Watch Trailer

Stranger Things [S05 : E06] Sinhala Subtitles | කැමසෝට්ස් වෙතින් පලා යාම [සිංහල උපසිරැසි]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ නැවතත් උපසිරැසියකින් ඔයාලා හමුවට එන්න පුළුවන් උනා. ඉතිං හිතුවට වැඩිය ටිකක් වැඩි කාලයක් ගත උනත් පුළුවන් ඉක්මනින් Stranger Things 05 වෙනි සමයේ 06 වෙනි කතාංගයට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කොටස දෙසැම්බර් 25 වෙනිදා තමයි විකාශනය වෙලා තියෙන්නේ. පැයකුත් විනාඩි 15ක් පුරාවට දිව…

ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ නැවතත් උපසිරැසියකින් ඔයාලා හමුවට එන්න පුළුවන් උනා. ඉතිං හිතුවට වැඩිය ටිකක් වැඩි කාලයක් ගත උනත් පුළුවන් ඉක්මනින් Stranger Things 05 වෙනි සමයේ 06 වෙනි කතාංගයට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කොටස දෙසැම්බර් 25 වෙනිදා තමයි විකාශනය වෙලා තියෙන්නේ. පැයකුත් විනාඩි 15ක් පුරාවට දිව යන මේ කතාංගය මේ වෙනකොට IMDb අගය 8.3/10 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. හැබැයි එච්චර වෙලාවක් ගත උනාද කියලා හිතාගන්නවත් බැරි තරමට මේ කතාවට ඔයාලව බැඳලා තියාගන්න මේ කොටසත් සමත් වෙලා තියෙනවා.

ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටසෙදි වෙක්නා පැහැරගත්ත ළමයි හැමෝම කැමසොට්ස් වලදි ආපහු ඇහැරෙනවා. එතනදි හෙන්රි එයාලට කියන්නේ තමන් ඒ ළමයින්ව බේරගත්තා කියලා. හැමෝම වගේ ඒ කතාව විශ්වාස කරනවා. ඒත් හොලීයි ඩෙරෙකුයි මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඩෙරෙක් හෙන්රිගේ අවධානය වෙන අතකට යොමු කරන අතරේ මැක්ස් සහ හොලී උත්සාහ කරනවා හෙන්රි ගැන හොලීගේ මතකයන් ඔස්සේ ගිහින් එතනින් පැනලා යන්න. එයාලගේ මේ සැලසුම හෙන්රිට අහුවෙනවා.

ඉතිං මේ පාර කොටසේ තියෙන්නෙ වෙක්නා ගෙ මනසේ හිරවෙලා ඉන්න හොලී සහ මැක්ස් ඒකෙන් ගැලවෙන්න දරන පරිශ්‍රමය ගැන. ඒ ගැන වැඩි විස්තර මොකුත් කියන්න යන්නෙ නෑ. හොලීටයි මැක්ස්ටයි වෙක්නා ගෙ මනසෙන් ගැලවෙන්න පුළුවන් වේවිද කියලා මේ කතාංගය බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

4,611 downloadsDownload Stranger-Things-S05E06.zip35 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

4,611 downloadsDownload Subtitles35 KB

6 comments

  1. Anonymous

    parakkuy bn

  2. kavinda gamage

    බොහොම ස්තුතියි සහෝ

  3. Fox

    Thnx bro

  4. Anonymous

    Thanks

  5. THISANGA

    niymy
    thnks
    nice work!

  6. Sahan Gayantha

    thanks a lot Dinidu saho sub ekata