Stranger Things… ටීවි සීරීස්/ ෆිල්ම් පිස්සො නම් මේ නම අහල නොතිබෙන්න විදිහක් නෑ. 2016 අවුරුද්දේ නෙට්ෆ්ලික්ස් ස්ට්‍රීමින් සර්විස් එකේ ඔරිජිනල් සීරීස් එකක් විදිහට විකාශය වුනු මේ කතා මාලාව මේ වෙද්දී ලෝකය වටා මිලියන ගාණක් රසිකයන් විසින් ආදරයෙක් වැළඳගෙන තියෙනවා. ඒ වගේම තාමත් IMDB හි වැඩිම රේටින් එකක් ලබා…

Stranger Things… ටීවි සීරීස්/ ෆිල්ම් පිස්සො නම් මේ නම අහල නොතිබෙන්න විදිහක් නෑ. 2016 අවුරුද්දේ නෙට්ෆ්ලික්ස් ස්ට්‍රීමින් සර්විස් එකේ ඔරිජිනල් සීරීස් එකක් විදිහට විකාශය වුනු මේ කතා මාලාව මේ වෙද්දී ලෝකය වටා මිලියන ගාණක් රසිකයන් විසින් ආදරයෙක් වැළඳගෙන තියෙනවා. ඒ වගේම තාමත් IMDB හි වැඩිම රේටින් එකක් ලබාගත්ත සීරීස් අතරේ 95 වෙනි ස්ථානයේ තාමත් රැඳී ඉන්නේ 8.7 ක ඉහළ අගයක් එක්කයි. පෞද්ගලිකව Stranger Things කියන්නෙ බලපු පළවෙනි දවසෙ ඉඳන්ම මගේ ආසම සීරීස්වලින් එකක් ❤️
ඉතිං මේ පාරත් උණු උණුවේ අරන් එන්නේ ඒ කතා මාලාවේ අලුත්ම සීසන් එකේ පළවෙනි කොටස.
මේ සීසන් එක නම් එසේ මෙසේ සීසන් එකක් නෙවෙයි. දන්නවද එක කොටසක් හදන්න කීයක් වියදම් වෙලාද කියලා? ඇමරිකන් ඩොලර් මිලියන 30 ක්! සම්පූර්ණ කතා මාලාවටම මිලියන 240+ පිරිවැයක්. මොකද මේකේ 80 ගණන්වල දේවල් යලි නිර්මාණය කරන්න වගේම විශුවල් ඉෆෙක්ට්ස්වලටත් ලොකු වියදමක් යනවා. හොලිවුඩයේ මෑත කාලයේ සමහර චිත්‍රපටවලටවත් මේ තරම් වියදමක් දරලා නැහැ. ඉතිං කොලිටි එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැනේ.
ඒ වගේම මේ සීසන් එකේ තුන්වෙනි කොටස ඇරෙන්න අනිත් හැම කොටසකම ධාවන කාලය විනාඩි 70 ට වඩා වැඩියි. අවසන් කොටස වෙන නවවෙනි කොටස පැය දෙක හමාරකට වැඩි රන් ටයිම් එකකින් සමන්විත වෙනවා.
කතා මාලාවේ නිර්මාතෲවරුන් වෙන ඩෆර් බ්‍රදර්ස්ලා මීට මාස කිහිපයකට කලින් නිල වශයෙන් ප්‍රකාශ කළා Stranger Things කොටස් දාසයකින් සීසන් පහකින් අවසන් වෙනවා කියලා. ඒ වගේම මේ හතර වෙනි සීසන් එකෙන් තමයි කතා මාලාවේ අවසන් අදියරට පදනම දැමෙන්නේ.

(කතා මාලාව අවසන් වෙන බවට ඩෆර් බ්‍රදර්ස්ලා නිල වශයෙන් අන්තර්ජාලයට නිකුත් කළ ලියුම)
කලින් සීසන් තුනේම කොටස් ඔක්කොම එකම දවසෙ නෙට්ෆ්ලික්ස්ලා රිලීස් කළත් මේ සීසන් එක නිකුත් වෙන්නේ Vol. 1 සහ Vol. 2 කියල කොටස් දෙකකට. කොටස් හතකින් සමන්විත පළවෙනි Vol එක මැයි 27 රිලීස් වුනා. කොටස් දෙකකින් සමන්විත වෙන Vol. 2 රිලීස් වෙන්නේ ජූලි මාසෙ පළවෙනිදා. ඉතිං කොටස් හතක් බලල ඉතුරු ටික බලන්න ඔන්න මාසයක් ඉන්න වෙනවා.
හරි එහෙනම්, කලින් සීසන් එක ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු. තුන්වෙනි සීසන් එකේ සිදුවීම් වෙන්නේ 1985 සමර් එකේ. මේ කාලෙදි හෝකින්ස්වල ස්ටාකෝට් කියල දැවැන්ත සුඛෝපභෝගී වෙලඳසැලක් ආරම්ඹ වෙලා. මේ අතරතුර රුසියාවෙ ආයෙත් වතාවක් හෝකින්ස්වල අප්සයිඩ් ඩවුන් එකට දොරටුවක් විවෘත කරනවා. මේ නිසා මයින්ඩ්ෆ්ලෙයර් මතුපිට ලෝකයට ඇවිල්ල ලොකු කලබගෑනියක් කරනව ඔයාලට මතක ඇතිනේ. ඉතිං මයින්ඩ්ෆ්ලෙයර් නවත්තන්න ගන්න උත්සහය අතරතුර එල්ගේ බලයන් නැති වෙනවා. ගොඩක් කල් හතුරෙක් විදිහට හිටපු මැක්ස්ගේ සහෝදරයා බිල් වීරයෙක් වගේ මිය යනවා. රුසියන් කාරයින් නවත්තන්න ගන්න උත්සහය නිසා ජිම් හොපරුත් ජීවිතයෙන් සමුගන්නවා (?) ඉතිං මේ හැමදෙයකටම පස්සේ ජොයිස්, විල්, එල් සහ ජොනතන් හෝකින්ස්වලින් යන්න යනවා. ඔය විදිහට තමා සීසන් 3 ඉවර වුනේ.
හතර වෙනි සීසන් එකේ සිදුවීම් වෙන්නේ 1986 වසන්ත නිවාඩුව අතර තුර.
මේ සීසන් එකේදි තවත් වැදගත් චරිතයක් හඳුන්වා දෙනව. ඒ තමා ප්‍රධානම විලන් කෙනෙක් වෙන වෙක්නා. වෙක්නා ගැන තොරතුරු ඉදිරියේදී බලාගන්න ලැබේවි.
එහෙනම් ස්ට්‍රේන්ජර් තින්ස් සීසන් 4 එකත් ඔයාලට සුපුරුදු පරිදි පුලුවන් ඉක්මණින්ම බයිස්කෝප් අපි අරගෙන එනවා. මේ කතා සමයේ හැම එපිසෝඩ් එකකම වගේ සබ්වල ලයින් 1000 ට වඩා වැඩියි. ඉතිං වෙනද සීසන් කරනවට වඩා මෙදා පාර සීසන් එක කරන එක සාපේක්ෂව කාලය වැඩියෙන් ගත වෙන දෙයක්. ඒත් උපසිරැසිකරුවන් හැම කෙනෙක්ම වගේ පුලුවන් ඉක්මණින්ම මේ සීසන් එකත් ඔයාලා වෙනුවෙන් අරගෙන ඒවි.❤️ මාවත් මේ වැඩේට එකතු කරගත්‍ත චාමර සම්පත් අයියට ස්තූති කරන ගමන් මම සමුගන්නවා. ආයෙත් දවසක මේ වගේම ලස්සන වැඩකින් හමුවෙමු.
See you on the OTHER SIDE…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
28,940 downloadsDownload Stranger-Things-S04-E01.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #2022
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 04
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things Season 04
- #Subtitles
- #Winona Ryder
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
56 comments
Sandaru Nimsara
jeewa
සබ් එකට tnx මලයා❣❣
ඉතිරි ටිකත් ඉක්මනට ඔනී❣sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයAnuja Lakshitha
sub ekt thanks kollo
Anonymous
thanks . ithuru tikath ikmanninma one.
Anonymous
ado ithuru tikath ikmanata dipn
anupa06
amo yako maru
Fate
Thanks sago
Anonymous
Thanks
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
Sankalpa
Thanx bro sub ekata ithuru tikath ikmanata denna
Anonymous
Balagenama hitapu ekak. Ubanm deiyek wage bn supiri charithayak. Adarei sgo
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Chamuditha Dilrukshan
Thanks brother ❤️
yumal
thnkzzzzzzzzzzzzzzz bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
spider
Sacintha malli bohoma bohoma bohoma sthuthiyi sub ekata balan hitiya aasama kathaawak
issrahatath sub karanna shakthiya labeewa
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
malith madhushan
බොහොම ස්තුතියි මලේ උපසිරසට.
Lahiru Bandara
සුපිරියක් තමා ඩෝ. එනකම් හිටියේ මේක. :)
Chanuka Shanesh
thank you
Delon
Thanks Bro!!
Epi 2th ikmanata oneBihandu
Thank bossa..anith tikath ikmanata onee..spoil krnwa nttm fb eke un ❤️
Anonymous
Thanks bn ❤️
Shalika
Ikmanata epi 2 sub denna sahooo
Anonymous
Good job....ithuru sub tikath apita ikmanta one ❤️
Anonymous
❤️❤️❤️
හිෂාන් සමරසිංහ
සිංහල subtitles දෙනකල් ඉවසන්න බැරි වුණා... ඒ නිසා, 12 GB 1080p Copy එකක් බාගෙන එක හුස්මට බලලා ඉවර කළා...
ඒත් sub එකක් එක්ක දෙන ලිපිය කියවන්න ආස හින්දා ඇවිල්ලා බැලුවා මෙකට.... Season 5 එන්න තව ගොඩක් කල් තියෙන නිසා, ඉතිරි Episodes 2 ත් ආපුවාම ඒකත් English Sub එක්කම බලලා, තව අවුරුද්දකින් විතර ආයෙත් සිංහල උපසිරැසි එක්කම ඔක්කොම බලනවා...
ඒ වුණාට මේ පාර Duffer brothers බලු වැඩේ කරේ... Vol. 1/ Vol.2 කියලා බෙදන්නේ නැතුව, එක පාර ඔක්කොම දීලා දාන්න එපැයි... දැන් ඉතිං ඒක එනකල් මාසයක්ම හිටපංකෝ...
Spoiler Alert;
නැන්සි මැරෙයිද දන්නේ නෑ... Episode 07 ඉවර වෙද්දී, නැන්සි හිටියේ Vecnaගෙ ග්‍රහණයට අහු වෙලා නේ... හැබැයි, Dark TV series එකේ ජෝනාස්ගෙ බෙල්ල වටේ තුවාල කැළලකුත් තියාගෙන, ස්ටීව්; නැන්සි අක්ක එක්ක කාර් එකක යන photos ටිකකුත් leak වෙලා තිබුණා... ඒ වගේම තමා, කතාවට ළාවට LGBTQ+ Scene ඇතුල් කරන්න හදලා තිබුණා වගෙත් දැනුණා... නැන්සි එක්ක රොබින් (අර පුස්තකාලෙ ඇතුළෙදි, Juice කතාවකුත් කියන්නේ...), විල් බය(ර්)ස් එක්ක මයික්...
Bye Bye... Thanks for the Subtitle file. I really appreciate your work.
Anonymous
ithuru tikath ikmnt damu
<3viraj
thanks....
great fan
iwasanna ba deyyoo tnqqqqqqqqq
Dilanka Maduwantha
Thanks Bro..
lasiru
upasirasata bohoma sthuthi.... jayawewa.....!!!
hiru
stranger things ithuru subtitles complete karala dennako
Lakindu
Sarkaaru Vaari Paataa ඕනේ...!!!!
Kushan Perera
Vol 2 ma release wenakan idala ekata allala balanawa naththn ammo komada yako last episode deka enakan bln inne epsode 7 balala anyway thanx mchnla godak kal yanna kalin sub eka dunna oyala
Anonymous
Thanks Bro
Pasindu Madumal
සිංහල උපසිරැසියට තුති. ජය!❤️
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!sahangayantha
thanks a lot saho sub ekata
Lahiru
Thanks brother....
Dushan
Thanks Brother
Lahiru Lakshan
thanks machn....
Anonymous
Ado volume 2 eke sub ikmanta ona mchn
Shehan
ඉක්මනින්ම Volume 2 එකේ සබ් දාන්ඩෝ
chinthaka.max4
thankx machan
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න
Anonymous
Tnz sub ekata
Anonymous
Sub ekata thanks bro !!!
Darkmoon
thanks
Pavith Wijesooriya
බොහොම ස්තූතියි උපසිරසියට සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S04 : E01] Sinhala Subtitles | හෙල්ෆයර් ක්ලබ් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/05/Stranger-Things-Season-4-1.0.jpg)



Ammo Thanks bro❤️