කලින් කොටස මුල් තැනක් දීලා තිබුණේ ගැහැණු අයගෙන් සමන්විත කණ්ඩායමකට. ඒ අය නුහුරු අය නම් නෙවෙයි. මෙතෙක් කල් කතාමාලාව තුලින් අපිට හමුවුණු චරිත එකතු කරලා නිර්මාණය කරලා තිබුණේ. සෑම් හා ඩීන් දෙන්නාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ජෝඩි කලබල වෙලා මේ දෙන්නා ගැන හොයන්න පටන් අරන් තිබුණේ. මේ අතරේ තමයි ක්ලේයර්…

කලින් කොටස මුල් තැනක් දීලා තිබුණේ ගැහැණු අයගෙන් සමන්විත කණ්ඩායමකට. ඒ අය නුහුරු අය නම් නෙවෙයි. මෙතෙක් කල් කතාමාලාව තුලින් අපිට හමුවුණු චරිත එකතු කරලා නිර්මාණය කරලා තිබුණේ. සෑම් හා ඩීන් දෙන්නාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ජෝඩි කලබල වෙලා මේ දෙන්නා ගැන හොයන්න පටන් අරන් තිබුණේ. මේ අතරේ තමයි ක්ලේයර් දඩයමේ ගිහින් ඉද්දි එයාට ජෝඩිගෙන් ඇමතුමක් ආවේ ආපහු ගෙදර එන්න කියලා. ක්ලේයර් ගෙදර ආවහම ජෝඩි එයාට විස්තරේ කියනවා. ඒවගේම පේෂන්ස් දැකපු පේනයත්. ඒත් ක්ල්යෙර් විශ්වාස කලේ නැහැ මේ පේන කතාව. ක්ලේයර් හිතුවෙම එයා තනියෙන් දඩයමේ යන එකට එයා ගැන බය හිතුනු ජෝඩි ආපහු එයාව ගෙදර ගෙන්නගත්තා කියලා. මේ නිසාම මේ දෙන්නා අතරේ ලොකුවට රණ්ඩුවකුත් ඇති වුණා. ඇලෙක්ස් ජෝඩිට උදව් වෙන එක හැරුනහම වෙනත් රස්සාවකුත් කලා. ඒ තමයි රෝහලක හෙදියක් හැටියට සේවය කරපු එක. ඇලෙක්ස්ව මුණගැහෙන්න ගිහින් මේ දෙන්නා නිකමට ජේන් ඩො කියන නමින් පරික්ෂා කරලා බලද්දී තමයි දැනගන්න ලැබෙන්නේ එහෙම කෙනෙක් රෝහලට ඇතුලත් කරලා කියලා. ඒ කෙනා තමයි නවවැනි කොටසේ සෑම්ට, ඩීන්ට වගේම ජැක්ට උදව් කරපු ඩ්‍රීම් වෝකර්, කායා. ක්ලේයර් එයාව නවත්තලා තියෙන වාට්ටුවට ගිහින් කතා කරන්න හදද්දිම කායා යන්න ගියා. හැබැයි ඉතින් අර එයා ඇරලා දීපු ද්වාරයෙන් එලියට කායා යන්න කැමතිම නැති තැන හිටිය රාක්ෂයෝ එලියට ඇවිල්ලා. මොකද අර ද්වාරය ඇරුනා මිසක් වැහුනේ නැති නිසා. ඉතින් කායා යන්න හදද්දී ඒ රාක්ෂයා එයාව හොයාගෙන ඇවිල්ලා එයාට හිරහැර කරන්න යද්දී ක්ලේයර් වගේම ජෝඩි දෙන්නා එකතු වෙලා එයාව බේරගත්තා. පස්සේ තමයි මේ කට්ටිය දැනගන්නේ අර ද්වාරය තාමත් ඇරිලා තියෙන්නේ කියලා. .
මේ අතරේ සෑම් හා ඩීන් එයාලා හිර වෙලා ඉන්න ලෝකෙන් එලියට යන්න මගක් හොය හොයා හිටියේ. මේ දෙන්නට ලග ලගම ලොකු රාක්ෂයෙක් කෑ ගහන සද්දයක් පවා ඇහෙද්දී ඒ සද්දේ මොකක්ද කියලා හොයාගෙන ගියා. එතකොට අතරමගදී කවුදෝ මන්දා කළු පාටට හුරු ඇදුම් ඇදගත්ත කෙනෙක් ඒ දෙන්නට පහර දුන්නා. පස්සේ ජෝඩි, ඇලෙක්ස්, ක්ලේයර්, පේෂන්ස්, කායා වගේම මගදී එකතු වුනු ඩෝනාවත් එකතු කරගෙන හිතුවක්කාරියෝ ටික ගියා අර ද්වාරය තාමත් ඇරලද තියෙන්නේ කියලා බලලා ඒක අතරින් ගිහින් සෑම්වයි, ඩීන්වයි බේරගන්න. හැබැයි අර නැව් හදන හදන තැනට මුලින් ගියේ ජෝඩි වගේම ඩෝනා විතරයි. ඒ මුලින් ගිහින් තත්වේ මොකක්ද කියලා බලලා ඇවිත් කට්ටියම එකතු කරගෙන ගිහින් මේ වැඩේට බහින්න. මේ දෙන්නා යද්දී ද්වාරය නම් ඇරිලා තිබුණේ. හැබැයි අර කායාගේ නරකම තැන හිටිය රාක්ශායෝ ගොඩක් එතන හිටියා. මේ නිසාම ජෝඩිව වගේම ඩෝනාවත් ලොකු කරදරයක වැටුනා. මේ දෙන්නා එයි කියලා බලාන ඉදලා එතනට ක්ලේයර් වගේම අනික් කෙල්ලෝ ටික ඇවිල්ලා ජෝඩිවයි, ඩෝනාවයි බේරගත්තා. පස්සේ අර ද්වාරයනේ ඇතුලට ගියේ ක්ලේයර් වගේම කායා. මේ දෙන්නා එහෙට යද්දී සෑම්ටයි ඩීන්ටයි පහර දීපු කෙනා මේ දෙන්නව ගස් දෙකක ගැට ගහලා හිස් කබලකට හයියෙන් තට්ටු කරලා යන්න ගියා. ඒත් එක්කම අර රාක්ෂයාගේ සද්දෙත් ලග ලගම ඇහෙන්න ගත්තා. ඒ වෙලාවටම ක්ලේයර් වගේම කායා එතනට ඇවිත් මේ දෙන්නව බේරගෙන ආපහු වතාවක් පෘතුවියට එන ගමන් මගට යද්දී සෑම්ටයි ඩීන්ටයි පහර දීපු කෙනා ඇවිල්ලා ක්ලේයර්ට හෙල්ලයකින් විද්දා. ඒත් ඒක එයාට වදින්න නොදී කායා මැද්දට පැන්න නිසා කායා ඒ ලෝකෙදීම මැරිලා ගියා. ක්ලේයර්ට කායාව ආරක්ෂා කරන්න බැරි වුන නිසා එයා හුගක් දුකින් හිටියේ. ඒත් එක්කම අර ලෝකෙදි පහර දුන්න කෙනා ආයෙමත් තවත් ද්වාරයක් හදාගෙන පෘතුවියට ඇවිල්ලා ඉන්නවා පෙන්නුවා. හැබැයි ඒ කෙනාට තිබුණේ කායාගේ ස්වරූපයමයි. අද කොටසට ආයෙමත් වතාවක් ඔයාලට ඩෝනාව බලාගන්න පුලුවන් වේවි. මොකද එයාගේ නිහිණිය කවුදෝ මන්දා පැහැරගෙන ගිහිල්ලා. මේ ගැන හොයන්න එයා සෑම්ට වගේම ඩීන්ට කතා කරලා උදව් ඉල්ලනවා. වැම්පයර්ලා වගේම ඝාතකයෝ පිරුණු අද කොටසත් බලලම ඉන්නකෝ එහෙනම්.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!! සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!——-
අද කතාවේ නම “ Breakdown” අධ්‍යක්ෂණය: Amyn Kaderali ලිව්වේ: Davy Perez විකාශනය වුනේ: 2018 ජනවාරි 25 මීලග කොටසෙන්: ” Various & Sundry Villains” | 2018 පෙබරවාරි 01
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S13E11.HDTV.x264-BATV.HI
Supernatural.S13E11.720p.HDTV.x264-BATV.HI
Supernatural.S13E11.480p.HDTV.x264-mSD.HI
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,684 downloadsDownload Supernatural.S13E11.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
40 comments
chanaka sasalanka
nkrtharinda95
තාම Episode එක download කලෙත් නෑ සහෝ. මෙච්චර ඉක්මනට සබ දුන්නට ගොඩක් ස්තුතියි
Amila89
ජය වේවා !
raviz
thank you....good job ...!
Mokshaya
Thanks bro.....
im lovin it
Ado maru bn..mara speed ne..patta saho..elama
geeganagamage
නියමයි කථාව දෑන් එන්න එන්න ලස්සන වෙනවා
devindu99
UBa patta gemak ghnne sub ek denn patta sahoo ub arrow,flash khmhri ekth dipn illa gen ungen thamx bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
trok
tnx bro
Dimuth
Thanks Bro
kaveesha dilshan
thanks broo
SAnjula
thq brother....
Lakshan Fernando
Thank you
denidu
Mechchara ikmanata sub dunnata thanks.
iDinesh
Thank you
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sub_zero
Thank You Bro
Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තුතියි
එලකෞශල්ය දුෂ්‍යාන්
සබට බොහොම තුති කැස්ටියෙල් පුතේ.සදා ජය.
lucky92
thank you.......saho
suranuwan
thank you bro...
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Sanath Perera
giya para kotasanam melo rahak na...
me para hodata athi kiyala hithanawa... he hee...
bohoma isthuthiyi sub ekata...
jaye jaya...ttulanka
ela
D.Chamara
bohoma sthuthi sahooo jaya
kent parker
thanks
Gayashan dileepa karunathilaka
chamith_aluthwala
Sub akata thanks broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DimuthuMadhumal
Thq mcn
DimuthuMadhumal
Thank
gayan94
thanx mcn...
mmkasun
thanx
Madupa Nimsara
Thank You So Much
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජයෙන් ජයම වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks bro..