කොහොමද බයිස්කෝප්වාසී හැමෝටම, ටික දවසකින් විවේකයක් හම්බුන නිසා පොඩි වැඩකට අත ගහන්න හිතුනා. ඒ තමයි මට අහම්බෙන් බලන්න හම්බුන සුපිරි මිනි ටීවී සීරීස් එකකට ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරසි අරන් එන එක. ඔයාලා අබිරහස්, කුතුහලයෙන් පිරුනු කතාවක් ළඟදී බැලුවේ නැත්තම් බය නැතුව මේක බලන්න කියලා මම නිර්දේශ කරනවා. ඒ වග…

කොහොමද බයිස්කෝප්වාසී හැමෝටම, ටික දවසකින් විවේකයක් හම්බුන නිසා පොඩි වැඩකට අත ගහන්න හිතුනා. ඒ තමයි මට අහම්බෙන් බලන්න හම්බුන සුපිරි මිනි ටීවී සීරීස් එකකට ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරසි අරන් එන එක. ඔයාලා අබිරහස්, කුතුහලයෙන් පිරුනු කතාවක් ළඟදී බැලුවේ නැත්තම් බය නැතුව මේක බලන්න කියලා මම නිර්දේශ කරනවා. ඒ වගේම මේක මිනි සීරිස් එකක් නිසා ඔයාලට තව සීසන් එනකන් බලන් ඉන්න ඕනත් නෑ. ඔක්කොටම කලින් ඔයාලා හාලන් කොබෙන් කියලා කෙනෙක් ගැන අහලා තියෙනවද ? ඇගතා ක්‍රිස්ටි, ලුයිස් පෙනී, ස්ටීවන් කිං, ලී චයිල්ඩ් වගේ අබිරහස් | අපරාධ | ත්‍රාසජනක ඝනයේ පොත් කතුවරයෙක් තමයි Harlan Coben කියන්නේ. සමහරුනම් මෙයාව දන්නවත් ඇති නොදන්න අය වෙනුවෙන් එතුමා ගැන වගේම මේ කතාමාලාව ගැනත් ස්පොයිල් නොකර අමාරුවෙන් විස්තරයක් ලිව්වා. කැමති අය ඒක කියවලා මේක බලනවද නැද්ද කියලා තීරණය කරන්නකෝ.
Harlan Coben
1962 වසරේ ජනවාරි 4 වන දින උපත ලැබූ “හාලන් කොබන්” මහත්මයා අභිරහස් සහ ත්‍රාසජනක නවකතා රචනය පිළිබඳ දැනට සිටින හොඳම ඇමරිකානු ලේඛකයා බවට ලොව පුරා ප්‍රකටයි. මේ වන විට 60 හැවිදිරි ඔහු සම්මානලාභී විශිෂ්ට රචකයෙන් ලෙස ලොව පුරා ගෞරවාදරයට පත් වී තිබෙන අතර ඔහුගේ නවකතා ඇසුරින් චිත්‍රපට සහ රූපවාහිනි කතාමාලා නිර්මාණය වී තිබෙනවා. එතුමගේ බොහෝ නවකතාවල කථා වස්තුව උනේ නොවිසඳුණු අතීත සිදුවීම් එහෙමත් නැත්තම් වැරදි ලෙස අර්ථකථනය උන සිදුවීම්වල නැවත මතුවීම්, සාහසික මිනීමැරුම්, දාම ඝාතකයින් සහ මාරාන්තික අනතුරු වගේ අභිරහස් සිද්ධි දාමයන් තමයි. හාලන් කෝබන් නිව් ජර්සි හි නෙවාර්ක් වල යුදෙව් පවුලක උපත ලැබූ අතර ඔහු හැදී වැඩුණේ ලිවින්ස්ටන් නගරයෙයි. එහිදී ලිවිංස්ටන් උසස් පාසලෙන් තම උපාධිය ලබා ගත් පසු කෝබන් ඔහුගේ සීයාට අයත් සංචාරක කර්මාන්තයට සම්බන්ධ සමාගමක සේවය කලා.

තමන් කතා ලිවීමට ඉතා දක්ෂ බව කෝබන්ට වැටහුනේ ඔහු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ වසරේ සිටින විටයි. එහෙත් ඔහු රචනා කල පොතක් පළමු වරට පොත් ප්‍රකාශකයන් විසින් ප්‍රකාශනය සඳහා පිළිගනු ලැබුවේ ඔහුට වයස අවුරුදු 26 සම්පූර්ණ වීමත් සමඟයි. 1990 දී ඔහුගේ පලමු ත්‍රාසජනක නවකතාව ලෙස Play Dead ප්‍රකාශයට පත් කරන ලද අතර ඉන් පසුව 1991 දී Miracle Cure නවකතාව ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්පසු ඔහු Myron Bolitar නම් ත්‍රාසජනක කතා මාලාවක් ලිවීමට පටන් ගත් අතර ඊට පාදක වූයේ හිටපු පැසිපන්දු ක්‍රීඩකයෙකු වන “මයිරොන් බොලිටාර්” නම් පුද්ගලයා පසුව ක්‍රීඩා නියෝජිතයෙකු බවට පත් වී ඔහුගේ සේවා ග්‍රාහකයන් මුහුණ දෙන අබිරහස් සිදුවීම් විමර්ශනය කරන අකාරය පිළිබඳවයි. එම “Myron Bolitar” කතා මාලාවේ පළමු වෙළුම වන Deal Breaker කතාව සඳහා හාලන් කෝබන් 1996 දී “Best Paperback Original” කාණ්ඩය වෙනුවෙන් පිරිනමන “ඇන්තනි” සම්මානය දිනා ගැනීමටද සමත් විය. ඊට අමතරව මේ කතාමාලාව එම කාණ්ඩයේම “එඩ්ගාර් ඇලන් පෝ” සම්මානය සඳහා ද නිර්දේශ වී තිබෙනවා.
Myron Bolitar කතා මාලාවෙන් පසු ඔහුගේ පළමු තනි ත්‍රාසජනක නව කතාව ලෙස Tell No One නව කතාව 2001 දී ප්‍රකාශයට පත් කරනවා. ප්‍රංශ ජාතික අධ්‍යක්ෂකවරයෙකු වන Guillaume Canet විසින් මෙම පොත පාදක කරගනිමින් 2006 දී Ne le dis à personne නමින් ප්‍රංශ භාෂාවෙන් චිත්‍රපටයක් නිර්මාණය කල අතර කෝබන්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ පළමු චිත්‍රපටය වන්නේ මේ චිත්‍රපටයයි. ඊට අමතරව ඔහුගේ නවකතා ඇසුරෙන් චිත්‍රපට සහ රූපවාහිනි කතාමාලා කිහිපයක් නිර්මාණය වෙලා තියෙනවා. Tell No One නව කතාවට අමතරව හාලන් කෝබන් විසින් තවත් තනි නවකතා නවයක් රචනා කරලා තියෙනවා. 2008 වසරේ අප්‍රේල් 15 දින නිකුත් කරන ලද Hold Tight නවකතාව නිව් යෝර්ක් ටයිම්ස්හි හොඳම විකුණුම් ලැයිස්තුවේ අංක 1 ස්ථානයට පැමිණි ඔහුගේ පළමු පොත බවට පත් වීමට සමත් උනා. කෝබන් මේ වනවිට කතාමාලාවන් දෙකක් සහ තනි නවකතා 19ක් රචනා කර අවසන්.

හාලන් කෝබන් විසින් ඔහුගේ නිර්මාණ වෙනුවෙන් “Edgar” සම්මානයක්, “Shamus” සම්මානයක් සහ “Anthony” සම්මානයක් දිනාගෙන තියෙනවා. ඒ වගේම එවැනි සම්මාන රාශියක් සඳහා ඔහුගේ නිර්මාණ නිර්දේශ වී තිබෙනවා. 2010 දී ඔහු රචනා කල Myron Bolitar කතා මාලාවේ කතාවක් වන Live Wire කතාව අපරාධ ප්‍රබන්ධ රචනය සඳහා එවකට පිරිනමන ලද යුරෝ 125,000 ක ත්‍යාග මුදල දිනා ගැනීමට සමත් උනා. වර්තමානයේද ක්‍රියාකාරි රචකයෙක් වන කෝබන් මේ වසරේ තවත් නිර්මාණ එළිදැක්වීමට සූදානම් බවට වාර්තා වෙනවා.
Stay Close (2021)
2018 වසරේදී නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් හාලන් කෝබන් සමඟ වසර 5කට බල පැවෙත්වෙන පරිදි මිලියන ගණනාවක ගිවිසුමක් අත්සන් තබනවා. ඒ තමයි කෝබන්ගේ නවකතා 14ක් ඇසුරින් චිත්‍රපට හෝ රූපවාහිනි කතාමාලා නිර්මාණය කිරීමේ අයිතිය නෙට්ෆ්ලික්ස් ආයතනයට පැවරීමයි. එමෙන්ම ගිවිසුමට අනුව මේ සියළු නිර්මාණවල විධායක නිෂ්පාදකවරයා ලෙසට හාලන් කෝබන්ව පත් කරලා තියෙනවා. මේ ගිවිසුමට අනුව දැනට නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිර්මාණ 5ක වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ අනුව නිෂ්පාදනය උන තවත් එක් කතාමාලාවක් තමයි The Innocent කියන්නෙ. ඒකට උපසිරැසි අපේ වෙබ් අඩවියෙන් ඔයාලට ලබා දීලා තියෙනවා. 2021දී Stay Close කියන රූපවාහිනි කතාමාලාව නෙට්ෆ්ලික්ස් ආයතනය හරහා නිර්මාණය වෙන්නෙත් කලින් සඳහන් කරපු ගිවිසුමේ ප්‍රතිඵලයක් විදියට තමයි. 2012 වසරෙදී හාලන් කෝබන් මෙනමින්ම රචනා කල නවකතාවක් තමයි මේ කතාමාලාවට පාදක කරගෙන තියෙන්නේ. මේක කොටස් 08කින් සමන්විත කෙටි කතාමාලවක් නිසා ඔයාලට එක හුස්මට මේක බලලා ඉවර කරන්න පුළුවන්. කෝබන්ගේ අනිත් කතා වගේම මේකත් Crime | Mystery | Thriller යන කාණ්ඩවලට අයත් වෙනවා. පසුගිය 2021 වසරේ දෙසැම්බර් මස 31 තමයි මේ කතාමාලවේ සියළු කොටස් එකවරම නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උනේ. මේ වනවිට මනාප 26,000කට අධික සංඛ්‍යාවකින් IMDb අගය 7.0 වැනි ඉහළ අගයක් ලබා ගැනීමටත්, කුණු තක්කාලි දර්ශකයේ 92% හා ගූගල් මනාප 84%ක ඉහළ අගයන් ලබාගනීමටත් මේ කතාමාලාව සමත් වෙලා තියෙනවා.

එක්සත් රාජධානියේ නිර්මාණය උන මේ කතාමාලාව අධ්‍යක්ෂනය කරන්නේ Daniel O’hara විසින් එමෙන්ම ජනප්‍රිය බ්‍රිතාන්‍ය ජාතික නළු නිළියන් කීපදෙනෙක් මෙයට දායක වෙලා තියෙනවා. Middle Earth විශ්වයේ අභීත කුරුමිටි රජු වන “තොරීන් ඔකන්ශීල්ඩ්” ලෙස රංගනයෙන් දායක උන Richard Armitage “රේ ලෙවින්” ලෙසත්, Cush Jumbo “මේගන් පියර්ස්” ලෙසත්, James Nesbitt පරීක්ෂක “මයිකල් බෘම්” ලෙසත්, Sarah Parish “ලොරේන් ග්‍රිග්ස්” ලෙසත් ප්‍රධාන චරිත විදියට දායක වෙනවා.
මේගන් පියර්ස් කියන්නේ දරුවෝ තුන්දෙනෙක් ඉන්න හොඳ මවක් සහ යහපත් ආදරවන්තියක්. ඩේව් ෂෝ කියන ඇයගේ දීර්ඝකාලීන පෙම්වතත් එක්ක ඇය විවාහ වෙන්න ඉන්නේ. දවසක් දොර ගාව කවුදෝ තියලා ගියපු ලියුම් කවරයක් මේගන්ට ලැබෙනවා. කවරේ ලියලා තියෙන්නේ “කැසී” කියන නමයි. දැකපු ගමන් මේගන් හොඳටම බයවෙලා මේක තිබ්බ කෙනාව හොයාගන්න හදනවා. මේ අතර නගරේ සල්ලිකාරයෙක්ගේ පුතෙක් වෙන කාල්ටන් ෆ්ලින් අතුරුදහන් වෙලා ඒ ගැන පොලීසියෙන් පරීක්ෂන පවත්වනවා. කැසී කියන නම දැක්කම මේගන් බයවුනෙ ඇයි ? ඒ ලියුම් කවරේ තිබ්බේ කවුද ? කාල්ටන් ෆ්ලින්ගේ අතුරුදහන් වුනේ කොහොමද ? මේ ප්‍රශ්න වලට උත්තර ඔයාලට ඉක්මනට දැනගන්න පුළුවන්. ඒ වගේම මේක නිකන්ම අතුරුදහන්වීමේ සිද්ධියක් ගැන කතාවක් කියලා හිතන්නත් එපා හොදේ. එහෙනම් අබිරහස්, කුතුහලයෙන් පිරුනු මේ කතාමාලාව අද ඉඳන් එකදිගට ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මට මේ කතාමාලාව උපසිරසි ගන්වන්න අවසර දුන්න රවිදු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. දෙවෙනි කොටස අරන් ඉක්මනින් එන්නම්. ජය වේවා !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,993 downloadsDownload Stay.Close_.S01E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stay Close S01 Sinhala Subtitles
- #Stay Close Season 1 Sinhala Subtitles
- #Stay Close Sinhala Sub
- #Stay Close Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Bimsara Yashan(ඔලිව)
bimsara
thanks sago
gihan
Black mirror series එකටත් සබ් දෙන්න පුලුවන් නම්
Manu
Godak Sthuthi..Jaya wewa!
Manu
Godak sthuthi.jaya wewa!
Anonymous
Thanks jayawewa....!
Sahan Gayantha
thanks wewa saho sub ekata
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


කිව්ව වගේම සීරිස් එකත් මාරම ඉක්මන්ට දීලා. බොහොම ස්තූතියි සහෝ මේ සීරිස් එකට උපසිරැසි ගෙනාවට වටිනා ලිපියකුත් එක්කම. ජයවේවා!