Watch Trailer

Supernatural [S13 : E04] with Sinhala Subtitles | නව බලාපොරොත්තුවක්… [සිංහල උපසිරැසි සමඟ]

ජැක් මේ ලෝකෙට ආවට පස්සේ සැහෙන්න ප්‍රශ්න ගොඩක් වෙන්න ගිය නිසයි සෑම් වගේම ඩීන් එයාව එයාලගේ බංකරයට අරං ගියේ අනික් අයගෙන් ආරක්ෂා කරගන්න වගේම තවත් මිනිස් හානි නොවෙන්න පිට අයව ආරක්ෂා කරන්න. ඉතින් ආරක්ෂා කරනවා කියලා සෑම්ට ඕන වුණේ කොහෙවත් නොයා බංකරයට වෙලාම ඉදලා ජැක් ගැන ඇහැ ගහගෙන ඉන්න. සෑම් ජැක්ට දුන්නා එය…

ජැක් මේ ලෝකෙට ආවට පස්සේ සැහෙන්න ප්‍රශ්න ගොඩක් වෙන්න ගිය නිසයි සෑම් වගේම ඩීන් එයාව එයාලගේ බංකරයට අරං ගියේ අනික් අයගෙන් ආරක්ෂා කරගන්න වගේම තවත් මිනිස් හානි නොවෙන්න පිට අයව ආරක්ෂා කරන්න. ඉතින් ආරක්ෂා කරනවා කියලා සෑම්ට ඕන වුණේ කොහෙවත් නොයා බංකරයට වෙලාම ඉදලා ජැක් ගැන ඇහැ ගහගෙන ඉන්න. සෑම් ජැක්ට දුන්නා එයාගේ අම්මා කෙලි අන්තිමටම සටහන් කරපු වීඩියෝ පටය ජැක්ට බලන්න කියලා. මේ අතරේ සෑම්ට ඇමතුමක් ආවා මිසූරි මෝස්ලිගෙන්. එයාව සැහෙන්න කාලෙකට පස්සේ අපිට එයාව දැකගන්න ලැබුනේ. කොහොම නමුත් එයා උදව්වක් ඉල්ලුවා නගරෙට අලුත් අවතාරයක් ඇවිත් එයා ලගම කෙනෙක්ව මරලා දාලා ගිහින් තිබුන හන්දා. අවතාර කිව්වේ කණ්ණාඩියෙන් විතරක් පේන, මිනිස් සිරුරෙන් පෝෂණය උරාගන්න පරපෝෂිතයෝ ගැන. ඉතින් එහෙම කෙනෙක් ඇවිත් මානසික හැකියාවන් තියෙන අයව මරන්න පටන් අරං. සෑම් මේ වැඩේට ජෝඩිව යෙදෙව්වා කියලා ඩීන් දැනගත්තම එයාට හුගක් තරහ ගියා. මොකද ඩීන් කැමති නැහැ බංකරය ඇතුලට වෙලා ජැක්ව බලාගන්න. කොටින්ම ඩීන්ට ජැක්ව පේන්නවත් බැහැ. ඒ තරමටම කේන්තියෙන් ඉන්නේ. සෑම්ට ඕන දෙයක් කරගන්න කියලා ඩීන් ගියා මේ අපරාධය වෙච්ච දිහාවට. එතනදී තමයි මේ අවතාරයේ ස්වරුපය, ඊලග ගොදුර වගේ දේවල් මිසූරි මෝස්ලිට පේනයක් බලනවා වගේ බලලා දැකගන්න පුලුවන් වුණේ. එතකොට තමයි දැක්කේ ඊලග ගොදුර වෙන්න තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි එයාගේ පුතා ජේම්ස් වගේම එයාගේ මිනිබිරිය පෙෂන්ස් කියලා. මිසූරි කෝල් කරලා ජේම්ස්ට මේ ගැන කියන්න හැදුවත් ජේම්ස් ගානකටවත් ගත්තේ නැහැ. තමන්ගේ පවුලේ අයව බේරගන්න කියලා මිසූරි ඩීන්ව පොරොන්දු කරගෙන ඩීන්ව වගේම ජෝඩිවත් එහාට යැව්වා.

මේ අතරේ සෑම් ජැක් ලවා එයාගේ බලයන් පරික්ෂා කරන්න උත්සහ කිරීමක් කරනවා. ඒත් ඒක හරි ගියේ නැහැ. මොකද ජැක් ඇස්මෝඩේයස් එක්ක ඉද්දි එයාගේ බලයන් ඉබේ මතු වුණේ නැහැ. ඇස්මෝඩේයස් එයාගේ බලයන් එලියට අරගත්තා නපුරත් එක්ක. ඉතින් සෑම් එහෙම නොකරපු නිසා අඩුම තරමේ පොඩි බලයක්වත් ජැක්ගෙන් දැකගන්න ලැබුනේ නැහැ. ජැක් නම් ටිකක් දුකින් ඉන්නේ. මොකද එයා කරපු ජිවිත හානි වගේම ඩීන් නිතරම එයා පිටින් පිට කරන තරහව නිසා. මිසූරි අර දෙන්නව තමන්ගේ පවුල යැව්වට එයා දැනගෙන හිටියා අර අවතාරේ එයාවත් හොයාගෙන එනවා කියලා. ඒ වගේම ඒ අවතාරේ ඇවිත් මිසූරිවත් මරලා දැම්මා. මේ බව ඩීන්ට දැනගන්න ලැබුනේ අතරමගදී ප්‍රවෘති මගින්. කිව්වා වගේම අර අවතාරේ පේෂන්ස් පස්සෙන් ගිහින් තිබුනේ. මොකද පේශන්ස් කියන්නේ මානසික හැකියාවන් තියෙන කෙනෙක්. එයාට තියෙන හැකියාව තමයි මොකක් හරි සිද්දියක් වෙන්න කලින් ඒ දේම ඊට කලින් පොඩි පොඩි වෙනස් වීම් වලින් යුතුව දකින්න. ඩීන් එහාට යද්දිත් අර අවතාරේ පේශන්ස් පේශන්ස් පස්සෙන් යන්න පටන් අරං ඉවර වෙලා තිබුනේ. මෙච්චර දේවල් වෙද්දීත් ඩීන් ජේම්ස්ට මේ දේවල් විස්තර කරලා දුන්නට පස්සෙත් එයා මේවා පිළිගන්න අදිමදි වුණා. මේකට සැහෙන්න ලොකු හේතුවක් තිබිලා තියෙනවා. ඒ සිද්දීන් පවා අපිට කිසි අඩුවක් නැතුව දැකගන්න ලැබුනා. ඉතින් අන්තිමට මේ අවතාරේ කොහොමහරි පේශන්ස්ව පැහැරගෙන ගිහින් තමයි කෙළවරක් කලේ. එයා හැදුවේ පේශන්ස්ගෙනුත් පෝෂණය වෙන්න. පේශන්ස්ට තිබුණු අසීමිත හැකියාව නිසාම වෙන්න තිබුණු දේවල් වළක්වාගෙන මේ අයට බේරෙන්න පුලුවන් හැකියාවක් ලැබුනා. අන්තිමට ඩීන් බංකරයට ආවට පස්සේ සෑම් හා ඩීන් දෙන්නා අතර ටිකක් බරපතල බහින් බස් වීමක් වුණා ජැක් නිසා. ජැක් මේ දෙන්නා කියන අහමදේම අහන් හිටියා. එතනදී තමයි ජැක්ට හරියටම හේතුව දැනගන්න ලැබුනේ ඇයි ඩීන්ට මේ තරම් ජැක්ව පේන්න බැරි කියලා. ඒ වෙන මොකුත් නෙවෙයි. වෙච්ච මරණ නිසා. විශේෂයෙන්ම කැස්. ඒත් කැස්ටියෙල් ගැන ජැක්ට තිබුණු මතකය නිසා ජැක් කස්ටියෙල්ව කැදවීමක් කලා වගේ දෙයක් කලා. එතනදී අපිට කස්ටියෙල්ව ආයෙමත් දැකගන්න ලැබුනා. හැබැයි අමුතුම තැනක.

කලින් කොටසේ අවතාරයක් දකින්න ලැබුනානේ. අද කොටසින් හොද වගේම නරක ශේෆ් ශිෆ්ටර්ලා දෙන්නෙක්වම බලාගන්න පුලුවන්. ඉතින් අද දඩයමේ යන ගමනට වෙනසකටත් එක්ක සෑම්ගේ පෙරැත්ත නිසාම ජැක් එකතු වෙනවා. ඒත් ඉතින් දන්නවනේ ඩීන්ගේ හැටි. ජැක්ට උදව් කරන්න ඕන වුනත් ඩීන් නම් ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ජැක්ට උදව් කරන්න ලැබෙයිද? එතකොට කලින් කොටසේ අන්තිමට දකින්න ලැබුනා කැස්ටියෙල්ව. හරිම අදුරු තැනක හිරවෙලා. ඉතින් අද එයා ගැනත් සිද්දීන් කිහිපයක් දැකගන්න පුලුවන් වෙනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!!

නිවැරදි උපසිරැසිය යාවත්කාලීන කරන ලදී

 

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,021 downloadsDownload Supernatural.S13E04.Baiscopelk.com_.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

14,021 downloadsDownload Subtitles27 KB

37 comments

  1. Udara Damith B/K

    ELA

  2. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  3. Devinda

    Ty chamara malli....Gdk Pin.....

  4. Ishanka

    Thanks kollla

  5. Devinda

    Chamara Malli Sub eke tyenne Epi 3 Eke sub ekamaine.poddak balanna....Plz.

  6. Roshan

    wrong sub

  7. Sandeepa Lakmal

    me mokada mchn mee? epi 3 eke sub ekamai tyenne....

    1. Sandeepa Lakmal

      bohoma isthuthi machan.... :) jaya wewa

  8. Devinda

    Ty malli....dn Hari....

  9. Avishka Gihan

    Thankz macho sub ekata..

  10. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  11. D.Chamara

    bohoma sthuthi sahooo jay

  12. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  13. SULAKSHANA MIHIRANGA

    Thank bro

  14. nuwan

    දිගටම සබ එක දෙමු මචන් .එම් ඩි ජී කළා වගේම දෙන එකට තෑන්ක්ස් ..

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...!

  17. Kaushan_P_Herath

    සබට තැන්කියු වේවා සහෝ

  18. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  19. risitha

    Good job bro....keep it up......

  20. Sanath Perera

    ELA ELA BAN...
    BOHOMA STHUTHIYI ME KOTASATATH SUB EKA ARAN AWATA...
    JAYEN JAYA BRO...

  21. Charushika

    Thnx brother

  22. nirosha

    meka awurudu ganak sab dunnu hamotoama thanks

  23. Ranidu Sineth

    උපසිරසියට ස්තූතී මචන්, බලන TV සීරිස් වලින් පට්ටම සීරිස් එකක්

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Sanjaya

    බොහොම ස්තූතියි ☺☺☺
    ජය වේවා..!!

  26. Hinniyaka

    thanx machan

  27. Thulneth

    thnq cas........

  28. prageeth chamalka

    අඩෝ මචන් පට්ට ඈ, තැන්කු යූ
    gd lk බොක්ක

  29. Sajithlakshan

    බොහොම ස්තූතියි

  30. Ishan Madusha

    බොහොම ස්තූතියි

  31. Ara N Madhu

    Thanks alot machan........elama thamai....

  32. Sakunkaveeshwara

    KOlla pahara

  33. Amila Mudalige

    Sub ekta Thanks

  34. Sandarunimsara

    Sub ekata tnx bro

  35. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා....❤️❤️❤️

  36. Amila D

    sub file Download link wada nane