Watch Trailer

Stargirl (2020-) [S01 : E13] Sinhala Subtitles | අලුත් අමෙරිකාවක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාවේ අවසන් කොටස ගෙන්න සිද්ධ උනේ මට. කතාමාලාවක් ආරම්භ කළා වගේම අවසන් වෙනකන් ලබා දීම ඇත්තටම බයිකොප් සිංහලෙන් අපේ වගකීමක් ඉතින් ඒ වගකීම ඇඩ්මින්වරු විදිහට සියලුදෙනාම දරනවා. ඉතින් අපි මේ කතාව බලන්න ඔයාලට හුරු කලා නම් අවසන් කිරීමත් අපේ වගකීමක් බැවින් ඒ වගකීම මෙලෙසින් ඉෂ්ඨ කරනවා. ඉතින් බලා…

ඔන්න එහෙනම් මේ කතාවේ අවසන් කොටස ගෙන්න සිද්ධ උනේ මට. කතාමාලාවක් ආරම්භ කළා වගේම අවසන් වෙනකන් ලබා දීම ඇත්තටම බයිකොප් සිංහලෙන් අපේ වගකීමක් ඉතින් ඒ වගකීම ඇඩ්මින්වරු විදිහට සියලුදෙනාම දරනවා. ඉතින් අපි මේ කතාව බලන්න ඔයාලට හුරු කලා නම් අවසන් කිරීමත් අපේ වගකීමක් බැවින් ඒ වගකීම මෙලෙසින් ඉෂ්ඨ කරනවා. ඉතින් බලාපොරොත්තු කඩ උනා නම් වෙබ් අඩවිය වෙනුවෙන් ඔබෙන් සමාව අයදින අතර මේවගේ අපහසුතා නැවත නොවෙන්න අපි හැකි උපරිමෙන් ක්‍රියාත්මක වෙන්නම්. 2020 මැයි 18 වනදින ආරම්භවූ මේ කතා මාලාව සඳහා මේ වෙනකන් උපසිරසි ලබාදුන් කීප දෙනාටම ස්තුතිවන්ත වෙමින් ස්ටාර්ගර්ල් පළමු කතාසමය මෙලෙසින් අවසන් කරන්නයි මේ සූදානම්.

ඒ වගේම ඔයාල දන්නවා මේ කතාමාලාව CW වෙතට මාරුවෙලා තියෙන බවත් දෙවන කතා සමයක් දක්වා දීර්ග වී තිබෙන බවත්. ඉතින් වැඩි දෙයක් කියනවට වඩා කලින් කොටස ටිකක් මතක් කරගෙන අන්තිම කොටසට යොමු වෙමු. ඔයාල දන්නවා කලින් කොටසේදී  ස්පෝර්ට්ස්මාස්ටර් සහ ටයිග්‍රෙස් දෙන්නව එව්වා බාබරා, කොර්ට්නි, පැට් සහ මයික්ව මරලා දාන්න. ජෝර්ඩන් විසින් බාර දුන්න මේ රාජකාරිය ඒ දෙන්නට කරගන්න බැරි උනා කියල අපි දැක්කා. ඉතින් ජිවිත අවදානමත් එක්කලා ජස්ටිස් සොසයිටි අලුත් සාමාජික පිරිස වෙනම නිවසකට එකතු වෙලා සැලසුම් කරනවා ජෝර්ඩන්ගේ මේ අලුත් සැලැස්ම නතර කරන විදිහ ගැන. පස්සේ චක්ගේ උදවු සහිතව කට්ටිය සැලසුමක් නිර්මාණය කරලා එය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කොටස් වශයෙන් බෙදිලා ගිහින් බ්‍රේන්වේව් මේ කරන්න යන දේ නතර කිරීමයි එයාලගේ අරමුණ. එත් එයාල නොදන්නවා උනාට එයාලට කලින් අලුත් ඇමෙරිකාව නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ වෙලා. ඔයාල අන්තිමට දැක්කේ බාබරා සහ ස්ට්‍රයිප්සි හෙවත් පැට් දෙන්නා බ්‍රේන්වේව්ගේ පාලනයට යටත් වෙනවා. 

අද කොටස ආරම්භ වෙන්නේ ඒ සමඟින්.  අපි බලමු බ්‍රේන්වේව් සහ ජෝර්ඩන් එකතු වෙලා නිර්මාණය කරන්න හදන දේ කරගන්න එයාලට පුළුවන් වේවිද කියල. ඒ වගේම ජස්ටිස් සොසයිටි එකේ අලුත් සාමාජිකයන්ට ඊට විරුද්ධව කරන සටන ජයගන්න ලැබේවිද කියලත්. එහෙනම් මෙතනින් අවසන් වෙන කතාමාලාව වෙනුවෙන් ඊළඟ කතාසමය වෙනුවෙන් උපසිරැසි ලබාදීම පිළිබඳව අපි ඉදිරියේදී සලකා බලන්නම්. එහෙනම් ගිහින් එන්නම්. ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

2,676 downloadsDownload Stargirl.S01E13.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

2,676 downloadsDownload Subtitles18 KB

29 comments

  1. Rasindu Perera

    නියමයි.... සබ් එකට තැන්ක්ස්....
    Season 2 එකටත් සබ් අරන් එමු....
    CW ඒවා වගේ චා වෙන්නේ නැති වෙයි..

  2. Rashmika

    meka CW walata maru welada.
    kalin katha wage mekath kaida danne na ehenam s01 nam hodata tibba

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  5. tharidu16

    okkoma enakal hitiye

  6. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

  7. R_deshan

    පරක්කු උනත් කමක් නෑ කොටස් 13ම සම්පූර්ණ කරපු එකට ස්තූතියි...පොඩි පොඩි අතපසුවීම් උනා කියල බයිස්කෝප් එක ගැන අපේ විශ්වාසෙ කැඩෙන්න නෑ.ජයවේවා!!!

  8. YasasPerera

    godak sthuthi sub eka dunnata.

  9. kevin D...

    Thanks...

  10. Anonymous

    Thanks

  11. Anonymous

    kata malawata ma sub aka dipu samatama godak istuti.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Shanaka Madushanka

    sub ekata thnaks ilnga seeson ekatat sub dennna aniwareyn

    1. Vishnuka

      Aiiye hearly quinn 2019 ani series ekata sub karanawada......

  14. Sandaru Nimsara

    බොහොම ස්තුතියි මේකට උපසිරැසි ලබා දුන්නු හැමෝටම

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

  16. lakshan

    thanks .........................

  17. chinthaka.max4

    thankx machan

  18. Vishnuka

    Aiiye hearly quinn 2019 ani series ekata sub karanawada......

  19. Anonymous

    Season 2 දෙන්නකෝ....

    1. abcd

      ow dendooo

    2. Anonymous

      season 2 ekakth oni ayye

  20. Shanaka Madushanka

    Session 2 eka denkko ikmnata dankm balagena inne

  21. Nuwan

    season 2 eka demuko

  22. Anonymous

    stargirl s2 sinhala sub ekath oneeee

  23. Sachith

    S02 ta Sub Denawada

  24. Ken

    Stargirl Season 2 එකෙත් සබ් දෙන්නකො

  25. anu

    Season 2 nadd? Ekath dennako

  26. Indunil dananjaya Wikkramarathna

    season 2 sub ndd