ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් ඔයාලා මඟ බලන් හිටපු Stranger Things සිව්වන කතාමාලාවේ 05 වන කොටස ඔයාලට අරන් ආවා. චාමර සහෝ ගෙනාපු කලින් කොටස ඔයාලා දැනටම බලලා ඇති කියලා හිතනවා. ඒ කොටසනම් සුපිරි වගේම හරිම කුතුහලයෙන් යුතු කොටසක් කියලා දැක්කනේ. අපි පොඩ්ඩක් ඒ ගැනත් මතක් කරන් අද කොටස ගැන බලමු. පාසලේ මනෝ උපදේ…

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් ඔයාලා මඟ බලන් හිටපු Stranger Things සිව්වන කතාමාලාවේ 05 වන කොටස ඔයාලට අරන් ආවා. චාමර සහෝ ගෙනාපු කලින් කොටස ඔයාලා දැනටම බලලා ඇති කියලා හිතනවා. ඒ කොටසනම් සුපිරි වගේම හරිම කුතුහලයෙන් යුතු කොටසක් කියලා දැක්කනේ. අපි පොඩ්ඩක් ඒ ගැනත් මතක් කරන් අද කොටස ගැන බලමු. පාසලේ මනෝ උපදේශකවරියගේ කාර්යාලයට කඩා පනින මැක්ස් ඇතුළු කට්ටිය ක්‍රීසිගේ පරන වාර්තා බලනවා. එතකොට තමයි මැක්ස් දැනගන්නේ වෙක්නගේ කලින් ගොදුරු උන අයටත් තමන්ට තියෙන රෝග ලක්ෂනමයි තිබිලා තියෙන්නේ කියලා. ඒ වගේම ලෝකේ බේරගෙන සුපිරි වීරයෙක් වෙන්න තමන්ගේ නැති උන හැකියාවන් ආපහු ලබා ගන්න එල් ආපහු ඔවෙන්ස් එක්ක යනවා. සුපිරි ගේමක් දීලා රුසියානු හමුදාවෙන් බේරුන හොපර් සහ එන්සො කියලා හඳුන්වපු නිළධාරියව යූරී විසින් පාවලා දෙනවා. ඒ වගේම නැන්සි සහ රොබින් ලෝකේ නැති බොරු කියලා වික්ටර් ක්‍රීල් ඉන්න මානසික රෝහලට ගිහින් එයාවා හම්බෙනවා. මොකද වික්ටර්ගේ පවුල තමයි මුලින්ම වෙක්නාගේ ගොදුරු බවට පත් උනේ. එතන වැඩේ අවුල් වෙලා කෙල්ලෝ දෙන්නා පොලිසී නොගිහින් අමාරුවෙන් බේරිලා ආවා. ඒ වගේම ආරක්ෂාවට ඔවෙන්ස්ගේ නියෝජිතයො දෙන්නෙක් එක්ක ඉන්න මයික්, විල් සහ ජොනතන් ලොකු අකරතැබ්බයකට මූණ දීලා අමාරුවෙන් පණ බේරගත්තා. වෙක්නාගෙ ඊළඟ ගොදුර මැක්ස් කියලා කට්ටිය දැන් දන්නවනේ. කට්ටිය මැක්ස් ගැන ඇහැ ගහගෙන හිටියත් වෙක්නා කොහොමහරි මැක්ස්ව අල්ලගන්නවා ඒ වෙලාවෙදි වෙක්නාවත් පුදුම කරලා වෙක්නගේ මනෝ ලෝකයට ඇතුල් වෙන්න මැක්ස්ට පුළුවන් වෙනවා. අන්තිමේදී කොහොමහරි මැක්ස් ආසම සිංදු අහන්න දීලා වෙක්නගෙන් එයාව බේරගන්න ලුකස් ඇතුළු කට්ටියට පුළුවන් වෙනවා.
හැමදාම වගේ අදත් කුතුහලයෙන් යුතු කොටසක් බලාගන්න ඔයාලට පුළුවන් වෙනවා. තමන්ගේ බලයන් නැවත ලබාගන්න යන එල්ට කවදාවත් නැවත දකින්න අකැමති කෙනෙක්ව හම්බෙනවා. යූරිගේ ග්‍රහනයේ ඉන්න ජොයිස් සහ මරේ එතනින් ගැලවෙන්න විවිධ උත්සහයන් යොදනවා, ඒ වගේම නොකරපු වැරද්දකට හැංගිලා ඉන්න එඩීට තව දුරටත් හැංගිලාම ඉන්න පුළුවන් වෙයිද කියලා බලමුකෝ. ඒ වගේම අද වෙක්නා තවත් ජිවීතයක් ගොදුරු කරගන්නවා. වෙක්නා ගැන තවත් හෝඩුවාවන් හොයාගන්න ඩස්ටින් ඇතුළු කට්ටියම වෙක්නා ඉන්නවා කියලා සැක කරන තැනක් පරීක්ෂා කරන්න යනවා. ඉතිං ඔයාලත් එහෙනම් මේ කොටස බලලා කොමෙන්ටුවක් දාගෙන යන්න. මාව මේ කතාමාලවට සම්බන්ධ කරගත්තට චාමර සම්පත් සහෝටත් ස්තූති වෙනවා. ඊළඟ කොටස අපේ පසිඳු සහෝ අරගෙන එයි. එහෙනම් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.
අද කතාංගයේ නම – The Nina Project
කතා රචනය – Kate Trefry
අධ්‍යක්ෂනය – Nimrod Antal
විකාශය වූ දිනය – මැයි 27, 2022
IMDb අගය – 8.6
මීළඟ කතාංගය – The Dive
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
24,821 downloadsDownload Stranger-Things-S04-E05.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2022
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 04
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things Season 04
- #Subtitles
- #Winona Ryder
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
33 comments
no name
Spider
anna ekane bn
thaks bokka sub ekata
issarahatath sub karanna shakthiya labeeawaSandaru Nimsara
උන්ට පරක්කු වුනාම තමයි කමෙන්ට් එකක් දාන්න මතක් වෙන්නේ
Anonymous
Thanks brothers ❤️
Harindra
Brilliant works guys ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
උපසිරසියට බොහොම ස්තූතියි සහෝදරයා.
Anonymous
Elama machan next ekath damu
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
Thnx saho
Shevon
බොහොම ස්තූතියි සහෝ!
Anonymous
thanks hugak.................
Anonymous
thanks!!
ශශී ඩී.ජාගොඩ
බොහොම ස්තුතියි! අයියේ
Pasindu Madumal
සිංහල උපසිරැසියට තුති. ජය!❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Shanika
Thank you......
sahangayantha
thanks a lot sis sub ekata
Anuja Lakshitha
thanks ayye sub ekat
Yasindu Kalana
Thank you ayiye
chinthaka.max4
thankx machan
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න
Anonymous
Thanks sub ekata !!!!
Pavith Wijesooriya
ගොඩාක් ස්තූතියි අයියේ මේ එපියටත් සබ් එක ලබා දුන්නට... ජය!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
lakshan
thanks .................
THISANGA
thnks kollo!!
baiscope ^-^Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S04 : E05] Sinhala Subtitles | වෙක්නාගේ වාසස්ථානය සොයා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/05/Stranger-Things-Season-4-1.0.jpg)



Thanks sub ekata දැන් ඉස්සෙල්ලා සබ් එන පරක්කු වුන එකට comment දදා බැනපු උන් මෙහෙම දෙද්දි comment දාන්නෑ