයාගේ හොඳම යාළුවා ජුං-බේගේ පියවෙන ඇස් දිහා බලාගෙන ඉන්න විදියට. ගී-හුන් දන්නේ නෑ යං-ඉල් කියන පුද්ගලයා තමයි මේ ගේම් එකේ ප්‍රධානියා කියලා.
“දෙවැනි කතා මාලාවේ වුණ මේ අවුල්සහගත අවසානය නිසා හැමෝටම කුතුහලයක් තියනවා මේ කනගාටුදායක සිදුවීමෙන් පස්සේ ගී-හුන් ගේම් එකේදී කොහොම හැසිරෙයිද කියලා. තමන්ගේ යාළුවට වෙච්ච දේ නිසා, ගේම් එකේ ඉන්න අනිත් අය බේරගන්න තියෙන මිනිහගේ අරමුණ මිනිහට තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන්ද?”
තරඟකරු අංක 001 කියන්නේ කවුද ?

පළමු කතා මාලාවේදී, ගී-හුන් දැනගන්නවා තමන්ගේ මිතුරු 001 ක්‍රීඩකයා – නැත්නම් ඕ ඉල්-නාම් – තමන් හිතපු කෙනා නෙමෙයි කියලා. ඉල්-නාම් කවදාවත් වාසනාව බලාපොරොත්තු වෙන වයසක දුප්පත් මිනිහෙක් නෙවෙයි – මිනිහා හැමදාම ස්ක්විඩ් ගේම් එකේ ඇතුළෙම හිටපු පොහොසත් ව්‍යාපාරික උරුමක්කාරයෙක්.
ගී-හුන් දන්නේ නැති වුණාට, දෙවැනි කතා මාලාවේත් මේ වගේම රැවටිල්ලක් තියෙනවා. ගී-හුන් නැවත ගේම් එකට ඇතුළු වෙන්න තීරණය කරද්දි, ගේම් එකේ ප්‍රධානියා තීරණය කරනවා ඇතුළට ඇවිත් ක්‍රීඩා කරන්න. මිනිහා 001 ක්‍රීඩකයාගේ තැන අරගෙන “යං-ඉල්” කියන චරිතය විදියට හැඩගැහෙනවා.
මේ ගේම් එකේ ප්‍රධානියා කියන මනුස්සයා ඇවිල්ලා “ලෝකය ගැනවත් මිනිස් සංහතිය ගැනවත් කිසිම බලාපොරොත්තුවක් නැති කෙනෙක්” කියලා මිනිහම කියනවා, ඒත් ගී-හුන් සමාජයේ හොඳම දේ බලාපොරොත්තු වෙනවා.
තැනකදි ගේම් එකේ ප්‍රධානිය ගී-හුන්ගෙන් අහනවා ‘ඔයාට ඇත්තටම ගේම් එක නවත්තන්න පුළුවන් කියලා හිතනවද? මිනිස්සු ගැන ඇත්තටම බලාපොරොත්තුවක් තියෙනවද? ලෝකය වෙනස් වෙයි කියලා හිතනවද?’ කියලා.”
මේ ගේම් එකේ ප්‍රධානියගේ කතාව මොකක්ද?

මේ ප්‍රධානියා කියන පුද්ගලයා තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන සිටියා වුණත්, යං-ඉල්ගේ පෞරුෂත්වයෙන් මිනිහා තමන්ගේ සැබෑ ජීවිතයේ දේවල් එළියට දැම්මා. මිනිහා ගේම් එකේ ප්‍රධානියා වෙන්න කලින්, මිනිහා තමයි ඉන්-හෝ, තමන්ගේ බිරිඳට ආදරය කරපු පොලිස් නිලධාරියෙක්. නමුත් පළමු කතා මාලාවට අවුරුදු ගණනාවකට කලින් මේ කාන්තාව උග්‍ර අක්මා රෝගයෙන් මිය ගියා.
දෙවැනි කතා මාලාවේ පළමු කොටස් හතරේදී අපිට මේ කාන්තාවගේ මරණය ගැන යම් අවබෝධයක් ලැබෙනවා. ගේම් එකේ ප්‍රධානියා යං-ඉල්ගේ පෙනුමෙන් ගී-හුන්ට කියපු විදියට, එයාගේ බිරිඳගේ අක්මා රෝගය ගොඩක් බරපතල වෙලා එයාට අක්මා බද්ධ කිරීමක් අවශ්‍ය වුණා. ප්‍රතිකාර ගැන හොයද්දී, දෙන්නම දැනගෙන තියනවා තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්න බව. වෛද්‍යවරු ගර්භණීභාවය නතර කරන්න නිර්දේශ කළත්, අවදානම මොකක් වුණත් දරුවා ප්‍රසූත කරන්න කාන්තාව තීරණය කළා. මෙයාගේ තත්ත්වය නරක අතට හැරෙද්දී අක්මා පරිත්‍යාගකරුවෙක් හොයාගන්න අපහසු වුණා. ඉතින් මේ ගේම් එකේ ප්‍රධානියා එහෙමත් නැත්තම් මේ මනුස්සයා කලබල වෙලා, පුළුවන් තරම් මුදල් ණයට අරගෙන අවසානයේ වැරදි පුද්ගලයෙක්ගෙන් ණයක් ගත්තා. ඉතින් මෙයාගේ උසස් නිලධාරීන් ඒ මුදල් අල්ලසක් විදියට දැක්කා, මෙයාගේ අවුරුදු ගණනාවක සේවයට වටිනාකමක්වත් නොදී අවසානයේ මිනිහව රස්සාවෙන් පන්නලා දැම්මා.
ජුන්-හෝ සහ එයාගේ අම්මා – ගේම් එකේ ප්‍රධානියගේ කුඩම්මා – අතර සිදුවන සංවාදයකින් පවුලේ ඉතිහාසය තවදුරටත් පැහැදිලි වුණා. ගේම් එකේ ප්‍රධානියගේ බිරිඳට රෝගය හැදෙන්න අවුරුදු ගණනාවකට කලින්, මිනිහා ජුන්-හෝට තමන්ගේ වකුගඩුව පරිත්‍යාග කරලා තිබුණා. ඒ නිසා, තමන්ගේ බිරිඳ ලෙඩ වුණාම, ගේම් එකේ ප්‍රධානියට තමන්ගේ වකුගඩුව විකුණලා ප්‍රතිකාර වලට සල්ලි හොයාගන්න බැරි වුණා. මුළු පවුලම ආර්ථික අපහසුතා වලට මුහුණ දීලා හිටපු කාලයක් නිසා, ජුන්-හෝටයි එයාගේ අම්මටයි මුදලින් උපකාර කරන්නත් බැරි වුණා. ඊට පස්සේ අවුරුදු වල, ගේම් එකේ ප්‍රධානියා තමන්ගේ පවුලෙන් වගේම තමන්ගේ බිරිඳව මිහිදන් කරපු තැනටවත් නොගිහින් දුරස් වෙලා හිටියා.
මේ නෝ-එල් කියන්නේ කවුද ?

1 සහ 2 කොටස් වලදී, අපිට නෝ-එල්ව හමුවෙනවා, ස්ක්විඩ් ගේම් සඳහා සුදුසුම අපේක්ෂිකාව වගේ පෙනෙන අභිරහස් කාන්තාවක්. නමුත් 2 වැනි කොටස අවසානයේ හෙළිදරව් වුණ විදියට, නෝ-එල් ක්‍රීඩිකාවක් නෙවෙයි. මෙයා රෝස පැහැති ඇඳුමක් ඇඳගෙන ඉන්න ගේම් එකේ ආරක්ෂක භටයෙක් වගේම දක්ෂ ස්නයිපර් වෙඩික්කාරියක්.
දෙවැනි කතා මාලාව නෝ-එල්ගේ අතීතය ගැන යම් තොරතුරු හෙළි කරනවා. කෙල්ල උතුරු කොරියාවෙන් පැනලා ආපු කෙනෙක්, තමන්ගේ පවුල – දියණිය ඇතුළුව – දාලා ඇවිත්. “නෝ-එල්ට ජීවිතේ වෙන කිසිම අරමුණක් නෑ තමන්ගේ දරුවා එක්ක යළි එක්වීම හැර. මෙයාගේ ඇතුළත වචන වලින් විස්තර කරන්න බැරි වේදනාවක් තියෙනවා.
නෝ-එල් කුලී සොල්දාදුවෙක් වගේ පෙනුනත්, මෙයා ඊට හාත්පසින්ම වෙනස්. “නෝ-එල් ගේම් එකේ වැඩ කරන්න පටන් ගන්නේ බලාපොරොත්තු නැති මිනිස්සුන්ට වේදනාවකින් තොරව සාමකාමීව මිය යන්න ඉඩ දීමේ මෙහෙවරක් කරන කෙනෙක් විදියට. මෙයා ඇවිල්ලා හැම මොහොතකම මැරි මැරි ජීවත් වෙන චරිතයක්. අනිත් අය වගේම දුක් විඳින කෙනෙක් විදියට, අනිත් අයගේ වේදනාව අඩු කරලා එයාලට සාමය දෙන්න ඕනේ කියන අදහසින් තමයි මෙයා ගේම් එකට එකතු වෙන්නේ.
බෝට්ටුවේදී ජුන්-හෝට මොකද වුණේ?

දෙවැනි කතා මාලාවේ මුල් භාගයේදී, ගී-හුන් ස්ක්විඩ් ගේම් විනාශ කරන්න උත්සාහ කරන පොලිස් නිලධාරී ජුන්-හෝ එක්ක එකතු වුණා. මෙයාලා බොරු දතක් ඇතුළේ ට්‍රැකර් එකක් සවි කරලා සම්බන්ධතාවය පවත්වාගෙන යන්න සැලසුම් කරා, නමුත් ගී-හුන් ආපහු ක්‍රීඩා පිටියට ගෙන යද්දී මේ සම්බන්ධතාවය නැති වෙනවා. ආරක්ෂක අංශයේ අය ට්‍රැකරය හොයාගෙන ඒක ඉවත් කරයි කියලා මෙයාලා හිතුවේ නෑ, නමුත් ඒකම තමයි වුණේ. ට්‍රැකරය අන්තිමට හම්බ වෙන්නේ මාළු බෑමේ ආම්පන්න අතර. කවුරුහරි ධීවරයෙක්ට පණුවන් එක්ක තිබුණු මල්ලක් දීලා තියෙනවා, ඒකේ තමයි ට්‍රැකරය හැංගිලා තිබිලා තියෙන්නේ.
නමුත් ජුන්-හෝ අත්හරින්නේ නෑ, මිනිහයි මිනිහගේ කුලියට ගත්ත අයයි බෝට්ටුවෙන් හොයන එක දිගටම කරගෙන යනවා. ජුන්-හෝ තමන් වටේ ඉන්නේ යාළුවෝ (නැත්නම් අඩුම තරමේ විශ්වාසවන්ත කුලී සේවකයෝ) කියලා හිතාගෙන හිටියත්, අවසාන කොටසේදී හෙළිවෙනවා බෝට්ටුවේ යමක් වැරදියට වෙනවා කියලා – සහ මේ ප්‍රශ්නය පටන් ගන්නේ නැව පදවන තැනින්. මහ රෑ, බෝට්ටුවේ හිටපු එක මිනිහෙක් ගේම් එක තියන දූපත හොයන්න පාවිච්චි කරපු ඩ්‍රෝන් එකක් කැප්ටන් පාක් බලමින් ඉද්දි දකිනවා. මිනිහා ප්‍රශ්න අහන්න පටන් ගත්තම, කැප්ටන් පාක් මිනිහට ඇනලා මුහුදට විසි කරනවා. ඊට පස්සේ කැප්ටන් කිසිම දෙයක් වුණේ නැති විදියට හැසිරිලා සද්දයක් ආවේ රළ වලින් කියලා කියනවා.
ඔයාලට මේ තුන්වෙනි කතා මාලාවෙන් අනිවාර්යෙන්ම මේ ගැන තව රහස් ගොඩක් හෙළිකරගන්න පුළුවන් වෙයි. ජුං-බේ මැරෙන්නේ ඇයි?
ස්ක්විඩ් ගේම් දෙවැනි කතා මාලාවේ අවසාන කොටස උණුසුම් වෙන්නේ ගී-හුන් සහ එයාගේ සමහර මිතුරු තරඟකරුවන් අතර සහ ස්ක්විඩ් ගේම් පවත්වාගෙන යන අය අතර සන්නද්ධ කැරැල්ලක් ඇති වෙද්දි. ගී-හුන්ගේ හොඳම යාළුවා ජුං-බේ – සහ තවත් බොහෝ ක්‍රීඩකයින් – දරුණු හානි වලට ගොදුරු වෙනවා, මොකද යං-ඉල් ඇත්තටම ගේම් එකේ ප්‍රධානියා කියලා ගී-හුන් දන්නේ නැති නිසා. කැරැල්ල පටන් ගන්න වෙලාවේ, තරඟකරුවන් හිතනවා එයාලට හොඳ අවස්ථාවක් තියෙනවා ජයග්‍රහණය කරන්න කියලා – ස්ක්විඩ් ගේම් ක්‍රීඩාංගනය තම පාලනයට නතු කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරමින්.
නමුත් ගේම් එක හදලා තියෙන්නේ තරඟකරුවන්ට දිනන්න බැරි විදියට, සහ ගේම් එකේ ප්‍රධානියා කැරැල්ල අසාර්ථක වෙන බව සහතික කරනවා. මිනිහා කණ්ඩායමෙන් වෙන්වෙලා ගිහින්, කැරලිකරුවන් දෙන්නෙක් මරලා යං-ඉල්ගේ මරණය අඟවනවා. ඊට පස්සේ මිනිහා රේඩියෝව ආරක්ෂක සංඥා වලට මාරු කරලා මිනිහගේ කට්ටියට කැරැල්ල මර්දනය කරන්න කියනවා. එයාලා ඒක කරනවා. ගී-හුන් සහ ජුං-බේ බාරවෙන වෙලාව වෙද්දී, ගේම් එකේ ප්‍රධානියා තමන්ගේ 001 ක්‍රීඩක ඇඳුම ඉවත් කරලා සාමාන්‍ය කළු සළුව සහ මුහුණු වැස්ම දාගෙන ඉන්නවා.
ගේම් එකේ ප්‍රධානියා මේ අවස්ථාව පාවිච්චි කරනවා ගී-හුන්ට පෙන්නන්න එයාගේ “මේ පොඩි වීර කැරැල්ල” හිස් දෙයක් කියලා. මිනිහා ජුං-බේව වෙඩි තියලා මරනවා. මේ විදියට, මිනිහට අවසානවශයෙන් ගී-හුන්ට කියලා දෙන්න පුළුවන් ලෝකයේ ඇත්තටම කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා. ගී-හුන්ට ඒ පාඩම එක්ක ජීවත් වෙන්න සිද්ධ කරවන එක ගී-හුන්ව මරනවට වඩා ආකර්ෂණීය වුණා ගේම් එකේ ප්‍රධානියට.
සීරීස් එක බලපු හැමෝම මෙතනදි කම්පනයට පත් වෙන්න ඇති සහ ජුං-බේ නැති වුණ එකට ලොකු දුකක් දැනෙන්න ඇති. ස්ක්විඩ් ගේම් නිර්මාතෘ ජුං-බේව දකින්නේ ගී-හුන්ට තිබුණු වගේම සුන්දර බලාපොරොත්තු සහ උණුවෙන හදවතක් තියෙන, නමුත් දැන් නැති වෙලා ගිය කෙනෙක් විදියට. “ගේම් එක ඇතුළේ ගී-හුන්ට සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න සහ යැපෙන්න පුළුවන් වුණ එකම පුද්ගලයා තමයි මිනිහා.”
හ්වාං හිතුවා ජුං-බේගේ වේදනාත්මක අහිමිවීමෙන් දෙවැනි කතා මාලාව අවසන් කරන එක බොහොම සුදුසුයි කියලා. ලී ජුං-ජේ විශ්වාස කරනවා ජුං-බේගේ මරණය ස්ක්විඩ් ගේම් හි කලින් බලාපොරොත්තු සහගත නායකයා මූලිකවම වෙනස් කරනවා කියලා.
“කෙනෙක්ට තමන්ගේ අරමුණ ඉටු කරගන්න කොච්චර වේදනාවක් විඳින්න පුළුවන්ද?” ලී ජුං-ජේ අහනවා. “මුල තිබුණු ඒ ශක්තිමත් බව තවම තියෙයිද? ඒ හැඟීම තවම එයා ඇතුළේ තියෙයිද? මොකද දැන් එයාගේ හොඳම යාළුවා මැරිලා.”
ගේම් එකේ ප්‍රධානියා කරපු රඟපෑම ගී-හුන් දැනගනියිද ?

ගී-හුන්ගේ අවසාන මාරාන්තික හමුවීම ගේම් එකේ ප්‍රධානියා එහෙමත් නැත්තම් තමන්ගේ මිතුරා යං-ඉල් එක්කම තමා වුණේ. කොහොමවුණත් මං හිතන්නේ නෑ ගී-හුන් තවම ඇත්ත දන්නවා කියලා. ගේම් එකේ ප්‍රධානියාගේ මේ මහා රඟපෑම මෙයාට තවම තේරුම් ගන්න බැරි මොකද සිද්ද වුණ හැමදේටම වැරැද්ද තමන්ටම පටවගෙන ඉන්න නිසා.
කතාව ලියපු හ්වාං මහත්තයා කියනවා ගේම් එකේ ප්‍රධානියා කරපු මහා රඟපෑම “පාවාදීමක්” විදියට වර්ගීකරණය කරන්නේ නෑ කියලා. “මොකද ඒක තමයි මිනිහගේ අදහස සහ සැලැස්ම වුණේ කියලා මුල ඉඳලම. “ඒ මොහොත තමයි ඇත්තටම දෙවැනි කතා මාලාවේ උච්චතම අවස්ථාව. ගේම් එකේ ප්‍රධානියා කතා මාලාව පටන් ගන්නේ මුහුණු වැස්ම නැතිව, නමුත් අන්තිමේදී මිනිහා ආපහු තමන්ගේ ස්වරූපයට ඇවිත් මුහුණු වැස්ම දාගෙන කතාව අවසන් කරනවා.”
හියුන්-ජුට මොකද වෙන්නේ?

7 වැනි කොටසේ කැරැල්ල පටන් ගන්න වෙලාවේ, හියුන්-ජු කොරියානු විශේෂ බලකායේ සාජන්ට් ෆස්ට් ක්ලාස් කෙනෙක් විදියට තමන්ගේ හමුදා දක්ෂතා පෙන්නුවා. අනිත් තරඟකරුවන් පුදුම වුණා. හියුන්-ජු වගේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවකගේ මේ චරිතය ඇත්තටම මට පෙනුන විදියට මේ සීරීස් එකට නව ජීවයක් සහ රසයක් එක් කරා.
උණ්ඩ හොයාගෙන එන්න ඩේ-හෝට බැරි වුණාට පස්සේ අවශ්‍ය උණ්ඩ ටික ගේන්න ගිහින් හියුන්-ජුට කැරැල්ලෙන් කලින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. නිදන කාමර දිහාට ගිය මෙයා දකිනවා ඩේ-හෝ බය වුණ නිසා, ආපහු සටනට එන්න බැරි වෙලා කියලා. හදිස්සියේම රෝස ආරක්ෂකයෝ නිදන කාමර වලට කඩා වදිනවා, හියුන්-ජුට එතැනම ඉන්න සිද්ධ වෙනවා. ගූම්-ජා හියුන්-ජුට කියනවා ආරක්ෂකයෝ එක්ක හැප්පෙන්න යන්න එපා කියලා, ඒක සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් වෙයි කියලා දැනගෙන.
නමුත් මේ යුධකමී සොල්දාදුවා තවම එයාගේ කැරලිකාර සගයන්ව ආරක්ෂා කරන එක ගැන හිතනවා. ඒ මොහොතේ, වෙන මොනවටත් වඩා හියුන්-ජු ලොකු වද වීමකින් හිටියේ අනිත් අයගේ ආරක්ෂාව ගැන, විශේෂයෙන්ම උණ්ඩ එනකල් බලාගෙන ඉන්න අය ගැන, එයාලගේ ආරක්ෂාව ගැන වෙන මොනවටත් වඩා හියුන්-ජු කනගාටු වෙනවා.
ස්ක්විඩ් ගේම් දෙවැනි කතා මාලාවේ මැද විරාම දර්ශනයේ තේරුම මොකක්ද?
ගී-හුන්ගේ හොඳම මිතුරා ජුං-බේ මැරෙන එකම නෙමෙයි කනගාටුදායක සමුගැනීම වුණේ දෙවැනි කතා මාලාවේ අවසානයේ. විරාම තිර අතරතුර, අපිට කතා මාලාවේ ඉදිරියට එන දේවල් ගැන පුදුම ඉඟියක් ලැබෙනවා, තරඟකරුවන් තුන් දෙනෙක් ඇවිදින හැටි, යං-හී බෝනික්කිගේ බියජනක මුහුණ, අභිරහස් පිරිමි බෝනික්කෙක්, සහ කොළ පාට එළියක් දැල්වෙන හැටි වගේ දේවල් පෙන්නමින්. මේවායේ තේරුම මොකක්ද?
3 වෙනි සීසන් එකේදි ඔයාලට පුළුවන් වෙයි මේවා දැනගන්න.
ස්ක්විඩ් ගේම්: දෙවන කතා මාලාවේ තිබුණ සියලුම ක්‍රීඩා
1. සිංදු කියන බෝනික්කි (2024) : සිංදුව වාදනය වෙනකොට ඉස්සරහට යන්න ඕනේ.
සිංදුව නැවතුණාම නොසෙල්වී ඉන්න ඕනේ. හෙළවුණොත් වෙඩි තියලා මරනවා.
2. බට්ටා විසි කිරීම : ඉරක් පිටිපස්සේ ඉඳගෙන ගලකින් සොහොන් කොතක් වගේ හැඩයක් තියන ගලක් දිහාවට ගහලා ඒක පෙරලන්න ඕනේ.3. දාදු කැට ඇල්ලීම : පාට පාට දාදු කැට 5ක් උඩ දාලා අත්ලේ උඩ පැත්තෙන් අල්ලගන්න ඕනේ, මේක කරන්න පරක්කු වෙන්න වෙන්න අමාරු වෙනවා.
4. බඹර කැරකවීම : නූලක් බඹරයක් වටේ ඔතලා ඒක විසි කරලා කරකවන්න ඕනේ.5. සවරං ගැසීම : කකුලේ හරස් පැත්තෙන් සවරමට 5 පාරක් එක දිගට ගහන් යන්න ඕනේ උඩට යන්න බිම වැටෙන්න නොදි.
6. වට කරකැවුම : කැරකෙන වේදිකාවක තරඟකරුවෝ ඉන්නවා. ඒක නතර වෙද්දි අංකයක් පෙන්නනවා. ඒ අංකයට අනුව කණ්ඩායම් හැදිලා කුඩා වේදිකා කාමරයකට ගිහින් දොර වහගන්න ඕනේ. කණ්ඩායමක් හදාගන්න බැරි වෙන අයට, හෝ වැරදි ගානක් ඉන්න කණ්ඩායම් වල අයව වෙඩි තියලා මරනවා.
අසාර්ථක කැරැල්ලක්, මිතුරෙකුගේ මරණය, සහ රහස් පාවාදීමක් – ස්ක්විඩ් ගේම් තුන්වන කතා මාලාව පටන් ගන්නේ දෙවන කතා මාලාවේ ලේ වැගිරුණු අවසානයෙන් පස්සේ. ගී-හුන් තමන්ගේ දුර්වලම අවස්ථාවේ හිටියත්, ස්ක්විඩ් ගේම් එක නවතින්නේ නෑ. ඒ නිසා ගී-හුන්ට සහ ඉතිරි වුණු ක්‍රීඩකයන් හැමෝගේම අධිෂ්ඨානය පරීක්ෂා කරන මාරාන්තික ක්‍රීඩා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ එක්කම විශාල කම්පනයක් මැද්දේ වැදගත් තීරණ ගන්නත් ගී-හුන්ට බල කෙරෙනවා. සෑම වටයක්ම එක්ක, තම තමන්ගේ තෝරා ගැනීම් වල ප්‍රතිඵල වැඩි වැඩියෙන් බරපතල වෙනවා.
ඒ අතරේ, ඉන්-හෝ ගේම් එකේ ප්‍රධානියා විදිහට අභිරහස් VIP ලා පිළිගන්න යනවා, මෙයාගේ සහෝදරයා වෙන ජුන්-හෝ තවමත් අභිරහස් දූපත හොයනවා, නමුත් මෙයාලා අතර පාවාදෙන්නෙක් ඉන්න බව මෙයා දන්නේ නෑ. ගී-හුන් හරි තීරණ ගනීවිද, නැත්නම් ගේම් එකේ ප්‍රධානියා අවසානයේ මිනිහවත් ඉවරයක් කරලා දාවිද ?
දෙවෙනි එපිසෝඩ් එකෙන් එහෙනම් හෙට හම්බවෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
8,226 downloadsDownload Squid-Game-S03E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
11 comments
Sandaru Nimsara
නුවන්
සුපිරී. විස්තරයත් නියමයි. ස්තූතියි.
Buddhika laKMal
ස්තූතියි ශෙහාන් සහෝ මේ සීරිස්එකට සබ් දෙනවට
Buddhika laKMal
සුපිරිම විස්තරයක් එක්ක මේ සීරිඑකට සබ් දෙන්න පටං ගත්තට බොහෝම ස්තූතියි මචං.........
Sandeep Madushan
බොහෝම ස්තුතියි ලිපියට..
THISANGA
niyamta thinbba maru
thankThisara Prabhath Senarathne
Thanks bro
Sahan Gayantha
Thanks a lot UD saho sub ekata
lakmal
thanks bro sub ekta and lipiyata...
onema sub ekaka loku lipiyak uba liynwa thanka bro mahansiytaAnonymous
Thanks bro.
Godak wisthara athuwa lipiya liyala thiyenawa supiriyak thamai. Sub ekatath thanks a lot.Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Advertisement



Thanks❤️