Watch Trailer

Supernatural [S13 : E09] Sinhala Subtitles | නරකම තැන.. [සිංහල උපසිරැසි සමඟ]

දැන් සෑහෙන්න කාලයක් වුන එකේ ගගට ඉණි කැපුවා වගේ වැඩක් වෙච්ච කලින් කොටස මතක් කරගෙන ඉමු නෙහ්?! එංගලන්තයේ තියෙන කෞතුකාගාරයකට ඩීමන් කෙනෙක් ඇතුල් වෙලා සේප්පුවක් ඇතුලේ තිබුණු දෙයක් මංකොල්ල කෑමකට ලක් කලා. ඒක කරපු කෙනා ඊටපස්සේ ඒක වෙනින් කෙනෙක්ට ඒ හොරකම් කරපු ටිකත් දුන්නා. පස්සේ ඒ මනුස්සයා කෙලින්ම කතා කලේ ඩ…

 

දැන් සෑහෙන්න කාලයක් වුන එකේ ගගට ඉණි කැපුවා වගේ වැඩක් වෙච්ච කලින් කොටස මතක් කරගෙන ඉමු නෙහ්?! එංගලන්තයේ තියෙන කෞතුකාගාරයකට ඩීමන් කෙනෙක් ඇතුල් වෙලා සේප්පුවක් ඇතුලේ තිබුණු දෙයක් මංකොල්ල කෑමකට ලක් කලා. ඒක කරපු කෙනා ඊටපස්සේ ඒක වෙනින් කෙනෙක්ට ඒ හොරකම් කරපු ටිකත් දුන්නා. පස්සේ ඒ මනුස්සයා කෙලින්ම කතා කලේ ඩීන්ට. කිව්වේ නම් එයා ජැක්ව හොයාගන්න උදව් කරන්නම් එයාව ඇවිත් මුණගැහෙන්න කියලා. ඉතින් ජැක්ව හොයාගන්න කිසිම හෝඩුවාවක් නැතුව ඉද්දි සෑම් වගේම ඩීන් ගිහින් මේ එන්න කියපු මනුස්සයව මුණගැහුනා. මිනිහගේ නම බාර්තමස් නොහොත් බාර්ට්. එයා එතනදී මේ දෙන්නා එක්ක ගණුදෙනුවක් කරන්න ඉදිරිපත් වුනා. ඒ තමයි අර කෞතුකාගාරයෙන් හොරකම් කරලා තිබුණේ මන්තර වගයක්. ඉතින් ඒ මන්තර වලින් පුලුවන්ලු නෙප්ලීම් කෙනෙක් ඉන්න තැනක් හොයාගන්න. බාර්ට් මේ දෙන්නට මේකේ එක කොටසයි දෙන්නෙත්. එයා කියන දේ කලාම ඉතිරි මන්තරේ කොටසත් ලබා දෙන්න පොරොන්දු පිට මේ ලබා දුන්නු මන්තරේ ඇත්තක්ද බොරුවක්ද කියලා බලාගන්න ඉඩ දීලා පස්සේ දැනුම් දෙන වගකුත් කියලා බාර්ට් යන්න ගියා. සෑම්නෙ ඉතින් කොහොමත් මොළකාරයා. එයා මේක පරිවර්තනය කරගෙන හොයාගෙන තිබුනා මේක ඇත්ත මන්තරයක් කියලා කැනනයිට් භාෂාවෙන් ලියපු. සොලමන් රජතුමාගේ කාලයේ එයා විසින්ම නිර්මාණය කරපු එකක්. ජැක්ව හොයාගන්න ඕනම නිසාත්, මේ දෙන්නට වෙන විකල්පත් නැති නිසා ආපහු වතාවක් බාර්ට් කතා කලාම එයාව මුණ ගැහෙන්න මේ දෙන්නා ගියා.

මෙතනදී සෑම්ට වගේම ඩීන්ට ලොකු කාර්යයක් කරන්න වෙනවා මන්තරේ ඉතුරු කොටස අරගන්න නම්. ඒවගේම මේ දෙන්නට තවත් දෙන්නෙක්ගේ උදව් ලැබෙනවා ස්මෑශ් හා ග්‍රැබ් කියලා දෙන්නෙක්ගෙන්. ග්‍රැබ්ට පුලුවන් ඕනෙම ආරක්ෂාවක් බිද දාන්න. එයා ඩීමන් කෙනෙක්. එතකොට ස්මෑශ් කියන්නේ ඕනිම සේප්පුවක් බිදින්න පුලුවන් කෙල්ලෙක්. ලූතර් ශ්‍රයික් කියලා අස්වාභාවික දේවල් එකතු කරන මනුස්සයෙක්ගෙ ගෙදරට රිංගලා සේප්පුවක් ඇතුලේ තියෙන පෙට්ටගමක් අරගෙන එන එක තමයි මේ අයට පැවරෙන වැඩේ. ඒවගේම මේ සේප්පුව අරින්න නම් අපායේ ඉදලා ආයේ මනුස්ස ආත්මයකට ආව කෙනෙක්ගේ ලේ අවශ්‍ය කරනවා. ඒ නිසාමයි මේ බාර්ට් කියන ඩීමන් මේ දෙන්නවම මේ වැඩේට අරගෙන තිබුණේ. එතකොට මේ ශ්‍රයික් කියන මනුස්සයත් අපායේ ඉදලා ආව කෙනෙක්. මේ දෙන්නා වැඩේ ප්‍රතික්ෂේප කලොත් බාර්ට් සම්පුර්ණ මන්තරේ ඇස්මොඩේයස්ට දෙනවා කිව්ව නිසාත් මේ දෙන්නට කරන්න දෙයක් නොතිබුණු හින්දත් කොහොම හරි වැඩේට කැමති වුනා. සෑම්, ඩීන් වගේම ස්මෑශ් තුන්දෙනා ශ්‍රයික් කියන මනුස්සයගේ වත්ත ඇතුලට රිංගුවා. මෙතනදී ශ්‍රයික්ගේ නොමග යැවීම වුනේ සෑම් ශ්‍රයික් කියන මනුස්සයට පරණ අස්වාභාවික දෙයක් අරගෙන යන්න සලස්වලා. එතකොට මේ අතරේ ස්මෑශ් වගේම ඩීන් ශ්‍රයික්ගේ වත්තේ එක්තරා තැනකට ගිහිල්ලා අර ග්‍රැබ් කියන ඩීමන්ව එවෙලෙට කැදෙව්වා. ශ්‍රයික් දැනගෙන හිටියා එයා ලගට බාර්ට්ගේ කෙනෙක් ඇවිල්ලා අර පෙට්ටගම අරගෙන යනවා කියලා. මේ වගේම වැඩේ අහුවුනා. හැබැයි ඒ වෙද්දී අර තුන්දෙනා සේප්පුව තියෙන තැන හොයාගෙන තිබුණේ. සෑම්ට ශ්‍රයික් පහර දීලා එයා මුලින්ම කලේ ග්‍රැබ්ව මරලා දාපු එක. පස්සේ මේ අය කොහොම හරි සේප්පුව අරගත්තට පෙට්ටගම තියෙන තැනට යන වැඩේ ලේසි වුනේ නැති නිසා ඒක අරගත්තෙත් ශ්‍රයික් කියන මනුස්සයා යවලා. එතැනදී එයා එයාගෙම උගුල් වලට අහුවෙලා එයාගේම ඊතල එයාට වැදුනා හැබැයි මැරුණේ නැහැ. මොකද ශ්‍රයික් කියන මනුස්සයා අමරණිය කෙනෙක්. ශ්‍රයික්ටත් පහර දීලා කොහොම කොහොමින් හරි මේ තුන්දෙනා එකතු වෙලා පෙට්ටමගම අරන් යද්දී ශ්‍රයික් අතරමග ඉදලා මේ අයට පහරදෙන්න උත්සහ කලා. ඒත් හරි ගියේ නැහැ. හැබැයි එයා එතනදී ඇත්ත කතාවක් කිව්වා. කෙටියෙන්ම කියනවනම් ශ්‍රයික්ගේ ළමයෙග් මරණයට හේතුව බාර්ට් කියන ඩීමන්ලු. ශ්‍රයික් අපායට ගියපු වෙලාවේදී එහෙදි ගණුදෙනුවක් ගහලා ඇවිල්ලා තියෙන්නේ එයාගේ ඉඩමේ සීමාවේදී එයාව මරන්න බැරි වෙන්න වගේම අර පෙට්ටම ඇතුලේ තියාගෙන තිබිලා තියෙන්නේ බාර්ට්ගේ ඇටකටු.

මේ අය කතා කර කර ඉන්න අතරට බාර්ට් ඇවිල්ලා එක වැරෙන්ම ශ්‍රයික්ගේ බෙල්ල කපලා දාලා එයාව මරලා දැම්මා. කොච්චර වුනත්, මොන දේ ලැබුනත් නරක දේවල් කරන්න අකමැති වින්චෙස්ටර්ලා දෙන්නා බාර්ට්ගේ ඇටකටු ටික ස්මෑශ් නොහොත් ඇලිස් ලවා පුච්චලා විනාශ කරලා දැම්මම බාර්ට් ඉබේම වගේ විනාශ වෙලා ගියා. හැබැයි ඉතින් මේ දෙන්නට අර මන්තරේ ඉතිරි කොටස නම් අරගන්න බැරි වුනා. මෙහෙම ඉන්න අතරෙදි තමයි අද කොටසින් එක පාරටම ජැක් මතුවෙන්නේ. එයා චිත්‍ර චිල්පියෙක්ව මුණ ගැහෙන්න යනවා. එයා නිකන්ම චිත්‍ර ශිල්පියෙක් නම් නෙවෙයි. ඩ්‍රීම් වෝකර් කෙනෙක් නොහොත් සිහිනෙන් ඇවිදින කෙනෙක්. මෙතනදී අනතුරක් වෙලා මේ චිත්‍ර ශිල්පියා මැරිලා යනවා. එතකොට තමයි ජෝඩි හරහා ආරංචිය වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නට පැතිරෙන්නේ ජැක් ගැන. මේ කොටස නම් හරිම අමුතුයි වගේම කතාව වෙනස්ම පැත්තකට හරවනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

——-
අද කතාවේ නම “The Bad Place”
අධ්‍යක්ෂණය: Phil Sgriccia
ලිව්වේ: Robert Berens & Andrew Dabb
විකාශනය වුනේ: 2017 දෙසැම්බර් 07
මීලග කොටසෙන්: “Wayward Sisters”(2018 ජනවාරි 18)

CW ලගේ පළමු විරාමය අරගත්තා ශිත කාලය මුල් කරගෙන. ඒ කියන්නේ ආයේ කතාව පටන් ගන්නේ ලබන වසරේ. හැබැයි මේ පටන් ගන්න කතාව සාමාන්‍ය වෙන්නේ නැහැ. මං කලිනුත් කිව්වනේ මේ අද කොටස විශේෂයි වගේම ඊළගට පටන් ගන්න කොටස අලුත් දේකට පාර කැපීමක් තමයි වෙන්නේ. කොහෙද ඉතින් මේ වගේ දේවල් කියලා මංසලේ ලිපියකුත් දැම්මා. කීයෙන් කී දෙනාද ඒක බලලත් තිබුණේ. මං ඒක මෙතන කියන්න යන්නේ නැහැ. ඒ නිසා ඊළගට පටන් ගන්න කතාවේ විශේෂය මොකක්ද කියලා බලන්න මංසලේ පල කරපු ලිපිය කියවලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් ලබන වසරේ ජනවාරි 19 වැනිදා අලුත් කොටසින් මුණගැහෙමු.

ප:ලි: ස්ට්‍රයික් බැක් කතාමලාවත් දින නියමයක් නොකියම තමයි ශිත කාලය වෙනුවෙන් විරාමයක් අරගෙන තියෙන්නේ. එහෙම මේ අයගේ දින වකවානු ප්‍රකාශ නොකරන්නේ මොකද මේක Cinemax හරහා නෙවෙයි නිලවශයෙන් විකාශය වුනේ. ඒක නම් විකාශය වෙන්නේ කොහොමත් ලබන වසරේ පෙබරවාරි. ඉතින් කලින් කතාසමයන් වගේම මේක මෙදාපාර විකාශය වුනේ SkyOne කියන කේබල් නාලිකාව ඔස්සේ. ඒකයි මේ වගේ පටලැවිල්ලක්. ඉතිරි කොටස් පහත් ලබන ජනවාරියේ විකාශය වෙයි කියලා මං හිතනවා. ස්ථිරව කියන්න දිනයක් නම් දන්නේ නැහැ හැබැයි.

“ලබන්නා වූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වගේම ලබන්නා වූ නව වසර සියළු පැතුම් ඉටුවන නව වසරක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා!”

   

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,351 downloadsDownload Supernatural-S13E09.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,351 downloadsDownload Subtitles26 KB

56 comments

  1. Nipuna Kisal

    thnks a lot

  2. Janaka1994

    Thanks machan

  3. Kawi Jayasinghe

    Tnx mchoo

  4. sachintha

    Sub ekaatha thanks chamara sahoo....
    Wayward sisters ekatath sub dennaaa.....

  5. Randika Madushani

    Thanks brother ..

  6. SL Supun

    OBA ENATHURU sitiya maga balagena..... thanxx sho sabata ! obata jaya

  7. Lakshanmax

    Thank you සහෝදරයා

  8. anushan

    thanks bro

  9. Randeepa Dias

    thanks machan..

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Subhash13

    Ftt a... anakan hitiye

  12. Madusara

    සබ් එකට බොහොම ස්තුතියි!
    දැන් අයියලා කොහොමද ඉස්සරහට සබ් දෙන්න හිතන් ඉන්නෙ?සීසන් එක ඉවරවුනාහමද?නැත්තන් වෙනදා විදිහටමද?

  13. naughty

    සබ්ට බොහොම ස්තුතියි!

  14. Madusara

    සබ් එකට බොහොම ස්තුතියි!
    දැන් අයියලා කොහොමද ඉස්සරහට සබ් දෙන්න හිතන් ඉන්නෙ?සීසන් එක ඉවරවුනාහමද?නැත්තන් වෙනදා විදිහටමද?
    එපියත් ඇවිල්ලා සබ් එක ගන්න සැහෙන කාලයක් බලන් ඉන්න වෙනවා කියන එක නම් දුකක්.එකයි අහන්නෙ!මං නම් කියන්නෙ පුලුවන් විදිහට දෙනවා මිසක් සීසන් ඉවරවෙනකම් ඉන්න එපා කියලා.

  15. Malinda

    Thank you bro,

  16. Bhathiya gamage

    thanks mcn

  17. Maleesha Weerasekara

    Patta

  18. Madushan Piyumantha

    Thanks bro... :)

  19. Kanchana

    Thanx saho

  20. Indika Priyashantha

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  21. My Pornn

    පට්ටයි මචෝ. මෙන්න මේ සීරියස් එකෙත් සබ් දෙන්න try එකක් දෙනවද.from the dusk till dawn

  22. Nawodya

    Thank You Mcn.....

  23. movie2818

    tanks bro

  24. yasith udayanga

    Fatta ayye

  25. max payne

    thnx brther..

  26. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  27. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. ලබන්න වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා..!

  28. trok

    thanks bro

  29. D.Chamara

    bohoma sthuthi sahooo jaya....

  30. nadun6000

    ammooooo...... tankuuuuuuu bro
    ekenma adarei honde....

    Suba Nawawasarak wewaa!!!!!!!! ehenam..
    aluth aurudde wedi wediyen sub denna shakthiya wasanawa lebewaaaa .....
    Jayawewaaaaa.....!!!!!!!

  31. ntpsilva

    thq bro sub ekata

  32. Janitha

    Sub Ekata Thanku Wewa...!!!

  33. Chakku

    Thnks chamara bro sub ekata

  34. K-E-N-W-A-Y

    ස්තූතියි සහෝ sub එකට

  35. im lovin it

    supiri aaa...digatama demu...elamaa

  36. Nihar J Vishwa

    gindara macho...keep it up

  37. Barfi

    elama machoo

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Sanath Perera

    thanks for subtitle bro...

  40. Lucifer94

    parakku una machan..ela honde

  41. diliprohan

    Thank you

  42. iDinesh

    උපසිරසියට ස්තුතියි! :)

  43. Sub_zero

    Thank You............!

  44. tharakaj112

    thank for sub saho

  45. danaperera

    thank bro

  46. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ලොක්කා.ජය....

  47. Kapugetharindu1245

    Ela ela thanks bro

  48. sumi

    thanx a lot

  49. Twmhtp

    Thanks mchn

  50. sanjayat22

    Thankz

Load more comments