Watch Trailer

Tangled: The Series [S01 : E15] Sinhala Subtitles | xx රැජිණගේ උපන්දින ත්‍යාගය xx [සිංහල උපසිරසි සමඟ]

මේ එකතුවෙලා ඉන්නේ 15 වෙනි පටලැවිල්ල ලෙහාගන්නයි, හොදයි, සුපුරුදු පරිදි පසුගිය කොටසේ සිදුවීම් වලින්ම කතාව ආරම්භ කරමු නේද? අමුතුවෙන් මතක් කරන්න දේකුත් නැහැ ඉතිං. පසුගිය කොටසේදි මැක්සේ සතුරා ඇක්සල් කොරෝනාවට ආවා මතක ඇතිනේ. මුලින්ම හැමෝම එයාව ගොඩක් හොදට පිළි අරන් රාජකී අශ්වයෙක් හැටියට රැකියාවකුත් දුන්නේ…

මේ එකතුවෙලා ඉන්නේ 15 වෙනි පටලැවිල්ල ලෙහාගන්නයි, හොදයි, සුපුරුදු පරිදි පසුගිය කොටසේ සිදුවීම් වලින්ම කතාව ආරම්භ කරමු නේද? අමුතුවෙන් මතක් කරන්න දේකුත් නැහැ ඉතිං. පසුගිය කොටසේදි මැක්සේ සතුරා ඇක්සල් කොරෝනාවට ආවා මතක ඇතිනේ. මුලින්ම හැමෝම එයාව ගොඩක් හොදට පිළි අරන් රාජකී අශ්වයෙක් හැටියට රැකියාවකුත් දුන්නේ මැක්ස්ව ටික කාලයකට විවේක ගන්වමින්. ඒත් ඇක්සල් කියන්නේ කපටි වංචාකාර හොරෙක් කියලා හැමෝම දැනගත්තානේ අන්තිමට. මෙයා වැඩ කරන්නෙත් කේන් ආර්යාවට කියලා අන්තිමට හැමෝම දැනගත්තට පස්සේ, ඇක්සල් සහ හොරු කණ්ඩායම අල්ලාගැනීමේ වගකීම පැවරුනේ මැක්සිමස්ට. මැක්ස් ගැන අමුතුවෙන් කියන්න වුවමනාවක් නැහැනේ. එයා හොරු ටික ඔක්කෝම අල්ලාගත්තා කිසිම අමාරුවක් නැතිවම.

එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු නේද? අද තමයි රැජිණගේ උපන්දිනය. ඒ වගේම අද රාත්‍රියේ කොරෝනාවට අවුරුදු 9ට වරක් සිදුවන උල්කා වර්ෂාවක් ඇතිවෙන්න නියමිත වෙලා තියෙනවා. ඉති රැජිණ සහ රපන්zසල් කුමරිය එකතුවෙලා මේ උල්‍කා වර්ෂාව බලන්නයන්නයි හදන්නේ. හැබැයි ඒක අවසන් වෙන්නේ අපි හිතපු විදියට නම් නෙවෙයි. රැජිණගේ උපන්දිනය දවසේ ඇයව පුදුමයට පත් කරන්න කෙනෙක් කොරෝනාවට එනවා. එයා අවුරුදු 6ට ස්සේ තමයි මේ රැජිණව බලන්න එන්නේ. එයා කොරෝනාවට එන්නේ හිස් අතින් නම් නෙවෙයි. රැජිනට ගොඩක් අමුතු විදියේ තෑග්ගක් අරගන. මේ අමුත්තා කවුද? එයාට රැජිනත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? රැජිනට ලැබුන අමුතු උන්දින තෑග්ග මොකද්ද? වගේම අන්තිමට කතාවේ මොකද වෙන්නේ කියලා බලන්න නම් ඉතිං කතාව බලන්නම වෙනවා.

මීළඟ කොටසින් හමුවෙමු.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

1,022 downloadsDownload Tangled-The-Series-S01E15.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

1,022 downloadsDownload Subtitles20 KB

8 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Malinda

    Thank you. :)

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  5. Udara Damith Dissanayaka

    ස්තුතියි
    ගොඩක්
    සුබ අලුත් අවුරුද්දක් වේවා

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අක්කේ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  7. Dushan Tharuka

    Thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P