හොඳයි යාලුවනේ, මං අද ඔයාලට උණු උණුවෙම අරගෙන ආවේ ඔයාලා මඟ බලාගෙන හිටපු, පසුගිය දෙසැම්බර් 25 වෙනිදා විකාශය කෙරුණු Stranger Things S05 දෙවෙනි වෙළුමේ (Volume 02) පළමුවැනි කතාංගය, එහෙම නැතිනම් Stranger Things S05 එකේ පස්වැනි කොටස. ඔයාලාට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ මේ Stranger Things Season 5 එක නෙට්ෆ්ල…

හොඳයි යාලුවනේ, මං අද ඔයාලට උණු උණුවෙම අරගෙන ආවේ ඔයාලා මඟ බලාගෙන හිටපු, පසුගිය දෙසැම්බර් 25 වෙනිදා විකාශය කෙරුණු Stranger Things S05 දෙවෙනි වෙළුමේ (Volume 02) පළමුවැනි කතාංගය, එහෙම නැතිනම් Stranger Things S05 එකේ පස්වැනි කොටස. ඔයාලාට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ මේ Stranger Things Season 5 එක නෙට්ෆ්ලික්ස් නාලිකාවේ වැඩිම දර්ශන වාර ගණනක් ලබාගත්ත වැඩසටහන බවට පත් වුණ බව. මේ වෙද්දි IMDb දර්ශකයේ 8.7/10ක අගයක් ලබාගන්න සමත් වුණු මේ 05 වැනි කතාංගය Chapter Five: Shock Jock කියලයි නම් කරලා තියෙන්නේ. Stranger Things S05 Volume 02 නිසා නෙට්ෆ්ලික්ස් රසිකයන් ගණනාවකට සේවා බිඳවැටීමේ තාක්ෂණික ගැටළු වලටත් මුහුණදෙන්න සිදු වුණු බවයි අන්තර්ජංජාලයේ වාර්තා වෙන්නෙ. හතරවැනි කොටසේ අන්තිමට විල් තමන්ගේ නිද්‍රෝපගත අධිමානසික හැකියාවන් අවදි කරගෙන මයික්, ලූකස් සහ රොබින්ව ඩෙමෝගෝගන්ලාගෙන් බේරා ගත්තා ඔයාලට මතකයිනෙ. ඒත් ඊට පස්සේ වෙක්නා ඇවිල්ලා ඒ ඔක්කොමව අරගෙන යනවා. ඊට පස්සෙ මොන මඟුලක් වෙයිද? වැඩි විස්තර පැහැදිලි කර කර ඉන්න වෙලාවක් නැහැ , ඉක්මණට දුවලා ගිහින් බලමු. මේ ගැන දැනගන්න වෙන්නෙ පස්වෙනි කොටසින්…
වෙක්නා පැහැරගත්ත ළමයි හැමෝම කැමසොට්ස් වලදි ආපහු ඇහැරෙනවා. එතැනදි හෙන්රි එයාලට කියන්නේ තමන් ඒ ළමයින්ව බේරගත්තා කියලා. හැමෝම වගේ ඒ කතාව විශ්වාස කරනවා. ඒත් හොලීයි ඩෙරෙකුයි මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඩෙරෙක් හෙන්රිගේ අවධානය වෙන අතකට යොමු කරන අතරේ මැක්ස් සහ හොලී උත්සාහ කරනවා හෙන්රි ගැන හොලීගේ මතකයන් ඔස්සේ ගිහින් එතනින් පැනලා යන්න. එයාලගේ මේ සැලසුම හෙන්රිට අහුවෙනවා. හෙන්රි ඩෙරෙක්ගේ පවුලම මරලා දාන බවට තර්ජනය කරනවා. ඉන්පස්සේ මොන ජංජාලයක් වෙයිද? විල්ගේ අම්මා අදහසක් දෙනවා විල්ගෙ ශක්තිය වෙක්නාට එරෙහිව යොදාගන්න බැරිද කියලා. ඇය ඒකට විල්ට ධෛර්යය ලබාදෙනවා.මේ අතරේ Upside Down ලෝකයෙ ඩස්ටින්, නැන්සි වීලර්, ජොනතන්, ස්ටීව් එක්ක හෝකින්ස් වල විද්‍යාගාරයට ඇතුළු වෙනවා. ඩස්ටින් ඇතුළු කණ්ඩායමට හොලී ඇතුළු ළමයින්ව හොයාගන්න හැකිවෙයිද? ඒ වගේම හොපර් ඉලෙවන් සහ කාලි එක්ක හමුදා කඳවුරින් පළා යනවා. එතැනදි කාලි එල්ට හෙළි කරන රහස මොකක්ද? විල්ගේ අධිමානසික බලයෙන් හෙන්රිව දුර්වල කරලා හොලී ඇතුළු ළමයින්ව බේරගන්න හැකිවෙයිද? මයික් සහ විල් ඇතුළු කණ්ඩායම විල්ව Hive Mind එකට සම්බන්ධ කරන්න දරණ උත්සහය සාර්ථක වෙයිද? පළා ගිය මැක්ස් සහ හොලීට වෙක්නාගෙන් ගැලවෙන්න ලැබෙයිද?
හැමෝම මේ කතාංගය බලලා මේ දේවල් දැනගන්න එහෙනම්…
මේකෙ 06 වැනි සහ 07 වැනි කොටස් වල සිංහල උපසිරැසිත් ඉක්මණින් බයිස්කෝප් අඩවියෙන් ලැබේවි.
ඒ වගේම මේ කතාමාලාවේ අවසන් මහා කතාංගය දෙසැම්බර් 31 වැනිදා නිකුත් වෙන බව තමයි දැනගන්න ලැබෙන්නෙ.

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip PSA පිටපත් සඳහා ආදාළ වේ.
6,043 downloadsDownload Stranger-Things-S05E05.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2025
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 05
- #Season 5
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things Season 05
- #Stranger Things Season 5
- #Subtitles
- #Winona Ryder
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
Kevin D...
Anonymous
ඉක්මනට දාපංකො බං. දවස් 3ක් ගිහිල්ලත් තාම එක එපියනෙ දීල තියෙන්නෙ. Fb එක පැත්තෙ යන්නත් නෑ බලපු උං හැමතැනම spoil කරලා
Anonymous
Thanks brother ❤️
Sandaru Nimsara
Thanks❤️
kavishka
Thanks saho
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Anonymous
අනිත් දෙකත් දෙන්නකො කොල්ලෝ E06 E07 එකයි.❤️
Nuwan
Ikman kranna bro api bln inno, Downlod ekata video upload karanna . Thanks sub ekata
Nisanka Kularathne
sub akta thankz machoo
Anonymous
thanks bro
Anonymous
Thank you!!!
kavinda gamage
බොහොම ස්තුතියි සහෝ
Fox
Thnx bro
THISANGA
supiriyt thibba
el
Thnks!huyanna althayanna thaayanna
sub ekata thanks machan eth mokadda wenne kiyala spoil karanna epa api pawne
Sahan Gayantha
thanks a lot Kesara saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Stranger Things [S05 : E05] Sinhala Subtitles | මතකයේ මං පෙත ඔස්සේ… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/11/ST-S05.jpg)




Thank You !