Watch Trailer

Star Wars: Tales of the Jedi [E01 & E02] Sinhala Subtitles | ජෙඩායිවරුන් ගැන නොකී කතා [සිංහල උපසිරසි]

Star Wars රසිකයින් නම් දැනටමත් මේක බලලත් ඇති හැබැයි නොබැලුව අයට බලන්නත් බලපු අයට ආයෙමත් බලන්නත් එක්ක මං මේකෙ උපසිරසි ටික අරගෙන ආවා. Tales of the Jedi කියන්නේ 2022 නිකුත් වුන ඇනිමේටඩ් මිනි සීරියක් එකක්. මේකේ සීසන් 02 2024 නිකුත් වෙනවා කියල නිළවශයෙන්ම දැනුම් දිලා තියෙනවා. කොටස් හයකින් සමන්විත මේ සීරි…

Star Wars රසිකයින් නම් දැනටමත් මේක බලලත් ඇති හැබැයි නොබැලුව අයට බලන්නත් බලපු අයට ආයෙමත් බලන්නත් එක්ක මං මේකෙ උපසිරසි ටික අරගෙන ආවා. Tales of the Jedi කියන්නේ 2022 නිකුත් වුන ඇනිමේටඩ් මිනි සීරියක් එකක්. මේකේ සීසන් 02 2024 නිකුත් වෙනවා කියල නිළවශයෙන්ම දැනුම් දිලා තියෙනවා. කොටස් හයකින් සමන්විත මේ සීරියක් එකට 8.2 ක ඉහල imdb අගයක් ලැබිලා තියෙනවා (Vote 31K+ ). Prequel Era වල සිදුවුන සිදුවීම් මේ කතා මාලාවට පදනම් වෙලා තියෙනවා. (ඒ කියන්නේ Star Wars Episode 3 වලට කලින් වු සිදුවීම්). විශේශම දේ තමා මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dave Filoni විසින්. එතුමගේ වැඩ ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. කෙටි කතා මාලාවක් නිසා මම එපි වල වෙන දේවල් ගැන ලිපියේ කතා කරන්නේ නෑ. අපි කතාමාලාව පැත්තට හැරෙමු…

පලවෙනි කොටස

පලවෙනි කොටස වෙන් වෙලා තියෙන්නේ අසෝකා වෙනුවෙන්. අසෝකව අපට මුලින්ම දකින්න ලැබෙන්නේ The Clone Wars film (2008) කියන ඇනිමේටඩ් ෆිල්ම් එකෙන්. අසෝකා චරිතය 2008 න් පටන් ගත්තු ඒ ගමන දැන් Ahsoka 2023 සීරියස් එකට යනකම් ඇවිත් තියෙනවා. ඉදිරියෙදි නිකුත් වෙන Star Wars නිර්මාණය වලදිත් අපට අසෝකව අනිවාර්යෙන්ම දැකගන්න පුලුවන් කම ලැබේවි.

දෙවෙනි කොටස

කවුන්ට් ඩූකූ කියන්නේ Star Wars රසිකයන්ට නුහුරු නමක් නෙමෙයි. Clone War වලදී සෙපරටිස් හමුදාවේ හිටපු ප්‍රභල නායකයින්ගෙන් කෙනෙක්. කවුන්ට් ඩූකූ අදුරු මග ගමන් කරන්න කලින් වෙනස්ම ආකාරයක ජීවිතයක් ගත කරපු ජෙඩායි කෙනෙක්. ඒ වගේම අපි හැමෝම දන්න ක්වයි-ගොන්-ජින් ගේ මාස්ටර් වෙන්නෙත් කවුන්ට් ඩූකු. කවුන්ට් ඩූකූ ට ඇත්තටම මොකද වුනේ කියන එක ගැන පොඩි අදහසක් මේ එපියෙන් ඔයාලට ගන්න පුලුවන්. ඒ වගේම එයාගෙ Bright Side එක ගැනත් මේ එපියෙන් බලාගන්න පුලුවන්.

 

 

තුන්වන කොටසෙන් නැවත හමුවෙමු. ජය !


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,213 downloadsDownload Tales-of-the-Jedi-S01E01E02.zip6.6 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

1,213 downloadsDownload Subtitles6.6 KB

3 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  2. RMS

    Ashoka Series එකටත් Subtitles දෙන්නකෝ

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P