Watch Trailer

Supernatural [S10 : E21] with Sinhala Subtitles | දුෂ්ඨ වංශය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සීසන් ඒකෙත් අවසාන තුනට ආවා. රොවීනා කියනවා හොයාගත්ත කෝඩෙක්ස් එකත් ලියලා තියෙන්නේ කියවන්න බැරි විදිහට කියලා. ඉතින් සෑම් චාලිටයි කැස්ටයි උදව්වට එන්න කියනවා. මේ අතරේ ඩීන් ස්ටයින් පවුල ගැන හෝඩුවාවක් හොයා ගන්නවා. ස්ටයින් පවුල කියන්නේ ඇත්තටම කවුද කියලා අද දැනගන්න පුළුවන්. පහුගිය සතියේ කට්ටිය දීලා…

Supernatural-S10-1

ඔන්න මේ සීසන් ඒකෙත් අවසාන තුනට ආවා.

රොවීනා කියනවා හොයාගත්ත කෝඩෙක්ස් එකත් ලියලා තියෙන්නේ කියවන්න බැරි විදිහට කියලා. ඉතින් සෑම් චාලිටයි කැස්ටයි උදව්වට එන්න කියනවා. මේ අතරේ ඩීන් ස්ටයින් පවුල ගැන හෝඩුවාවක් හොයා ගන්නවා. ස්ටයින් පවුල කියන්නේ ඇත්තටම කවුද කියලා අද දැනගන්න පුළුවන්. පහුගිය සතියේ කට්ටිය දීලා තිබුන උත්තරවල හැටියට ගොඩක් අයට අද කතාවත් ශෝකාන්තයක් වෙයි. බලලම දැනගන්නකො.
—————————————-
කලින් සතියේ ප්‍රශ්න ටිකටත් උත්තර දුන්න අයට ස්තුතියි

4. මදැයි මැරිච්ච අය ගැන ප්‍රශ්නයක් ඇහුවා. අහලා හැරෙන්න කලින් ඔන්න අද තව එක්කෙනෙක් ඉවරයි. සුපර්නැචුරල් කියන්නේ මැරිච්ච එව්වෝ මැරිලාම ඉන්න කතාවක්නං නෙමේ. ඒත් දැනට ආපහු ආවේ නැති මැරුණ චරිත ගැන මතක් කලොත්

මුලින්ම මේරි වින්චෙස්ටර් මැරුණා කතාවට ආරම්භයක් දීලා. ඊළගට ජෙසිකා (සෑම්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්)

දෙවැනි සීසන් එක පටන් ගනිත්දී ජෝන් වින්චෙස්ටර් මැරුණා ඩීන්ව බේරගන්න ගිහින්. දෙවැනි සීසන් එකේදී මැරෙනවා ඈශ්නුත්. (එලන්ගේ තානායමේ හිටපු කම්පියුටර්කාරයා) ඒ වගේම කතාවේ ආරම්භක හතුරා ඇසේසල් (කහ ඇස්) ගේ මරණෙන් තමයි සීසන් එක ඉවර වුනේ.

ගෝර්ඩන් දඩයකරයා වැම්පයර් කෙනෙක් වෙලා මැරෙනවා තුන්වෙනි සීසන් එකේදී.  කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති අති දක්ෂ  හෙර බෙලා අපරාදේ මැරිලා යනවා තුන් වෙනි සීසන් එක ඉවර වෙත්දී. දිගටම හිටියනං හොද හොද වැඩ කරන්න තිබ්බා.හතරවෙනි සීසන් එකේ සැහෙන ගානක් මරණ තියෙනවා. ඒ අතරෙන්, ඩීන්ට අපායේදී වද දෙන හැටි උගන්නපු ඇලස්ටෙයාර්, සාස්තර කියන පැමලා, කැස්ගේ දෙවනියා යුරීයෙල්,  මතක හිටින චරිත. සීසන් එක ඉවර වුනේ රූබිගෙයි ලිලිත්ගෙයි මරණෙන්. පස්වෙනි සීසන් එකෙදී සෑම්ගෙයි ඩීන්ගෙයි මල්ලි ඇඩම් මිලිගන්, ඒන්ජල් ඇනා, ඒන්ජල් සැකරායා සහ තවත් අය මැරෙනවා. ඒ අතරෙන් එලන්නුයි ජෝයි, ආක්ඒන්ජල් ගේබ්‍රියල්නුයි(ට්‍රික්ස්ටර්) හරිම කනගාටු හිතෙන මරණ තුනක්. මේගොල්ලෝ ආපහු එනවට කවුරුවත් අකමැතිනං වෙන එකක් නෑ.

හයවෙනි සීසන් එකේදී ටයිටැනික් බේරගත්ත බැල්තසාර් මැරෙනවා. ඊව් යකින්න, ආක් ඒන්ජල් රෆායල්, බොබීගේ යාලුවා රූෆස්  ටර්නර් වගේම සෑම්ගෙයි ඩීන්ගෙයි අම්මගේ පැත්තෙන් සීයා, සැමුවෙල් කැම්බෙල්නුත් මැරෙන්නේ හයවෙනි සීසන් එකේදියි. ෆ්‍රෑන්ක් ඩෙවරෝ පිස්සු කම්පියුටර්කාරයා මැරෙන්නේ හත් වෙනි සීසන් එකේදියි.

හත් වෙනි සීසන් එකේදීම තමයි රසිකයන්ව දුකෙන් දුකට පත් කරලා බොබී සිගර්නුත් මැරෙන්නේ. සීසන් තුනකට පස්සෙත් රසිකයෝ තවමත් බලාගෙන ඉන්නේ කොයි වෙලේ හරි බොබී ආපහු එයි කියලයි. සීසන් එක ඉවර වෙන්නේ ඩික් රෝමන්ගේ මරනෙන්. තව ලවායතන්ලා ගොඩකුත් මැරෙනවා. අටවෙනි සීසන් එකේදී වැම්පයර් බෙනී මැරෙනවා. මේ සීසන් එකේදිම තමයි ක්‍රව්ලි මෙග්ව මරන්නේ. සීසන් අටක්ම හිටපු චරිතේ මෙග්ව මරපු එක අපරාදේ කියලයි මටනං හිතෙන්නේ.

නවවෙනි සීසන් එකේදී ගැඩ්‍රීයල් දිවිනහගන්නවා. කෙවින් ට්‍රැන් මැරෙනවා. රීපර් ටෙසා මැරෙනවා.

දහවෙනි සීසන් එකේදී දැනට කේන් මැරුණා.  අද තව එකෙකෙනෙක් මැරුණා. තව සුළු චරිත කීපයක්වත් මැරෙයි මගේ හිතේ. විශේෂයෙන් “ස්ටයින්”ලා කීපදෙනෙක්වත්  🙂   😛

මීට අමතරව දැනට පණපිටින් ඉන්න ප්‍රධාන චරිත ඔක්කොම වගේ එක සැරයක් හරි මීට කලින් මැරිලා තියෙනවා (ක්‍රව්ලි ඇර)

5. දැනට ඉන්න ප්‍රධාන චරිත නොවන චරිත ගැන කිව්වොත්,
කවුරුත් අකමැති මෙටට්‍රෝන්, චාලි බ්‍රැඩ්බරි, ෂෙරිෆ් ජෝඩි මිල්ස්, ගාර්ත් (ගොඩක් අය සදහන් කරලත් තිබ්බා. ගාර්ත් මාර ජනප්‍රියයිනේ බැලුවම  😛 )   පිස්සු බෙකී, හැරී ස්පෙන්ග්ලර්යි එඩ් සෙඩ්මෝයි, ඇල්ෆා වැම්ප්, හැනා  ඒන්ජල් වගේ කට්ටිය පහුගිය සීසන් වල ෂෝ එකට එකතු වුන අයයි.

දහවෙනි සීසන් එකේදී, මුලින්ම කෝල්, පස්සේ රොවීනා, ක්ලෙයා (ඇත්තටම මෙයා කලින් හිටියා), තව කවුරුත් එකතු වුනාද කියලා මට මතක නෑ.

ඒ වගේම සුළු චරිත විධිහට පටන් අරං අද අනුප්‍රධන චරිත බවට පත් වෙලා තියෙන කැස්ටියෙල්නුයි, ක්‍රව්ලියිනුත් ඉන්නවා. පෞද්ගලිකව මටනං දැනෙන්නේ හොද චරිත ඔක්කොම මැරිලා වගෙයි.  මම අන්තිම සීසන් තුනක් විතරම බැලුවේ ක්‍රව්ලි නිසයි. කොහොම අහක දාන්නද ගෝනටයි ලේනටයි කියන කැත කතා ටික බලන්නේ නැතුව?  😛  😛

6. අකමැති කවුද කියන එකටනං  අමුතුවෙන් මතක් කිරීමක් නැහැ ලියන්න, මටනං හතුරෝ ඔක්කොමලා වගේ හොදයි. උන් මැරෙනවට මංනං කැමති නෑ. හැබැයි කතාවේ ඉන්න පොඩි එව්වෝ නිසා ෂෝ එක  CW එකේ තියෙන අනික් වැඩසටහන් වගේ ටීනේජ් ෆැන්ටසියකට හැරෙනවා වගෙයි මට දැනෙන්නේ. උන් ටික මැරිලා යනවානං හොදයි. තව, කෙවින් මැරෙනකම් මං සීසන් දෙකක් බලා හිටියා. දැන් චාලි මැරෙනකම් බලා ඉදලා සීසන් තුනක් විතර වෙනවා. (හෝව්, හෝව්, ඔහොමත් තරහා ගන්න ඕනෙද?  😉   😉   😉   ) කතාවට චාලිගේ ගති ගුණ ගැලපෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. කම්පියුටර් කාරයෙක් ඕනේ නං ඉස්සර හිටපු ඈශ් නැත්නං ෆ්‍රෑන්ක් ඩෙවරෝ වගේ චරිතයක් හදන්න තිබ්බ. එහෙම වුනානං වැඩිය ගැලපෙනවා, ගෑනු චරිතයක් ඕනේ නං එලන්, ජෝ, බෙලා. පැමලා මේ කවුරුත් ෂෝ එකේ ස්වභාවයට ගැලපෙනවා චාලිට වඩා. 

7. යක්කු ජාතිනං ඉන්නවා මතක් කරන්න බැරි තරම්. ප්‍රධාන එව්වෝ ගැන කිව්වොත්,
හොල්මන්, වැම්පයර්ලා, වෙයාවුල්ෆ්ලා, ශේප්ශිෆ්ටර්ලා, ගූල්ලා, ස්කින්වෝකර්ස්ලා, ලවායතන්ලා, මිත්‍යාදෘෂ්ටික දෙවිවරු, ව්රෙත්ලා, ජින්ලා,  කාන් පනුවෝ, සොම්බි, අසරුවෝ, යක්දෙස්සියෝ  සහ තව තව එවුන් මහ ගොඩක්.

කොතනදී හරි හොද පැත්තට උදව්වක් කරලා තියෙන යාළු යක්කු ගැන කිව්වොත්, ඇල්ෆා වැම්ප්, බෙනී, ගාර්ත්, මාරයා, වෙයාවුල්ෆ් කේට් වගේ අය සෑම්ටයි ඩීන්ටයි උදව් කරලා රසිකයෝ අතරේ ජනප්‍රිය වුන යක්කු කීප දෙනෙක්

ඒ වගේම ට්‍රික්ස්ටර් ඇත්තටම යකෙක් නොවුනත් හොදම යක්කු කිව්වම ට්‍රික්ස්ටර්ව මතක් වෙනවමයි, මුල් එපිසෝඩ් නිසා. මොකද ෂෝ එකේ අපිව වැඩියම හිනස්සපු යකා මං හිතන්නේ ට්‍රික්ස්ටර් වෙන්න ඕනේ.

මේවත් කියමුද?

8. ෂෝ එක දිගටම බලන්න හිතුනේ (අතාරින්න බැරුව ගියේ) මොන එපිසෝඩ් එකේදීද/මොන සිද්ධියේන් පස්සේද?
9. ෂෝ එක බලලා නැති කෙනෙක්ට දෙන උපදෙස මොකද්ද?
—————————–
අද කතාවේ නම “Dark Dynasty” එනමින් වූ රියලිටි වැඩසටහනක් ඇසුරෙන්
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යුජීන් රෝස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2015 මැයි 06
මීලග කොටසෙන්:
10.22 The Prisoner (2015 මැයි 13)
Promo

 

Supernatural (2005) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

 

Supernatural.S10E21.HDTV.x264-ChameE
Supernatural.S10E21.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,417 downloadsDownload supernatural.1021-baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,417 downloadsDownload Subtitles53 KB

45 comments

  1. sachintha

    thaks sub ekata...

    1. dilshan

      MDG saho, man hitanne sahota kiyanna amtaka wela tiyenawa supernatural anith TV series walin wenas wenna balapapu tatath pradana hetuwak.e tamai supernatural wala giyapu parana classic ROCK music songs tika, hema season ekakama final episode eka muladi giyapu carry on my wayward son song eka wisesai. mata pudgalikawa me sinduwa man me dakwa ahapu hodama sindu list ekata wetenawa.e wagema Blue Öyster Cult lage fire of unknown origin song eka , Moran Lee "Dock" Boggs ge O DEATH song eka wage ma tawath supiri sindu nisa supernatural taruna kattiya atara ikmanatama famous uan kiyala tamai mannan hitanne

    2. හර්ෂණ

      සුපනැචුරල් සීසං 4 ටොරන්ට් එක වැඩ කරන්නේ නැනේ. 3. ගානේ එක.

    3. MDG

      සහතික ඇත්ත සහෝ. මම සබ් එකේදී බැක්ග්‍රවුන්ඩ් මියුසික් ගැන සදහන් කරන්න ගියේ නෑ ඒවා පරිවර්තනය කරන්නත් ගියොත් ඒකට ගොඩක් වෙලාව යන නිසා. ඒ නිසයි ඒ ප්‍රශ්නේ ඇහුවේ නැත්තේ. අනික මෙහෙම ලිපියක ලියලා මතක් කිරීමක් කරන්න බැරි තරං දිග ලිස්ට් එකකුත් තියෙනවානේ. ඒත් මේ ෂෝ එකේ ක්ලැසික් රොක් සිංදු ටික ගැනනං කියලා වැඩක් නෑ. මාත් කැමතිම අංගයක්. විශේෂයෙන් ඉස්සර හැම එපිසෝඩ් එකකම වගේ හොදම මියුසික් තිබුනා. නියම ටේස්ට් එකක් තියෙන මනුස්සයෙක් තෝරපු සිංදු. අලුත් සීසන් වලදී පොඩ්ඩක් දුර්වල වුනා වගේ දැනුනා හැබැයි.

    4. හර්ෂණ

      සහෝ උබ චාලිට කැමති නැත්තේ එකී ලෙස්බි නිසා නේද? අනික එලන් / ජෝ ඉතින් පට්ට කෑලිනේ. ඇයි සාස්තර කාරී. තව FBI කාරය. උන්ව අමතක කොරන්න එපා :v

  2. VINDY

    sub walata thanx saho,oyage sub niyamai,season 11 walatath oyama sub dila,series ekama complete karannako....plz............!

  3. Ama

    ගොඩක් ස්තුතියි සහෝ!!!!

  4. Prabath

    thx bro

  5. Jamson

    Thanks..

  6. බිනර කවිශ්ක

    ගොඩක් ස්තුතියි සහෝ....

  7. prabhath

    thanks

  8. Chamara Sampath

    මට නම් මේ කතාව එන්න එන්නම දුකයි .චාර්ලි මැරුණා.......
    08.මට නම් මේක ආස හිතුනේ පලවෙනි සීසන් එකේ පලවෙනි කොටස බැලුවම....
    09.බලපු නැති අයට කියන්නේ,"ඔය මොන ටීවී සිරිස් එක බැලුවත් වැඩක් නැහැ.මේක බලලා නැත්තම් අනිවා බලන්න.නැත්තම් ජිවත් වෙලා වැඩක් නැහැ.අපායට පල කියලා" මම කියනවා

    1. Mahima

      spoilers spoilers everywhere :D :D

  9. chathura

    තැන්කූ වේවා ......

  10. dilshan

    thanks saho,onna bewa.

  11. Mahima

    castiel කාරයා ආපු හින්දා :D :D :D
    season 4 episode 1

    මෙක බලලා නැත්තම් වැඩකුත් නෑ :P :P
    ඔන්න අපිත් බාන්න දැම්මා තැන්ක්ශු වේවා

  12. Shaveen Madushka

    8- 2 සීසන් එකේ අන්තිම ඉඳන්. ඒකෙ අපි දැක්කා දෙන්නගේ සහෝදර ප්‍රේමය. ඇසේසල් මැරුනා. ඩීමන්ලා ගොඩක් අපායෙන් බේරිලා ගියා. ඩීන් මල්ලි වෙනුවෙන් අවුරුද්දක ගිවිසුමක් ගැහුවා. මම supernatural වලට ගොඩක්ම ආස වුනේ එතන ඉඳන්.
    9- බලපු නැති අයට කියන්න තියෙන්නෙ බල්න්න කියලා තමයි. දැනට episode 216 විතර ගිහිල්ලා තියෙන හින්දා බලන්න ගොඩක් කල් යයි. මේක මම බලපු සුපිරිම TV series එක. කවදාවත් එපා වුනේ නෑ. එපා වෙන්නෙත් නෑ. MDG සහෝ බොහොම ස්තූති‍යි මෙච්චර කල් අපිට sub දුන්නට.

  13. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. NIRU

    dean maruna thena idala issellama mereuna thena

  15. Asel

    Elaz
    1 Kurumini seen 1
    2 Meka balala natam CW 1 hodama tv series 1 uba balala na kiyala

  16. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Lakshitha

    1) පලවෙනි සීසන් 2 නිසා
    2) මේක බලලා නැත්තං TV Series බලලා වැඩක් නෑ

  18. hasi

    castiel apu nsa

    baluwth nda gannawa boru,bayata newei,aharila inna wenawa kathawe thiyena gathiyata,hdama udaharanaya mama me post eka dapu welawa balanna...

  19. තිසර නියෝ

    1) පලවෙනි එපියේ පලවෙනි විනාඩි 5න්ම කතාව මාරම විදියට හිතට වැදුනා.. (දවස් 2න් සීසන් එකම බලන්න උනා එක නිසාම)
    2) අතරමගදී බලන එක නවත්තන්නේ නැතිව බලන්න කැමතිනම් එකතු වෙන්න

    උපසිරැසියට තුති……
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය ..

  20. Keshan Wasala

    සමාවෙන්න සහෝ පරක්ක උනාට දැන් තමා මේ පැත්තේ එන්න උනේ :D

    8. ඇත්තටම ෂෝ එක බලන්න ආස උනේ ඩින් නිසා :D මිනිහා දෙන ආතල් නිසා බඩජාරි කම නිසා :D සිද්දිය කිව්වොත් කතාවේ මුල් එපියේ ඉදන් හිතට වැදුනා මතක විදියට මෝහිනීද කොහෙද උන්නේ :P

    9.බලලා නැති කෙනෙක්ට කියන්න තියෙන්නේ මේ වගේ කතා දැන් එන්නේ නෑ :D එන ඒවත් මේවගේ කොපි!! දැන් එන අලුත් කතා උපරිම සීසන් එකයි ඊට පස්සේ කැන්සල් කරලා දානවා ඒ අතින් බැලුවම මේ වගේ පරණ නමක් තියන කතා කොච්චර වටිනවද ඉතින් මැරෙන්න කලින් බලන්න ඕනේ කතා සෙට් එකේ සුපර්නැචුරල් තවත් එක් කතාවක් මට නම් :D ඉතින් බලන්න ලත වෙනවා නම් අනිවා බලන්න :)

    ගොඩක් ස්තුතියි සසහෝ මෙන්න සබ ගත්තා :D

  21. sasa

    thanks saho

  22. SHEHAN

    chaali gananao math akagaiii...............marennama ona charithayak

  23. charith

    plaweni seaon eka baluwam ati ita passe itin seek eka wage tamai ilaga eka kawadda enne kiyala bala bala inne. mam attatama hinenut bayawuna season 01 eka baladdi.habai samstayak widihata gattot balala tiyan season okkoma walin no 01 mage num supernatural tamai. hama dema tiyanaw ahariyata hoddata thunpaha tiyanawa wage lokuma duka me season eken mek sadahatama iwaraine eka tamai. anik mechara deval me loke tiyanawa kiyala dan gatte supernatural eken demons angels shapeshifterslla tawa itin nam lasituwakama tiyanawanw kiyanna num elama kiri tv series eke meka balanna aniwama

  24. දහරා මුතුඅමා

    8. palaweni season eke palaweni episode ek.
    9. meka diga unata balala nathnam wadak na.
    anith eka lassana kollo dennekne inne.kellonta pissu watenna e tikama athi.

  25. kasun

    MDG සහෝ බොහොම ස්තූති‍යි මෙච්චර කල් අපිට sub දුන්නට.

    මේක මම බලපු සුපිරිම TV series එක

  26. Sanjaya

    තවත් කොටසක් අරන් ඇවිත් නියමයි..................................

    8.පළවෙනි සීසන් එකේදිම මටනම් මේ ටීවී සීරියස් එකට ආස හිතුනා. දෙවෙනි, තුන්වෙනි,.. ඔහොම දිගට දිගට යද්දි නොබලම බැරි වුණා. :D
    9.බලපු නැති කෙනෙක්ට කියන්න තියෙන්නෙ මේ ටීවී සීරියස් අනිවාර්යෙන්ම බලන්න කියලා. දැන් තියෙන ටීවී සීරියස් අතුරින් හොඳම ටීවී සීරියස් එකක් තමයි සුපර්නැචුරල්. :)

    MDG සහෝ උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි.
    !!..ජය වේවා..!!

  27. RUMESH

    ගොඩක් ස්තුතියි සහෝ!!!!

  28. ඉසු ඩිපි (Isu DP)

    ඔන්න අදනම් අහපු ප්‍රශ්න වලට උත්තර දෙතැකි.
    1- එකක් කියන්න බෑ, මුල් එපි 2, 3 තමා.
    2- මේක බලන්නැති දැස කුමටදෝ කියලා තමයි.

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  29. Sahan

    8. Dean koluvage athal tikai Sam n Dean ge thiyana badimai episode hama ekakama vage thynva.. kavadavath meka balana eka nm epa vla na.. siravatama fatta tv sesies ekak.. boring episode ekakvath mata set vela na..

    9. balala nathnam vadak na.. aniva balanna.. eka episode ekakvath boring na.. tv sereies eka balana eka kavadavath epa vnne na.. aniva balanna.. me balana hamoma eka aniva recommend karanava loveth.. aniva balanna...

    thankz a lot saho sub ekata...

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  31. thilina

    nice one Thanks

  32. උවිදු ඉසුරංග

    8 ඩීන් මැරෙන තැන
    9 මේක බලලා නැත්තම් උ TV සිරියස් බලන එකෙක් නෙමෙයි

  33. Kasun Chathuranga

    සීසන් 11 අනිවා උබම දීපන් මචං.

    8. ඩීන් ගේ සැම්ගේ පවුල් චාරිකාව පටන් ගත්ත තැන :D :D

    9. හොල්මනුත් හොල්මන් කරනවන tv සිරිස් එකක් මේක අනිවා බලන්න බැලුවොත් ආයේ අතාරින්න බැරි වෙයි. ;) :) :D

  34. dulanga sugeeth

    nobalapu kenekta kiyana tiyenne nan balanawanan supirima katawak hebey itn diga wedi eka tama awla kiyala :D

  35. pramuk

    bohoma thuthi saho vade athaarinna ehema epa digata sub denna

  36. ck

    සීසන් 11. 12......... එන ඔක්කොම අනිවා උබම දීපන් මචං.

  37. Kushen

    me kathawa balala natthan me loke idala wadak na.mama danata balala thiyana supirima tv series ekak thamai supernatural

  38. LAKSHAN

    ගොඩක් ස්තුතියි සහෝ!!!!

  39. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...

  40. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ