ඩීන් තවමත් විරුද්ධයි සෑම් එයාව බේරගන්න හදනවට. මේ අතරේ භයානක පහර දීමකට මූණ දීල එක පවුලේ සහෝදරයෝ දෙන්නෙක් මැරෙනවා. ඔවුන්ගේ බාලම තුවෙනි සහෝදරයා ප්‍රහාරයෙන් බේරෙනවා. මේ ගැන හොයන්න සෑම්නුයි ඩීන්නුයි මේ ටවුමට එනවා. ඇවිත් බැලින්නම් මේ ටවුමේ සිද්ධ වෙන්නේ මහා අමුතුම දේවල්. ඒ මොනවද, කියන ප්‍රශ්නෙට උත්තරේ දැන…
ඩීන් තවමත් විරුද්ධයි සෑම් එයාව බේරගන්න හදනවට. මේ අතරේ භයානක පහර දීමකට මූණ දීල එක පවුලේ සහෝදරයෝ දෙන්නෙක් මැරෙනවා. ඔවුන්ගේ බාලම තුවෙනි සහෝදරයා ප්‍රහාරයෙන් බේරෙනවා. මේ ගැන හොයන්න සෑම්නුයි ඩීන්නුයි මේ ටවුමට එනවා. ඇවිත් බැලින්නම් මේ ටවුමේ සිද්ධ වෙන්නේ මහා අමුතුම දේවල්. ඒ මොනවද, කියන ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න වෙන්නේ කථාව බලලම තමයි.
දැනුමට:
ග්‍රීම් සොයුරන් ගැන අහලා නැති කෙනෙක් නැතුව ඇති මං හිතන්නේ. සුරංගනා කතා කිව්වම ඉතින් ග්‍රීම් සොයුරන්ව තමයි මුලින්ම මතක් වෙන්නනෙ. මේගොල්ලෝ ජර්මනියේ එක්දහස් හත්සිය ගණන් අග භාගයේ විසු සහෝදරයන් දෙන්නෙක්. ජේකබ් ග්‍රීම් (Jacob Grimm.) සහ විල්හෙල්ම් ග්‍රීම් (Wilhelm Grimm.) තමා මේ සොයුරන් දෙදෙනා. ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කථා නමින් පලවී ප්‍රසිද්ධියට පත් වුනේ ඔවුන් එකතු කල, ඒ කලේ තිබු යුරෝපීය ජනකථා සමුහයකුයි.
මගේ ගානේ බෝනස් කථා 5ක්:
(මේ කථා මීට වඩා ගොඩක් දිගයි. ඔක්කොම ටික මේකේ ඇති මගේ හිතේ. )
The Three Little Pigs (ඌරු පැටවූ තුන්දෙනා)
ඌරු පැටව් තුන්දෙනා යනවා දෙමව්පියන්ට සමුදීල තමන්ගේම ගෙයක් හදා ගන්න. පලවෙනි ඌරු පැටියා හරි කම්මැලියි, ඌ පිදුරු වලින් ගෙයක් හදා ගන්නවා. දෙවැනි ඌරු පැටියා ලී වලින් ගෙයක් හදා ගන්නවා. තුන් වෙනි ඌරු පැටියා හරි බුද්ධිමත්, ඌ ගඩොල්වලින් ගෙයක් හදා ගන්නවා. ඌරු පැටව් කන්න හිතන නරක නපුරු වෘකයා යනවා පලවෙනි ඌරු පැටියාගේ ගෙදෙට්ට. ගිහින් කියනවා “දොර අරින්න ඌරු පැටියෝ” කියාලා. ඌරු පැටියා කියනවා, “මගේ නිකටේ රැවුල පල්ලා අරින්නේ නං නෑ නෑ නෑ” කියලා. වෘක්කයාට තරහ ගිහින් හයියෙන් පිබිනවා. පිදුරු ගේ කඩා වැටෙනවා. වෘකයා ඌරු පැටියව කනවා. ඊට පස්සේ ඌ දෙවැනි ඌරු පැටියාගේ ගෙදෙට්ට යනවා. ගිහින් කියනවා “දොර අරින්න ඌරු පැටියෝ” කියාලා. ඌරු පැටියා කියනවා, “මගේ නිකටේ රැවුල පල්ලා අරින්නේ නං නෑ නෑ නෑ” කියලා. වෘක්කයාට තරහ ගිහින් හයියෙන් ගහනවා. ලීගේ කඩා වැටෙනවා. වෘකයා දෙවැනි ඌරු පැටියත් කනවා. ඊට පස්සේ ඌ තුන්වෙනි ඌරු පැටියාගේ ගෙදෙට්ට යනවා. ගිහින් කියනවා “දොර අරින්න ඌරු පැටියෝ” කියාලා. ඌරු පැටියා කියනවා, “මගේ නිකටේ රැවුල පල්ලා අරින්නේ නං නෑ නෑ නෑ” කියලා. වෘක්කයාට තරහ ගිහින් හයියෙන් බිපිනවා, ගහනවා. ඒත් ගඩොල් ගේ කඩා වැටෙන්නේ නෑ. ඒ ගමන ඌ වහලට නැගලා චිම්නිය දිගේ එනවා. මේක දැකපු ඌරු පැටියා ගිනි උදුනේ ගින්දර පත්තු කරලා වතුර භාජනයක් තියනවා. වෘකයා ඒකට වැටිලා මැරෙනවා. ඌරු පැටියා වෘකයාව තම්බලා කනවා! එතැන් පටන් ඌරු පැටියා සතුටෙන් ජීවත් වෙනවා.
Hansel and Gretel (හැන්සල් සහ ග්‍රේටල්)
හැන්සලනුයි ග්‍රේටල්නුයි අයියයි නංගියි. එයාලගේ තාත්තයි, කුඩම්මයි එක්ක තමා ජීවත් වුනේ. මේ ගොල්ලෝ දුප්පත් පවුලක්. ළමයින්ට කන්න දෙන්න දෙයක් නැති නිසා කුඩම්ම කියනවා ළමයින්ව කැලේ අතරමන් කරලා එමු කියලා. අකමැත්තෙන් වුනත් තාත්තත් මේකට කැමති වෙනවා. ඒත් ළමයි දෙන්නට මේ කතා බහ ඇහෙනවා. ඊලග දවසේ උදේ කැලෙට යනකොට හැන්සල් එයාගේ සාක්කුවේ තිබුණ පාන් කෑල්ල කඩලා දාලා පාර ලකුණු කරනවා. ඒත් කැලේ සත්තු ඒ පාන් කෑලි කාල දානවා. ඒ නිසා හන්සටයි ග්‍රේරෙටල්ටයි ගෙදර යන්න පාර හොයා ගන්න බැරි වෙනවා. කැලේ අතර මං වෙලා බඩගින්නේ ඇවිදින මේ දෙන්නට හම්බවෙන්නේ කෑමවලින් හදපු ගෙයක්. මේ දෙන්න ගේ කන්න පටන් ගන්නවා. ඒත් මේ ගෙදර ඉන්නේ ළමයි කන මන්තර කාරියක්. එයා ළමයි දෙන්න අල්ල ගන්නවා. අල්ලාගෙන හැන්සල්ව කුඩුවක දාගෙන මහත්වෙන්න කන්න දෙනවා. ග්‍රේටල්ගෙන් වැඩ ගන්නවා. එක දවසක් හැන්සල්ව කන්න හිතන මන්තරකාරි ග්‍රේටල්ට කියනවා ලිපේ රස්නේ ඇතිද බලන්න කියලා තම්බන්න. මන්තරකාරිගේ සැලැස්ම දන්නා ග්‍රේටල් කියනවා එයාට ලිපේ රස්නේ බලන්න තේරෙන්නේ නෑ කියලා. ඉතින් ලිපේ රස්නේ බලන්න ලිපට එබෙන මන්තරකාරීව ග්‍රේටල් ලිපට තල්ලු කරලා මරලා දානවා. ඊට පස්සේ මන්තරකාරිගේ මුතු මැණික් අරන් ගෙදර එන හැන්සල් සහ ග්‍රේටල් සතුටෙන් ජීවත් වෙනවා.
Cinderella (සින්ඩරෙල්ලා)
සින්ඩරෙල්ලාට නරක කුඩම්මයි එයාගේ දුල දෙන්නයි හරියට කරදර කරනවා. දවසක් රජ ගෙදර කුමාරයට ගැලපෙන කුමාරිකාවක් හොයාගන්න සාදයක් පවත්වනවා. ඒත් කුඩම්ම සින්ඩරෙල්ලව එක්ක යන්නේ නෑ. ඒත් සින්ඩරෙල්ලාගේ ෆෙයරි ගෝඩ් මදර් ඇවිත් සින්ඩරෙල්ලාට ලස්සන ගවුමකුයි වීදුරු සපත්තු ජෝඩුවකුයි දෙනවා. වට්ටක්ක ගෙඩියක් කරත්තයක් කරලා මීයෝ වගයක් අස්සයෝ කරලා දෙනවා සාදෙට යන්න. ඒත් මේ ඔක්කොම රෑ 12ට අතුරුදහන් වෙන නිසා සින්ඩරෙල්ලා ඊට කලින් මාලිගාවෙන් පිට වෙන්න ඕනේ. සාදෙට යන සින්ඩරෙල්ලා කුමාරයාගේ හිත දිනා ගන්නවා. රෑ 12ට ලන්වෙලා හදිස්සියෙන් පැනලා යන සින්ඩරෙල්ලාගේ වීදුරු සපත්තුව මග හැලෙනවා. කුමාරයා මේ සපත්තුව රටේ ඉන්න හැමෝම ගෑනුන්ට දාලා බලල සින්ඩරෙල්ලාව හොයා ගන්නවා. එතැන් පටන් ඔවුන් සතුටෙන් ජීවත් වෙනවා.
Little Snow-White (පුංචි හිම කුමරිය)
රජෙකුටයි, රැජිනකටයි ලස්සන දුවෙක් හම්බවෙනවා. එයාට නම තියන්නේ හිම කුමරිය කියලයි. ඒත් ටික දවසකින් රැජින මැරෙනවා. ඊට පස්සේ රජ්ජුරුවෝ රටේ ඉන්න ලස්සනම ගැනු කෙනාව කසාද බදිනවා. ඒත් මේ ගෑනු කෙනා හරි නරකයි. හිම කුමරිය ලොකු වෙනකොට මේ නපුරු කුඩම්මට වඩා ලස්සන වෙනවා. නපුරු කුඩම්මට ඉරිසියා හිතිලා දඩයක් කාරයෙක්ට කියනවා හිම කුමාරිව කැලේට ගෙනිහින් මරා දාන්න කියලා. ඒත් දඩයක්කාරයට දුක හිතිලා හිම කුමාරිට පැනලා යන්න දෙනවා. හිම කුමාරි ගිහින් කුරුමිට්ටො හත් දෙනෙක් එක්ක කැලේ ජීවත් වෙනවා. ඒත් හිම කුමරී පණපිටින් බව දැන ගන්න නපුරු කුඩම්ම වෙස් වලාගෙන ඇවිත් වස කවපු ඇපල් ගෙඩියක් හිම කුමාරිට කන්න සලස්වනවා. හිම කුමරී ඒක කාල ගැබුරු නින්දකට වැටෙනවා ඇහැරෙන්නේ නැති. මේ අතරේ හිම කුමරිය ගැන කථාව අහපු දුර රටක කුමාරයෙක් එනවා හිම කුමරිය දකින්න. ඇයට ආදරේ හිතෙන කුමාරයා හිම කුමරියට හාද්දක් දෙනවා. එතකොට හිම කුමරිය ඇහැරෙනවා. ඊට පස්සේ නපුරු කුඩම්මව මරා දාන මේ දෙන්න සතුටෙන් ජීවත් වෙනවා.
Little Red Riding Hood (රතු හැට්ටකාරී)
රතු හැට්ටකාරිගේ අම්ම රතු හැට්ටකාරීට කියනවා කේක්නුයි වයින්නුයි අරන් ගිහින් ලෙඩින් ඉන්න අත්තම්මව බලල එන්න කියලා. ඉතින් මේවත් අරන් යන රතු හැට්ටකාරිව දකින නරක නපුරු වෘකයා එයාව කාල දාන්න කල්පනා කරනවා. රතු හැට්ටකාරිව චාටුවෙන් කතාවට අල්ල ගන්න වෘකයා දැනගන්නවා එයා යන්නේ අත්තම්මලාගේ ගෙදර බව. රතු හැට්ටකාරිට කලින් අත්තම්මගේ ගෙදෙට්ට යන වෘකයා අත්තම්මව ගිලලා දාලා අත්තම්මගේ ඇදේ වැතිරිලා ඉන්නවා රතු හැට්ටකාරී එනකම්. රතු හැට්ටකාරී ආවම ඌ එයාවත් ගිලල දානවා. ඊට පස්සේ ඌ අත්තම්මගේ ඇදට වෙලා හොදට නිදා ගන්නවා. ඌ ගොරවන සද්දේ ඇහිලා සැක හිතපු දඩයක්කාරයෙක් ඇවිත් උගේ බඩ පළලා රතු හැට්ටකාරියි අත්තම්මවයි දෙන්නවම එලියට ගන්නවා. වෘකයා මැරෙනවා! හැමෝම සතුටෙන් ජීවත් වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
4,468 downloadsDownload Supernatural.S03-E05.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
35 comments
Dilip
dilshan
kattiyata denaganna kiyanne grimm brothers lage kata padaka karagena NBC eke patta tv series ekak yanawa Grimm kiyala.dennan season 3 yanne.
shani
thanks
Sampath
Ela Ela Thanks
dinidu madushanka
ela ela saho jaya wewa
නලින්
ස්තුතියි සහෝ ලිපියටත් ගොඩක් මහාන්‍සිවෙලා තියෙනවා!
ජය වේවා
Ayesh
niyamai . thank you
Kukula
ස්තුතියි සහෝ ලිපියටත් ගොඩක් මහාන්‍සිවෙලා තියෙනවා!
ජය වේවා
Sanjaya
ස්තූතියි සහෝ..
උපසිරැසියි දැනුමයි දෙකම දෙනවට පිං..dampataya
ස්තූතියි සහෝ..
උපසිරැසියි දැනුමයි දෙකම දෙනවට පිං..dilan
thanks machan
හර්ෂ ලහිරු
එලකිරි සහො ලිපිය දැක්කම නම් කොරවෙනවා :P :P
බොහොම ස්තුතියි සහො :D :D ජයරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….Rashmika
ela saho story 5th short @ sweet...thanks lot!!!!!!!!!!!!!!
වලාකුළ
Thanks lokka
BACHA
godak mansi wela thiyana eke thanx nokiwwoth hari na ne
tharindu
Niyamai saho thanx
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)D.chamara
ela ela saho jaya wewa
Bhanuka
ඉස්සර වගේ දවසක් ඇර දවසක් sub දෙන්නකෝ....මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්... මේ කරන වැඩේට ස්තූතියි...දිගටම දාන්න..ජය වේවා...:-)
Devil Hunter
Niyamai sahoo!!!! meka thamai mama balapu hodama kathawa.sub eka genanam kiyala wedak na supiri. oya hodata mahansi wela thiyenawa
NS Isuru
කෝ මචං මේකෙ ඉතුරු කොටස්ටික? ස්පීඩ් එක බැස්සෙ මොකද එකපාරම?
gayan
ඉස්සර වගේ දවසක් ඇර දවසක් sub දෙන්නකෝ….මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි.
වැඩේ එලටම යනවා.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!Keshan Wasala
එල එල සහෝ :D මෙන්න සබ් එක ගත්තා බොහොම ස්තුතියි !!
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
thanks for sub bro...
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Niroshani maduka
Thank you...
chamal kanchana
thanks
Kaazz_bat
සබ් එකට ස්තූතියි සහෝ,. ජයවේවා,...
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S03 : E05] – Sinhala Subtitles | ළමා කථා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-2.jpg)
Palaweni download eka magen