Watch Trailer

Strike Back : Retribution (2017) [S06 : E06] Sinhala Subtitles | අද තමයි දවස..[සිංහල උපසිරැසි සමඟ] (18+)

කරීම් මා(ර්)කොව් මිට කලින් ඒ කිව්වේ 1998 දී නෝවීචොක් මුදාහැරලා කරපු ලොකු විනාශය හරිම පැහැදිලිව දැකගන්න පුලුවන් වුනා. එයාට එහෙම කරලා තියෙන්නේ එයාව එතන වැඩ වලින් අයින් කරපු නිසා පලිගැනීමක් හැටියට. මේ අතරේ මා(ර්)කොව් ජේන් ලව්රිගේ අනුබලය ඇතුව ආයෙම වතාවක් නෝවීචොක් හදන ගමන් හිටියේ මිලොස් බොරිසොවීච් කියලා…

කරීම් මා(ර්)කොව් මිට කලින් ඒ කිව්වේ 1998 දී නෝවීචොක් මුදාහැරලා කරපු ලොකු විනාශය හරිම පැහැදිලිව දැකගන්න පුලුවන් වුනා. එයාට එහෙම කරලා තියෙන්නේ එයාව එතන වැඩ වලින් අයින් කරපු නිසා පලිගැනීමක් හැටියට. මේ අතරේ මා(ර්)කොව් ජේන් ලව්රිගේ අනුබලය ඇතුව ආයෙම වතාවක් නෝවීචොක් හදන ගමන් හිටියේ මිලොස් බොරිසොවීච් කියලා මනුස්සයෙක්ගේ ලැබ් එකක. ජේන්ට එයාගේ ලැබ් එකේ ඉදන් වැඩ කරගන්නවාට සැහෙන ලොකු මුදලක් ගෙවන්න වුනා. මේ අතරෙදි සෙක්ෂන් 20 කට්ටිය මනුස්සයෙක්ව අල්ලගෙන තිබුනා ස්කිනි කියලා. ඒ මනුස්සයා ගැන තමයි රෝසා කිව්වේ. අර මුදල් ගණුදෙනුවලදී මැදිහත් වෙන හොයාගන්න බැරි මනුස්සයා. ඒ කාටේලයේ හිටිය මිනිස්සු එක්ක සැහෙන්න ලොකු සටනක් දෙන්න වුනා ස්කිනිව එතනින් අරගෙන එන්න. ස්කිනි එක්කම එයාගේ ලැප්ටොප් පරිඝනකයත් අරගෙන ඇවිත් තිබුනා. ඒකෙ ජෙන්සන්ට විකේතනය කරන්න බැරි දත්ත තිබුනා. කැප්ටන් රෙනෝල්ඩ් සැහෙන්න ලොකු උත්සහයක් දරලා ස්කිනිගෙන් මේ දත්ත හැම එකක්ම විකේතනය කරලා අරගත්තා.ජෙන්සන්ට ජේන් ලව්රිගේ ගිණුම් දත්ත වලට පිවිසෙන්න පුළුවන් කමක් ලැබුණු හැටියෙම කලේ ජේන්ගේ හැම ගිණුමක්ම අත්හිටවපු එක. ඒ වගේම තමයි ඒ දත්ත වලදී තමයි මේ අයට හොයාගන්න පුලුවන් කමක් ලැබුනේ මිලොස් බොරිසොවීච් කියන මනුස්සයා ගැන. මොකද ජේන්ගේ ගෙවීම් හුගක්ම ඒ වෙද්දී වෙලා තිබුණේ ඒ මනුස්සයට.

මිලොස් බොරිසොවීච් කියන්නේ බේලරූසියන්වල අපරාධ රාජ වංශය. මොකද එයාට පරීක්ෂණාගාර වගේම මත්ද්‍රව්‍ය කාටේල් තිබුණා. කොච්චර සල්ලි තිබුනත් මිනිහා මහා සැරයි. කොටින්ම තමන්ගේ එකම පුතා එයා වගේ නෙවෙයි කියන හේතුව නිසාම එයා තමන්ගේ පුතා එක්කත් නිතරම තරහින් හිටියේ. මේ කාලයේ අතරතුරම තමයි බොරිසොවීච්ගේ අම්මා නැති වෙලා තියෙන්නේ. ඉතින් ඇයගේ අවමංගල්‍ය කටයුතුත් මේ කාලයේ සුදානම් කරමින් තමයි තිබුණේ. ජේන් බොරිසොවීච්ගේ ලැබ් එකේ ඉන්නවට එයාට ගෙවීම හැකි ඉක්මනින් කරන්න කිව්වත් ඒ ගෙවීම සිදු වෙලා තිබුණේ නැති නිසා බොරිසොවීච් එයාගේ ආරක්ෂයෝ ලවා ජේන්ගෙන් මේ ගැන අහලා පරික්ෂා කරද්දී තමයි ජේන්ටත් දැනගන්න ලැබුනේ ජේන්ගේ ගිණුමේ කිසිම මුදලක් නැහැ කියලා. ඉතින් මේ ඇති වෙච්ච ප්‍රශ්නය නිසාම ජේන් බොරිසොවීච්ව නමමගන්නවා පැය 24 ක් ඇතුලත එයාගේ සල්ලි දෙගුණ කරලා ගෙවන්නම් හැබැයි එයාට කෙනෙක්ව හමුවෙන්න එලියට යන්න ඕන කියන පොරොන්දුව පිට. සෙක්ෂන් 20 කට්ටියව එයාලගේ කර්නල් පිටත් කරලා යැව්වා මා(ර්)කොව්ව අරගෙන ලැබ් එක විනාශ කරලා එන්න කියලා. ඒත් එතනට ගිහින් මේ අයට ලැබ් එක විනාශ කරලා දානවා හැරුනම මා(ර්)කොව්ව නම් බේරගන්න ලැබුනේ නැහැ මොකද බොරිසොවීච්ගේ කට්ටිය එයාව කුදලගෙන ගිය නිසා. ජේන් ගියේ ජර්මනියේ ඉන්න වොල්කන් කියලා ඉඩ්‍රිසිට එහෙම සහය දක්වපු කෙනෙක්ව මුණ ගැහෙන්න. ඒත් වොල්කන් එතනදී සල්ලි දෙන එක ප්‍රතික්ෂේප කලා. සේකශ්න් 20 කැප්ටන් ඩොනවන් කලින් වතාවේදී කිව්වා වගේම ඉඩ්‍රිසිගේ මිනිස්සු කාන්තාවක් අනුගමනය කරන එක ප්‍රතික්ෂේප කිරීමක් තමයි එතනදී හොදටම දැකගන්න ලැබුණේ. සෙක්ෂන් 20 එකෙ අයට පස්සේ හොයාගන්න ලැබෙනවා බොරිසොවීච් පවුලේ ගිණුම්වල ලේජර තියාගන්නවා කියලා. ඒ නිසාම තමයි බොරිසොවීච් ගෙදර අවමංගල්‍යයක් තියෙන අස්සෙම නෝවින්ව එහෙට යවලා ලේජර තියෙන පොත අරගෙන එන්න කියලා යැව්වේ. එතකොට මේ අයට මා(ර්)කොව්වයි, ජේන්වයි ලේසියෙන්ම හොයාගන්න පුලුවන් වේවි කියන අරමුණින්.

නෝවින්ට බොරිසොවීච්ගේ අම්මගේ අවමගුලට යන්න වුනේ තනියම වගේම කිසිම සන්නිවේදන උපාංගයක් නැතුවම. මොකද ඒක අවධානමක් වෙන්න පුලුවන් කමක් තිබුණු නිසා. හැබැයි එයාගේ උදව්වට ටිම් එකේ අනික් අය වෙනින් තැන්වලට වෙලා ස්ථානගත වෙලා හිටියා හදිසියක් වුනොත් ක්‍රියාත්මක වෙන්න කියලා. නෝවින් කොහොම හරි ඇතුලටත් ගිහින් බොරිසොවීච්ගේ පවා හිත දිනාගත්තා. ඒ නිසාම බොරිසොවීච් නෝවින්ව එයාගේ පුතා ඇලෙක්සැන්ඩර්ට කාමුක දේවල් කරන්න කෙනෙක් විදිහට දීලා යන්න ගියා. මොකද බොරිසොවීච් විශ්වාස කලා එයාගේ පුතා එයා විදිහට හැදුණේ නැති එකේ ගෑනියෙක් එක්ක එකට ඉදලාවත් හරිහමන් පිරිමියෙක් වෙන්න ඕන කියලා. හැබැයි ඇත්තටම ඒ දෙන්නා අතරේ එහෙම මොකුත්ම දෙයක් වුනේ නැහැ බොරිසොවීච්ගේ සේප්පුවේ රහස් අංකය නෝවින්ට දැනගන්න පුලුවන් වුන එක හැරුනම. නෝවින් ලෙජර් පොත අරගන්න වෙලාවේදී එහෙ හිටිය අයට ආරංචි වෙලා තිබුණු ආරක්‍ෂිත කාමරයට රිංගලා කියලා. මේ නිසාම නෝවින්ට සැහෙන්න ලොකු ප්‍රශ්ණ ගොඩකට තමයි මුහුණ දෙන්න වුනේ. අන්තිමේදී එයාව බොරිසොවීච්ට පවා අහු වුනා. මේ වෙලාවෙදී තමයි සෙක්ෂන් 20 අනික් කට්ටිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. ඒ නිසාම තමයි නෝවින්ගේ ජීවිතේ පවා බේරුණේ. ඒත් නෝවින්ටයි රෙනෝල්ඩ්ටයි පැනලා යන්න උදව් කරපු මැකැලැස්ටර්ටයි, වායට්ටයි ඊට වඩා ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්දවුනා. මොකද මේ දෙන්නට පලයන්න වාහනයක් තිබුණේ නැහැ. ඒත් එතන නවත්තලා තිබුණු වාහන වලින් වායට් තෝරගෙන මේ දෙන්නට එතනින් පැනගන්න අරගෙන තිබුණේ මිනි කාර් එකක්. ඒකත් බොරිසොවීච්ගේ අම්මගේ මිනිය තියෙද්දී. මේ දෙන්නා මේ ගැන දැනගත්තේ බොරිසොවීච්ගේ කට්ටිය මේ දෙන්නා පස්සෙන් පන්නන්න පටන් ගත්ත අතරතුරේදී. කොහොම හරි මේ දෙන්නට පැනගන්න වුනෙත් නැහැ මොකද බොරිසොවීච්ගේ කට්ටිය මගදී බාධක දාලා මේ දෙන්නව අල්ලගත්තා.

සල්ලිත් නැතුව හිස් අතින් ජේන් ආපහු බොරිසොවීච් ගාවට එද්දී එයාගේ අවමංගල්‍ය කටයුතු කඩාකප්පල් කරපු එකටයි, ජේන් හිස් අතින් ආව එකටයි බොරිසොවීච්ට සැහෙන්න තරහ ගිහිල්ලා තිබුණේ. මේ නිසාම ජේන්වත් මැකැලැස්ටර්වයි, වායට්වයි රදවාගෙන හිටිය ගබඩාවේ එයාවත් ගැට ගහලා තියාගත්තා. හැබැයි ජේන් තවත් ගණුදෙනුවකට ආවා. ඒ තමයි කරීම් මා(ර්)කොව් කියන්නේ හැමෝම හොයන කෙනෙක්. ඒ නිසා වැඩි මුදලකට ඒ මනුස්සයව විකුණගන්න පුළුවන් කියන කතාවට. මැකැලැස්ටර් වගේම වායට් ආවේ නැති නිසාම එයාගේ කණ්ඩායමේ අනික් අය මේ දෙන්නව හොයාගෙන එන්නත් පිටත් වුනා. ඒ අය එතනට එද්දී මැකැලැස්ටර් වගේම වායට් දෙන්නා මැරිලා යන්න සුළු මොහොතක් තමයි ඉතිරි වෙලා තිබුණේ. ජේන්ගේ අලුත් ගණුදෙනුව නිසාම ජේන්ට නිදහස් වෙලා යන්න ලබුන හන්දා සෙක්ෂන් 20 කණ්ඩායමේ අය එතනට එද්දී ජේන් එතන හිටිය නැහැ. ඒ නිසාම මේ අයට සිද්දවුනේ මැකැලැස්ටර් වගේම වායට් දෙන්නව බේරගන්න පුලුවන් වුන එක විතරයි. කතාව අවසානයේ කුලී ඝාතකයෙක්ව පෙන්නුවා. යූරි කියලා මිනිහෙක්. තමන්ගේ දේවල් වලට අලාභහානි කරලා එයාව විනාශ කරන්න හදපු නිසා බොරිසොවීච් සැහෙන්න ලොකු තරහකින් හිටියේ. ඒ නිසා තමයි එයා යූරි කොන්ත්‍රාත්තුවක් බාර දුන්නේ හතර දෙනෙක්ව මරලා දාන්න කියලා. ඒ ඉතින් අනිවාර්යෙන්ම මැකැලැස්ටර්, වායට්, නෝවින් වගේම රෙනෝල්ඩ් තමයි. යූරි කියන්නේ ලේසි පහසු මිනිහෙක් නෙවෙයි කියල ඔයාලටම කලින් කොටස අවසානයෙදී දකින්න ඇති.

අද කොටසින් බලාගන්න පුලුවන් වේවි ජේන් ගැන කිසිම ආරංචියක් නැති 20 එකේ කට්ටිය සුපුරුදු පරිදි හෝඩුවාවන් දිගේ යන හැටි. හැබැයි මුලදී නම් ජේන් ගැන කිසිම ආරංචියක් ලැබෙන්නේ නැහැ. මේ අතරේ ජේන් පොඩි ගෑනු ළමයෙක් ලවා අර නෝවීචොක් කියන විෂ වායුව මුදා හැරලා ලොකු වින්නැහියක් කරන්න ලැස්ති වෙනවා. මෙතනින් පස්සේ තමයි 20 එකේ කට්ටිය වෙන්න යන දේ දැනගෙන මේකට මැදිහත් වෙන්නේ. අද කොටස නම් එකක් කියලා කියන්නම බැහැ. මැරුණා කියපු මිනිහෙක් ආපහු එනවා. ඒ අස්සේ කැප්ටන් රෙනෝල්ඩ් විෂ වායුවට අහුවෙලා මැරෙන්නත් යනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

ගිහින් එන්නම්. සුපර්නැචුරල් වලින් හමුවෙමු. ජයෙන් ජය!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,327 downloadsDownload strike.back_.s06e06.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

9,327 downloadsDownload Subtitles25 KB

42 comments

  1. Ajith Priyantha

    sub ekata thanks
    me parana kotasada

  2. Buddi

    Thanks......

  3. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  4. Madu

    thanks macho sabata.....

  5. Lushan Tharinda

    Ammo meka enakam balaana hitiye.
    Subata thanks bro...

  6. Lakshitha

    Thanks..

  7. Pasan wijewardhana

    Thnkz thnkz bng

  8. maduranga

    mun kataawata digaa niwaduwak dunna

  9. Thisal

    thanks

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. kodagoda

    ammo tnx bng

  12. viraj harsha

    Ammo thnq aiya..aaya dena ekak ne kyla hithwe

  13. Cmj

    After long long time it is back! Thanks bro!

  14. Shalika Ashan

    thanks macho

  15. Ravin

    Thanks for the sub

  16. Suranjan

    Ela machan Thanks........jayawewa......!

  17. Udara Damith Dissanayaka

    එල
    එල
    කිරී
    පැනි

  18. Kanchaka

    Thanks Bro.....

  19. Lolinda

    Elaw machn

  20. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  21. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Resinthaka97

    Thanks macho sub ekt ......

  24. suranuwan

    thanks ban sub ekata...

  25. sachin gimhan

    thanx bro..

  26. Rasitha Illangasinghe

    Thank sub ekata

  27. Thusitha disanayaka

    Ela Ela macho. sub ekata thanks .meka enakan godak kalayaka balan hitiya .

  28. MAP

    tnx bn denakn hitiye maga balan :D

  29. samiya

    ambo.....thankz bn...ayeth series aka patan gaththa athi yanthan

  30. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  31. indikavk

    ela machan.thank a lot.

  32. Thilesh De Silva

    Thanks machan Jaya wewa..!!

  33. Thanujaya Bandara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  34. mahinda

    thanks lot....enakam balagena hitiyeee.....thanks lot again...uuummmmaaa...

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Kapila4499

    thanks for sub ..............

  37. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  38. namika

    thanks bro!
    niyamai...

  39. apa

    thanks sub tikata.elawadak.

  40. Dewadithya

    Thanks for sub!

  41. ediya

    thanks for sub.......

  42. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.