කොහොමද බයිස්කෝප්වාසී හැමෝටම, මේ වෙද්දි පළවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඉතිං මොකද හිතන්නේ ? මේ වෙද්දිනම් ඔයාලට මේක හිතට අල්ලලා තියෙන්න ඕන. ඒ වගේම සමහර දේවල් ගැන ඔයාලට දැනටම අනුමානත් ඇති ඒත් මම සහතික කරලා කියන්නම්. ඔයාලා මොනා හිතුවත් අන්තිම වෙද්දි අම්මෝ මෙහෙමද උනේ කියලා හිතෙයි. වැඩි කතා ඕන නෑ කලි…

කොහොමද බයිස්කෝප්වාසී හැමෝටම, මේ වෙද්දි පළවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඉතිං මොකද හිතන්නේ ? මේ වෙද්දිනම් ඔයාලට මේක හිතට අල්ලලා තියෙන්න ඕන. ඒ වගේම සමහර දේවල් ගැන ඔයාලට දැනටම අනුමානත් ඇති ඒත් මම සහතික කරලා කියන්නම්. ඔයාලා මොනා හිතුවත් අන්තිම වෙද්දි අම්මෝ මෙහෙමද උනේ කියලා හිතෙයි. වැඩි කතා ඕන නෑ කලින් කොටස පොඩ්ඩක් ගැන මතක් කරගෙන අද කොටසින් මොකද වෙන්නේ බලමු.

සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන මේගන් පියර්ස්ට නිර්නාමිකව ලැබෙන ලියුම් කවරයකින් තමයි කතාව පටන් ගන්නේ. කවරේ තිබුන කැසී කියන නම දැක්කම මේගන් ගොඩක් බයවෙන හැටි අපි දැක්කා. කැසී කියන්නේ මේගන් ගොඩ කාලෙකට කලින් පාවිච්චි කරපු නම වගේම ඒ අතීතය රහසක් බවත් පෙනීගෙන යනවා. එයාගේ පස්සේ එන ලෝරේන් කියන ගෑණු කෙනා සහ මේගන් අතර තියෙන සම්බන්ධයත් තාම අපිට හරියටම කියන්න බෑ. තමන්ගේ අතීතයේ ඒ අතර කාල්ටන් ෆ්ලින් කියන අවුරුදු 20ක තරුණයා අතුරුදහන් කියලා පොලීසියට පැමිණිල්ලක් ලැබෙනවා. පරීක්ෂක මයිකල් බෘම් තමයි එයාගේ සහයිකාවත් එක්ක කාල්ටන්ගේ අතුරුදහන්වීම ගැන විමර්ශනය කරන්නේ. ඒ වගේම ඡායාරූප ශිල්පියෙක් වෙන රේ ලෙවීන් තමන් අහම්බෙන් ගත්ත ඡායාරූපවල අතුරුදහන් උන කාල්ටන් ඉන්නවා කියලා දකිනවා. මේගන් ආපහු තමන්ගේ පරණ ජීවිතය ගැන හාර අවුස්සන්න ගිහින් කරදර දෙකකටම මූණ දීලා යන්තම් බේරීලා එන විදිය අපි දැක්කා. අන්තිමටම දකින්න ලැබුනේ කාල්ටන්ගේ බෙල්ලේ තිබුන මාලය දැන් මේගන්ගේ ලොකු දුව වෙන කෙයිලි ගාව තියෙන බවයි.

අද කොටසින් අපිව තවත් පැටලිලි කීපයකටම ඇදලා දානවා. මුල් කොටසේ මේගන් තමන්ගේ පරණ යාළුවෙක් උන නීතිඥ හැරීව හම්බෙන්න ගියත් ඒක කරන්න බැරි උනානේ. අද එයාට හැරීව හම්බෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම කාල්ටන්ට අමතරව තවත් අතුරුදහන්වීමක් ගැනත් මයිකල් බෘම් අවධානය යොමු කරනවා. වැඩි විස්තර ඕන නෑ ඔයාලත් බොහෝම අවධානයෙන් කතාව නරඹන්න කියලා ඉල්ලනවා. මොකද කුඩා සිදුවීම් පවා ඉස්සරහට ලොකු දේවල් වලට සම්බන්ධ වෙනවා. එහෙනම් රවිදු හේෂාන් සහෝටත් ස්තුති කරන ගමන් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,295 downloadsDownload Stay.Close_.S01E02.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

2,295 downloadsDownload Subtitles21 KB

4 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. Sahan Gayantha

    thanks a lot for the sub

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P