හොදයි, කලින් කතාවේ ආව අනපේක්ෂිත අමුත්තා ගැන අපේ කට්ටිය හිතන්නේ මොනවද කියලා දැනගන්න වෙන්න කථාව බලලම තමයි. මේ අතරේ, අපි දන්නවා සෑම්නුයි ඩීන්නුයි ඇරුනම දඩයක්කාරයෝ තව ගොඩක් ඉන්නවා රට පුරා. ඉතින්, සෑම්නුයි ඩීන්නුයි වගේම මෙගොල්ලොත් මිනිස්සු බේරගන්නවා. ඒ වගේම සමහර වෙලාවට අතපසුවීම් ප්‍රමාදවීම් වගේ ඒවා නිසා…
හොදයි, කලින් කතාවේ ආව අනපේක්ෂිත අමුත්තා ගැන අපේ කට්ටිය හිතන්නේ මොනවද කියලා දැනගන්න වෙන්න කථාව බලලම තමයි. මේ අතරේ, අපි දන්නවා සෑම්නුයි ඩීන්නුයි ඇරුනම දඩයක්කාරයෝ තව ගොඩක් ඉන්නවා රට පුරා. ඉතින්, සෑම්නුයි ඩීන්නුයි වගේම මෙගොල්ලොත් මිනිස්සු බේරගන්නවා. ඒ වගේම සමහර වෙලාවට අතපසුවීම් ප්‍රමාදවීම් වගේ ඒවා නිසා සමහර මිනිස්සුන්ව බේරගන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා. 1.22 කතාවේ මිය ගිය ඩීමන් ආවේස වෙලා හිටිය ගැනු ළමයා මෙග්, 2.12 කතාවේ මියගිය රොනල්ඩ් රෙස්නික්, 3.12 කතාවේ මිය ගිය හෙන්ඩ්‍රික්සන්, නැන්සි ඇතුළු කට්ටිය, මේ විදිහට සෑම්ටයි ඩීන්ටයි බේරගන්න බැරි වෙච්ච අහිංසක මිනිස්සු. එක පාරටම මේ විදිහට බේරගන්න බැරි වෙච්ච මිනිස්සුන්ගේ හොල්මන් ඇවිත් දඩයක්කාරයන්ව මරන්න පටන් ගන්නවා රට පුරාම. සෑම්ටයි ඩීන්ටයි බෝබීටයි මේ ප්‍රශ්නෙට විසදුමක හොයන අතරේම තමන්ගේ ජීවිත බේරගන්නත් ලොකු සටනනක් දෙන්න වෙනවා. අපි කථාව බලලම ඉතුරු ටික දැනගමු.
දැනුමට:
Revelations : මට මතක හැටියට, අද කතාවේ තමයි පලවෙනි වතාවට Revelations ගැන තරමක් විස්තර සහිතව කතා කරන්නේ. පරිච්චේද 22කින් යුතු මෙම පොත ශ්‍රී ලංකා බයිබල් සංගමය පරිවර්තනය කරන්නේ “එළිදරව්” යන නමෙනුයි. ඒ නිසා මාත් ඒ වචනෙම භාවිතා කරනවා. ඒත් එළිදරව් කියන එක දෙබස්වල භාවිතා කරන්න කරදර නිසා “එළිදරව්ව” කියලා වෙනස් කරපු වෙලාවලුත් තිබුණා. (එහෙම භාවිතා කරන එක හරිද කියලනං මම දන්නේ නෑ 😕 ) බොහොම කෙටියෙන් කිව්වොත්, මේකේ තමයි ලෝක විනාසේ වෙන හැටි තියෙන්නේ. මේක ජේසුස් වහන්සේගේ දේශනාවක් නෙමේ. ජෝන් කියලා කෙනෙක්ට ලැබුන දිව්‍යමය පණිවිඩයක් කියලයි සැලකෙන්නේ. මේ පොත මුල ඉදන් සිංහලෙන් කියවන්න කැමතිනම් මෙතනින් බලන්න.
සාක්ෂිකාරයෝ සහ මුද්‍රා : අද කතාවේ පැවසෙනවා සාක්ෂිකාරයන්ගේ උත්ථානයක් ගැනයි, ලුසිෆර්ව නිදහස් කරන්න පුළුවන් මුද්‍රා වගයක් ගැනයි. ඔවුන් කියන්නේ මේක එළිදරව් පොතේ තියෙන එකක්ය කියලයි. අවංකවම කිව්වොත් මං මේ විස්තර ඔයාලට කිව්වට මම බයිබලය කියවලා නෑ. ඉතින් මං දන්නේ නෑ ඇත්තටම මෙහෙම එකක් එලිදරව්වල තියෙනවද කියලා. 11 වෙනි පරිච්චේදයේනම් සාක්ෂිකාරයෙක් ගැන කියනවා. ඒත් ඒ කතාවේ අද සුප්(ර්)නැචුරල් එකත් එක්ක කිසිම සමාන කමක් නෑ. ඉතින් මට තේරෙන තරමෙන් නම් සුප(ර්)නැචුරල් එකේ අද කියන්නේ ඇත්තක් නෙමේ! (ෂෝ එකේ කියන ඒවා ඇත්තටම බයිබලේ තියෙනවා කියලා හිතා ගන්න එපා කියලයි මං මේ කියන්නේ…) මීට වඩා විස්තර දන්නා කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරන්න.
ලුසිෆර් : ලුසිෆර් ගැන අහලා නැති කෙනෙක් නං නැතුව ඇති. මෙයා ගැන ඉදිරියේදී සුප(ර්)නැචුරල් එකේ සෑහෙන කතා කරනවා. ලුසිෆර් යන්නෙහි තේරුම “පහන් තරුව” එහෙමත් නැත්නං “අලෝකය ගෙනෙන්නා” කියන එකලු. ලුසිෆර් කියන්නේ සාතන් නැත්නම් යක්ෂයාම තමයි. හැබැයි මං කලිනුත් කිව්වා වගේ මම බයිබලේ කියවලා නෑ. ඒ නිසා කතාවේ කියන තොරතුරුවල වැරදි නිවැරදි බවනං මට කියන්න පුළුවන් කමක් නෑ. ඒ තොරතුරු හොයා ගන්න එක ඔයාලට බාරයි.
මං දන්නා තරමින් ලුසිෆර් කියන්නෙ දෙවියන් වහන්සේ මුලින්ම මවපු දේව දුතයන් අතරින් කෙනෙක්. ඔහු සිය මානය සහ ඊර්ෂ්‍යාව නිසා ස්වර්ගයෙන් නෙරපුන පවයි පැවසෙන්නේ. බයිබලය ඔහුව සර්පයෙක් ලෙසත් දක්වනවා. කොහොම වුනත් එලිදරව්ව ගැන කියද්දී, 12වෙනි පරිච්චේදයේ “මකරා” ලෙසින් හැදින්වෙන්නේ ලුසිෆර්ලු. ලුසිෆර් ගැන තොරතුරු කියවන්න කැමතිනම් මෙතනින් පටන් ගන්න.
– – –
අද කතාවේ නම “Are You There God? It’s Me, Dean Winchester” අරන් තියෙන්නේ Judy Blumeගේ “Are You There God? It’s Me, Margaret” නම් පොතේ නම ඇසුරෙනුයි.
අධ්‍යක්ෂණය කලේ : ක්ලිෆ් බෝලේ (hilip Sgriccia)
කථාව : ලු බෝලෝ (Lou Bollo) සහ සේරා ගැම්බල් (Sera Gamble)
රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : 2008 සැප්තැම්බර් 25 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,810 downloadsDownload Supernatural_-.S04E02.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
43 comments
Rukshi
chandima
niyamai onna gatta....
Nadeera
Thanks macho
malakas
ikkmanata denna pluwan nam hondi machan ... meke dan S 10 awith,,,
sadun
thanks saho..
damithh
thanks
ikmanata ilaga episode ekath ewandasithum
maxxa bro enakan hitiye. anith ewath ikmnta demu...
shani
thanks
Kavindu Madusankha
Thanks MDG saho.meka denakan balan hitiye
KpRox
මෙච්චර ඉක්මනට සබ් ඒක දීල, පට්ට විස්තරේකුත් දෙනවනේ. උඹනම් අදහන්න වටිනා පොරක්.
R.D
Eelanga sub eka thawath rasawath...............
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
පට්ට විස්තරේ
:P
උපසිරැසියට තුති……. :)Ayesh
Thank You
D.chamara
niyamaiiiiiiiiiiii
KH7
Thanks Machan... Elaz...
sarath
thanks mdg.
Rasika
thnkz machaaaaaaaaa
My Life as a Gaijin!
තෑන්ක්ස් මචං සබ්ස් වලට.... මේක එළ සීරීයස් එක....දිගටම සබ්ස් දියන් මචන්
හර්ෂ ලහිරු
කොර මචන් කොර මේ දීමට පිස්සු හැදෙනවා :D
බොහොම ස්තුතියි :D ජය“චූටී මල්ලි”
brrip එකටත් එක්ක දෙන්න ගත්තට
තෑන්ක්ස් මචෝ
සබට තුති
ඔබට ජය............Kushen
Thanks saho...Adanam hodata wisthara karala thiyanawa.ithuru tikath ikmanata denna :)
Dulan
Thank you bro
nuwan
uba nam ela ban........
DanstM
superb machan!
BACHA
Thanx saho sub ekata
Rashmika
great work saho...post 1kt lasanta pahdiliwa tiynwa...THANKS LOT!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
dinidu madushanka
ela ela saho jaya wewa
Nishshanka Ruwan
thanx :)
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isu DP
Oyanam Sub Machine Ekak...
ThankZZ MDG Sahoo Subata.....
Jaya Wewa !!!! :-) :-)gayan
උපසිරැසියට ස්තුතියි,, :D ජයෙන් ජය !!!!!!!!!
කස්සා
මම දැකපු සුපිරිම පොරක් තමා උඔ...... බෝම ඉක්මනට සබ් එකත් එක්ක ඒ ඒ එපිසෝඩ් එක ගැන සාරාංශෙකුත් දෙනවා...ඒ වගේම වැදගත් වෙන කරුණු ටිකකුත් දෙනවා........ සුපිරිම සුපිරි බන්.... එලස්.....
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ලිපිය නම් සුපිරි කලින් කොටස බැලුවා :D ඒ කොටස නම් නියමයි මෙන්න මේකේ සබ් එකත් ගත්තා :)
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….nirosha
thanks sab ekata
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
Dulshan
thanks bn
lakshitha
Thanks bro sub waata
lakshitha
Thanks bro sub walata
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S04 : E02] – Sinhala Subtitles | දෙවියනි ඔබ කොහිද… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-2.jpg)
thanx for sub. anith ewath ikmanata denna. great job