ලැබුණු ආරංචිය ඇත්තක් කියලා හරියටම කලින් කොටසින් තහවුරු වුණා. ඕමාර් ඉඩ්‍රිසිජිවිතුන් අතර හිටියා බ්ලැක් සයිට් එකක. බ්ලැක් සයිට් ගැන මං සදහනක් කලේම නැහැනේ. ඒත් ඔයාලට කලින් කොටස් කිහිපය දැක්කම අදහසක් එන්න ඇති කියලා හිතනවා.බ්ලැක් සයිට් එකක් කියලා කියන්නේ CIA එකෙන් හො ඇමරිකානු රජය විසින් පවත්වාගෙන යන තැන…

ලැබුණු ආරංචිය ඇත්තක් කියලා හරියටම කලින් කොටසින් තහවුරු වුණා. ඕමාර් ඉඩ්‍රිසිජිවිතුන් අතර හිටියා බ්ලැක් සයිට් එකක. බ්ලැක් සයිට් ගැන මං සදහනක් කලේම නැහැනේ. ඒත් ඔයාලට කලින් කොටස් කිහිපය දැක්කම අදහසක් එන්න ඇති කියලා හිතනවා.බ්ලැක් සයිට් එකක් කියලා කියන්නේ CIA එකෙන් හො ඇමරිකානු රජය විසින් පවත්වාගෙන යන තැනක්. මේක පිහිටලා තියෙන්න කොතනද,කොච්චර ගානක් දැනට තියෙනවද මේ කිසිම දෙයක් ගැන පිටතට හෙළි කරන්නේ නැහැ වගේම මේ වගේ හුගක් පහසුකම් වලින් ලොකු ආරක්ෂාවක් යොදලා නිර්මාණය කරන බ්ලැක් සයිට් පාවිච්චි කරන්නේ ත්‍රස්තවාදියෙක්ව හරි ඔය වගේ හුගක් භයානක අයව හිර කරගෙන ප්‍රශ්ණ කිරීම් කරලා තොරතුරු දැනගන්න. කැප්ටන් රෙනෝල්ඩ් වගේම නෝවින් වෝල්කන්ගේ අන්තිම ගබඩාගාරය පරික්ෂා කිරීමක් කරද්දී රේචල් ෂෙරීඩන් මැරිලා ඉන්නවා හම්බුනා. එයාගෙත් ඇහැට ඇනලා තමයි ප්‍රශ්ණ කරලා තියෙනවා දකින්න ලැබුණේ. හරියටම වෝල්කන් ජෙන්සන්ගේ ඇහැට ඇනලා ප්‍රශ්ණ කලා වගේමයි. මේ ගැන ඩොනවන් කර්නල් පාකර්ට කිව්වා. එයා බලාපොරොත්තු වුණේ නම් පාකර් එයාට විස්තර කියයි කියලා ඒත් පාකර් කිසිම දෙයක් නොකියා යන්න ගියා.ඊටපස්සේ තමයි ඩොනවන් මැකැලැස්ටර්ටට වගේම වායට්ට කිව්වේ එයාලා කරගෙන යන බ්ලැක් සයිට් එකේ මෙහෙයුම කරගෙන යන්න කියලා. මේ දෙන්නට බ්ලැක් සයිට් එකට ඇතුල් වෙන්න හැකියාවක් ලැබුණා ෂෙරීඩන් හදපු පස්ස දොරින්.
මේ අතරෙදි තමයි ජෙන්සන් ආයෙම වැඩ ආවේ. ඩොනවන් අන්තිම කොටස්දී කරපු දේවලුත් එක්ක ජෙන්සන් ආපහු ආවම හැසිරුණු විදිහ එක්ක බැලුවහම ලොකු වෙනසක් තිබ්බේ නැහැ. එයා හුගක් බය වෙලා හිටියේ. ජෙන්සන් පස්සේ මැකැලැස්ටර්ට වගේම වායට්ටයි මෙහෙයුම කරන් යන්න අවශ්‍ය කරන සහය දෙන්න ගත්තා. ඒ අතරෙදිම තමයි ජෙන්සන් ඩොනවන්ගෙන් ඇහුවේ ටෙනෙබ්‍රේ කියලා ව්‍යාපෘතියක් ගැන අහලා තියෙනවද කියලා. එතනදී තමයි ගෑණි කලබල වෙලා දන්නේ නැහැ කියලා මාරු වෙලා යන්න ගියෙ. එයා යන්න ගියත් එක්කම නෝවින් වගේම කැප්ටන් රෙනෝල්ඩ් ආපහු එයාලගේ මුලස්ථානයට ආවා. රෙනෝල්ඩ් නම් සතුටු වුනා ජෙන්සන් ආයේ වැඩට ආපු එකට. ඒත් නෝවින් නම් පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ. ඒවගේම ජෙන්සන් ටෙනෙබ්‍රේ ව්‍යාපෘතිය ගැන හොයන වැඩේට අවශ්‍ය කරන දෙවන මට්ටමේ අවසරය ඩොනවන් නොදුන්න නිසා එයා ඒ අවසරය රෙනෝල්ඩ්ගෙන් ඉල්ලාගත්තා. ජෙන්සන්ට වුනු දේ ගැන නෝවින් හුගක් දුකින් හිටියේ. ඩොනවන් එක්ක ආයෙම වතාවක් කැප්ටන් රෙනෝල්ඩ් වාදයක් ඇති වුනා. එයාට නම් කොහොමත් සැකයක් තියෙනවා ඩොනවන්ගේ වැඩ ගැන. මේ එක්කම ඩොනවන්ට GPS වලින් කර්නල් පාකර් තැනක් එවනවා. ඒ තැන මොකක්ද කියලා ඩොනවන් රෙනෝල්ඩ්වයි නෝවින්වයි යැව්වා මොකද මේ තැනක් එව්වේ කියලා බලන්න. මේ වෙද්දී වායට් වගේම මැකැලැස්ටර් දෙන්නා උමග දිගේ රිංගලා බ්ලැක් සයිට් එකට ඇතුල් වෙලා හිටියේ. රේචල් මේ අයට කිව්වට වඩා වැඩි ආරක්ෂාවක් තිබුණු නිසා මැකැලැස්ටර් මුලින්ම ඇතුලට ගිහින් බලන්න යද්දී බ්ලැක් සයිට් එක ඇතුලේ වැඩ කරන ඩොක්ටර් ප්‍රයිස් කියන මිනිහෙක් එක පාරටම වගේ පිස්සුවෙන් හැසිරෙන්න ගත්තා. පිස්සුවෙන් කිව්වේ එයා තමයි ඉඩ්‍රිසිට ඇතුලේ ඉදන් වැඩ කරන මිනිහා. එයාගේ කලහකාරී වැඩ නිසා මුළු බ්ලැක් සයිට් එකේ ඇතුලම අගුළු වැටීමකට ලක් වුනා. ප්‍රයිස්ට ඉඩ්‍රිසිව එලියට අරන් යන්න බැරි නිසා මේ අයට උදව් ඕන වෙනවා. මේ නිසා ඔකාරා කියලා මිනිහෙක්ව නිදහස් කරන්න ගිහින් ඉඩ්‍රිසි හැම හිරකාරයෙක්වම නිදහස් කරනවා. ඉඩ්‍රිසි ප්‍රයිස්වත් මරලා ඔකාරා එක්ක සැලැස්මට බැහැලා ආරක්ෂක අගුළු කඩලා පැනගන්න හදනවා. ඒත් ඒක කරගන්න බැරි වෙනවා. මේ අතරෙම තමයි මේ අයට මැකැලැස්ටර් අහු වෙන්නෙත්. ඉඩ්‍රිසි එයාව ප්‍රාණ ඇපකරායෙක් හැටියට තියාගෙන දොරවල් අරගන්න උත්සහ කරනවා. ඒත් එතන බාරව හිටිය මිනිහා ඒකට ඉඩ දුන්නේම නැහැ වායට් කොච්චර බල කරලා කිව්වත්.මේ වෙද්දී බ්ලැක් සයිට් එක ඇතුලට කර්නල් පාකර් ඇතුළු තවත් වාහනෙකින් කට්ටිය ආවා. පාකර්ව ඒ වෙද්දී ජේන් අල්ලගෙන එයාගේ පදේට නටවන ගමන් හිටියේ. පාකර්ගේ පවුල වෝල්කන් යටතට දාලා. ඒකයි පාකර් GPS වලින් ඩොනවන්ට තැනක් යවලා තිබුණේ. වෙලාවට එතනට කැප්ටන් රෙනෝල්ඩ් වගේම නෝවින් ගිය නිසා ඒ දෙන්නා වෝල්කන්ව මරලා දාලා පාකර්ගේ [අවුල බේරාගන්නවා.මේ පණිවිඩේ පාකර්ට ලැබුනට පස්සේ එයා බ්ලැක් සයිට් එකේදී ලව්රිගේ ගැලවිලා එයාටයි එයාගේ කට්ටියටයි පහර දෙන්න ගත්තා.
මැකැලැස්ටර් කොහොම හරි අතනින් ගැලවිලා ඉඩ්‍රිසිවත් කුදලගෙන ආවා. හැබැයි හිස් අතින් නෙවෙයි. අර ඔකාරා කියන මිනිහව හොදට තරහ ගැස්සුව නිසා මිනිහත් තව කට්ටිය එක්කාසු කරගෙන මේ දෙන්නගේ පස්සෙන් පන්නන්න ගත්තා. කොහොම කොහොමින් හරි මැකැලැස්ටර් වගේම ඉඩ්‍රිසි දෙන්නා එකතු වෙලා එවුන් ටිකාව මරලා මගදී ආපහු මැකැලැස්ටර්ට වායට්වයි පාකර්වයි මුණ ගැහුනා. මේ වෙද්දී ලව්රි පිස්සුවෙන් වගේ ඉඩ්‍රිසිව බ්ලැක් සයිට් එකේ හොයන්න අරන් තිබුණේ. එයාලගේ අයයි 20 එකේ අයයි අතරේ ටිකක් ලොකු සටනකුත් ගියා. ලව්රිගේ අයව මග හැරලා දාලා ඉඩ්‍රිසි අරගෙන යන්න මේ අයට හැකියාවක් ලැබුනා. මේ වෙද්දී ජෙන්සන් ඔක්කොම පැත්තක දාලා මෝඩයා වගේ ටෙනෙබ්‍රේ ව්‍යාපෘතිය හොයන ගමන් හිටියේ. මට තියෙන ප්‍රශ්නෙ ඩොනවන් එපා කියද්දීයි, එයාගේ අමුතු හැසිරීම් එක්ක තියෙද්දිත් ජෙන්සන් මෝඩයා වගේ මොකට මේ දේවල් එතන ඉදන්ම හෙව්වද කියලා. කොහොම හරි ජෙන්සන් හුගක් විස්තර හොයාගන්න ලැබුනා. ඒත් අපිට නම් මහා ලොකු දෙයක් දකින්න ලැබුනේ නැහැ අභිරහස් පුද්ගල බුද්ධි අංශයෙන් පල කරලා තිබුණු පින්තුරේ හැරුනම. ඒකෙ හිටියේ ජේන් ලව්රි යටතේ ඇඩීනා ඩොනවන් ආයුධ පුහුණුවක් ලබන බවක්.පැහැදිලිව මුල ඉදලම වගේ ඩොනවන් කැමති වුනේ නැහැ ජෙන්සන් මේ දේවල් ගැන හොයාගන්නවට. ඒ නිසා එයා ජෙන්සන්ව මරලා දැම්මා.
අද කොටසින් බලාගන්න පුලුවන් වේවි එදා ටීම් එකේ අය ඉඩ්‍රිසිව අල්ලගත්තට පස්සේ එයාලා ඉඩ්‍රිසිව අරන් එද්දී මුහුණ දෙන්න වෙන ලොකු ප්‍රශ්නෙ මොකක්ද කියලා. රෙනෝල්ඩ් පවා පොඩි ද්‍රෝහී කමක් එහෙම කරනවා. ඒවගේම ඔයාලට මතක ඇති වතාවක් ඉඩ්‍රිසි වගේම ලව්රි මිසයිල අරගෙන ඒ මිනිහාගේම හෙලිකොප්ටර් එකට වෙඩි තියලා දැම්මා. ඔව් ඔව් අයිව්ස් තමයි. ඒ මනුස්සයා මැරුණාද එහෙම නැත්තම් ජීවතුන් අතර ඉන්නවද කියලා පෙන්නුවේ නැහැනේ. අද කොටසින් ඒ ගැනත් බලාගන්න පුලුවන්. එතකොට ඩොනවන්ගේ බොරු දැනගත්තම කණ්ඩායමේ අනික් අය කොහොම ප්‍රතිචාර දක්වාවිද? විශේෂයෙන්ම අද කොටසට කලින් කතාසමයන් හතරක් පුරාවටම වැඩකෑලි පෙන්නපු මයිකල් ස්ටෝන්බ්‍රිජ් වගේම ඩේමියන් ස්කොට් ආරාධිත රංගනයෙන් දායක වෙනවා. (හම්මේ ඒ දෙන්නා කතාවට එකතු වුනාම දැනෙන සතුට.) ලබන සතියේ ඒ කිව්වේ අවසාන කොටසිනුත් මේ දෙන්නව දකින්න ලැබෙයි.
අද කොටසෙ උපසිරැසිය නිකුත් වෙලා තිබුනෙත් අද (සිකුරාදා) ලංකාවේ වේලාවෙන් පාන්දර දෙකට වගේ. මේ විදිහට ලබන සතියේ අන්තිම කොටසේ උපසිරැසියත් එන්න ප්‍රමාද වුනොත් නම් ස්ට්‍රයික් බැක් එක දෙන්න වෙන්නෙ පහුවෙලා. මොකද ලබන සතියේ ආයෙමත් සුපර්නැචුරල් පටන් ගන්නවා. ඒ නිසා මට සුපර්නැචුරල් වලට ප්‍රමුඛත්වය දෙන්න වෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!! සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,493 downloadsDownload Strike-Back-S06E09.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමර සම්පත්
Subtitles
45 comments
yash weerasinghe
Kanchaka
Thanks Bro......Ela
Lakshitha
Thanks machn...
ලබන සතියෙන් ඉවරයි නේද ????suranuwan
thanks bro....
Prasadwc
Thanks bro sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hash1000
Thankz bro sub ekata
Lushan Tharinda
Subata thanks bro...
dilsupun
Sub ekata thanks bro
samiya
sub akata thankz bro.next week aken passe aye nathiveida
sachintha
Sub ekata thanks
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
ranil9416
THANKS BRO
maduranga
10 enakan balagena inne .
Ravindu Rukshan
Thx
losaka
Thank u Bro
Suranjan
Thanks bro........jayawewa.......!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
kodagoda
tnx sahoo
Panther
Thanz brother sub akta
KanchanaJayawardane
THANKS FOR THE SUBTITLE
darshanatk
Thankz kollo hamadama wage welawata sub eka dunnats
Udara Damith Dissanayaka
එල
කමක් නෑ
අරක දෙන්ඩකෝ ඉස්සරවෙලා
ඊළගට මේ කා දෙන්ඩwikz
thanx 4 sub mcn..
Shalika
thank you.
Sadini
Thankz
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Buddi
THANKS......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru W
thanks chamara brother and baiscope team
suranuwan
thank you
asankarovanco
meke (season 06) 1,2,3,4,5, episode tika ganne kohomada?
Chämàrá Sâmpáth
සුපුරුදු විදිහටම තමයි සබ ගන්න තියෙන්නේ. එක්කෝ "සියලුම කතාංග" ක්ලික් කරලා යන්න. එහෙමත් නැත්තම් මගේ ප්‍රොෆයිල් එකේ බලන්න. එහෙමත් නැත්තම් සර්ච් කරලෑ එකින් එක අරගන්න.
Hddmadhushan
Mchn meke epi10 sub nedda bn
dilsupun
Sub ekta thnx bro.... 10 epiyeth saba damu ikmnta
Devindi Sulochana
tnx aiya,honda aiya wage anthima eketh sub eka ikmanata dennako please.episode 10 download karalath iwarai ane,sub eka denakam innawa.iwasannama bari unoth sub eka nathiwama balanawa.ehema wenna ida thiyanna epa aiya patiyo. :D
Hash1000
Ane me nangi patiya kiyana eka ahala hari ikmanta dendooo
vidura91123
9,10 download kare mokenda??
Devindi Sulochana
ekane aiyo :D
Bobby
Thank you very much for the sub
Kapila4499
thanks for sub ..............
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Thanujaya Bandara
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…Dewadithya
Thanks for sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


awema meka dalada balanna.supiri...patta thankx broo...